දවසක් දා එක සීයෙක් - දොස්තර හමුවට ඇවිදින්
තමන්ට ගැටළුවක් ඇතැයි - මෙලෙස පැවසුවා
මට හරියට නින්ද යන්නෙ - නෑනෙ දෙගොඩ හරිය වෙලත්
පහුවදාට හරි හමනට - ටොයිලට් යන්නෑ
මලබද්ධය වගෙයි නේද - නින්දත් හරියට නොවේද
ඒව අහල දොස්තර තැන - තුණ්ඩුව ලිව්වා
තවත් සීය කෙනෙක් ඇවිත් - තමුන්ගෙ ලෙඩ කන්දරාව
දොස්තර මහතැන් වෙත මේ - ලෙසට පැවසුවා
අනේ මහත්තයො මා හට - නින්ද යනව යස අගේට
මළ මුත්‍රා පාන්දරම - ඕසෙට යනවා
වෙන මිනිස්සු මෙහෙට එන්නෙ - ලෙඩ කියාන ඕව නොයන
ඔහේට ඇති ලෙඩක් නැතැයි - දොස්තර කිව්වා
පයිත්තියං මහත්තයට - ඒක ලෙඩක් නොවෙනු කොහොම
මට ඇති මහ හිත රුදාව - ඉවසන්නට බෑ
නින්ද හොඳට පැමිණුනාට - උදේට සේරම ගියාට
දවල් දොළහ පැනලත් නොවැ - මට ඇහැරෙන්නේ...
අසංක ගයාන් අබේසිංහ
එන්න එන්න වාඩිවෙන්න .
ReplyDeleteඅය්යෝ අය්යෝ ..
මොකද ඔතන ඇයි හිටගෙන වාඩිවෙන්න වාඩිවෙන්න
මේ මිනිහා හිටගෙන නිදි මෙන්න මෙතැන වාඩිවෙන්න
නම මොකක්ද ? තිරික්කලෙන්
මොකක් කිවා ? තිරික්කලෙන් මන් ආවේ තිරික්කලෙන්
ආපු විදිහ මට මොකටද ඒවා ඇහුවේ කවුරුද
නමයි ගමයි වයස එක්ක කියනවා මට ලෙඩේ මොකද
අපොයි එක මම වික්කා අලුත් එකක් අරගත්තා
දැන් මට ඇති එකම රතේ ගොනා බඳින බර කරත්තේ
හතර වරම් වරම් ගත්තු අනෙ ඇත්තට මෙහෙම පුත්තු
කන ඇහීම අඩු වෙලාද ඉහේ ඇම්ම තද වෙලාද
කුර ගෙවිලා අඩමානෙට කකුල හිටින්නේ බාගෙට
දැම්මත් ලනුවක් නාහෙට ගොනා යන්නේ අනුමානෙට
අසනීපෙන් ඉන්නේ කවුද තමුසේ බෙහෙත් ගන්නේ නැද්ද
මොකද කිව්වේ නැ ඇහුනේ ගහේ හෙරලි නැ පැහුනේ
අවිස්සෙනවා මගේ කෝපේ කාටද ඔය අසනීපෙ
මගේ රතේ බැන්ද ගොනා අසනීපෙන් උන්න නොකා
ඌට දෙන්න ගෙනා බෙහෙත් වැරැද්දකින් මට පෙවුනා
එදා ඉඳල බඩගින්නට තණකොළ ඕනෑමයි මට
කරත්තයක හඬ ඇහුනම යන්න හිතෙනවා පාරට
කලි යුග කාලේ අරුමේ අරුම පුදුම ලෙඩක්නෙ මේ
උන්නැහේ මේ අහනවා ඕකට මේ දේ කරනවා
බෙහෙතක් දෙන්නම් තමුසෙට පොවනවා ඒවා ගොනටා....
ගායනය - ෆ්‍රෙඩි සිල්වා
යකෝ මෙ ෆ්‍රෙඩිය හැමදේම මේ වගේම කියනව නෙව...පුදුමෙ කියන්නෙ මේව සින්දුව හොයාගන්න එකනෙ...
Deleteපට්ට පට පට සිංදුවක්....හොයාගෙන අහල බලහන්
Deleteනම මොකද්ද? - තිරික්කලෙං...
