Saturday, April 2, 2016

සැතපෙන්නේ කොතැනද රෑ මනාලියේ.....


වීදි බසින සඳ එළියේ
සුවඳ අරන් ඇදෙන ලියේ
තුට්ටු දෙකටදෝ ඇඳිවත උනාලියේ
සැතපෙන්නේ කොතැනද රෑ මනාලියේ.......

නග්න අහස විසිරි තරුයි
නුඹෙ තනියට ළඟ උන්නේ
රෑ කුමාරි මල තනිකර
නුරා බඹරු පැන යන්නේ

ගිනි ගත් කුස සනසවන්න
දෙලෝ ගිනිද අවුලන්නේ
විලවුන් තැවරූ සියොලඟ 
කෙලෙස් ගඳද මතුවෙන්නේ

වීදි බසින සඳ එළියේ
සුවඳ අරන් ඇදෙන ලියේ
තුට්ටු දෙකටදෝ ඇඳිවත උනාලියේ
සැතපෙන්නේ කොතැනද රෑ මනාලියේ.....


ඉසූ


.

81 comments:

  1. රෑ මනමාලි.... අපුරු පදවැල්......

    ReplyDelete
  2. ලස්සනයි.... පදවැල්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝෂ් අයියේ............ දැන් ලියන්නැද්ද????

      Delete
    2. ඒ කියන්නේ මංකිගේ ඥාතියෙක්ද??????

      Delete
  3. ප්‍රශ්ණය තියෙන්නේ මේ පදවැල් වල තියෙන මෘදු බව උඹලගෙ හිත්වල නැති වීමයි... ඒක මේ පිළිබඳ ලියැවෙන පෝස්ට් වලට උඹලගෙන් එන කොමෙන්ට් වල අපූරුවට පේනවා...

    උඹලගේ පනහක් විතර ඉන්න හින්දා මේක ලියපු කෙනාගේ අවංක අදහස මම දන්නේ නෑ.. නමුත් පොදුවේ උඹලා ඉන්නේ මේ මතයේ නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. ඉහත කොමෙන්ටුව ස ර ස තුමා මාතලන් ගේ එකවුන්ටුව හැක් කර ඒ තුලින් දමන ලද්දක් නොවන බව වගකීමකින් දැනුම් දෙමි!

      කුරුට්ටන් සමග සාමදානයෙන් සිටීමට ස ර ස තුමා අදහස් කරයි!

      Delete
    2. මාතලන් අපි ගැන පූර්ව නිගමනයන් හදාගෙන වගෙයි...... අපි එකොළහක් ඉන්නවා තමා. ඒත් අපි හැමවෙලාවෙම එක මතයක් නියෝජනය කරන්න උත්සහ කරනවා. ඒක ලේසි දෙයක් නෙමෙයි. නමුත් අවස්ථාව අනුව එක සමාන සිද්ධීන් දිහා වුණත් වෙනස් විදිහට බලන්න වෙනවා. හරියට අර මාතලන් නිදහස් චතුරස්‍රෙය් පෙම්වතුන් දිහා බැලුවා වගේ....

      Delete
    3. සරසාගේ අලුත් ප්‍රෙව්ශය අපි “සාදරයෙන් පිළිගනිමු“..............

      Delete
    4. සෙට් එකක් එක මතයක් හදාගන්න එක අමාරුයි තමයි...
      අන‍ේ‍යා්න්‍ය විශ්වාසය හා නිරන්තරව අභ්‍යන්තර සංවාදය තුලින් තමයි ඒ විදියට තනි අදහසක් දරණ ටීම් එකකට පවතින්න වෙන්නේ...
      අපි තරුණ ජනමාධ්‍යෙව්දීනගේ සංගමය පවත්වගෙන යද්දීත් මේ අසීරු අභ්‍යාසය කරනව..
      විසිහතර පැයේ ඇක්ටිව් වෙලා ඉන්න දවසකට මැසේජ් 2000ක් විතර වැටෙන ගෘප් චැට් එකක් අපි ෆේස්බුක් එකේ හදාගෙන තියෙනව.. හැම දේශපාලන සිදුවීමක්ම වගේ සමහර විට ගොසිප් ගැනත් පෞද්ගලික කාරණා ඉඳන් පෝන් වීඩියෝ ගැන වෙනකන් අපි එකිනෙකා කතා කරනව...
      සමගිය බලය වේ

