මැයි දිනේ තොපෙයි මිනිසුනේ.........
එළිය වැටෙන්නත් කලියෙන්
ගල් ගැහෙන හීතලට ගැහෙමින්
දළු නෙලන්න වත්තට යන
තොපෙයි බොලව්නේ.........
කළු ගැහුණු තොපේ හම විකුණගෙන
මහතැන්වල සැප පුටුවල කැරකෙන
මහඋන්ට ඉතුරු අවුරුද්දම තියෙනවා යකුනේ.........
මැයි දිනේ තොපෙයි මිනිසුනේ.........
බ්ලොග් ගල් සිමෙන්ති එක්ක
උදේ ඉදලා කළුවර වැටෙන කල්
ඔට්ටු වෙමින් දාඩිය පෙරණ
තොපෙයි බොලව්නේ.........
කරගැට ගල් වෙච්චි තොපේ අත්වලින් නැගලා
සීතල කාමර වලට ගොඩ වුණ උන්ට
එදාටවත් කඩේ යන්නැතුව හිටපල්ලා යකුනේ.........
මැයි දිනේ තොපෙයි මිනිසුනේ..........
ගිනි ගහන කාෂ්ටකේ යට
තාර උණුවෙන මහපාරවල් වල
මුට්ට කරගගහා ජීවිතේ හොයන
තොපෙයි බොලව්නේ.........
මුට්ට වලට කරගහලා හුරු වුණ තොපේ උරහිසෙන්
අහසට නැගලා තොපිට තරු පෙන්නන උන් දෙන
ගල් බෝතලේට පෙරේත වෙන්න එපා යකුනේ.........
කසුප් අනුරාධ
.
Sadukin Pelena un
ReplyDeleteDan ithin nagitiyaw
මුන් හැමදාම සාදුකින් තමා පූසෝ............ මෙහෙම කිව්වටවත් ඕවා තේරෙයිද මන්දා....... යකෝ කඩේ යනවා යනවා ඉවරයක් නෑනේ..... දැන් මැයිදිනේ තියෙන ලොකුම දේ තමා ගාල්ලට යනවාද කිරුළපනට යනවාද කියන එක... මුන්ට අමතක වෙලා මේක ඡන්ද රැස්වීමක් නෙමෙයි කියලා.....
Deleteපිස්සු..,
ReplyDeleteහම්බෙන ගල් කාලටත් කෙලින්නයි මූ හදන්නෙ...
පිස්සු..,
ReplyDeleteහම්බෙන ගල් කාලටත් කෙලින්නයි මූ හදන්නෙ...
දැං උඹ ගල් භාගෙකටම කෙලල තියෙන්නෙ. හැක්..
Deleteවිදානෙගේ බාගයයි.... ප්‍රසා අයියාගේ බාගයයි.... දැන් බෝතලයයි..... 03 වෙනිදා හවසමයි මතක් වෙන්නේ... ඒ ඇයි ??????????
Deleteහැමදාම කඹුරලා එදාටත්
ReplyDeleteබත් පැකට් එකටයි ගල් කාලටයි කඹුරන
කංකරුවො කවද තේරුං ගනීද
තමන්ට රටක් පෙරලිය හැකි බව
මුන් හිතාගෙන ඉන්නේ තමන්ට පුළුවන් දළු ගෝනි පෙරළන්නයි, බ්ලොග්ගල් ගඩොල් පෙරළන්නයි, මුට්ට පෙරළන්නයි විතරයි කියලා. මුන්ව නැගිට්ටවන්න මෙහෙම තේරුං කරලත් බැහැ.... උන්ට තේරෙන්න ම ලියන්න ඕනේ.... ඒත් එහෙම ලිව්වොත් ඒක මේකේ දාන්න වෙන්නේ නැහැ......
Deleteඔව් ඒක ඇත්ත කුරුටු
ReplyDeleteමේ ඇත්ත හැමදාම පෑගෙන මේ මිනිස්සුන්ට ම නොතේරෙන එකයි අවුල....... මේ විකුණන්ගේ උන්ගේ සහ දරුවන්ගේ අනාගතය....