Deleteආන්න හොඳම කෑල්ල.
මේක ඉස්සර කැමතිම සින්දුවක්. රේඩියෝව කන ලඟට අරගෙන අහන්නෙ.
Deleteමෙන්න අහන්න ...
Deletehttps://app.box.com/s/mltw5n6ya5shs3rhhlx6lj9m3065cyqv
යකෝ මේක ගිය දුර...
Deleteහපොයි ඇඳේම...
ReplyDeleteඋඹට වගේම...හැක්...හැක්...
Deleteදෙවෙනි අංකල්ට තියෙන ලෙඩේ අසංකයට වෙච්ච දෙයක්ද මංද කියල සැකයක් ඇතිවේ.
ReplyDeleteසැකයක් හිතන්න දෙයක් නෑ...මේක ලියද්දිම ප්‍රසා අයියව මතක් වෙලා ගියා...බුහැක්...
Deleteඅෆොයි...! දොස්තරට හාට ඇටෑක් ආවද දන්නෑ...
ReplyDeleteහාට් ඇටෑක් හොඳයි කියල හිතෙන්නැති...මේ වගේ ලෙඩ වලට වඩා...
DeleteWinaasai
ReplyDeleteඔව් පළාතම විනාසයි...
DeleteWinaasai
ReplyDeleteදෙපාරක්ම විනාස වෙලා...
Deleteපට්ට............
ReplyDeleteතුෂාර
බෙට්ටද....???
Deleteනෑ.. චරිතාපදානය!!
Deleteඅසංක අය්යේ ... හරියන්නෙ නෑ ඔහොම ..ඉක්මනින් බෙහෙතක් ගන්න වෙයි :P
ReplyDeleteපොල් මුඩ්ඩක් තමා ඉතිං හරියන්නේ නගෝ...හැහ්...
Deleteඅසංකටත් තව ටික කාලෙකින් ඔය පළවෙනි අංකල්ට වගේ හරි දෙවෙනි අංකල්ට වගේ හරි දොස්තර ලඟට යන්න වේවි... මොකද වයසත් හරි ඇතිනෙ නේද
ReplyDeleteහික් හික් හික්
අපූරුයි හොදේ....
අප්පේ...නිර්මාණිට වඩා වසර 2 යි වැඩි...ඔන්න බොරුනම් බලමු...හැහ්...
Deleteපළවෙනි අංකල්නම් හොඳයි අප්පා...
මරු...
ReplyDeleteකන්සෙප්ට් එක ජනප්‍රිය වුණාට ඉතිං කවදාවත් පරණ වෙන්නෙ නෑ
ස්තුතියි උඩුවෝ...
Deleteඇදේම යනවද?
ReplyDeleteබෙඩ්ෂීට් එකෙන් පිහිද ගන්නවද?
:)
ඔය වගේ වෙලාවට උඹ කරන දේම තමා...හැක්...හැක්...
Deleteහැක්, හරියන්නේ නැහැ ඔහොම නම්.
ReplyDeleteසීයට ඇති ලෙඩක් නැතේ
මහලු වෙද්දී ඔහොම වෙතේ
සොමි යා ටත් එහෙම වෙතේද...???...හැක්...හැක්...
Deleteතොට කවුද මගේ ලෙඩ ගැන කිව්වේ. අහුවෙයකො වැරදිලාවත් මේ පැත්තේ ඇවිත්.
ReplyDeleteමං ඒත් බැලුව විචා සීය මොකෝ පරක්කු කියල...නාගෙන එන්න වෙලා යන්න ඇති නේ...හැක්...හෑ...
Deleteනෑනේ, මෙතනට ඇවිත්නෙ ඇදගෙනම නාල තියෙන්නෙ!!
Deleteවසසෙ වැරැද්දනෙ බං...
Deleteවිචාට තියෙන්නෙ කාගෙ ලෙඩේද?
Deleteඅපේ මධාවියා මතක් උනා බං....
ReplyDeleteමේ අපේ තුශාර ගැනද??
උඹ කොහොමද හරියටම කිව්වේ...අපේ අහිංසක තුෂාරයා...හැහ්...හෑ...
