විෂ්ණු දෙවිඳු දවසක් දා නිදැල්ලේ
මහා බ්‍රහ්මයා සමගින් වාඩිවෙලා
පුංචි චැට් එකක් දාගෙන හිඳින්නේ
ලෝකෙ සිද්දවෙන දේවල් ගැන හිතාලා
ඔන්න ඉතින් හොඳ මොහොතක් බලාලා
විෂ්ණු දෙවිඳු ඇහුවේ මේ පුරස්නය
මහා බ්‍රහ්ම තුමනි ඉතින් කියනු මැන
හොඳම ලෙසට මැව්වේ ඔබ කුමන රට
මහා බ්‍රහ්මයා දෙවරක් නොසිතාලා
පැනපු ගමන් 'සිරි ලංකා' ලෙස කිව්වා
ඊට එපිට කරුණු තවත් දැනගන්න
විෂ්ණු දෙවිඳු කන අයාන දැන් ඉන්නා
මුහුදෙන් වට වූ මුතු ඇටයකි ඒක
දේශගුණය සමබරවයි මම මැව්වේ
ස්වාභාවික විපත් එහෙම බෝ අවමයි
සාරවත් පසක් එහෙමත් තියෙන්නා
මැණික් නිධිත් මිනිරන් හෙම තියෙන්නා
කවදා හරි ඛණිජ තෙලුත් හොයාගනී
භූමිය යට නෙක සම්පත් බොහොම ඇතී
ඉතින් කොහොම වේදෝ මගෙ මැවිල්ල
විෂ්ණු දෙවිඳු අකම්පාල වී බොහොම
යාප්පුවෙන් මහ බ්‍රහ්මය විමසන්නා
ඔබ වහන්සෙ අසාධාරණය බොහොම
එක රටකට සේරම දේ ඇයි දීලා
බොහ් ගාලා හිනා ගියා මහ බඹුට
මුව අයාන විෂ්ණු දෙවිඳු බලා හිඳී
ගොඩක් වෙලා හිනා වෙලා මහ බ්‍රහ්ම
දුන්නෙ උත්තරේ මේ ලෙස පහදාලා
සේරොම දුන්නත් 'සිරි ලංකා' රටට
ඊට මැව්ව මිනිස්සු ටික බලපල්ලා
අම්මට නෑ අප්පට නෑ කොන්දක් නෑ
නෑ ප්‍රතිපත්ති කිසි එකෙකුට ඇති වැදගත්
එකා පිටට එකා වැටෙයි නරා වළේ
උන් උන්ගේ කකුලෙන් ඇද බිම දාලා
කුළල් කා ගනී උන් උන් පිල් බෙදිලා
දූෂණ නාස්තිය ඉහවහ ගොස් දමලා
උනුත් කා ගනී එහෙයින් රටත් කැවෙයි
'සිරි ලංකා' රටේ විදිහ ඔහොම තමා
මෙච්චර හොඳ බැලන්ස් රටක් තියනවනම්
කියනු යෙහෙකි දෙවිඳු විෂ්ණු දැන් මහට
-අසංක ගයාන් අබේසිංහ-
Sagarayak mada amuthu ratak atha
ReplyDeleteඒකනෙ පූසෝ...
Deleteලංකාව ගැන ලියැවුනු සුපිරිම ගීතය සුනිල් පෙරේරාගේ සිංදුව තමයි..
ReplyDeleteඑල !
ඒකනම් ඇත්ත සෑමෝ...ස්තුතියි...
Deleteදැං ඔය කෂ්ටිය ගිහිල්ල විෂ්නු දේවාලෙ පොල් ගහනකොට දෙයියො වැකේෂන් ගිහිල්ල වෙන්නැති ඉන්න ඇත්තෙ. හැක්..
ReplyDeleteනියමයි.
දෙයියො බලන්නම මිනිස්සු ටික...ස්තුතියි ප්‍රසා අය්යේ...
