යන්න සැරසී
මගෙන් වෙන්වී
අවසරයිදැයි විමසුවා ................
සසර පුරුදුව
යළිදු සිහිවී
මගේ කම්මුල් තෙත්වුණා ...................
සීත කම්මුල්
ඔබේ හාදුව
යළිදු මා උණුසුම් කළා ...............
ඒ හාද්දට
ලොබ බැදීලා
පියවි සිහියෙන් දුරවුණා ..................
පියවි සිහියට
යළිදු ආවත්
නොතිත් දුරකට ඔබ ගියා ...................
සදා ඔබ ගැන
තැවෙන පපුතුර
වෙනදා වාගේම හිරවුණා ....................
කාංචනා චන්ද්‍රසේකර
.
ඔතන තමා අපි කවුරුත් හිරවෙන්නෙ.වෙන්වීම තරම් දුකක් තවත් මං හිතන්නෑ මනුස්සයෝවන අපිට ඇතැයි කියලා..ඒ තරම්ම ප්‍රේමය බලාත්මකයි!
ReplyDeleteහැබෑම තමයි. ඒත් ඉතින් මොනවා කරන්න ද වෙන්වෙන්නත් වෙනවානේ..........
Deleteයලිත් ඔබ ලඟ
ReplyDeleteරැඳී ඉන්නට
දවස ලඟ බව සිහිවුනා.......
හරිම සතුටුයි
Deleteඅරූ ඔබවත්
එහෙම දවසක් ගෙනාවා....................
ආදරය කරන දෙන්නෙක්ගෙ ඈත් වීම තරම් වේදනාත්මක දෙයක් තවත් මේ ලොකෙ ඇති කියල මං හිතන් නෑ.
ReplyDeleteඒකනේ මේ තරම්ම විරහව ගැන කවි සහ ගීත ලියවිලා තියෙන්නේ. රසිකයනුත් ඒවා මේ තරම් විදින්නේ ඒ නිසා වෙන්න ඇති. කොහොම වුණත් එක්වීම් වලට වඩා වෙන්වීම් වැඩියි නේ නේද චතුරංග ??
Deleteවින්ඳත් අපමණ වේදනා ආදරයේ නාමයෙන්
ReplyDeleteනැහැ අපහට ජීවිතයක්, තොර ආදරයෙන් ....
...........................................................................................
කවි ටික ලස්සනයි. සුභ පැතුම් ..!!
ඔබේ දිරිගැන්වීමට ස්තූතියි සදරු.
Delete