දෙපරිසක් විපරිමින් දෙපැත්තේ..........
වැටෙයි යන බියටපත් බෙරහඩට උඩපනින
බොරුකකුල් කාරයින් සිටින්නේ........
සතරපා විලංගුව බැද යදම් කිටිකිටියේ
පාවාඩ පිට ඇතුන් වඩින්නේ.......
තුනටියේ රිදුම් ඇති මහලු අය නැමි නැමී
ඇත්තුන්ට පාවඩ එලන්නේ.......
නේක වෙස් මුහුණු ලා උෂ්ණයෙන් පීඩිතව
ලොකු කුඩා මිනිස්සුන් දුවන්නේ...........
මිනිස් පැටියන් රැළක් පටැලවී බෙරපදය
ලොක්කන්ගෙ දෙපා අත් බලන්නේ.........
මොණර රුව හිස පැළද මොනරපිල් විහිදුවා
නාගසින්නම් හඩින් ආවේශ වී වගේ
පැංචියන් දහඩියයි හෙලන්නේ..........
සූසැටක් ආභරණ දහදෙනෙක් අදින රෙදි,
පැළද කඩුකස්තාන හිස ඔටුණු පැළදවී
විඩාබර නිලමෙලා වඩින්නේ............
ඩබ්.ටී වීරසිංහ
හොඳ නිර්මාණයක්!!!!!!!!!සංස්කෘතිය නම් තමයි.....ඒත් ඔය ශිල්පීන්ගේ ජීවිතවල කටුකත්වය දළඳා වහන්සේටවත් පේන්නේ නැද්ද මන්දා...
ReplyDeleteඇත්තට ම ඔබේ කවිය අගය කළ යුතුයි. ඔබ දුටු පෙරහැර මමත් බැලුවා. නමුත් මම මේ කෝණයෙන් එය දැක්කේ නැහැ. හරිම ලස්සනයි. පෙරහැර විතරක් නෙමෙයි අපේ ජීවිතත් ඔහොම තමයි කියන එක ඔබ මේ තුළින් පෙන්නන්නට හදනවා කියලයි මට හිතෙන්නේ. මේ ලෝකේ ඇත්ත මේක තමයි. පෙරහැරකින් එදා සමාජයේ වැඩවසම් බව පෙන්නුවාය හෝ අපේ ඓතිහාසික වටිනාකම් පෙන්නුවාය කියනවාට වඩා ඒ තුලින් ඔබ දුටු මිනිස් ජීවිතයේ සාමාන්‍ය ස්වාභාවය විදහා දැක්වීම පිළිබද අදහස නම් ඉතා වටිනවා.
ReplyDeleteතුෂාර විතාරණ
ලස්සන නිර්මාණයක්. අලුත්නුවර පෙරහැර ඇස් දෙකෙන් දැක්කා වාගේ දැනෙනවා. හිතට හරිම සතුටුයි. මේ අත්දැකීම අපට කොච්චර සමීපද කියලා ඔබ හොදටම දන්නවානේ. පෙරහැර, වීදිය, කඩපිල, අලි ඇත්තු, දේවාලය, මේ දේවල් ජීවිතේ කොටස් වගේ නේද?????
ReplyDeleteකාංචනා චන්ද්‍රසේකර