පඬු සුවඳේ - මුදු පවනේ
වැලි මළුවේ - බෝ සෙවණේ
සිලි සිලියේ - මිමිණිල්ලේ
හිත නවතින්නේ
ඔබෙ ළඟමයි අම්මේ...
මල් සුවඳේ - රෑ හුළඟේ
හෝ හඬ මැද - පාළු යමේ
පහන් සිලක - ළෙලවිල්ලේ
හිත නැළවෙන්නේ
ඔබෙ තුරුලේ අම්මේ...
සීත හිමේ - වන අරණේ
මිටියාවත - නිහඬ පෙතේ
ඈත කොනේ - රුවක් මැවේ
ඔබමද එන්නේ
මගෙ පියාණනේ...
වග වළසුන් - නිති සරනේ
නැත සරණේ - ඔබ සෙවණේ
යළි ඒදෝ - දැන් ඒදෝ
හිත විමසන්නේ
මගෙ පියාණනේ...
සිහිවන විට - වාවන්නේ
නෑ අද දින - මෙලොව කුසේ
ඔබ නැති බව - මව් පියනේ
බවුන් වඩමි මා
වීරිය සිතිනේ...
-අසංක ගයාන් අබේසිංහ-
ලස්සන, හිතට දැනුණ පද පේළි... :)
ReplyDeleteබොහොම ස්තුතියි සිතු...
Deleteඉස්සර විදියට දුව පැන යන එක
ReplyDeleteමතකද තහනම් කරපු දිනේ
සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද
කියන්න පොඩි හාමුදුරුවනේ
කරඹ කැලෑවට වවුලෝ ඇවිදින්
රෑ තුන් යම රජ මඟුල් කතී
පාළුව දැනුනම මෙරු රැළ තරහින්
වැලි මාළිග වට කුලල් කතී
රෑ කල තනි යහනේ සැතපෙන විට
දැනුණිද මවකගෙ සෙනෙහෙ ගුණේ
බුදු බණ එතකොට සිහියට එනවද
කියන්න පොඩි හාමුදුරුවනේ
එඩ්වඩ් ජයකොඩි
පින්තූරයටම ගැලපුනු කවි පද ටික හිතට වෙනස්ම හැඟීමක් අරගෙන ආවා.. අපූරුයි...
ReplyDeleteගොඩක් ස්තුතියි තුශානි...
Deleteසාදු සාදු.....
ReplyDeleteඅත්දැකීම වින්ද වගේ දැනුන..
මහණදම් පුරනවා කියන එකත් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි මචං...කොයිතරම් කැපකිරීමක් කරලද, කොයිතරම් දේවල් අත්හැරල ඇවිල්ලද මෙහෙම ඉන්නේ (මම අදහස් කරන්නේ නියමාකාරයට මහණදම් පිරීමක් ගැන )
Deleteමේකත් සින්දුවක් කරතැහැකි වගේ.
ReplyDeleteඔව් ඔව් බලමුකෝ මචෝ...
Deleteප්‍රසන්න අයිය නියම ගීතයක් දාල...බොහොම ස්තුතියි...
ReplyDeleteසිංදුවකට හොඳයි. අන්තිම වර්ස් එක ආයිමත් ලියන්න බලන්න.
ReplyDeleteමම ට්‍රයි එකක් දෙන්නම් මචං...උඹට පුළුවන්නම් ගුරුහරුකමක් විදිහට අන්තිම වර්ස් එක ගැළපෙන විදිහට හදල දියං...මමම ලියපු හින්දා අඩුපාඩුවක් මටම අහුවෙනවා මදි වගේ...තුන්වැනි ඇහැක අගය ඒකයි...
Deleteඔබ දෙන්නා අද අප අතරේ
Deleteනැති බැව් සිහිවී දෑස තෙමී
අනියත පෙන්නා නිවීගියා මෙන්
බවුන් වඩමි මම
දිරිය සිතින්
ගොඩක් ස්තුතියි ඉයනෝ...ඔන්න දැන්නම් ගීතයක හැඟීම මටත් ටිකක් දැනුණා වගේ...කොහොම වුණත් උඹල හැමෝගෙම සහය අපට ඕන හැම වෙලේකම...
