පඩු පාට සද මෝරන
සදගිර සුදු වැලිතලය
මත ඇවිද අත්වැල්බැද
පිය නැගුවෙ අප දෙදෙනය..
පඩු සද රැස් එළියට
නුඹෙ මූන දෝතට ගෙන
මා මුවග ඔබෙ නළලට
ළං කළේ සෙනෙහසටය..
පඩු පාට වෙසක් සද නැගෙන
මන්දාරම් හිරි පොද වැසි දිනක
ඔබේ කොපුල්තල මා ළයමඩල
සැනහූයේ කිදුරු එදා මෙන්මය.....
හසිත හර්ෂණ
ලස්සන කවියක් හසිත. ලස්සන පද ගැලපුමක්. ඒ වගේ ම සිත්ගන්නා සුළු වස්තුවිෂයයක්. ඒක කියවද්දි චිත්තරූප මැවෙන විදිහට ලියලා තියෙනවා........
ReplyDeleteතුෂාර විතාරණ
ස්තුතියි ඔබට අදහස් දැක්වීමට.......
ReplyDelete