Tuesday, October 1, 2013

සදා ඔබ ගැන තැවෙන පපුතුර .........


යන්න සැරසී 
මගෙන් වෙන්වී
අවසරයිදැයි විමසුවා ................

සසර පුරුදුව 
යළිදු සිහිවී
මගේ කම්මුල් තෙත්වුණා ...................

සීත කම්මුල්
ඔබේ හාදුව 
යළිදු මා උණුසුම් කළා ...............

ඒ හාද්දට 
ලොබ බැදීලා
පියවි සිහියෙන් දුරවුණා ..................

පියවි සිහියට 
යළිදු ආවත් 
නොතිත් දුරකට ඔබ ගියා ...................

සදා ඔබ ගැන 
තැවෙන පපුතුර 
වෙනදා වාගේම හිරවුණා ....................

කාංචනා චන්ද්‍රසේකර

.

8 comments:

  1. ඔතන තමා අපි කවුරුත් හිරවෙන්නෙ.වෙන්වීම තරම් දුකක් තවත් මං හිතන්නෑ මනුස්සයෝවන අපිට ඇතැයි කියලා..ඒ තරම්ම ප්‍රේමය බලාත්මකයි!

    ReplyDelete
    Replies
    1. හැබෑම තමයි. ඒත් ඉතින් මොනවා කරන්න ද වෙන්වෙන්නත් වෙනවානේ..........

      Delete
  2. යලිත් ඔබ ලඟ
    රැඳී ඉන්නට
    දවස ලඟ බව සිහිවුනා.......

    ReplyDelete
    Replies
    1. හරිම සතුටුයි
      අරූ ඔබවත්
      එහෙම දවසක් ගෙනාවා....................

      Delete
  3. ආදරය කරන දෙන්නෙක්ගෙ ඈත් වීම තරම් වේදනාත්මක දෙයක් තවත් මේ ලොකෙ ඇති කියල මං හිතන් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මේ තරම්ම විරහව ගැන කවි සහ ගීත ලියවිලා තියෙන්නේ. රසිකයනුත් ඒවා මේ තරම් විදින්නේ ඒ නිසා වෙන්න ඇති. කොහොම වුණත් එක්වීම් වලට වඩා වෙන්වීම් වැඩියි නේ නේද චතුරංග ??

      Delete
  4. වින්ඳත් අපමණ වේදනා ආදරයේ නාමයෙන්
    නැහැ අපහට ජීවිතයක්, තොර ආදරයෙන් ....
    ...........................................................................................
    කවි ටික ලස්සනයි. සුභ පැතුම් ..!!

    ReplyDelete
    Replies
    1. ඔබේ දිරිගැන්වීමට ස්තූතියි සදරු.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...