බලා හිඳී සඳ
තරු පිරිවරාන
කෝම හැර යන්නෙම්දැයි
මේ සා වෛවර්ණ අහස්කුස
හිරු එබෙන සඳ
ලා හිරු කිරණ වැද
පූදී මල් කැකුළු එකිනෙක
හිරු කුමරු දකිනු රිසියෙන්
කුමට සිතනෙම් ද
කුමට වැළපෙම් ද
අහිමි ලෝකය හැර දමන්නට
උනුන්ගේ පෙම්සර බිඳින්නට
නොසිතමි බිදකුදු
නොවැළපෙමි මම්
නේන්නෙමි යළි හෙට දිනේ
මගේ අගයක් නොමැති අහසට...............................
තුෂාර විතාරණ
.
ලස්සන පද ගැලපුමක්. තුෂාර ඔබගේ අදහසත් හරිම ලස්සනයි..
ReplyDeleteකසුන්
බොහොම ස්තූතියි කසුන්.
Deleteපරිවාර තරු ඉඳන්
ReplyDeleteතනි මකයි ඔබ සිතින්
අහස පෑවත් ගණන්
කිමද නෑවිත් හිඳන්
හරිම ලස්සන උත්තරයක්. ඒවගේ ම ගැලපෙන පද එකතුවක්. බොහොම ස්තූතියි දුල්ෂාන්. කවිය කියවලා නිකන්ම යන්නේ නැතුව අපිව දිරිගන්වන්න ඔබේ අදහස් කුරුටු ගාලා ගියාට .................
Delete