Sunday, May 8, 2016

විශ්ව විද්‍යාල නවකවද විචාරය සහ නලීන් ද සිල්වාගේ සුළග එනු පිණිස විචාරය


සුළග එනු පිණිස
විචාරය කරන්නට
ලෙනින්එක පුරවා
මහා සෙනගක්

‘‘මේවා කුණුහරප
කනවා බොනවා
*කනවා විතරයි
කොහෙද චිත්‍රපටියක්‘‘

පළමුව කතාකළ
නලීන් ද සිල්වා 
මහාචාර්ය තෙමේ
පලු යන්න බැණුමක්

ලේ රත්කරන්
පුටු උඩ නගිමින්
අසා සිටි අපෙන්
අත්පුඩි වරුසාවක්

නිහඩව බලාසිට
වේදිකාවට විත්
හදගම ගුරාගෙන්
අහපි පැණයක්

මේ වගේ දේවල්
සර් නොබැලුවත්
බැලුවාද චිත්‍රපටය
කරන්නට විචාරයක්


උත්තරය - 
*&% *&*^ *&$% *&^ $#@ *&% #@$# &^%@ *%^$ 


නිදාන කතාව - කැළණිය විශ්ව විද්‍යාලයේ ලෙනින් එකේ (ලෙනින් එක කියන්නේ ධර්මාලෝක ශාලාවට කියන අන්වර්ථ නාමයයි) දෙතුන් දාහක් පුරවලා සුළග එනු පිණිස විචාරයක් තිබ්බා. මතක විදිහට ඒකට ධම්ම දිසානායක, මහචාර්ය නලීන් ද සිල්වා, අශෝක හදගම වගේ ම තවත් දෙදෙනෙක් විතර ඇවිත් හිටියා කථිකයෝ හැටියට. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු විමුක්ති ජයසුන්දර ඇවිත් හිටියේ නැහැ. සාමාන්‍යයෙන් අපි නලීන් ද සිල්වා මහාචාර්යතුමාගේ කතා අහන්න මාර ආසයි. ඒ වෙන මොකවත් ම හින්දා නෙමෙයි. ඒවායේ තියෙන කුණුහරප උද්වේගකර අවස්ථාවන් අහන්නයි. නලීන් ද සිල්වාගේ තියෙන අනික් ලක්ෂණය තමයි හරිම තර්කානුකූල ව ඕනෑම බොරුවක් ඔප්පු කර පෙන්වීම. 

ධම්ම දිසානායක මධ්‍යස්ථ කතාවක් කරා. අනික් කථිකයොනුත් එහෙමයි. ඊට පස්සේ නලීන් ද සිල්වා කතාව පටන් ගත්තා. හ්ම්.... මේවා චිත්‍රපටිද...? මේවාට චිත්‍රපටි කිව්වොත් චිත්‍රපටි වලට මොනවද කියන්නේ....? මේවා කසිකබල් විකාර.... (මේ තමා නලීන් ද සිල්වා කතා කරන විදිහ. දත්මිටි කකා හ්ම් හ්ම් ගගා හෝ ගාලා බනිනවා. විචාරයක් හරි අදහස් ඉදිරිපත් කිරීමක් නෙමෙයි. ඔහු කතා කරද්දි අහගෙන ඉන්න ප්‍රිය ගතියක් එහෙම නැහැ. ඒත් අර බනින කොටස් වලට අපි මාර ආසයි. අනික තමා මේ වෙද්දි නලීන් ද සිල්වා කියන්නේ සයන්ස් ෆැකල්ටියේ මැත්ස් එකේ හෙඩ්. සයන්ස් ෆැකල්ටිය සහ අපේ අනික් ෆැකල්ට් අතර තිබුණ අල-පොදු ගැටුම නිසා අපිට වැඩිය මෙතුමාගේ කතා අහන්න ලැබෙන්නැහැ. චින්තන පර්ශදය කියලා සංවිධායක් හදාගෙන සතියකට සැරයක් විතර ජිම් කැන්ටිම ඉදිරිපිට දේශන තිබුණා. අපි ඉතින් හොරෙන් ගිහින් පිටිපස්සට වෙලා හැංගිලා ඕවා අහගෙන ඉදලා එනවා. ඒ යන්නෙත් බන්න කොටස් අහන්නම තමා.) මේ විදිහට හදගම දිහා බලාගෙන මේ හරකා ගගා බනිනවා. කෙලින් ම අත දිග් කර කර මේ ඉන්නේ බටහිර ගැති බල්ලෝ කිය කිය හදගමගේ දිහාට අත දිග් කරකර බනිද්දි අපිට මාර චූන්. 