Deleteමේකත් හරියටම හරි නැහැ. මම කියන්න උත්සාහ කලේ මේකයි. අන්තිම වර්ස් එකෙන් පන්ච් එක දෙන්න ඕන. මේවගේ එකක්දි සංවෙදීත්වය අවුස්සලා ගන්න.උඹේ එකේ මැද්දෙදි පීක් වෙනවා. හොඳම වර්ස් දෙක තෝරල පලමුවෙනි එකටයි අන්තිම එකටයි දාන්න පුරුදු වෙන්න.
Deleteබෝ මලුවෙ මල් සුවඳක පැටලි
ReplyDeleteඅම්මා පෙව් කිරි සුවද ගලා එන්නේ..
සුපුරුදු උණුසුමකට සිත ඈඳී
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ..
දං බෝවිටියා කැලේ මැදින්
එන්න සිතයි නුඹ ලගට සැනින්…
එතෙර කරන්නම් හතර වර්ගයම
සංසාරේ යන මේ ගමනේ
චුට්‌ටක් සෙල්ලම් කරලා ඒන්නද
පුරුදු යහලුවන් හා සැනිනේ
එහෙම ගියත් ඒ අය පොඩි සාදු
කියා කියන විට වැද වැටිලා
කොහොමද අම්මේ ඔට්‌ටු දුවන්නෙ
වෙල් ඉපනැල්ලේ පැන නටලා
මභවයෙන් භවයේ පෙරුම් පුරා මම
භවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වර්ගයම
එතෙර කරන්නම් සංසාරේ
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලග
ඉන්නම් කිරි සුවදේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරෙන් එතෙර වෙලා ..…
-සනත් නන්දසිරි-
කුරුට්ටෝ මේක ගීතයකට හොදයි හැමෝම කියන්නා වාගේ ...හදිසියේ ගොඩ වුනේ ..පස්සේ එන්නම් .අහම්බෙන් දැකපු මේ කවිය ඔන්න අමුනලාම යන්නම් ..
ReplyDeleteපොඩි කාලේ මිතුරො එක්ක
වෙල් එළියේ දුව පැනලා
ඇළේ වෙලේ පැනල නටලා
නැටු හැටි මතකයි
ගස් ගල් උඩ දුව පැනලා
ගස්වල ගෙඩි මල් නෙළලා
ඉගිළී යන කුරුල්ලන්ට
ඔච්චම් කෙරුවා
ඕවිට ළඟ ගලේ ඉඳන්
කුරුල්ලන්ගෙ ගීත හඬට
මගෙ වස්දඬු ගී රාවය
මා එක් කෙරුවා
ඒ හැම දේ අතීතයට
එකතු වෙලා අවසානයි
දැන් නම් මම පැවිදි වෙච්ච
පුංචි හිම නමක්
පොඩි සිවුරෙන් දෙවුර වසන්
බෝ ගහ යට වාඩි වෙලා
සන්සුන් ඉරියවුවෙන් ඉඳ
බවුන් වඩමි මං
එක දවසක් අම්ම කිව්වා
මහණ වුණොත් පුතේ ඔයා
හතර වරිගයම නිවනට
පැමිණෙතැයි කියා
අම්මේ මා ඔබෙ සිහිනය
සපුරාලා සතුටු සිතින්
සංවර ලෙස සිවුර ඇඳන්
බවුන් වඩනවා
හිරුදිනි කුමාරි විජේතිලක
11 ශ්‍රේණිය 'කිව්', ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය,
තෝලංගමුව
හදිසියක් එපා සිංදු...උඹේ සන්සුන් අදහස් අපිට මාර වටිනවා...කවියත් බොහොම අගෙයි...ඇහුවට කමක් නැත්තම් විතරක්...කව්ද මේ 'හිරුදිනි'?
Deleteකෝ මේ සිංදුවා :D
Deleteඇත්තටම පත්තරේ මේක ලියද්දි මුලින්ම මතක් වුණේ මේ ගීතය...