      Delete
    5. ඒක තනියම බ්ලොගයක් ලියනවාට වඩා වෙනස් ම කතාවක්. ඔබ කියලා තියෙන විදිහට එක මතයක ඉදගෙන අදහස් දැක්වීම කියන්නේ මහා සිද්ධියක්. ඒත් අපි විවේචන වලට නං ධනාත්මකයි. ඒවා නැත්තං අපිට වරදින්න පුළුවන් තැන් ගොඩයි තමයි. (සරසාට මේ ගැන වෙනත් කතාවක් ඇති. ඒත් සරසාගේ සමහර අදහස් දැක්වීම් වලදී ඒක අපි දෙගොල්ලන්ම අන්තෙට ගියා කියලයි ආයෙම බැලුවාම තේරෙන්නේ) හැබැයි උඩුවො මෙහෙමයි අපේ එකොළොස්දෙනා නිර්මාණකරණයේ දී එකම සිද්ධියක් දිහා වෙනස් වූ කෝණ කිහිපයකින් නිර්මාණ කරන්න ඉඩ තියෙනවා. ඒක අපිට නවත්තන්න බැහැ... ඒත් අපි පොදුවේ දරන මතය එක ලයින් එකක තියාගැනීම ගැන බලන්නත් වෙනවා... කොහොමත් අපි අවුරුද්දු දවස් වල එකතු වෙලා (රට තුළ සිටින සෙට්එක) ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කරන්න ලෑස්ති කරලා තියෙන්නේ... ඒකෙදී කතා කරන්න මේකත් ගන්න එක හොදයි කියලා දැන් හිතෙනවා.... හොද විවේචනයක් කියලයි මේක අපි දකින්නේ........ ස්තූතියි මේ සහයට....

      තුෂාර

      Delete
    6. Hama velawema comment karuge nama dammanan hari

      Delete
    7. මම හිතන්නේ උඹලා වෙන වෙනම ලියන්න ඕන කාළේ ඇවිත් තියෙන්නේ.... ඒකමයි මම මේ දේ කිව්වේ... එහෙම නැතිව අපේ අදහස් ඉදිරිපත් කිරීමෙදි ගැටළු මතුවිය හැකියි...

      නිදහස් ච්තුරශ්‍රය ගැන මම කියපු දේ ගැන අදත් මම පෙනී සිටිනවා... නමුත් සම හරක් ඒකේ අල්ලන් තියෙන්නේ එහෙන් මෙහෙන් කෑළි...

      පටන් ගන්නේ අත් අල්ලගෙන.. ඊට පස්සේ කරන්නේ බඩ වෙන වැඩ..

      Delete
    8. මාතලන්ගේ අදහසට මම එක විදිහකට එකඟ වෙනවා...

      ඒක කරන්න මම කැමති ක්‍රමය තමයි කමෙන්ට් කරන කෙනාගේ නම දැමීම...ඒකෙන් ගී පවුරෙ අනික් උන් බේරිලා කමෙන්ට් කරන එකාගෙ අදහස විතරක් එළියට ආවම අර මාතලන් කිව්ව වගේ වෙන වෙනම ලියන එකේ යෝජනාවත් ක්‍රියාත්මක වෙනවා...

      දැනටත් අපි රට පුරාම ඉඳගෙන ගී පවුරට වෙන වෙනම ලියනවා වගේම ඒ ඒ නිර්මාණ ගැන තමුන්ම වග කියාගන්නවා...හරියට අපිත් ආණ්ඩුවක් වගේ...පොඩි පොඩි නොගැළපීම් තිබුණට අපේ බ්ලොගයේ එකමුතුව සහ පොදු අදහස එකම තැනකට ගේන්නයි හැම වෙලේම උත්සාහය...පවුලේම පිරිසක් ඉන්න එකම තමයි මේකෙ විශේෂත්වයත්...

