ඇගේ වත දකින සඳ ...............
සිරියහන් විමන දුල
නුරාවේ පහන් සිල
අප්සරා වත මඬල
සිත් අහස එකලු කල
සරා හසරැල් පවන
බිඳ දමයි සිල් දැහැන
සුනිල ඉඳුවර නයන
එළි කරයි පෙම් විමන
පෙමින් මත් වූ දෙතොල
පරදවයි සුරත් ඵල
රණ තිසර සරන විල
පුබුදුවයි මෙසිත් මල
සොඳුරු පෙම් පහස විඳ
ගෙතෙන්නේ සඳැස් පද
ඇගේ වත දකින සඳ
සැඟවේය සුපුන් සඳ
ඉසූ
.
නෙක වර්ණන කැටිවුන
ReplyDeleteසෘංගාර රස දැවටුන
මනා-ලියක රුව මවන
සොඳුරු කවි වියමන
ඔබ ඇතුලු කුරුටු ගෑ ගී පවුරේ සියලුම දෙනාට පැතූ පැතුම් ඉටුවෙන සෞභාග්‍යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා ...!
ස්තූතියි සඳරු....... ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!
Deleteනියමයි කියනවා හැර වෙන කියන්න දෙයක් නැත
ReplyDeleteස්තූතියි සංජය....
Deleteනියමයි කියනවා හැර වෙන කියන්න දෙයක් නැත
ReplyDelete//රණ තිසර සරන විල//
ReplyDeleteකැමතිම තැන...
අසංකයගෙ ලඟ ඉදල වගේ හැක් හැක්.....
ඔව් අසංක අයියගෙන් තමයි වචන ටික අහගත්තේ රසික........
Deleteයකෝ මේකා හැම එකටම මේ අහිංසක ළපටි මාවම අල්ලගන්නවනේ අප්පා...
Deleteඅසංක
රණ හංස යුවල නිමල නිල් ජලාසේ,
Deleteනියමයි අෑ....
ReplyDeleteස්තූතියි සිතුවිලි..
Deleteඅපූරු කවි පෙළ...
ReplyDeleteස්තූතියි රොහාන්........
Deleteහොඳ කවියක් කියනවා හැර වෙන මොනවා කියන්නද ඉසූ...
ReplyDeleteස්තූතියි නිර්මාණි....... ඒ අගය කිරීමත් වටිනවා
Deleteඉසුරි............
ReplyDeleteපද ටික අදහස වගේ ම සදැස රැකීමත් හරි අගේට කරපු නිර්මාණයක්... විභාග වැඩ ටිකත් ඉවර එකේ දැන් ඉතින් කවි ලියැවෙන්නැතෑ හෝ ගාලා නේද?????
තුෂාර
ස්තූතියි අයියේ.....
Deleteඒක තමයි වැඩේ අයියේ,දැන් කවි ගඟුල හිඳිලා වගේනේ. ඒ දවස්වල හෝ ගාන පොකුණ වගේ වෙලා තිබ්බනේ
ඔය එක්කෙනෙක් ගැන නෙවෙයිනෙ කියන්නෙ :D
ReplyDeleteමොකක්දෑ අලියෝ ඒ කතාව??
Deleteඇගේ වත දකින සඳ
ReplyDeleteමතක්වේය සෞම්‍ය සඳ
සඳ දියෙන් කළතා
ගනිමි දෝතට මුදුව
ලස්සනයි ලස්සනයි Trans........
Deleteකවිය ඇතුලෙ වචන හරඹය හරිම අගෙයි ඉසූ :)
ReplyDeleteස්තූතියි හංසියෝ......
Deleteඅපි ඕවට නෑනේ ! අපිට දැන් බෑනේ !
ReplyDelete" අපිට දැන් බැරි හින්දා, අපි ඕවට නැහැ " ඒකයි මේ ..... හැක්.. ☺ ☺
Deleteඒකයි ඇත්ත
Deleteහ්ම් හ්ම්..එහෙම හිතන්නම්කෝ ඉයන්.....
Deleteපසුගිය දින කීපයේ ඉසුරිකාගේ නිර්මාණ වල අරමුණ වරදවා වටහා ගත් කුරුට්ටන් ඇයව ඉක්මනින් විවාහ කරදීමට උත්සාහ කරන බවට පැතිර යන රාවයේ සත්‍යතාවයක් නොමැත. හැක්.
