Monday, May 16, 2016

සිල්වා පව් මල්ලී......................



සිල්වා හොදයි මල්ලි...................
ඔය වැදලා ගත්තු ඇමතිකමක් කරගෙන
පොරටොක් දිදී හිටියට
අතට අහුවෙච්චි රාජ්‍ය සේවකයෙක් දෙන්නෙක්
කොහු ළණුවකින් ගස්බැන්දාට
මාධ්‍ය කාරයන්ට සන්දර්ශන පෙන්නලා
උසාවි ගානේ කරක් ගැහුවාට
මාධ්‍ය ආයතන අස්සේ රිංගලා 
සුලුදිය වලින් නෑවාට
පාර්ලිමේන්තුවේ ඉන්න එක දෙයියෙක්ගෙවත්
ලේ බින්දුවක්වත් හෙල්ලුවේ නෑනේ මල්ලී................

සිල්වා හොදයි මල්ලි...................

ස්ටේජ් එකක් මයික් එකක් දැක්ක සතුටට
කුණුහරපයක් දෙකක් කිව්වාට
නොට්ටිගේ පුතා කරපු පව් හින්දා
කතා හදාගත්තාට
යූඑන් එකෙන් එවපු මිනිහෝ නැති උන්ට
තනිරකින දතකෑවාට
කැළණිය පැත්තේ අතුරපු සිමෙන්තිකැට තියා
ගල්කැටයක්වත් ගැලෙව්වේ නෑනේ මල්ලී................

සිල්වා පව් මල්ලී.................

එකට කකා හිටපු උන් ගැන ෆයිල් අරගෙන
පැමිණිලි දදා ඇවිද්දාට
තමන්ගේ පොල්පරාල වහපු උන්ගේ 
පොල්කෙන්දත් පෙන්නුවා
මාධ්‍ය සාකච්ඡා ලෑස්ති කර කර
රහස් කතා කිව්වාට
පාර්ලිමේන්තුවේ හිස්වුණ පුටුවකටවත්
තාම සිල්වා ව ගත්තේ නෑනේ මල්ලී.............


කසුප් අනුරාධ



.

48 comments:

  1. මල්ලි හරි මල්ලි.
    රාජ ලේවල උනුහුම තියාගෙන උගුර ලේ රහ වෙනකන් කොච්චර කෑ ගැහුවද, කොච්චර බැනුම් ඇහුවද, මේ රට ගොඩ ගන්න.
    පව්.
    ඇත්තටම සිල්වා පව්ම තමයි......හහ්.

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. සිල්වා හෝ ගාලා දතකනවා.......... කෝ ඉතින් ප්‍රතිඵල නෑනේ මල්ලී....

      Delete
  2. ඇත්ත ඇත්ත....
    ඇයි සිල්වගෙ පුතා...

    මරු අදහස..

    ReplyDelete
    Replies
    1. ආ............... නොට් උගේ පුතා..............

      Delete
  3. සිල්වා හරි මල්ලි
    බලේ පෙරලුනු හැටියේ
    ලෙවකාපු කට්ටට දිව කැපෙන වග
    දැනගත්තේ ඌනේ මල්ලි
    රසයි කියා ලෙව කෑවේ තමන්ගේ
    අතේ ගෑවුණු ලේ වග
    දැනගෙනයි ඌ හිටියේ
    කටුම කෑවට ලොක්ක දෙන හැටියට
    මස් කෑල්ලක් නැති වග කවදාවත්
    දැනන් හිතියේත් ඌයි මල්ලි
    ෆයිල් ඇති බව ලොක්ක කීවට
    ලොක්කගේ ෆයිල් එක
    දැනන් හිටියෙත් ඌමනේ මල්ලි
    බලය එනකන් සෙල්ලමක් පෙන්නල
    නකුට වනන්නෙත් ඌමයිනේ මල්ලි
    උන්ට කන්න කටු වෙලා ඉන්න අපි
    තමයි ඕයි, වැරදි මල්ලි

    ReplyDelete
    Replies
    1. යකෝ මුන් කටෙන් ද දන්නෑ නේද බං හිටපු තැන වැරදි කියන්නේ.......... ඕක ඉතින් ලොක්කත් කරන එකේ ඕක මොකක්ද නේද සොමී......

      Delete
  4. සිරාවට සිල්ව පවු...නෑ බලන් ඉන්න අපි පවු...