      අසංක

      Delete
    9. අනේ ඉතින් අහින්සක විදියට කවියක් ලියලා අයියලට දෙන මට නං මේ කියන දේ තේරෙන්නේ නැත.
      අපේ අයියලාගේ දැනුම් තේරුම් මට වඩා ගොඩක් ඉහලයි.
      එකම තේමාවට විවිධ අර්තකතන කවියන්ගේ ඔලුවේ පහල විය හැක. අපි එකම මතයක ඉන්න ඕනිද කියන එක මට තේරෙන්නේ නැත. විවිධත්වයෙන් අලංකාරයක් ඇතිවෙන බව සිතේ.

      අනේ අයියේ මට මේ අපභ්‍රංස නොතේරේ.............කවි පමණක් ලියන්නං

      ඉසූ

      Delete
    10. අපොයි අපොයි...නිර්මාණවලදී නම් එකම මතයක ඉන්නම එපා...ඒක නිර්මාණකරුවගෙ නිදහස...මම කිව්වේ බ්ලොගයෙ පොදු අදසහ සහ නිර්මාණය වෙනුවෙන් උත්තර දීමේදී කමෙන්ට් කරුගෙ නම දැමීමෙන් සංවාදයක් ආවොත් ලේසි වෙනවා කියල...ඉතින් මේකත් මගේ අදහස විතරයි...

      ඉසුරිකාගෙ කතාව හරි...ඔයා ඕව හිතන්නෙ නැතුව නිර්මාණ විතරක් කරන්න...විවිධත්වයක් නැතුව ලස්සන ලෝකයක් බිහිවන්නේ නැහැ...

      අසංක

      Delete
    11. සොඳුරු අතීතය මතක්වෙනවා.... ඉස්සර වගේමයි..

      Delete
    12. අසංක අයියා, ඉසුරි....

      මේක අපේ අවුරුදු සමයේ පැවැත්වීමට නියමිත කුරුටු මහා සම්මේලනයට (ඔය නම දැම්මේ දැන්... ඒ කිව්වේ අර අපේ සාකච්ඡාව හරිද???) වැදගත් මාතෘකාවක්. අපි එතැනදී අපේ ඉදිරි කටයුතු ගැන ලොකු සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. මාතා කියලා තියෙන දේ අනික් බ්ලොග් කියවන්නන්ටත් ඇති වෙන නිසා ඒක සාකච්ඡාවට අරගෙන එක අදහසකට එන එක හොදයි..... දැනට අපි විදානේ යෝජනා කරලා තියෙන දේ අරන් මේ මතයේ ඉමු. කමෙන්ට් කරන්නා නමින් කමෙන්ට් කරමු. ඒත් මං ඒකට තවත් දෙයක් යෝජනා කරනවා. ඒ තමා නිර්මාණය කරපු කෙනාගේ නම අපි දාන නිසා ඔහු හෝ ඇය තමා ඒ නිර්මාණයට අදාළ කමෙන්ට් වලට පිළිතුරු දීමේ අයිතිය සහ වගකීම දරන්නේ. අපි දැනට කරන්නෙත් ඒක තමයි. ඉතින් ඔහු හෝ ඇය අමුතුවෙන් නම ලිවිය යුතු නැහැ.... අදාළ නිර්මාණයේ නිර්මාණකරු හැර වෙනත් කුරුට්ටෙක් ඒකට පිළිතුරු දෙනවානං හෝ අදහස් දක්වනවානං විතරක් අපි ඒ කෙනාගේ නම භාවිතා කරමු. අනික් හැම වෙලාවට ම කමෙන්ට් කරන්නේ නිර්මාණය කරපු කුරුට්ටාම තමා..... අපි දැනටත් මේක භාවිතා කරනවා කියලයි මටනං හිතෙන්නේ... කමක් නැහැ දැන් අපි තුළ තාවකාලික හෝ එකගතාවයක් තියෙනවානේ... ඒක අනික් අයටත් පැහැදිලියිනේ.....

