දැනුමෙන් පරතෙරට ගිය
මා,
දිනක්,
තුරුළු කරන්
දැනුමට ලද දුසිම් ගණනක් සහතික
මහත් උ...ජා...රු...වෙ....න්
සුදු මහතුන්ගෙන් ණයට ගත්
කළු පාට,
ටයි කෝට් පොරවගෙන
අඩි උස,
කළුපාට,
සපත්තු යුගලකින්
වසාගෙන මා දෙපා
වීදියේ ඇවිදයන
නූගත්,
දුප්පත්,
මිනිසුන් දහස් ගණනකගේ
හිස් උඩින්,
බලමින් වීදියේ සිව්දෙස
ඇවිද යන කල
මා දුටු,
දුගද හමන කාණුවක් අයිනේ
කඩපිලක් පාමුල
තෙමි තෙමී සිරිපොදට
වැරහැලි ඇඟලාගන
පිළුණු,
ඉඳුල් බත් වළඳමින්
හිස් අහස දෙස බලා සිටි
හිඟන්නෙක් ,
සිනා සුනා ,
මට.
ඔහුගේ කළුපාට
දත් දෙපළ විලිස්සමින්.
සුරංග එස්. විජේසූරිය
සුරංග ඔබේ කවි සම්ප්‍රාප්තියට අපේ සුභපැතුම්
ReplyDeleteසමාජය දෙස විමර්ශනාත්මකව බලන්න නව අරුතකට ගෙන රසවිඳින්නට හැකි නිර්මාණයක්......ගොඩාක් ලස්සනයි සුරංග..
ReplyDeleteවරුනි දීපිකා
මං කුළුදුලේ කරපු නිර්මාණය අගය කරනවා දැක්කම මට සතුටුයි. මේ දිරිගැන්වීමට බොහොම ස්තූතියි
Deleteසුරංග
ජීවිතය අවබෝදෙන් දකින්න බැරිනම් මොන අධ්‍යාපනයෙන් උනත් පලක් නැහැ.
ReplyDeleteඔබත් සමග මමත් එකග වෙමි
Deleteසුරංග