මේ විදහට බැනලා අඩියත් පොළවේ හප්පලා නලීන් ද සිල්වා බැහැලා ගියා. ඊට පස්සේ හදගම ආවේ අන්තිම කථිකයා හැටියට. හදගම කැළණියේ ම තමා. ඒ වගේ ම දන්න විදිහට (ඒ වෙලාවෙදි කණ වැකුණ විදිහට) හදගම කියන්නේ නලීන් ද සිල්වාගේ ගෝලයෙක්. ඉතින් හදගම ඇවිත් ඒ කාලේ ගැන ටිකක් මතක් කරලා නලීන් ද සිල්වාගෙන් ප්‍රශ්ණයක් ඇහුවා. දැන් මේ දේවල් මහා ලොකුවට විවේචනය කරන්න ඔබතුමා මේක බලලා තියෙනවාද???????? මේ ප්‍රශ්ණයත් අහලා ඔහු කතාව කරගෙන ගියා. ආයෙම වතාවක් ඉල්ලගෙන කතා කරන්න ඕනේ කියලා නලීන් ද සිල්වා වේදිකාවට ගොඩ වුණා. අපිට ඉතින් ෆුල් චූන්. ඊට පස්සේ අර ප්‍රශ්ණයට උත්තරයක් දුන්නා. 

අනේ යකෝ *&^ මේවා විචාරය කරන්න මට මේවා බලන්න ඕනේ නැහැ. තොපි වගේ *&^% හදන ඒවා මොනවා ද කියලා මං දන්නවා. ආය මේක විචාරය කරන්න *&%$^ සල්ලි වියදම් කරලා මං මේවා බලන්නෑ *&^$......... 

අපි පුටු උඩ නැගලා හූ කිය කිය ගැහුවා අත්පුඩි පාරක් හිටු කියලා........... ඒත් දැන් මේක මතක් කරද්දි හිනායනවා මිසක් ඉතින් වෙන මොනවා හිතෙන්නද නේද???????? 

බ්ලොග් අස්සේ කුරටු ගෑවෙන රැග් එක ගැන ටිකක් කියෙව්වා. ඒ අස්සේ විභියාගේ මේ පෝස්ටුවත් දැක්කා.
https://vibheeshana2.blogspot.com/2016/05/blog-post_8.html ඒ තර්කය දැකපු ගමන් ම මතක් වුණ මේ අත්දැකීම ලියන්න හිතුණා. ඒත් මේක ඒ කිසිවක් විවේචනය කිරීමක් නොවන බවත් කරුණාවෙන් සලකන්න.

ගිම්මිගේ අත්දැකීම - https://gimmigekolama.blogspot.com/2016/05/blog-post.html
ලේ ගේ පෝස්ටුව - https://lepataheena.blogspot.com/2016/05/wilpattuwill-vs-vat.html
නයිනාගේ පෝස්ටුව - http://naiyageni.blogspot.com/2016/05/blog-post_8.html
ට්‍රාන්ස්ගේ පෝස්ටු - http://transyl2014.blogspot.com/2016/05/blog-post_5.html
                                           - http://transyl2014.blogspot.com/2016/05/blog-post_6.html
ගෝමස්ගේ පෝස්ටුව - http://chandimagomes.blogspot.com/2016/05/the-ugly-face-of-ragging-in-sl.html
කතිකා හී පෝස්ටුව - https://kathika.wordpress.com



තුෂාර විතාරණ

.