      ජයවේවා...

      තුෂාර

      Delete
    13. ඕ කේ අයියේ.... අවුරුද්දට හදි ගැහුනම වැඩි තොරතුරු දැනගත හැකිනේ..

      ජය වේවා!!

      ඉසුරි

      Delete
  4. රෑ අහසේ සදට තනිය තරු ඇවිදින් මකනවා
    කැලේ පිපෙන රෑ කුමාරි කැලේ ඇතුලෙ මැරෙණවා
    වීදි දිගේ මග සරණා ගැහෙන හදක් සොයනවා
    කාසි වලට මා සෙයනා නුඹලා ලඟ නිදනවා

    ReplyDelete
    Replies
    1. චරිතය කියන්නේ වදයක්
      යුතුකම් වගකීම් හරි බරක්
      සමාජය බාධක ලෝකයක්
      ඒත්
      ජීවිතය කියන්නේ මහ අමුතු කතාවක්..........

      Delete
  5. ඇත්තටම නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සලිත් හිතට දැනුණ දේ ලියුවාට.... ඒක අපේ හිතට ලොකු ශක්තියක්......

      Delete
  6. තිත්ත ඇත්ත...
    //ගිනි ගත් කුස සනසවන්න දෙලෝ ගිනිද අවුලන්නේ//
    සුපිරියි කුරු‍ටු....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රොහාන්...........

      මේ පද කොටස වුණත් කෙනෙක්ට වෙනස් විදිහකට දකින්න හැකියි.

      Delete
  7. Replies
    1. ඔව් අයියේ............මටත් හිතුනා එයාලා ආසාවට කරන දෙයක් නෙමෙයි කියලා..පව්

      Delete
    2. ඔව් අයියේ...........
      @$%^(^%$@$^^
      යකෝ මචෝ ඉසු මට තවම 21යි බොරුනම් අර අසංකය තුසරයගේ ඔලුව පැලෙන්න ගහයි

      Delete
    3. අයියෝ එහෙනං කී වෙනි පාරටද මෙන්ඩා අයියේ අසංක අයියා තුසාර අයියගේ ඔලුව පැලුවේ. ?
      දෙන්නා මීට් වුන හැමදාකම වගේ තුසාර අයියා ඇවිත් තියෙන්නේ ඔලුව බැංඩේජ් කරගෙන කියල කියනවා මං අහගෙන..

      Delete
  8. ලස්සන පද පේළි ය. තනුවක් දැම්මනං හොඳ සිංදුවක් කරන්නත් තිබුනා කුරුටු.


    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිර්මාණි........ඔබේ දිරිමත් කිරීම් වටිනවා

      Delete
  9. දැං මොකටද මේ සැතපෙන තැන හොයාගෙන යන්න හදන්නෙ.

    ReplyDelete
    Replies
    1. කුතුහලේනේ අයියේ.......

      Delete
  10. Replies
    1. ස්තූතියි මිත්‍ර.......

      Delete
  11. සැතපෙන තැන හොයාගත්තම තමා දෙලොව ගිණිගන්නෙ... ගොඩ දෙනෙක් අසර්ණ කමට,ලේසියට කරන වැඩක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහසට ලබු අයියේ.....

      Delete
    2. මම හිතන්නෙ සිරුරට මිලක් නියම කරන එක තරම් කැපකිරීමක් තවත් නෑ. ආශාවට නොවෙයි, මුදලට නන්නාඳුනනා පිරිමියෙක් එක්ක නිදිවදින්න හිත හදාගන්නව කියන්නෙ ලේසි පහසු කාරණාවක් නොවෙයි.

      Delete
  12. Replies
    1. උඹේ ඔය කඩවසං දුරකථනෙ දීපං ළමේකුට. හැක්..

      Delete
    2. ස්තූතියි විදාන අයියේ.......