ReplyDeleteඅසංක අයියා..............
ReplyDeleteඋදේ ඉදලා මේ පැත්තට එන්නට බැරි වුණා. කෝල් එකක් දෙන්න බැරිත් වුණා. ඒත් බලද්දි වැඩේ ගානට වෙලා. පෝස්ටුව පට්ටම පට්ට........ කවිය ඉතාම සුපිරියි..... අර කිව්වත් වගේ මේකේ ඇතුලේ තියෙන ගීතය මමත් දැක්කා.......
ඒ වගේ ම හරි වෙනස් සිතුවිල්ලක්. එක පැත්තකින් පහුගිය කාලේ වීඩියෝවකුත් එක්ක සංවාදයක් ඇතිවුණ මාතෘකාවක්...... හොද කවියක් අසංක අයියා....
ජයවේවා...
උඹට පුළුවන්නම් මේකෙ තියන අඩුපාඩු හදන්න මට උදව් කරපං ටයිම් තියන විදිහට...අර උඩ ඉයනා කිව්ව වගේ...මම ඌටත් කිව්වා...
Deleteonna lassanayi kiyala witharak kiyannam
ReplyDeleteonna thank you kiyala witharak kiyannam
Deleteපොඩි උන් තුන්දෙනා මාරුවෙන් මාරුවට මතක් වෙලා හිල්ලුනා.. තුන් වෙනි හතර වෙනි කෑලි කියවන්නම් බෑ..
ReplyDeleteඒ ඇයි මචං...?
Deleteසුපුරුදු විදිහටම අපූරුයි.. කියුවත් වගේ සිංදුවකට අගෙයි..
Deleteකැම්පස් එකේ අපිට පහළ බැජ් එකේ හිටියා හාමුදුරුවෝ කෙනෙක්.. මේ ලඟදී උන්නාන්සේ සිවුරුහැරියා.. කවුරුත් හිතුවේ හැමෝම වගේ කෙල්ලෙක් නිසා සිවුරුහරින්න ඇති කියලා.. බැලුවම නෑ.. තාත්තා මේ ලඟ දී නැති වෙලා. අම්මා ගොඩක් වයසයි. ලෙඩින් ඉනනේ.. අම්මට සලක්න තමයි සිවුරුහැරලා තියෙන්නේ.. පස්සෙ කාලෙක ආයෙත් පැවිදි වෙනවලු..
මේක කියෙව්වම ඒ සිද්ධිය මතක් උනා..
බොහොම ස්තුතියි නිර්මාණි...අත්හැරිය නොහැකි වගකීම් ගොඩක් එක්ක හිත එකඟ කරගෙන මහණදම් පුරන්න අමාරු ඇති...විශේෂයෙන් අම්මා තාත්ත කොහොමවත් අහක දාන්න බෑ...එතනින් නැවතුනොත් හොඳයි...නැත්තම් ඊට පස්සෙ විවාහ වෙලා දරුවො හැදුවොත් ඒ දරුවන්ව අනාථ කරන්නත් බෑ...
Deleteනිර්මාණී.............
Deleteටිකක් හිතට දුකක් ගෙනාපු කතාවක්. ඇත්ත මොකක්ද කියන්න මං දන්නෑ. ඒත් මේ ගිය සතියෙත් ආරංචි වුණා බිරිදගේ ගමේ හිටපු තරුණ හාමුදුරුනමක් සිවුරු ඇරලා කියලා. මීට මාස කිහිපයකට කලින් ඒ සමග ම හිටපු අනිත් හාමුදුරුවොත් සිවුරු ඇරියා. මේ දෙදෙනාම විශ්ව විද්‍යාලයට පවා ගියා. ඒ කාලේ අධ්‍යාපන වැඩ වලටත් තාත්තා ගොඩක් උදව් කරලා තිබුණා. ඉතින් මේ වගේ කතා අහන්න ලැබෙන කාලෙක මේ සිද්ධිය නං ටිකක් නෙමෙයි ගොඩක් වෙනස් දෙයක් නිර්මාණී.....