    ReplyDelete
    Replies
    1. හෙට අනිද්දා පෙනෙයි සිල්වාද පව් අපිද කියලා.........

      කවුද බං අත ලෙවකන්නවත් අයිඩියා එකක් නැතුව මී කඩන්නේ.......... මීය කඩාගත්තා ම තේරෙයි දතකෑවේ මේකට තමා කියලා...... මටනං හිතෙන්නේ කවුරුහරි මැරෙනකල් ම තමා දගලන්නේ කියලා........

      Delete
  5. ඇත්තට පොරට මොනවා හිතෙනව ඇද්ද

    ReplyDelete
    Replies
    1. මොනවා හිතෙන්න ද බං...... හීනෙන් පාර්ලිමේන්තු යනවා පේනවා ඇති........

      Delete
  6. දැන් ඉතින් මුන්නාන්න්සේ තමන්වම ගහකට තියලා බැඳගන්න කාලේ ඇවිත්.

    ReplyDelete
    Replies
    1. නෑ.......... නෑ.............. දැන් නං හොදට ම පිස්සු තද වෙන කාලේ....... අද නටලා තියෙන්නේ සුපිරි නාඩගමක්........ ඒ කාලේ මේවා කරේ සරත් කෝන්ගහගේ කියන උන්දෑ.........

      Delete
  7. මාතලන් හැමදාම කිව්ව වගේ කෙලින්ම එන දුෂ්ඨයන්ගේ attraction එකක් තියනවා උන්ට වඩා හොරකම් කරන දේසප්‍රේමී කියන එවුන්ට වඩා

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත තමා........... ඒත් මුන් වගේ දුෂ්ටයෝ ඉදලාවත් වැඩක් තියෙනවා යෑ..... මුන් නං දුෂ්ටයොන්ටත් ලැජ්ජාවක්......

      Delete
  8. ඔ්ල් අා ඊක්වල් අයියා! මුං ඔක්කොම

    ReplyDelete
    Replies
    1. අනිවා අලි මල්ලී................

      මේ විදිහෙම උන් ඉස්සර ආණ්ඩුවේ අයත් පාවිච්චි කරා..... දැනුත් ඒකම වෙනවා.... ඒ කාලේ කරපු වැඩ තව කීපයයි තියෙන්නේ මෙයාලටත් කරන්න.... දැනටමත් කීපයක් ම කරනවානේ....... මේ ලොක්කා දාලා අද නටපු නාඩගම අම්මපා බලාඉන්න ලැජ්ජයි...... පාවිච්චි කරලා ඉවත් කරොත් හොදයි........ නැත්තං මේ ඩීන් ගැන අහගන්න අපිට ආයෙම මේ ආණ්ඩුව පෙරලෙනකල් බලාන ඉන්න වෙනවා.....

      හරියට අර මහා පුවත්පත් කතුවර වික්ටර් ලොක්කා කරනවා වගේ........

      Delete
  9. සිල්ව පව් ? අනේ මන්ද :/ .... නොදනී ... බැලුවම ඔක්කොම එකවගේ මටනම්

    ReplyDelete
    Replies
    1. කිසිම වෙනසක් නැහැ හංසි.......... වෙනසක් කරන්න හිතන එකයි වැරැද්ද..... මොකද ඔය වෙනස් කිරීම් වලින් වෙන්නේ පොඩි ඉන්ටවල් එකක් ලැබීම පමණයි.... ටික දවසකින් අතීතය ආයෙමත් සිද්ධ වෙනවා......

      Delete
  10. අරුන්ට වඩා මූ සිය ගුණයක් හොඳයි බං.

    ReplyDelete
    Replies
    1. එහෙම එකකුත් තියෙනවා තමා හැලප(අ)යියේ.......... ඒ කාලේ නං ඕවා කරේ මේ ලොක්කා විතරයි. ඒත් දැන් ඉන්න අයනං හැමෝම වගේ ඒ වැඩ කරනවා......

      Delete
  11. Anna Silva ada madya sakachchawak thiyala. . Joint opposition eken.. hik hik.

    ReplyDelete
    Replies
    1. ඕක තමා බං ඉස්සර අර සරත් කෝන්ගහගේයි, පීකොක් කාරයයි කරෙත්....... මේවාට ලැජ්ජා වෙන්න ඕනේ මේවා මෙහෙයවන යහපාලන කාරයොයි හරිනං.......

