ඈත කන්දෙන් ගලා ආ සඳ
දහර සමගින් එක්වෙලා
ඔබේ සුදු මුදු නැවුම් ආලය
මගේ ලොව මන්මත් කළා
රැහැයි නාදෙක පාළු අරණක
දෙදෙන එක්වී තනිවෙලා
ලොව්තුරා රස පහස ගඟුලක
හිතුමතේ කිමිදුම් කළා
එකම ගඟුලක දෙපස ඉවුරක
අපි මෙසේ ඇයි වෙන්වෙලා
කිමිද එන්නට නොහැක මා හට
ගඟ දියත් සැඩ රළු වෙලා
ගඟ දියේ ඇයි ඔබ ගියේ
ඇය රැගෙන සරු කෙත් ගං බලා
මං මෙසේ අද තනි වුණේ මැයි
නිසරු නිම්නෙක හුදකලා
අසංක ගයාන් අබේසිංහ
සෞන්දර්යයාත්මකයි නිර්මාණාත්මකයි...හදවත සුවපත් වෙනව
ReplyDeleteඅම්මෝ...මේ වැව් ගේ විචාරයේ බරපතළකම...වචන දෙකෙන් තුනෙන් සියල්ල ගැඹුරින්ම කිව්වා නෙව...
Deleteබොහොම ස්තුතියි වැව්...
මේ අර අසංකයමද?
ReplyDeleteහැක යකෝ මුට කවි ලියන්නත් පුළුවන් නේ
ඔව් ඔව් මේ මං මෙහේ...
Deleteඇත්තටම උඹල වගේ එවුන්ගේ දිරිමත් කිරීම් සහ අඩුපාඩු පෙන්වා දීම් හින්දම තමා බං මේ වගේ දුරක් හරි එන්න පුළුවන් වුණේ...ඒවට උඹල හැමෝටම ගොඩක් පිං...
මේක කියවන්න මට එක පාරටම ක්ලික් උනේ අර අෂ්ඨක කියන තාලේ.
ReplyDeleteහා හා දැම්ම ඔය අෂ්ටක කියන්න වෙන අවස්ථා ගැන නොහිතුවට කාරි නෑ...හොඳට ඉගෙන ගනින් පුතේ...
Deleteසැනසෙන්නම් යහන්තලේ
ReplyDeleteපපු තුරුලේ හිස තියාන.......
නිවාසිහිල් නුඹෙ සුසුමෙන්
හිස වෙත ඇල් පවන් එවන්....
නිවෙන්නම් සඳවති නුඹගේ
දයා තුරුල්ලේ.....
එවන් සිනා මදපවනේ
කරුණාවෙන් සිත සතපා....
නැගෙන් හදගැඹේ මගේ සදවතියක් වී
නිවෙන් මේ ගැඹේ මායිම...
සදවතියක් වී
.....
සිරිවිමල හිමි.....
අගෙයි.......සුන්දරව වදන් ටික පෙල ගස්සවල
මේ සීමා මායිම් ඉක්මවා ලියන කවිත් බොහොම අගේ බව හැඟෙයි...බොහොම ස්තුතියි...
Delete////එකම ගඟුලක දෙපස ඉවුරක
ReplyDeleteඅපි මෙසේ ඇයි වෙන්වෙලා////
අපි නැතේ වෙන් වී එසේ
ගඟ දිගේ ඔබ එනු මැනේ
නවාතැනක මා නැවතුනේ
නුඹ වඩින තෙක් මගෙ සදේ
අසංකගෙ අපූරු පබැදුම මං කෑව කියල දැනුනනම් සොරි හොදේ...
ඔයාගෙ පද පෙළිය ගීතයක් වගේ අපුරුයි..
එහෙම කවදාවත් හිතන්න එපා නිර්මාණි...ඔබ සැමගේ අදහස් උදහස් මත විතරමයි මේ හැම දේකම සාර්ථකත්වය රඳා පවතින්නේ...ඕගොල්ලො නැතුව අපි මොකටද මේ නිර්මාණ කරලා...
Deleteදැන් ඉඳන් පැමිණ අදහස් දැක්වීම අනිවාර්යය කරනු ලැබේ...නියෝගයකි...හැක්...හැක්...
///මං මෙසේ අද තනි වුණේ මැයි
ReplyDeleteනිසරු නිම්නෙක හුදකලා///...