තුෂාර
මටත් මුලින්ම මතක් වුනේ උඩින් දාලා තියන සින්දු දෙක , මහන වෙන්න ඕන අතැරීම් පුරුද්දක් කරගත අය , ලංකාවේ එක වෙනවා අඩුයි.. නොතේරෙන වයසක නොයෙකුත් හේතු නිසා මහණදම් පුරන්න එකතු උනත් කලක් යද්දී අත්හැරීම පුරුදු නොකළ අයගේ මහණදම් බිද වැටීම නවත්වන්න අමාරුයි... ඇත්තටම තමන් කරන්නේ මොකද්ද කියල නොදැන මහන කරන අඩු වයස් වල පොඩි සාදුල දැක්කම හරිම දුකයි. මේ කවියෙත් ඒ දුක දැනුනා....
Deleteපොඩි හාමුදුරුවො අද හවසත්
ReplyDeleteවෙල් එළියට වැඩියා අම්මේ
මඩ තවරා ගෙන තරගෙට දිව්වා
නියර දිගේ එක පිම්මේ
කරනම් ගැහුවා දිය ඹුං ගැහුවා
බක්මී ගහ ළග බැම්මේ
සිවුරත් අදගෙන සෙල්ලම් කෙරුවම
පවු සිදු වෙනවද අම්මේ. . .
මේ සින්දුව අහල තියෙනවද අසංක අයියා? මහණ දම් රකිනවා වගේම සසුනට දරුවෙක් පූජා කරන්න අම්ම තාත්තටත් ලොකු හිතේ හයියක් තියෙන්න ඕනි.....
මේකනම් අහල නෑ බං...උඹ කියන කතාව හරි...ළමයෙක්ව දන් දෙන්න කොයිතරම් හයියක් තියෙන්න ඕනද දෙමව්පියන්ට...
Deleteපොඩි හාමුදුරුවො අද හවසත් ......
Deleteවෙල් එළියට වැඩියා අම්මේ......
මඩ තවරා ගෙන තරගෙට දිව්වා.....
නියර දිගේ එක පිම්මේ........
කරනම් ගැහුවා දිය ඹුං ගැහුවා......
බක්මී ගහ ළග බැම්මේ......
සිවුරත් ඇදගෙන සෙල්ලම් කෙරුවම......
පවු සිදු වෙනවද අම්මේ......
බුදුගේ ඇතුලෙන් කෑම ජාති රස......
සිවුරෙ ඔතාගෙන එනවා......
පිං කැටයෙන් ගත් කාසි පනම් දී......
සීනි බෝල වළදනවා......
සෙල්ලම් පිටියෙදී අපටත් වැඩියෙන්.......
දගකාරයි කට කාරයි......
මට නම් අම්මේ පොඩි හාමුදුරුවො......
හුරතල් ළමයෙක් වාගෙයි.......
පොඩි හාමුදුරුවො අද හවසත් ......
වෙල් එළියට වැඩියා අම්මේ......
මඩ තවරා ගෙන තරගෙට දිව්වා.....
නියර දිගේ එක පිම්මේ......
කරනම් ගැහුවා දිය ඹුං ගැහුවා......
බක්මී ගහ ළග බැම්මේ......
සිවුරත් ඇදගෙන සෙල්ලම් කෙරුවම......
පවු සිදු වෙනවද අම්මේ..
ගායනය - හර්ෂණ දිසානායක
https://www.youtube.com/watch?v=VsG9Mze1BdA
අපූරුම අදහසක්...සුන්දර ගැලපුමක්...සියල්ල අත හැර බවුන් වඩන ජීවිතය බොහොම ගැඹුරුයි...එය දන්නේ ඒ ජිවිතයට ඇතුල් වූවන් පමණයි...ඔයා එය අපුරුවට ගලපලා තියනවා...
ReplyDeleteබොහොම ස්තුතියි පොකුරු...
Deleteලස්සන නිර්මාණයක්
ReplyDeleteඉන්දරේට ඉතින් කොයිකත් ලස්සනයිනේ...
