කිව්වට නාවත් ඔබ මගෙ දිවියට
පෙරදා කඳුලින් ඉල්ලද්දී
එන්න එපා දැන් මගෙ ඇස් මානෙට
ඔහු සතු වී කල් බෝ ඉක්මී
වරක් නොවේ ඔබ හිත රිද්දූයේ
වරද මගේ යයි නිති පවසා
එහෙව් වු වරදක් තවමත් නොදනිමි
පමා වැඩී දැන් ඔබ මෙදිනා
සතුටින් ඇරඹූ ප්‍රේමය නිමියේ
ඇස්වහ කාගේ වැදිලාදෝ
සිහින විජිතයේ නිරිඳුන් ඔබ මුත්
කිරුළු පළන් රජු ඔහු නේදෝ
නොපතන ලෙස මා යළි ඔබෙ දිවියට
වත්මන කඳුලින් ඉල්ලමි මං
පිටුපා ගිය මුත් පෙරදා කඳුලට
අදවත් සලකනු එහි අභිමන්
අසංක ගයාන් අබේසිංහ
එකවරක් ඔබට මා එපානම් ...........ද?
ReplyDeleteඑපා එපා.. :p
Deleteමෙන්න හොල්මනක් අවිල්ලා..
Deleteඅපි මේ දානෙ දෙන්න හැදුවා විතරයි ප්‍රියාට...
Deleteඅඩෝ ප්‍රියා................
Deleteසාදරයෙන් පිළිගන්නවා ආයෙමත්..... අපි බ්ලොග් කුරුටු ගාන්න පටන්ගත්තු කාලේ ඉදලා කමෙන්ටුවකින් හයියක් වුණා තාම මතකයි.....
ජයවේවා
තුෂාර
අපූරු ගීතයක්...
ReplyDeleteබොහොම ස්තුතියි නිර්මාණි...
Deleteලස්සන නිර්මාණයක්...
ReplyDeleteස්තුතියි ඉන්දරේ...
Deleteදයා ද අල්විස් මහත්මිය ලියූ අකලට වට මහ වරුසාවක් සේ ගීතය සිහිපත් වුණා..
ReplyDeleteසොවක් නැතේ නොසිතනු මැන සංකා
ඔබෙන් ලබනු කුමටද අනුකම්පා
රජෙකුට හිමි වූ මා දැන් රැජිණකි
සතුටයි කිරුළ අපේ
මාත් කියන්න ආවේ මේකමයි......
Deleteනියමෙට ගැලපෙන ගීතයක් වැසි...
Deleteඅද මට විස වු ඒ මල කොහොමද
Deleteපෙර දවසේ මට සුවද වුනේ
ජීවිතයට බෑ අපට ලබන්නට
ආදරයේ රස කිසිම දිනේ
අනුකම්පාවයි වෛරය වන්නේ
හිනැහුනු අය අමනාප දිනේ
මගේ දෙපා සිඹ කදුළු හෙලු ඔබ
අද නෑ කදුලක් හදුනන්නේ
දැනහැදිනීමයි දොඩමළු වීමයි
පමණින් ඇයි අප නොනැවතුනේ
නොනැවත ඒ ගිය ගමනින් නොවෙදෝ
අපේ ජීවිත දෙක නතරවුනේ
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : එච්.එම්. ජයවර්ධන
ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
මා හඬනා කඳුළු ගලා
Deleteසැදුනු කඳුළු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි... සිනාසුනේ ඇයි..
ඔබ දෙපසින් ගලාගියේ
ඔබට හැඬූ කඳුළු නේද
මලක මෙළෙක තිබුණු හදක්
ගලක් කලේ ඇයි... ගලක් කලේ ඇයි..
සියුමැළි හද රිදවන්නට
හද රිදවා හිනැහෙන්නට
ඔබ නොපෙළූ අසරණ මට
සතුරු උනේ ඇයි... සතුරු උනේ ඇයි..
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - එච්.එම්. ජයවර්ධන
නිර්මානකරුවෙක්ගේ නිර්මාණයක් වෙනස්කරන්න කියන්න කිසිම අයිතියක් නෑ තමයි.අනික උඹලට කවිකම් කියලදෙන්න තරම් මම කවියෙකුත් නෙමෙයි.ඒත් මේ කවියේ රිදම් එක තියාගන්න මගෙන් යෝජනාවක්.....
ReplyDelete"එහෙවු වැරද්දක් තවමත් නොදනිමි"
"කාගේ ඇස්වහ වැදිලාදෝ"
කවිය කියාගන යද්දි මම හිතුවේ අර එක්සෑම් ප්‍රෙශර් එකට ලියන ළමයගේ කවියක් කියලා.....
යකෝ මේව ලිව්වට අපිත් කවියො නෙමෙයි බං...උඹලගෙ අදහස් යෝජනා නැත්තම් මෙව්වයෙ වැඩකුත් නෑ අවංකවම...
Deleteනියමයි කටුස්සෝ...
තවත් විරහවක්////
ReplyDeleteඒකනේ විභී...