ඔය හුදකලා බව සෑහෙන වටිනවා බං..
ලස්සන පද සංකලනයක්.
බොහොම ස්තුතියි මචං...ඒත් උඹට කියන්න හුදකලා බව මාර රසයක් තමා...ඒත් ඒකෙ හිරවෙච්චි හිසරදයකුත් තියනවා කියල එක කාලයකදී මට හොඳටම දැනුණා බං...
Deleteඅසංක ගයාන් ගේ කවි වලට කවදත් කැමතියි. ටි එම් ගේ "දෙගොඩතලා ගඟ ගලා " සින්දුවත් මතක් වුණා. ලසන්නයි.
ReplyDeleteබොහොම ස්තුතියි අජිත් අයියේ...අර කලිනුත් ඉවාන්ට කිව්ව වගේ ඔබ හැමගේ සහයෝගය සහ දිරිගැන්වීම් හින්ද තමයි අපිට යම් දක්ෂතාවක් ලැබිල තියනවනම් තියෙන්නේ කියලයි මගේ අදහස...
Deleteමේ බ්ලොගයත් ඔබේ සින්ඩියට දා ගන්න http://kasikabal.blogspot.com/
ReplyDeleteඅනිවාර්යයෙන්...අපි ඔය කසිකබල් වැඩ වලට කැමතියි නෙව...හැහ්...හැහ්...
Deleteඒ වුණත් ඕව ඇඩ් කරන විදිහ මම නොදනිමි...ඒ හින්දා මේක ඇඩ් කරන වැඩේ අපේ තාක්ෂණික විෂයය භාර ඇමති ගරු තුෂාර විතාරණ මහතා වෙත යොමු කරමි...
මීට ගරු ලේකම්
කසියා දැම්මෝ............... බ්ලොගය දිගට ම ලියන්න...... අනික් සින්ඩි වලටත් යන්න... අනික් පිරිසටත් මේ ගැන දැනුම් දෙන්නම්... ජයවේවා...
Deleteමීට මහ ඇමති - තුෂාර
මේක කාට හරි කියල ගායනා කලොත් නරකද..
ReplyDeleteඋත්සාහ කරල බලන්න ඕන කස්සෝ...උඹේ ඇගයීමට ස්තුතියි...
Deleteමේක නම් අර්ථ රසයෙන් ගත්තත් ශබ්ද රසයෙන් ගත්තත් සුපිරි.... ගීතයකට අනර්ඝයි... සුපිරි නිර්මාණයක් කොලුවෝ....
ReplyDeleteබොහොම ස්තුතියි මාතලන් තුමනි...
Deleteමේක ලියද්දි මම අදහස් දෙකක් හිතේ තියාගෙන ලිව්වේ...ගඟ කියන දේ මගේ හිතේ තිබුණේ එක තේරුමකින් ගත්තොත් 'කාමය' කියන අදහස...අනෙක් තේරුමෙන් ගත්තොත් 'දෙදෙනා මැද්දට කඩා පැන්න නෑදෑ පරපුර හෝ බාධාවක්' ගැන...හැබැයි කාමය ගැන හිතුවොත් මුල ඉඳන්ම ගැලපෙනවා...ඒත් බාධාව ගැන හිතුවොත් කවියේ මැදක ඉඳන් තමා ගලපන්න වෙන්නේ...මේ කිව්වේ ඉතාම කෙටියෙන් ඔෆිස් ටයිම් එකේ ඉන්න ගමන්...
ඒ වුණත් තවත් බොහොම වෙනස් තේරුම් රාශියක් ආදේශ කිරීම අනිවාර්යයෙන් කළ හැකියි...
මම නම් දැක්කේ ඉතින් වල් පැත්තෙන්... අනර්ඝයි....
Deleteගගක් වගේ ලස්සනට ගලායන පදරචනාවක් බන්.පද පේලි අපුරුවට ගැලපිලා.
ReplyDeleteහෝව් හෝව් පීනන්න දන්නෙ එහෙම නැත්තම් බහින්න එපෝ...
Deleteබොහොම ස්තුතියි මනෝ...
ගස්ලබ්බට අහු උනෙත් බාධක කියන අර්ථය.. ඒක එකපාරටම ඔලුවට එන දේ..කොහොමත් එහෙමනෙ බං..පස්සෙ පස්සෙනෙ කේස් ඇදෙන්නෙ.. හෙහ් හෙහ්
ReplyDeleteජයවේවා..!!