Deleteඔර්ජිනල් එක-///බවුන් වඩමි මා
ReplyDeleteවීරිය සිතිනේ///
කොපිය 1-ජාතිය රැක ගනිමි මා වීරිය සිතිනේ
කොපිය 2-හම්බයො නැතිකරමි මා වීරිය සිත්නේ
කොපිය 3-මුදල් සොයමි මා වීරිය සිතිනේ
කොපිය 4-විහාරධිපති වෙමි මා වීරිය සිතිනේ
කොපිය 5-අනුන්නසා හෝ ආගම රැක ගනිමි මා වීරිය සිතිනේ
ඇයි, කොපිය 6 - දියවන්නා වඩිමි මා වීරිය සිතිනේ...
Deleteඅනේ යකෝ මූටත් හිතෙන දේවල්...
නිර්මාණය ලස්සනයි. හැබැයි මට නම් දුකක් තමයි සිතෙන්නේ.
ReplyDeleteසේරමගෙන් ටිකක් ඈත් වෙලා කල්පනා කරනකොට දුකක් තමයි අජිත් අයියා හිතෙන්නේ...
Deleteමං හිතන්නෙ අපේ මානව හිමිකම්, ළමා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාත්මක වෙන ආයතනය මේ ළමයින්ව පැහැරගෙන සිවුරු ඇන්දීම නවත්වන්න ඕන...
ReplyDeleteඅන්තිමේ මේ පොඩි එවුන්ව අපචාරයටත් ලක් වෙලා උන්ගෙ ඔළුවලට විස පොවලා තමයි කෙළවර වෙන්නේ...
බලෙන් මහණ කරවීම නම් අන්තිම අසාර්ථක අමානුෂික වැඩක්...ඒ දේ බුදු හාමුදුරුවන්වත් කළේ නෑ දෙමව්පිය අවසරයක් නැතුව හරි අකමැත්තෙන් හරි...
Deleteබොහොම ආසාවෙන් මහණවෙලා සිල්වත්ව ජීවත්වෙන පොඩි හාමුදුරු වරුත් ඉන්නවා.ඒක ඒ අයගෙ ආසාව.ඒ වගේම ආස නැති අයත් ඉන්නවා.හරි සංකීරණ තත්වයක්.. මොනව උනත් සංවේදී කවි පෙලක්.
ReplyDeleteජයවේවා..!!
කොහොම වුණත් අවබෝධයෙන් මහණ වීම තමා හොඳ...සමහරු ආවේගයට මහණ වෙනවා...තවත් අය අනාථ කමට මහණ වෙනවා...මේ දෙකම අසාර්ථකයි...
Deleteලස්සනයි... හැබයි එක්සොලන්ට් කියලා නම් කියන්න බෑ...
ReplyDeleteඅප්පේ ඒත් මදෑ...සම්පූර්ණ එක්සොලන්ට් වෙනවට වඩා ආරක්ෂිතයි මධ්‍යම එක්සොලන්ට් වෙන එක...
Deleteමව් පිය සෙනෙහසට කසාවත හරස් වෙන්නේ නෑ. විදින්න පුලුවන් කවි පෙලක්. ජය වේවා !
ReplyDeleteබොහොම ස්තුතියි දුමින්ද...
Deleteහිත නිවෙන සින්දු දෙකක්. උඩ එක ලිව්වේ අමරසේන කන්කානමගේ. යට එක ප්‍රියානන්ද විජේසුන්දර.
ReplyDeleteමේක කියවනකොට මට ඔය කුඩා වයසෙන් පැවිදිකරවන ලමයි ගැනත් ඒ දෙමව්පියන් ගැනත් හරි දුකක් හිතුනා. බොහෝ කාලයක් යනතුරු ඔය දෙපාර්ශවයම ආතක් පාතක් නැති සාංකාවකින් ජීවිතය ගෙවලා දානවා.
ReplyDeleteතේරුමක් නැතුව කළාම හැම දේම ආතක් පාතක් නැතුව යනවා අරුණ...
Deleteසුබපැතුම් !
ReplyDelete