Deleteමමත් අත්වින්ඳා කුරුටු...ඒත් දැන් එවුනුත් ඒ පස්සෙම යනව. අතීතයෙන් පාඩම් ඉගෙන ගන්න කෑස්ති නෑ...ඒකයි
Deleteලංකාවේ දේශපාලනය හැම රෙද්දක් අස්සට ම රිංගලා. මේකයි වැරැද්ද. අපි ලෝකයේ වෙනත් රටවල් බැලුවත් මැයි දිනේ වගේ ඒවා ඔවුන් භාවිතා කරනවා තමා දේශපාලනය සදහා. ඒත් අපි මේ දේශපාලුවන්ට ඉඩ දීලා තියෙනවා වැඩියි..... අපි සමහර දේවල් දේශපාලනයෙන් වෙන් කරගන්න අවශ්‍යයි....... නැත්තං හැමදාම මේක තව තවත් ඔඩුදුවනවා....
Deleteඋන්ගේ මැයි දිනේ දැන් අනුන්ගේ වෙලා උන්ගේ නෙවේ වෙලා අයියා. මට නම් කියන්න තියන්නේ එච්චරයි.
ReplyDeleteමේක වකුගඩු රෝගීන්ගේ දිනය වෙනුවෙන් රසායනික පොහොර සමාගම් සංවිධානය කරන රැළිවලට යන්න පොරකනවා වගේ දෙයක් තමා....... තව උදාහරණ නං දෙන්න හැකියි හිටු කියලා.... අර ලෝක ළමා දිනයට වැඩිහිටියන් සංවිධානය කරලා කතා පවත්වන වැඩසටහන් දිහා බලාගෙන දවසම පුටුවලට වෙලා බයෙන් ඉන්න ළමයිනුත් මෙහෙමම තමා. ඔය හැම දිනයක් ම ඉතින් ඔහොමනේ අගහරුවෝ......
Deleteඑදාට කඩේ නොගියහම ස්තීර නොවන රැකියාව ස්තීර කරන්නෙ උඹද?,කොල්ලව ඉස්කෝලෙකට දාගන්ඩ ගියහන මන්ත්‍රිය අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ උඹද?,හදිස්සියකට නෙවේ කොයි වෙලාවකවත් වැඩක් කරගන්ඩ මන්ත්‍රිය ලඟට යන්නෙ උඹද?,මේ වගේ අනිත් ප්‍රශ්න වලට උත්තර උඹ ගාවද?,එහෙමනන් අපි උන්ට කඩේ නොගිහින් ඉන්නන්....උඹට පුලුවන්ද?....අනිත් එක බං කටට රහට බත් පතක් කන්නෙ එදාට...සීල් අරක්කු බෝතලයක් බොන්නෙ එදාට.......ලැජ්ජ නැතුව උදව්වක් ඉල්ල ගන්නෙ ඕකට ගියහැන් පස්සෙ-(කම්කරුවෙක්)
ReplyDeleteඒක හරි.................. ඔන්න ඔහේ පලයං... බත්පතක් කාලා සීල් අරක්කු ටිකක් ගසලා පැද්දි පැද්දි ගෙදර ගිහින් නිදාගනින්. ආ...... ඒක නෙමෙයි උඹේ දරුවනුත් පෝලිමට ලෑස්ති කරහං අර උඩින් කියපු වැඩ ටිකට කඩේ යන්නයි මැයි දිනේට ට්‍රිප් යන්නයි.
Deleteමීට ආසන සංවිධායක
මේකයි කසුප් අර කම්කරුව කියල තියෙන්නෙ........අපි හැමෝම කියන්නෙ කම්කරු දිනේ කම්කරුවගෙ නෙවේ...උන් වහල්කම් කරනව....දේශපාලුවො උන්ට ඕනෙ විදිහට කඩේ යවා ගන්නව.......හැමදාම හැමවෙලේම කම්කරුවමයි...තැලෙන්නෙ පොඩි වෙන්නෙ.....ඇයි මෙහෙම වෙන්නෙ කියල කවුරුත් කථා කරන්නෑ...අර කම්කරුව කියල තියනව වගේ...ඒ වැඩ දේශපාලුවො ලඟට ගිහින් නොකර ගන්ඩ........හැකියාවක් තියනවනන්,ඔවුන්ට දන නොනමා ඉන්ඩ හැකියාවක් තියනවනන්...කම්කරුවො කවදාවත් දේශපාලුවන්ගෙ පුක ලෙවකන්ඩ යන්නෑ......පුකට පයින් ගහනව මිසක්.......
Deleteමෙහෙමයි රසික මචං.