      Delete
  12. ඕකා ආයෙත් සීන් එකට එන්න පුදුම ගේමක් දෙන්නෙ..ඒත් රැස් බැහැලා
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ලංකාවේ දේශපාලනයේ හැටියටනං ලොක්කා එනවා ෂුවර්...........

      තව දෙයක් කියන්නද කවදා හරි දවසක ඡන්දයෙන් පැරදුණු එකම ජනාධිපති ලංකාවේ නැවතවරක් පත්වෙන පාලකයත් වෙනවා...... (ඒ වෙනකල් හිටියොත්)

      Delete
  13. බලාගෙන යද්දී ඔක්කොටම පිස්සු බං.

    ReplyDelete
    Replies
    1. විශේෂයෙන් ම අපිට බං........ මේවා බලාගෙන ඉන්නවාට........

      Delete
  14. Replies
    1. ඔය හොට්ටාට කවුරුත් නොමිනේෂන් දුන්නෑ...... දුන්නානං මොකද වෙන්නේ..... ගොඩක් විට පළවෙනියට තේරෙනවා. යකෝ එතකොට හොට්ටා ඌද රටේ ජනතාවද???????

      Delete
  15. ඌ පිස්සු මයිනෙක් මල්ලි...

    ReplyDelete
  16. ඔක්කොම මර්වින් සිල්වලා තමයි. උඹලත් රැග සාධාරනීකරණය කලේ හිටං..

    ReplyDelete
    Replies
    1. අපි රැග් වෙද්දි හිටියෙත් එතැන..... රැග් කරද්දි හිටියෙත් එතැන.... කැම්පස් අවුට් වෙලා අවුරුදු 7 කට පස්සේ ඉන්නෙත් එතැන..... ඒත් ඔය සිල්වලා එක්කෙනෙක්වත් එහෙම නැහැ මාතා........

      අනික මචං අපි ඒවා කතා කරා දැන් ඉවරයි..... (මේ සතියට ආණ්ඩුවෙන් දීලා තියෙන චූන් එක තමා වැස්ස - දැන් රැග් කැළේ) ඒ වෙලාවේ උපසනිස්කෘතිය ගැන හිතේ තියාගෙන ඉදලා උඹලා තාම ඒක උස්සං දුවනවානේ..... අනේ මන්දා බං.......

      Delete
  17. ටොයිලට් සිල්වාට අපේ ආචාර්ය

    ReplyDelete
  18. මර්වියාගේ මාජ්ජ සාකච්ඡාව දැකලා විමලේ කියනවා වෙසක් එකට ඉස්සෙල්ල ඔලුබක්කො නටනවලු. බලුකුක්කෙක් තව එකෙකුට ඔලුබක්කෙක් කියනවා.

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල ඔලුබක්කෝ හෝ ගාලා.......... අද පාර්ලිමේන්තුවේ දී ඔලුබක්කෙක් දීලා තියෙනවා සුපිරි ආතල් එකක්. ඒ තමා දිනේෂ් බක්කා

      Delete
  19. මල්ලි හරි මල්ලි.
    දුෂ්ට ගාමිනීගෙ පරම්පරාවෙ කට්ටියනෙ මල්ලි.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලී........ ඔය වෙලාවට තමා එළාරලා වෙන්න හිතෙන්නේ නේද?????????

      Delete
  20. සිල්වා ලංකා දේශපාලනයේ පට්ට ඩෑල් එකකි...

    ReplyDelete
    Replies
    1. ඇයි සිල්වා............... අර ජොන් මාමා සහ තෙවරක්පෙරුව ලොකුතාත්තා

      Delete
  21. සිල්ව මල්ලි රෙදි ඇඳගෙනද මන්ද අෆ්ෆ... හරියට් පේන්නෙත් නෑ..

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙත් හිටියේ නිකංනේ......... ආය දැන් විතරක් රෙදි හොයලා වැඩක්යෑ....

      Delete
  22. නියමයි මල්ලි ...

    ReplyDelete
  23. මොකට මේ මිනිස්සුන්ව මාධ්‍යයෙන් ඇඳලා උලුප්පලා ගන්නවද මන්දා මෙහෙම අය invisible කියල හිතන්නෙ නැතුව..පෙන්නන කතා කරන නිසානෙ පැවැත්ම තියෙන්නෙ..

    ReplyDelete
  24. පිස්සු හැදේ සඳ බබළයි

    ReplyDelete
  25. ඔය මහතුනේ එළිපිට සිල්වා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...