හිස පීරා මැද රොද හරි අගෙයි බොට
එල්ලෙන් තෝඩු තාලෙ කියයි පා දෙකට
මූණ අැල කරන් බලනා විටින් විට
මොට ඇසිපිය හෙලනවාද හිතෙයි මට
රණ තිසරුන් වැසු හැට්ටය මොකට හිතෙයි
සසරේ බැදි වෛරය පිරිමසනු වගෙයි
පෙණ කැටි නග නග ගලනා ගගක් තියෙයි
කිරි කොරහක් මැද නිල් මිණි මැණික වගෙයි
කිටි කිටියට ඇදි රෙද්දක් මොකට හිතේ
යන තාලෙට දෑල නටයි උන් මත්තේ
හැරී බලන විට ඉග නැගි රැලි මත්තේ
මසිත දුවයි සියොළග හිත් පිත් නැත්තේ
තුෂාර විතාරණ
.
ශෘංගාරාත්මකයි.....අලංකෘතයි.....
ReplyDeleteස්තූතියි අදහස් දැක්වීමට, ටිකක් වෙනස් දෙයක් ලියන්නයි උත්සහ කරේ.
Delete////රණ තිසරුන් වැසු හැට්ටය මොකට හිතෙයි
ReplyDeleteසසරේ බැදි වෛරය පිරිමසනු වගෙයි
පෙණ කැටි නග නග ගලනා ගගක් තියෙයි
කිරි කොරහක් මැද නිල් මිණි මැණික වගෙයි/////
මට මීමන ප්‍රේමතිලක ශූරීන් මතක් වුනා. ශෘංගාරය කියන්නේ කවියෙක්ගේ රස උල්පත කිති කවන තැනක්.
ඔබ ඒ කවිය තුළ තිබුණ ලස්සන ම කොටස නියමෙට අල්ලලා තියෙනවා. ඇත්තට ම අරූ මං කලින් කිව්වා වගේ වෙනස් දෙයක් ලියන්නයි උත්සහ කරේ. ලියාගෙන යද්දි මටත් හරි ආස හිතුණා.
Deleteඔබේ අදහස නම් පංකාදුයි. ශෘංගාරය ඔබ අර්ථ දක්වන විදිහ නම් නියමයි
සෘංගාර රසය උතුරනා බෝමැයි
ReplyDeleteකවිකාර සිත අකීකරු ගානයි
උපමා යොදා මැවූ රස කදිමයි
පද පෙළ රස බව නොකියා බෑමයි
හරිම අගෙයි ඒ ගෙතු කවිකම් අපුරූ
ReplyDeleteදිරි වඩවයි මා සිත තව තව වැපුරූ
කවි අරණට තුති පුදලා නැත මසුරූ
නැවත ඇවිත් යන්න එන්න හිත් අයුරූ