Deleteමේ රටේ දුප්පත් අහිංසක මිනිස්සු තමන්ගේ බලය මොකක් ද කියලා දන්නැහැ. අපි ඡන්දය දීලා කෙටිකාලයකට බලය පවරපු උන් කියන්නේ සදාකාලික බලය තියෙන ජාතියක් නෙමෙයි කියලා මේ මිනිස්සුන්ට තේරුමක් නැහැ. තමන්ට තියෙන බලය ගැන මේ මිනිස්සු දන්නෑ. කම්කරුවන් කම්කරුවන් හැටියට එකතු වුණොත් ඔවුන්ට තියෙන බලය තේරේවි. අපි කියන්නේ ඒකයි. මිනිස්සුන්ගෙන් උදුරාගෙන දේශපාලකයෝ බලු විදිහට භාවිතා කරන බලය ආපහු ජනතාවට ලැබිය යුතුයි. කම්කරුවන්ට පුළුවන් නං වතුකම්කරුවන් හැටියට, මේසන්වරුන් හැටියට, වගේ තමන්ගේ වෘත්තිය හැටියට විතරක් එකතු වෙලා කම්කරු දිනය සමරන්න ඒකයි ඔවුන්ගේ ජයග්‍රහණය........
ඔව් ඔව් ආයිබෝවන්, මැයි දිනේ කියලා, අරක්කු බාගෙකුයි, බත් පැකට් එකකුයි දීලා, අපිව එක්ක යන්න කට්ටිය පොරකනවා. නමුත්, එදත් මොනවාහරි කුලියක් මලියක් කොරලා, කීයක් හරි හම්බු කොරගත්තේ නැත්නම්, ගෑනියි දරුවොයි බඩගින්නේ.
ReplyDeleteඅනේ උන්ගේ අම්මගේ මැයි දින.
//අනේ උන්ගේ අම්මගේ මැයි දින//
Deleteඅම්මපා මේක තමයි හරිම වචනේ..... උන්ගේ අම්මාගේ මැයි දිනේ......
ඇත්ත...
ReplyDeleteතැන්කූ...........
Deleteකම්කරුවෙක් කියයි
ReplyDeleteමැයි පළවෙනි දාට
අපේ දිනේ උනාට
මහ උන් කියන තැනට
නොගියෝතින් අපට
මැයි දෙක දා සිට
ඉන්න වේය ගෙදර
හැම දිනක් වාගේම
එදාටත් ඒ ලෙසම
කඹුරමූ අපි උන්ට
“මැයි 1 දා ජාත්‍යන්තර කම්කරු දිනය"
ඒකත් දැන් එක්තරා දිනක් පමණයි කුරුටු..
නිර්මාණය අගෙයි නිර්මාණී..........
Deleteමේ ගැන හරි සංවාදයක් හැදුනොත් ඔය කඩේයන එක නවත්තන්න සමාජයෙන් ම බල කිරීමක් එයි. එදාට අපිට සතුටු වෙන්න ඇහැකි නේද????
ඇත්තටම මේක ලෝක කම්කරු දිනයනේ. දැන් ඒකෙන් කම්කරු කැල්ල හැලිලා මැයි දිනේ වෙලා. කම්කරුවන්ගේ ඔලු පලපු එවුන් , පලන එවුන් සහ පලන්න ඉන්න එවුන් අත්වැල් බැඳගෙන බයිලා කියනවා.
ReplyDeleteඇත්ත අරූ................
Deleteමේ මිනිස්සුන්ගේ ජීවිතේ ම දුකක්. ඇත්තට ම ඒක දුකක් කරගෙන තියෙන්නේ. නැත්තං තමන්ගේ කියලා තියෙන එකම දවසෙත් තමන් ව හූරගෙන කන උන්ට කඩේ යයි යෑ....... මේක නොවිය යුත්තක් කියලා යංතං හරි දැනීමක් සමාජයට ඇති කරන්නයි අපිට උවමනා. කම්කරුවෝ කම්කරුවෝ විදිහට දේශපාලකයින්ගෙන් මිදිලා කම්කරු දිනයක් සමරපු දවසට තමා අපිට සතුටු වෙන්න පුළුවන්......... මේ දේ තේරුම් ගත්ත දවසට ඒක වෙනවා....... ඒ කවදාද කියන එකයි අවුල....