Deleteඅපේ මදාවියා දැන් ලියන්නෙ නැත්තෙ ඇයිද මන්දා බං...
ආ............. තුෂාර තමා ඇයි මොකද???????? අහුවෙයංකෝ මයියංගනේ ටවුමෙදි.... පන්නනවා හසලකට යනකං බොලාව හරිය....
Deleteආ... මම තුෂාර
Deleteඅඩෝ පැන්නුවොත් දානවා දහ අට වංගුවෙන් පහලට..
Deleteගඳයි යකෝ...
ReplyDeleteඒව එහෙම තමයි යකෝ...
Deleteවයසෙ වැරැද්ද නේ!
ReplyDeleteඒකනෙ මචෝ...
Deleteසැ්ක් කෝ
ReplyDeleteදේ පාංදොඩම හැක් හැක්
දැං අසංකට ද තුෂාරටද එහෙම වුනෙ
හිහි
නෑ නෑ උඹ ගැනයි මේ ලිව්වේ...හැක්...
Delete" හතර රියන් සහ දෙරියන් එකම ගමේ යාලුවෝය
ReplyDeleteමේ දෙන්නා කලක පටන් බොහොම එකමුතුයි...
එක දවසක් මේ දෙන්නා දෙමන්සලක මුන ගැසිලා
හවුලෙ වැඩක් අරබන්නට කතිකා කෙරුවා "
ඉස්කෝලේදී ඉගෙනගත්ත ඒ කවිය මතක් වුනා ඔය කවිය කියද්දි.
ලස්සනයි.
ජය වේවා!
ඒක තමයි මගෙත් කැමතිම තාලෙ.
Deleteස්තුතියි දුමින්ද...
Deleteලොක් ලූස් වෙලා.. හපෝයි... බෙහෙතක් අරන් දියන් මචං.. හෙහ් හෙහ්
ReplyDeleteජයවේවා..!!
ස්තුතියි ලබ්බෝ...
Deleteඋඹල යකාගේ යාළුවො නෙව , තුශාරයට ඔහොම වෙනක්ට මෙතන සින්දු දදා අතල් ගන්නේ නැතුව් බෙහෙතක් අරන් දෙන එක නෙවේද උඹේ යුතුකම
ReplyDeleteබෙහෙත් ගත්තා බං...... ඒත් බටේ වහන්න බැරිලු... ඒ නිසා මං නින්ද යන්නැතුව නැගිටලා ඉන්න පෙති ගත්තා....... කොහොමද මගේ ඩොකාගේ මොලේ...
Deleteතුෂාර
හි..හි...
ReplyDeleteහිහ්...හී...
Deleteමටත් ඔය ලෙඩේමැයි....දවල් දොලහට ඇහැරෙන
ReplyDeleteඅනිත් ලෙඩෙත් එසේමැයිද...
Deleteඉතින් ඩොකා මොකැයි කියුවේ යාළුවට? ඇඩල්ට් ඩයපරයක් ඇඳන් එලාම් එක කණේ බැඳන් නිදාගනින් කියුවද?
ReplyDeleteනෑ බං ඇත්තට ම මේ සිද්ධියට මුහුණ දුන්නු විදානෙට (මං පුද්ගලයාව ඇත්තට ම හෙළිකරාට අසංක අයියා තරහා වෙයිද මන්දා) ඩොක්ටර් දිග හෝස් එකක් දීලා කිව්වාලු මොලේ පාවිච්චි කරලා වැඩේ කරගන්න කියලා.
Deleteතුෂාර
අන්න හරි...හැක්...
Deleteදැන් ලෙඩේ කාටද තියෙන්නෙ.අසංකට නං වෙන්න බෑ.එහෙමනං මෙතන ලියන්නෙ නෑනෙ.
ReplyDeleteලෙඩේ තියෙන්නේ අර හැලපකඩේ ලියන හැලප(අ)යියාට......... හැක්
Deleteතුෂාර
ඒයි උඹලාත් වයසට ගියාම....?
ReplyDeleteඋඹ වගේම වෙයි...
Deleteහොද වෙලාවට සීයලා ගැන ලිව්වේ ආච්චිලා ගැන නොලියා , ඉවර කරන්න වෙන්නේ නෑ එහෙනම්...හික්ස්
ReplyDeleteඅප්පේ මෙයා හීන දැකලා තියන දුරක්...