ගස් ලබු හැදෙන්නත් බාධක එමට...ඒව ඉතින් වගා කොරලම බලන්න ඕනෑ...බොහොම අමාරුයි හොඳ ගෙඩියක් පරිස්සම් කොරගන්න...හැක්...හැක්...
Deleteබොහොම ස්තුතියි ලබ්බෝ අදහස් දැක්වීම ගැන...ඇත්ත තමයි...පස්සෙ තමා නැති කේස් මතුවෙන්නේ...
සුබ පැතුම් !
ReplyDeleteබොහොම ස්තුතියි...
Deleteමළා...
ReplyDelete(මං කීවෙ අර්ථය)
සුපිරි
(ඒ කීවෙ කවිය)
පට්ටයි
(කවද හරි සිංදුවක් වුණොත්)
කවිය නං ගිනි ගින්දර බොලං... රිප්ලයි කමෙන්ටුවක් කොටන්න ආස වුණත් මේ බිසි අස්සෙ බෑ බං වෙලාවක් තිබ්බොත් ආපහු ඇවිත් යන්ට එනෝ
තොට මෙච්චර දෙයක් කොටන්න වෙලාවක් තිබුණ කියන්නෙ උඹට තියෙන්නෙ බොරු බිසියක්...අනේ යකෝ...අපි නොදන්න උඹ...හැක්...
Deleteආයෙ වරෙංකො උඹව බෙල්ල මුලින්ම අල්ලගන්න...
එළ එළ
ReplyDeleteකවුද...මේකෙ ඉන්න කෙල්ලද...
Delete//ලොව්තුරා රස පහස ගඟුලක
ReplyDeleteහිතුමතේ කිමිදුම් කළා//
එහෙම කිමිදපු දෙන්නට එහා ඉවුරෙ ඉඳල මෙහා ඉවුරට කිමිදෙන්න බැරිද බොල. හැක්..
(එක්කො මං මේක තේරු ගත්තෙ වැරදියටද මංද)
ආන්න ප්‍රසා අයිය ට්‍රැක් එකට වැටුණා...නියම තර්කය...ඕක බැරි හේතුව තමා මෙතන හිතන්න තියෙන්නෙත්...
Deleteගඟ දිය රළු වෙලා හින්දා ඕක කරන්න බැරිය කියලයි මම හිතුවෙ...ඒ කියන්නෙ ගඟ දියට උපමා කළේ 'කාම ගින්න'...ඉතින් ඒක ඉබාගාතෙ හැසිරෙන්න පටන් ගත්තම, ඇය අපේක්ෂා කරන ගින්නට වතුර ගහන තරම මදි හින්ද හරි, ඉල්ලුමට අනුව සැපයුම මදි හින්ද හරි ඒ ගින්න රළු වෙනවා...ඉතින් ඒකට මූණ දීගන්න බැරි වීමයි ගඟ හරහා පීනන්න බෑ කිව්වෙ...අන්තිමේ ඇය ඒවා සම්පූර්ණ කරගන්න පුළුවන් සරු තැනකට යනවා...
මේ එක පැත්තක්...මේක තව තව පැති කීපයකින් බැලුවම උඹට ඕන එකක් ආදේශ කරගත්තැකි...
ගොඩ දවසකින් ආවේ ....
ReplyDeleteආයෙ ටික දවසකින් වරෙන්...
Deleteඑල...
ReplyDeleteස්තුතියි...
Deleteහරිම ලස්සනට ගලාගෙන යන පද පෙළක්..
ReplyDeleteස්තුතියි සිතූ...
Deleteතරු නෙතු දිලි දිලි
ReplyDeleteමුව කමල පිපී පිපී
කියන් මට සැලි සැලි
නුබෙ සෙනේ හිමි හිමින්......
මම කැමතිම යටින් අරුත් දාහක් විතර ගලාගෙන යන විදිහට ලියවෙන මේ වගේ පදවැල් වලට... ගීත වලට හරවන්න පුලුවන් සාර්ථක නිර්මාණ රැසක් බ්ලොග් ලොකේ තියනවා දිලි දිලි කවුරුහරි අත දෙනකන් ලයාන්විතව ගැයෙන්න ....
බොහොම ස්තුතියි හීන දකින්නී...
Delete