මට නම් හිතෙන්නේ කුරුටු මේ නුල් බොලේ ලෙහන්න දැනට යන විදිහ ප්‍රමාණවත් නැහැ, ලියන කියන එක හොදයි, නමුත් ඇත්තට මේ මිනිස්සුනට එකින් වෙන දෙයක් නැනේ, අපි මොන තරන් කිව්වත් බඩගින්න කියන්නේ කියන දේ අහන කෙනෙක් නෙමේ, එක දවසක් හරි තමන් අසා කරන දෙයක් කල බිලා ඉන්න තැනට ඇවිත් තියෙන්නේ එක දවසකින් නෙමේනේ , එක විදිහිකිනුත් නෙමේ, ඒ නිසා මුලක ඉදන් පටන් අරන් විවිධාකාර දේවල් එක විට ගැටලුව ලිහන්න ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක් එන්න ඕනේ , එදා වෙනකන් අපි ලියමු. :)
ReplyDeleteමාර්ටින් ලූතර් කිං කියලා තියෙනවා
Deleteඔබට පියාඹන්න බැරිනම් දුවන්න
ඔබට දුවන්න බැරිනම් ඇවිදින්න
ඔබට ඇවිදින්න බැරිනම් බඩගාන්න
කොහොම හරි කමක් නැහැ
වැදගත් වෙන්නේ ඔබ ඉදිරියට යෑමයි........
අපි අපිට හැකි දේ කරනවා. අපි කවි ලියනවා. ඔව් අපි කවි ලියනවා... හැබැයි හැකි වුණාම අපි පියාඹනවා.........
මං මේක අහල තියනවා, එත් අදයි දැනගත්තේ ඒක කිව්වා කෙනා ගැන ..පියාබනව කියන වචනේ දැක්කම මට මෙන්න මේක මෙතන දාලා යන්න හිතුනා
Deleteකොයි හතිත්ලව්වේ........... දාලා ගිය එක පේන්නෑනේ....
DeleteComment එකේ "මෙන්න" කියන තැන click කරන්න. ඇයි දන්නෙ නැ ලින්ක් කලට වෙනම පෙන්නේ නැත්තෙ. :(
Deleteහරි හරි හොයාගත්තා........ ලින්ක් පෙන්නන එකේ අවුලක් වගේ.... එක් හදන්නම්.... මොනවා වුණත් අර නිර්මාණයනං හරිය අගෙයි...... කොහොමත් ඔබේ නිර්මාණවල ඒ ලක්ෂණය තියෙනවා..... ඒකයි ඔබේ අනන්‍යතාවය
DeleteThanku Kurutu..
Deleteආය තැන්කූ මොකටද අෆ්ෆා......
Deleteකංකරු දිනේ නිවාඩු නැහැ
ReplyDeleteගේම ඉල්ලුවා.. අරගල කලා
නිවාඩු ගත්තා
බිව්වා
මාසෙ පඩිය බලනකොට
දවසක පඩි
කපලා
ජයවේවා..!!
අන්න ක්‍රෙම්...... කොහොමත් ලොක්කෝ අපිට කෙලින එක තමා බං කරන්නේ. අපි දිනුවා කියලා හිතුවාට අන්තිමට පැරදිලා... උන්ට තර්ක තියෙනවා බං.... දුකටත් එක්ක ඊළග දවසෙත් බීපං.....
Deleteසාදුකින් පෙලෙන එවුන්
ReplyDeleteදැන්වත් ඉතින් නැගිටියව්.........
Deleteඅපේ අය වෙන රටවල අයට වඩා හුඟක් වෙනස්. අන්න ඒ වෙනසට අපි ගරු කරන්න ඕන
ReplyDeleteමේක ඉතින් ලෝකෙන් උතුම් රටනේ බං............ වැඩත් උතුම්......
Deleteකම්කරුවන් එය බලෙන් ගත්තොත් මිස දේශපාලකයින් දෙනකං බලා සිටීමෙන් නම් කිසිදා වැඩක් නොවන බව තේරුම් ගැනීමට නම් කල්යයි.
ReplyDeleteඔව් ඉයන්............ කම්කරුවා කම්කරුවෙක් විදිහට තමන්ගේ දිනය සමරන දවසට තමා හැබෑ කම්කරු දිනයක් බලාගත හැකි වන්නේ.......
DeleteMay day belong to workers. Not politicians. Today politicians theef every thing. But Mithris may rally is only to workers. workers are join with Mithri. He is only one leader to working class. No people to mahinda. Mahinda try to theef may day too.
ReplyDeleteActually can't see much difference between MR & MS. Politicians........
DeleteWell said kurutu. Everyone filling own pockets...
Deleteyap, That's correct. Specially politicians..........
Deleteඇත්තටම මැයි දිනය කාගෙද???
ReplyDeleteඕක තමා කතා කළ යුතු දේ මෙතූ.......... දැනට නං මේක කම්කරුවාගේ නෙමෙයි. එච්චරයි......
