නිදි නැතිව දෙනෙත් යුග
වෙහෙසෙද්දි ..........................
රැය පුරා මුදු තාල
හැඩවෙද්දි ..........................
ඒ හඩට ඔබේ බඳ
නැළවෙද්දි ..........................
මගෙ බඳත් නැළවුණා මුදුතාල
හැඩවෙද්දි ..........................
ඔය දෙනෙත මයෙ නෙතට
යා වෙද්දි ..........................
ආදරයේ සුපෙම් සුව
වැගිරෙද්දි ..........................
මගේ බඳ ඔබෙ බඳට
ළංවෙද්දි ..........................
මන්මත් වුණා මහද මොහොතකට
මුමුණද්දි ..........................
පෙනෙන නොපෙනෙන දුරක සිට
හමුවෙද්දි ..........................
දහසකුත් තරු පොකුරු මා/ඔබ වෙතට
ළංවෙද්දි ..........................
මත් වූ ඔය දෙනෙත් මා සමග
යා වෙද්දි ..........................
සත්තමයි සොදුර ඔබ මගේ මයි
එළිවෙද්දි ..........................
කාංචනා චන්ද්‍රසේකර
.
සිතින් සිත හැගී ඇත...
ReplyDeleteහදින් හද බැඳී ඇත....
ගතින් ගත වෙලී ඇත...
දිනෙන් දින ගෙවී ඇත....
ස්තූතියි සිතුවිලි,
ReplyDeleteලස්සන කවි පද ටිකකුත් පෙළගස්වලා තියෙන්නේ .......
ලස්සන පබැඳුමක්..!
ReplyDeleteබොහොම ස්තූතියි රෙහානි,
Deleteඔබේ අදහස් දැක්වීම් අපට දිරිගැන්වීමක්.