තරු අතර දහසකුත්
පුංචි තරුවක් වෙන්නේ
කෙලෙසක ද සොදුර මම
වෙමිය මම ගුරුතරුව
ඔබේ හද පෙම් අරණේ
කිරුළ හිමි අගබිසව
හිස පැළැදි රන් කිරුළ
මම කෙලෙස හිසලම්ද
කළ ද අැරයුම් නිතින
එන්නේ කෙලෙසද සොදුර
වාසුලදත්තාවක් ම මිස
නොවෙමි මම අනුලාව
එළැඹි මේ භව සසරේ
වෙනත් පෙම් සුරපුරක
ඉපිද සුව විදිමු අප
ඉරණමේ සරදමට
මතු උපන් සසරෙදිත්
ලදොත් ඇරයුම් ඔබෙන්
සද කිදුරු දා කවෙහි
කිදුරන් ම වෙමු සොදුර
කාංචනා චන්ද්‍රසේකර
.
ලස්සනයි...
ReplyDeleteබොහොම ස්තූතියි ඇනී
Deleteලස්සනයි..
ReplyDeleteඔයාටත් බොහොම ස්තූතියි ඇනී
Delete