Deleteලඳු ඕවිටි කළල් මතින් සුසුම් ගඟක් ගලනවා
ReplyDeleteබාධක ගිරි ශිකර මැදින් කුස ගින්දර දිවෙනවා
අළුත් පාර හැදෙනවා
හිරු පායා අපේ හිසට සෙවන ගෙනෙනවා
පොළොව දැවී අපේ පයට සිහිල සදනවා
දූවිලි මඳ පවන් හමා ගිමන් නිවනවා
දෑතේ කරගැට දෙතොලට පවන් සලනවා
අපේ ශ්‍රමය කළුගල් වී බිම වැතිරෙනවා
රන් දහඩිය තාර වෙලා උඩින් ගලනා
මැති උතුමන් නමින් පාරෙ කඩුලු ඇරෙනවා
පාර අයිනෙ අපි හැම දා බලා ඉන්නවා
ගී පද:කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය : රෝහණ වීරසිංහ
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පට්ට සින්දුවෝ...................ගැලපෙන ම සින්දුව තමා ඔය... ජයවේවා...
DeleteHow this sindu matching songs this perfect, quickly & accurately.. what a talent..
Deleteඕකා සින්දු උල්පතක්.........
Deleteඒක නම් පේනවෝ :) :)
Deleteඑව්වා එහෙම තමෝ...............
Deleteමැයි දිනය : දේසපාලකයාට කම්කරුවෙක් කියා කෙනෙක් සිටින බව මතක් වෙන දවස..
ReplyDeleteඑදාට ගිහිනුත් අවු කාස්ටකේ බෝඩ් කෑලි උස්සං ඉන්න ඕනි නේ....
ඒක කිව්වා ම මතක් වුණේ අර පෙබරවාරි 04 කියන්නේ රටවල් දෙකක නිදහස් දිනයලුනේ.
Delete1. ශ්‍රී ලංකාව - බ්‍රිතාන්‍යෙයන් නිදහස් වීම
2. බිතාන්‍ය - ශ්‍රී ලංකාවෙන් නිදහස් වීම
ගොඩක් කම්කරුවෝ හිතාගෙන අද දේශපාලුවන්ගේ දවසක් කියලා. බස් වල හුරේ අහවලට ජයවේවා කිය කිය ගියේ අද.
ReplyDeleteඔව්වෝ දන්නවානං අද උන්ගේ දවස කියලා ලැජ්ජා හිතෙයි නේද මනෝ.........
Deleteඅපේ මිනිස්සුන්ට ඕව තේරෙනවනම් බැරිය
ReplyDeleteඒක හරි බං..... ඒත් මේවා කියද්දි කියද්දි මොනවා හරි හිතෙන්නැතෑ නේද?????
Deleteනෙතට පෙනෙන මැයි මල් හිනැහෙන මහක
ReplyDeleteරතට රතේ සරසාගෙන පෙලට එක
ගතට වෙර යොදා වෙහෙසෙන අපේ දුක
හිතට නොගෙන සමරයි උන් ඇයි කුහක
ජය වේවා!
කියන්න ඕන දාහක් දේවල් කවියෙන් කියලා... සුපිරියි.... ලස්සනයි.....
Deleteඑකනම් ඇත්ත බන් මේ ටික කියවන යනකොට අපේ මිනිස්සු මොනතරම් මෝඩයොදා කියලා හිතුනා
ReplyDeleteකියලා වැඩක් නෑ උෂාන්......... මේක තවත් එක මෝඩකමක් විතරයි....
Deleteලංකාවේ දේශපාලකයෝ කියන්නේ කම්බ හොරු.උන් අපෙන් මැයි දිනය පවා හොරකම් කරගෙන ඉන්නේ බං.
ReplyDeleteඑ්ක හරි මනෝජ්........... උන් අපේ ඡන්දය ඉදලා හැම එකම හොරකං කරලා ඉවරයි....
Deleteඅපෝ බෑ ඔය කියල විදියට වැඩ කරල කෝමද ආතල් එකක් ගන්නෙ
ReplyDeleteකාත් එක්ක හරි ගහගෙන බීල හූ කියල සූ කොරල ගන්න පන් ඔයාල දන්නවද මෙයා...
ඒකනෙ අපේ දිනේ මෙයිලට දීල අපි චූන් එකේ ඉන්නෙ
කාට කියන්නද බං මේවා
මැයි දෙවැනිදාට උන් ඔහොම කියන්නෑ...................
Delete