ReplyDeleteඒ කියන්නේ ඉයන් ඉසුරිගේ පහුගිය කවි ගැන ඇහැගහගෙන ඉදලා... මේ ගැන නෙලුම් අජිත් අයියාගේ (ඔය ගානට උස අය සාධාරණයි කියනවානේ) ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලෙස ඉල්ලා සිටිනවා.
Deleteමීට තුෂාර සහ අසංක අයියලා......
බ්ලොග් සගයින් මාගේ පබැඳුම් වරදවා වටහා ගැනීම පිළිබඳව මාගේ බලවත් කනාටුව!!
Deleteඉහික් ඉහික්....... මං අම්මට කියනවා.....ඉහික් ඉහික්
This comment has been removed by the author.
Deleteඅජිත් ගේ කමිටුව වහා ස්ථාපිත කර FCID එක විසුරුවනු.
Deleteඅම්මලත් ඔය වයස පහුකරපු කට්ටියනේ, ඒක නිසා එයත් 'වරදවා' වටහා ගනීද දන්නෙ නැහැ ඉසුරිකා.
නෑ නෑ මං අම්මට කිව්වා.... අම්මා කිව්වා කවියෙක්ට ඕනිම දෙයක් නිර්මාණය කරන්න පුළුවන් කියලා.......
Deleteඒ හින්දා එහෙම 'වරදවා' වටහා ගන්නේ නෑ අයියේ.....
බය වෙන්න එපා ඉයං,
Deleteසරා සලෙලු දන සතො සේ
ReplyDeleteසුරා පාන කරන ලෙ සේ
පුරා අවුළු නොයෙක ර සේ
සරා අවන් හල් සහ සේ
සුරඟන රඟ රඟ හලුවෝ
Deleteමනයොන සැර කුසුමලුවෝ
සැම දන මන නෙත් වෙලුවෝ
තැන තැන රඟ දෙති නලුවෝ
(පද පිළිවෙලනං මතක නැතෝ)
සතොසෙ බාර් ටික අයින් කරන්න වෙයි වගේ,
Deleteහඳටත් ලැජ්ජ කරලනෙ මේ මනුස්සය. හැක්..
ReplyDeleteඅපූරු පද පෙළක්.
ඒක නේන්නං ප්‍රසා අයියේ........
Deleteස්තූතියි
සුපුන් සඳ පරදවන
ReplyDeleteසරා නෙතු දල්වන
පෙම් සුවඳ කැන්දන
අගෙයි ඔබේ මදහස
දිරිය සිත වඩවන
Deleteඅගෙයි ඔබෙ අදහස...
ස්තූතියි මනෝජ්
කොයිතරම් සොඳුරුද කවි හැඟුම් පිබිදුන හිතක් කාගේ උනත්..කවිය හරි අගෙයි
ReplyDeleteස්තූතියි චතූ......... හඳ දකිනකොට කවි සිතුවිලි මතු වෙනවා.
Deleteඇගේ වත දකින සඳ
ReplyDeleteසැඟවේය සුපුන් සඳ
ලැජ්ජාවට වෙන්න ඇති හැක ,
සුබ අලුත් අවුරුද්දක් වේවා
ඉවාන් අයියටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!
Deleteelakiri
ReplyDeleteස්තූතියි සලිත.....
Deleteඅරැත් බරයි... ජය!
ReplyDeleteඅගය කළාට ස්තූතියි කිඹුලී......
Deleteඅපූරු පැදි පෙළ...
ReplyDeleteලස්සනයි ඉසුරිකා...
සුභ අලුත් අවුරුද්දක් වේවා ඉසුරිකාටයි ඔක්කම කුරුට්ටන්ටයි..
ජයෙන් ජයම වේවා
ස්තූතියි මහේශ්.........
Deleteඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!
ජය වේවා!!
සුපිරි පද පෙළක්, රසවිඳිය හැකි තාලයක් එක්ක වචන හරඹයක්. එක හරිම අපුරුයි. ජය,
ReplyDeleteමේ අගය කිරීම් එක්ක අපි තව දිරිමත් වෙනවා...
Deleteස්තූතියි සොමි යා
පිස්සුනං කරන්නෙපා ඉසූ...
ReplyDeleteනව හද බලන්න ඕන
නව හඳ තමයි හැංගිලා තියෙන්නේ අයියේ......... මාර වැඩේ
Deleteපේලි 2ක් විතර කොපිකරගත්ත හදිසියකට...
ReplyDeleteපේලි 2ක් විතර කොපිකරගත්ත හදිසියකට...
ReplyDelete