Tuesday, September 17, 2013

චමින්ද.....



ඔබ කවුද?
සසර ගමනෙහි
මුල මැද අග ‍
සෙයන තවුසෙක්ද?
ගො වෘතය
සුනක වෘතය සමාදන්ව
සුන්යාගාරව
දිවි ගෙවන
සත්‍ය යනු කුමක්දැයි
සොයායන
මව් පිය සොහොයුරන්
අතහැර තැන තැන ඇවිදිමින්                                                       
යැදියෙක් නොවී
සිව්පසය ලැබීමට
ඵල දුන්නත්
පසිදුරන් ඇති මුත්
නිසියාකාර නැති
ව්‍යුහයක් ලබාදුන්
අකුශලය කිමද?
අව් වැසි සුළං හිරිකඩ
නු‍ඹෙ නින්දට නොවේ බාධක
සිව්පසය පිළිගෙන
අතහැර යන්නට
තරම් නුඹ සිත දියුණු වූයේ
කෙලෙසද?
කියන් මා හට.......


ඩබ්ලිව්.ටී වීරසිංහ

3 comments:

  1. සිව් පසය ලැබෙන්න සිවුරක් ඕනි නේද?

    ReplyDelete
  2. හරිම සතුටුයි ඔබේ නිර්මාණයක් දැක්කාම. ගැඹුරැ හරයක් ඇති ව ලියැවුණු නිර්මාණයක්.

    තුෂාර විතාරණ

    ReplyDelete
  3. ඔබතුමාට ලස්සන නමකුත් මේ කෙන්ම හැදිලා. වීරේ...................

    මට හිතෙන්නේ ටිකක් තරැණ වෙන්න චාන්ස් එකක් හම්බෙලා වගේ. ඒත් තරැණ වෙන්න දේකුත් නෑනේ නේද? දැනටත් වයස 18 ක් විතරනේ වෙන්නේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...