      Delete
    3. චාමර මේවා රට්ටු හිනස්සන වැඩ

      Delete
    4. චාමර.......... හැක්.... පට්ට නම බං.... චාමර.......

      තුෂාර

      Delete
  13. අමරසිරි පීරිස්ගේ ලඳුනේ සිංදුව මතක් වුනා මේක කියවනකොට..

    ReplyDelete
    Replies
    1. මතකේ රැඳුණ ගී..........ඒ වගේ නිර්මාණශීලීබවක් මගේ කවියෙ නැතුව ඇති නේද මනෝ?

      Delete
  14. ගනිකාවෝද මනුෂ්‍යයෝය...

    ReplyDelete
    Replies
    1. ඔව් ලලිත්, නොවිසඳුන ජීවිත, දරිද්‍රතාව, සමාජ අසාධාරණය.......තව.....

      Delete
  15. විකුණා සිරුර ගත්තාවූ පනම් අටෙන්
    පැකට් කිරි එකක් දරුවට ගත්ත කඩෙන්
    ඉස්සර දුන්නේ කිරි කරගත් මගේ ලෙයින්
    මේදෙකෙ වෙනස මොනවාදැයි කියල දියන්

    ReplyDelete
    Replies
    1. වෙනස අහන්නත් දෙයක්ද එහෙම ඉතින්
      ගැටලුව ඔබේ වටහාගනු බැහැනෙ ඉයන්

      Delete
    2. ලේ කිරිකර දෙන්නට පුලුවන් කොට මම එය දුන්නා
      පුතා ලොකුයි බඩගින්නට කන්නට දේ ඉල්ලන්නා
      මිනිහා දමාගොස් රස්සාවක් නැහැ මට හිමිවෙන්නා
      සිරුර විකුනලා ගත් සොච්ච්ම් කෑම ගෙනත් උට දුන්නා

      Delete
    3. @ඉයන් 'පසුබිම් යථාර්ථය'

      Delete
  16. අඳුරේ පව් කරන දනා- එළියේ රවන ළඳුනේ..
    ලැම පමණක්- ලොවට පෙනෙන.. ලය නොපෙනෙන ළඳුනේ..
    මේ සින්දුව මතක් උනා මේ කවි ටික කියවද්දී.

    ReplyDelete
  17. තුන්වෙනි කවියේ අවසන් පේලි දෙක නිසා ඊට කලින් තියන වචනවල සංවේදීභාවය 99% කම විනාස වෙනවා කියලයි මගේ අදහස..

    ReplyDelete
    Replies
    1. අම්බලන්ගොඩ කතා කියන කතාවෙත් ඇත්තක් තියෙන්න පුලුවන්. සතුටින් පිළිගන්නවා අදහස

      Delete
  18. කවුද යකෝ මෙතන මගෙන් අහන්නෙ නැතුව තිත් තියන්නෙ.

    ReplyDelete
  19. අපි කවි ලියනවා... මේ අය ගැන කතා ලියනවා... රස කරලා හැගීම් බර කමන්ට් කොටනවා... ඒත් පෞද්ගලිකව ‍කවුරැත් මේ අයට ජිවිතයක් දෙන්න කැමති නෑ.... මට මේ දේ හිතෙනවා මේ වගේ කවි කතා දකිනකොට.....

    බොහොම හොද නිර්මාණයක් ජය!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අගය කළාට.
      අපිට ප්‍රායෝගිකව ඔවුන් වෙනුවෙන් මොකුත් කරන්න බෑනෙ කිඹුලී.මට නං එහෙම කෙනෙක් හම්බුනොත් ගෞරවෙන් කතා කරන්නත් පුලුවන්..
      අදහස සතුටින් පිළිගන්නවා

      Delete
  20. අපූරු නිර්මාණයක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉන්ද්‍රේ.....