Deleteඅගෙයි මචෝ
ReplyDeleteසුසානයෙන් නැගී සිටී පියා
Delete.තෝ අර ටොයිලට් එකේ නිදාගෙන දංද නගිට්ටේ..
බොහොම ස්තුතියි ප්‍රියෝ...මට මේ ' ප්‍රියා ' කියල ලියන විදිහත් අමතක වෙලා තිබුණේ...
Deleteටොයිලට් ප්‍රියා ...සේක්සි පෝක් ......අඩෝ
Deleteහරිම ලස්සනයි :)
ReplyDeleteබොහොම ස්තුතියි...
Deleteමේ වගේ සිදුවිම් වලදි හිත් රිද්දගන්න වෙන්නෙ නැ කවුරු කවුරුත් OWLing කලා නම් තමන්ටත් අනිත් අයටත්..:) :) හැමදාම වගෙ ගීතයකට හරි අපුරුයි..
ReplyDeleteබොහොම ස්තුතියි සිහින දකින්නී...
Deleteගිය අය කාලෙකදි ආපහු එනව.. හැබැයි ඒ වෙනකොට ගොඩක් වෙලාවට කෝච්චිය ගිහින්
ReplyDeleteඔව් ඒ වෙද්දි පරණ සිතුවිලි ආයෙම එන්නෙත් නෑ බං...
Deleteරහට ලියූ කවි පෙලක්. විරහව වුනත් ඇත්තටම රහයි.
ReplyDeleteජයවේවා !!!
බොහොම ස්තුතියි දුමින්ද...
Deleteපමා වැඩී ඔබ පමා වැඩී...
ReplyDeleteහැක් නියමයි.
උඹත් පමා වැඩී කොමෙන්ට් කොරන්න ආවා...හැක්...
Deleteමට නම් විරහව තිත්තයි බන් එත් කවි පෙළ ලස්සනයි
ReplyDeleteකාටද බං විරහව රහ...ඒ වුණත් ඒක විඳින්නත් ඕන අත්දැකීමක් කියල හිතෙනවා...එතකොට ලැබෙන පන්නරය සුපිරියි...
Deleteතිත්තත් එක රසයක්
ReplyDeleteඒක හැබෑව...තිත්ත වැඩි තරමට පැණි රහ දැනෙනවත් වැඩි...
Deleteකවිය සුපිරියි... ඇත්ත සීන් එකක් නං ....ඔන්නොහෙ ඇඟට කපනවා නං එන්න දීපං..
ReplyDeleteඒ වුණත් මචං ඇඟට කපලා ඇක්සිඩන්ට් වුණොත් කෙළවෙනවනේ...
Deleteඒකත් හැබෑව...
Deleteබල්ල පිදුරු කන්නෙත් නෑ
Deleteකන ගොනාට දෙන්නෙත් නෑ
බලු කුක්කා පිදුරු ගොඩේ උඩු බුරලනවා
වහු පැටියා බඩගින්නේ බලා ඉන්නවා.............. :-) හැක්
ප්‍රේමය පුදදී අවසානයි
ReplyDeleteමා ඔහු සතුවී කාලය බෝමයි
අපුරුයි. ගීතවත්.
හා හා සොමියා තහනම් සෙවණට යන්න වගේ...හැක්...
Deleteනෙළුම් මලේ.....
ReplyDeleteඑක පෙත්තද තියෙන්නේ
තියෙන්නේ...
ගිළිහෙද්දෙන් එක පෙත්තක්
තවත් එහි තිබේ රොත්තක්
ගිළිහුණු පෙත්තකට මොටද හඬන්නේ
හඬන්නේ...
මහ සයුරේ...
එක රැල්ලද නැඟෙන්නේ
නැඟෙන්නේ...
බිඳෙනා විට රැළි හඬ දී
තව සිය දහසක් උපදී
නිමවීමක් කිම දෝ සිදු නොවන්නේ
නොවන්නේ...
සඳ එළියේ
එක කුමුද ද පිපෙන්නේ...
පිපෙන්නෙ
සැළෙන විටදි එක කැකුළක්
පිපෙයි කැකුළු විද සුවඳක්
ඒ නියදම කිකලක දෝ...
බිඳෙන්නේ
සිත හැම විට
එක දෙයම ද සිතන්නේ...
සිතන්නෙ
මතුකොට නව කල එළියක්
උපදයි සිතුවිළි වලියක්
කොයි කවුරුද ඒ අරුමේ...
සිතන්නේ
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: රෝහණ වීරසිංහ, වික්‍ටර් රත්නායක ඇතුළු පිරිස
නියමයි මචං...වෙන කියන්න දෙයක් නැත...උඹ ඇවිල්ලා තිස්ස නාගොඩවිතානගෙ අනිත් එක...
Deleteසිනා ........ හැක්
Deleteමල විකාර
ReplyDeleteමල විකාර...
Deleteවිරහව ගැන රහ කවියක්...
ReplyDeleteස්තුතියි සිතු...
Delete