Friday, September 20, 2013

මම වෙන්න ඉඩ දෙන්න ...................................



ඔබේ මසින් ලෙයින් හැදෙන
පිය සෙනෙහස හොදින් ලබන
මම
ඔබවත්
පියාවත් නොවන වග
තේරැම් නොගත් අම්මේ
මට මම වෙන්න ඉඩ දෙන්න ...............
ඇමතිකෙනෙක්
මන්ත්‍රීකෙනෙක්
ඉංජිනේරුවෙක්
දොස්තර මහත්මයෙක්
එහෙමත් නැතිනම් ඊටත් වඩා
උසස් අයෙක්
ගැන කියන කතා
මම අහන් ඉන්නේ
පිළිකුලෙන් ..........................
මගේ හිතේ රජ කරන්නේ
අළුත් විදිහට හිතන
විනයගරුක හිරි ඔතප් ඇති
අපූරු මිනිහෙක්
ඔහු ගොවියෙක් ද
වඩුවෙක් ද
කම්කරුවෙක් ද
නොදනිමි.
ඒ මිනිසා වෙන්න අම්මේ මට ඉඩදෙන්න ............................

ඩබ්.ටී වීරසිංහ

4 comments:

  1. අම්මලට ලියපු වටිනා කවියක්.. ඇත්තටම දැන් ඉන්න අම්මලට පිස්සු..

    ReplyDelete
    Replies
    1. අම්මලා විසින් ළමයින්ගේ ළමා කාලය කනවා විතරක් නෙමේ. මාර නිර්මාණශීලී ජීවිතයක් නිකරැණේ විනාශ කරලා දානවා...............

      Delete
  2. වීරේ..........මේක අම්මලාගෙන් විතරක් නෙමේ මුලු සමාජයෙන් ඉල්ලාසිටිය යුතු ඉල්ලීමක්........මට මම වෙන්න ඉඩදෙන්න......මුලු සමාජයම නොයෙකුත් කුණුහරුප ඉල්ලාසිටිනවා......සැපයීම ප්‍රමාදනම් උඹව දඬුකඳේ ගහනවා........

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි අරෑ

      උඹේ අදහස් දැක්විමට මම සම්පූර්ණයෙන් ම එකග වෙනවා.

      වීරේ

      Delete

Related Posts Plugin for WordPress, Blogger...