      Delete
  21. සැතපෙන තැන හොයා ගත්ත දාට නිකංම තිත වැටෙයි..අම්බලන්ගොඩ කථා කියන්නා වගේ අප තුළ ඇතිවිය යුත්තේ අපුලක් නොවේ. තේරුම් ගත යුත්තේ ඛේදවාචකයයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔවුන් ගැන මගේ කිසිම අපුලක් නෑ. ඒත් අනුමත කරලා ජනගත කරන්න බැරි නිසයි කවියේදි ඒකේ ආදීනව ටිකක් දැක්වුවේ, පිළිකුලකින් නෙමෙයි මිතුරනි. ලෝකෙ පැරණිම රැකියාවනෙ එහෙනං.....

      Delete
    2. මම හිතන්නෙ සිරුරට මිලක් නියම කරන එක තරම් කැපකිරීමක් තවත් නෑ. ආශාවට නොවෙයි, මුදලට නන්නාඳුනනා පිරිමියෙක් එක්ක නිදිවදින්න හිත හදාගන්නව කියන්නෙ ලේසි පහසු කාරණාවක් නොවෙයි. අපි ඒ දෙස බැලිය යුත්තේ දයාර්ද සිතින්. සමාජය හිතන විදිහ වෙනස් කිරීමයි අපේ යුතුකම.

      Delete
    3. ඒක තමයි නොකී කතා,බලනකොට ගොඩක් අමාරු රස්සාවක් ඒකත්,
      ඒත්
      සමාජය හිතන විදිය වෙනස් කිරීම එක අතකින් අනුබල දීමක් කියලා ඔබට හිතෙන්නෙ නැද්ද??

      Delete
  22. //රෑ කුමාරි මල තනිකර
    නුරා බඹරු පැන යන්නේ

    හ්ම්ම් අන්තිමට කාටත් නොදන්වාම රෑ කුමාරි මිය යනවා.සුවඳ දෙනකන් විතරයි බඹරු උනත් සොයාගෙන එන්නෙ...

    ReplyDelete
  23. කවුද යකෝ මෙතන මගෙන් අහන්නෙ නැතුව තිත් තියන්නෙ කියලා මගෙන් අහපු ඒකා

    ReplyDelete
  24. කාංචනා ප්‍රියකාන්තගෙත් සොඳුරු කවියක් තියෙනවා, දේවී කියලා.ඒ වගෙම මීට අවුරුදු ගණනකට කලින් මිය ගිය මගේ මහප්පා ගණිකාවන් ගැන කියූ කතාවක් මතක් වුණා..

    ගැහැණියකට ගණිකාවක් වෙන්න බැහැ පිරිමියෙක් නැතුව!

    ReplyDelete
    Replies
    1. ඒත් වරද ගැහැනියටම පමණි. ඔන්න ඕකයි යථාර්ථය වැසි

      Delete
  25. මේ පද දෙක
    //වීදි බසින සඳ එළියේ
    සුවඳ අරන් ඇදෙන ලියේ///
    පහු පද දෙකට
    //තුට්ටු දෙකටදෝ ඇඳිවත උනාලියේ
    සැතපෙන්නේ කොතැනද රෑ මනාලියේ.......//
    ගැලපෙන්නේ නැහැ කියල හිතෙන්නේ මට විතරද?

    //කෙලෙස් ගඳද මතුවෙන්නේ// රස්සාවක් නම් කරන්නේ ඒත් කෙළෙස් ද?

    මැද පේලි 8ට කැමතියි.

    ReplyDelete
    Replies

    1. අජිත් කියන නොගැළපීම මට හිතාගන්න අමාරුයි, ඒත් මං ඔයාගේ අදහස පිළිගන්නවා. රස්සාවක් වුනත් සමාජ විරෝධී වගේම සංසාරගත ආදීනව ලැබෙන දෙයක්නෙ. ඒක රස්සාව කරන කෙනාට විතරක් නෙමෙයි ඒකට හවුල් වෙන පාර්සවයටත් එහෙමමයිනෙ,


      ස්තූතියි අගය කිරීමට

      Delete
  26. අපූරු පද ගැලපුමක්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විභී...........

      Delete

Related Posts Plugin for WordPress, Blogger...