Friday, October 4, 2013

සීත මිහිදුම් අතර, පතමි ඔබ නිබදව ම ................


සිහින ක්ෂිතිජයක පාවෙලා
නිශායම දුටු හීන රජවෙලා
එළිවෙද්දි ඒ හීන බොදවෙලා
මගෙ දෙනෙත් හොදටෝම වෙහෙසිලා

සදේ ඔබ මයෙ ළගට ළංවෙලා
දුන් සිසිල මයෙ හදට යාවෙලා
ළං ව උන් සුයාමය සිහිවෙලා
දැ‍නුනාද ඔබට මම හඩන හැටි හැංගිලා

ඔබ‍ වට රන්තරු දහසක් දිලිසිලා
ඒ තරුම සිනාසෙයි මා වෙතට නෙත්යොමා
සබද ඔබ සිතුවාද මම තවත් තරුවක් කියා
සදේ ඇයි නොදුටුවේ මගේ නෙත් හදපුරා

මොහොතකින් ළං වෙලා තැනූ අපෙ සිහින ලොව
පාට පෙව් සිත්තරා ඔබ ම විය නිශායම
දුර ගියත් වෙන්වෙලා දිනන්නට ඔබේ ලොව
සීත මීදුම් අතර පතමි ඔබ නිබදව ම ...............................

කාංචනා චන්ද්‍ර‍ෙස්කර

.

8 comments:

  1. කදිම කවි පෙළකි..

    ReplyDelete
    Replies
    1. බො‍‍හොම ස්තූතියි අමිල

      Delete
  2. Replies
    1. ඔබගේ දිරි ගැන්වීමට ස්තූතියි

      Delete
  3. giyapu aya gena hitha hitha inna ekane ithin virahava kiyanne.....
    kohoma unath pethuma itu wewa...!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි විරහවට එච්චර කැමති ...................

      බොහොම ස්තූතියි රෙහානි ඔයාටත්...............

      Delete
  4. ඇත්තටම හරිම අපූරු කවි පෙලක්..

    ReplyDelete
  5. මගේ කවි පෙළ රසවිදලා සද්ද නැතුව යන්නැතුව කමෙන්ටුවක් දැම්මට බොහොම ස්තූතියි දිනේෂ්.

    ReplyDelete



Related Posts Plugin for WordPress, Blogger...