Deleteදීපාල් සිල්වගෙ
ReplyDeleteමේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු
කියන සිංදුව මතක් උනා..
අපූරුයි.. නියමයි අසංක...
ඔය සිංදුව ගිය ආණ්ඩුවෙන් තහනම් කොළා නේද...
Deleteබොහොම ස්තුතියි නිර්මාණි...
හැබැයි ඉතින් හිතක් හිතුනොත් ඕන එකෙක් කකුල් කෙටිදෙකෙන් අල්ලලා පොලොවෙ ගහල ආයෙත් අනිත්පැත්ත හැරිලා නිදාගන්නවා.. අන්න එහෙමයි..
ReplyDeleteජයවේවා..!!
අනෙක් උනව පොළොවෙ ගහන්න නම් අපේ උන් දක්ෂයි ඕං...ස්තුතියි ලබ්බෝ...
Delete//අම්මට නෑ අප්පට නෑ කොන්දක් නෑ
ReplyDeleteනෑ ප්‍රතිපත්ති කිසි එකෙකුට ඇති වැදගත්//++++++++
බලන් ගියාම අපිට මුකුත්ම නෑනෙ බන්..
අගෙයි අසංකයො
ඔන්න ඔය නැති ටික හදාගත්තනම් රට ගොඩ ගත්තහැකි...නේද ප්‍රියා...
Deleteඅනිවා
Deleteමේක නම් මරු කවිය :D දෙය්යන්ට වැරදුනේ මිනිස්සු මවපු එක තමා :D
ReplyDeleteඅපේ එවුන් දෙයියන්ටත් වරද්දන්න තමයි ට්‍රයි එක...
Deleteපට්ට බැලන්ස් කිරිල්ලක් නේ කරලා තියෙන්නේ...
ReplyDeleteවිෂ්ණු වත් ඔහොම හිටියාට එල පොරක් නේ බලන් ගියාම...
නෑ නෑ බං මහා බ්‍රහ්ම...
Deleteබලන්න අනේ ඔලු තුනක් තියාගෙනත් හරියට මවල නෑනෙ
ReplyDeleteඅලින්ටනම් ඉතින් ඕවයැ වගක්යැ...
Delete:) :) fair unfiar nowhere we where everywhere ....
ReplyDeleteYou are hardware...I am software...if you are everywhere...it is unfair...
Deleteම්... ම්... මම කැමතිම මාතෘකාවක්නේ.
ReplyDeleteහරිම රහයි
ජයවේවා !!!
බොහොම ස්තුතියි දුමින්ද...
Deleteඑල එල .. පර්ර්ලිමේන්තුව මැව්ව එකෙන් තමයි ඔක්කොටම කෙළවුණේ...
ReplyDeleteඒකනම් හැබෑව සජ්ජෝ...
Deleteහැක්. :D
ReplyDeleteහුක්...
Deleteyela
ReplyDeleteThanks...
Deleteසිරි ලංකාවේ සිරි
ReplyDeleteලලිත් පෙරේරගෙ සිරි...හැ...හැ...
Deleteමිනිස්සුන්ව මවලා තියෙන්නේ විශ්ණු තුමා ඩෝප් වෙලා ඉන්න වෙලාවක.
ReplyDeleteවිශේෂයෙන් ලංකාවෙ උන්ව...
Deleteඒ බැලන්ස් කිරිල්ල ගැන ඉතින් මොනවා කියලා කියන්නද. ලොවෙත් නෑ.
ReplyDeleteලොවෙත් නැති රටක් නේ බං මේක...
Deleteඒ හිංදලු විස්නුවට බට කොල කන්න වුනේ.. හැක්
ReplyDeleteඇත්තට බං රටකට ගිය කල
ඇත්තමයි බං අපි මාර ජාතියක්...
Deleteතරාදිවත් බැලන්ස් නෑ මෙහෙම... සිරාවට..
ReplyDeleteඒකනේ මලේ...
Deleteසිරා කවිය...
ReplyDeleteස්තුතියි ඉන්දරේ...
Delete