Delete:) :)
Deleteඑල..
ReplyDeleteස්තුතියි...
Deleteඅනේ අහින්සක තුශරයා....
ReplyDeleteඅනේ අහින්සක තුශරයා....
ReplyDeleteඔව් බං.......... උඹ විතරයි මගේ පැත්තට ඉන්නේ.... අනික් හැමෝම අනං මනං කියනවා බං....
Deleteතුෂාර
තමන් කැමති දෙයක් ලියන එක උඹලගෙ කැමැත්ත...
ReplyDeleteඒත් බ්ලොග් අඩව්යේ අනන්‍යතාවය රැක ගන්නවා හොඳයි... ඒ මගේ කැමැත්ත..
ඔව් ඔබ හරි...අනන්‍යතාව අනිවාර්යයෙන්ම රැකගත යුතුයි...
Deleteමට හිතෙන්නේ ඔබ කියන්නේ මේ වගේ විහිළු දේවල් දාන එක 'මධු මාධවී' බ්ලොගයට සමාන කිරීමක් වෙන එක ගැන වෙන්න ඇති මූලිකවම...මම වැරදි නම් නිවැරදි කරන්න...
මට හිතෙන්නේ මාතලන් එක එක්කෙනා මොකක් හරි දෙයක් හිතාගෙන දෙයක් දිහා බැලුවොත් පේන්නෙ ඒ දේමයි...මේක ලියපු මාව මෙන්න මේ වගේ එකෙක් කියල හිතුවොත් ඒක එහෙමයි...එහෙම නැතුව මම අනුන්ගෙ අදහස් හා තාල කොපි කරන එකෙක් කියල හිතුවොත් ඒත් එහෙමයි...
මෙතන මම කරන්නේ අර ඔබ කලින් කිව්ව විදිහට මම කැමති දෙයක් ලිවීම...ඒත් ඒකට භාවිතා කරන අමුද්‍රව්‍ය වල පේටන්ට් අයිතිය මට නැති බවත් පිළිගන්නවා...අපි මේ ලියන හැම දේම අනුන්ගෙන් ඉගෙන ගත්තුවා...භාෂාව වුණත්, සංකල්පයක් වුණත්, තාලයක් වුණත්, විහිළුවක් වුණත් කොහෙන් හරි පරණ පුරුද්දක් ඇතුව තමා කරන්නේ...හැමදේම සාපේක්ෂයි...
උදාහරණ විදිහට කිව්වොත් මම මෙතැනම ලියල ඇති ආදරය, විරහව, ගණිකාවො ගැන, මැදපෙරදිග ගැන, සමාජ සිදුවීම් ගැන සහ වෙනත් දේවල් ගැන ඕන තරම් කවි...ඒත් ඒවයෙ වචන සෙට් එක මගෙ වුණාට සියළුම දේ මගේම නොවෙන බව මම දන්නවා...ඒත් ඒක මෙතැන දාන්න ඕන කියන සිතිවිල්ල පහළ වුණේ මට හින්දා සහ ඒක දැම්මෙ මම හින්දා ඒකෙ අයිතිය වැඩි ප්‍රමාණයක් මට...
කොහොම වුණත් ඔබේ අදහසට ගරු කරන අතර මට දැනෙන විදිහට අපේ බ්ලොගය හැම දේ ගැනම කතා කරන්න විවෘත හින්දා ඕන දෙයක් කවි වලින් කැමති ආකාරයට ඉදිරිපත් කිරීම තමා අපේ අනන්‍යතාව කියලා මම හිතන්නේ...
ටොයිලට් එකේ ඇඳක් දාල දෙමු.. :)
ReplyDeleteඅෆොයි...
Deleteඅනේ දෙවියනේ.....
ReplyDeleteඅනේ දෙවියනේ...
Deleteඑල එල නියම අදහස් ටික
ReplyDeleteස්තුතියි මචෝ...
Deleteඑ් ලෙඩාගෙ ගෙදර අයට උදේට හරි සන්තෝස අැති නේ
ReplyDeleteඒකනෙ අලියෝ...
Delete