91 comments:

  1. ජයවේවා

    *$##% #%&$ -%$*) #&%#* #&$# #&&%$%&# @#%&& =%& (*%$& #&$$-
    %4&"6*$5%-$ *%%&*%%



    ReplyDelete
    Replies
    1. මං දන්නවා උඹේ උත්තරය මේක තමා කියලා............. ඒත් මේක අස්සේ උඹේ හැබෑ අදහස නෑනේ......... අපි බොක්කෙන් ම කතා කරමුද විදානේ....... මොකද කියන්නේ........??????

      Delete
    2. බොක්කෙං... හැකක්. සෙට් වෙමුද කට්ටිය පැල්මඩුල්ලෙදි.
      කතාකරමු ඊට පස්සෙ බොක්කෙන්.

      Delete
    3. අන්න හරි........ තෝසේ ටිකකුත් අරන් සෙට් වෙමුද?????????? ඒත් බැහැ අරකා තෝසේ සාක්කුවේ දාගෙන යනවානේ.......

      Delete
    4. බොන්න යන දුරක්...

      Delete
    5. ඔව් බං ආයේ පලයංකෝ පැල්මඩුල්ලේ...... ඒ මදිවට බොන්නත් අරන්.......

      Delete
    6. කාලත් එක්ක නවක නම්නීකරන‍යත් වෙනස් වෙන්න ඕන

      2. ඔය කියන මීටින කොච්චර තිබ්බ්ත් පාලනය කරගන්න අමාරු කිහිප දෙනෙක් නිසා සියල්ල වෙනස් වෙනව ....

      ..මෙකෙන් කොටන්න අමාරුඉ..

      Delete
    7. හරි මචං............. ඒත් එකෙක් දෙන්නෙක් නිසා සමස්ත ක්‍රමවේදයක් ම විවේචනය කරන්න බැහැ මචං....

      මෙහෙමයි විදානේ. රැග් එක ගැන කතා කිරීම මහා අමානුෂික දෙයක් විදිහට බොහෝ දෙනෙකුට හිතේවි. ඒත් මචං මං මේ කතා කරන්නේ මං දැකපු සුන්දර අත්දැකීම ගැනයි. මං ආයෙමත් උඹලාට කියන්න ඕනේ මං කැම්පස් ගියේ ම රැග් වෙන්නයි. මොකද මචං මගේ ගෙවල් පේරාදෙණියේ. අපේ ගෙදර කාමර කිහිපයක් කැම්පස් අයියලාට දීලා තිබුණා. ඉතින් මං ආශ්‍රය කරේ ම උන්ව. අනික තමා මට සයන්ස් ඉගැන්නුවේ ඩෙන්ටල් ෆැකල්ටියේ අයියලා. උන් විභාග දවස් වල මාව හොස්ටලුත් ගෙනිහින් තියාගෙන ඉගැන්නුවා. මට මැත්ස් ඉගැන්නුවේ ඉන්ජිනියර් ෆැකල්ටියේ අයියලා. ඉතින් උන් මට කියපු දෙයක් තමා මල්ලි කැම්පස් යනවානං කවදාවත් අල වෙන්න එපා. හොදට රැග් වෙලා කැම්පස් ජීවිතේ හොදට ම විදපං කියලා. ඉතින් මං කැම්පස් ගියේ රැග් වෙන්නමයි බං. මේ තමා මගේ ඇත්ත විස්තරේ.......

      තව දෙයක් තිබුණා. අපි ඒ ලෙවල් කාළේ මගේ පන්තියේ කොල්ලෝ 4 ක් අපේ ගෙදර නැවතිලා පාඩම් කරේ. ඉතින් අපි පාඩම් කර කර ඉද්දි ටිකක් බෝරින්ග් කියලා හිතුණාම පයින් යනවා කැම්පස් එක පැත්තට. යද්දි පේනවා නිදහසේ ඉන්න කොල්ලෝ සහ කපල් මාර නිදහසේ අත් අල්ලන් එහෙ මෙහෙ ඇවිදිනවා. ඉතින් මචං හිතට එන්නේ මාර ගැම්මක්. ඒ ගැම්ම ආයෙම සතියක් දෙකක් බොක්කෙන් පාඩම් කරන්න මාර හයියක්. ඉතින් කැම්පස් ගිහින් කරේ ආසාවෙන් රැග් වුණ එකයි රැග් සීසන් එකේ ම කොක්කක් ගහපු එකයි තමයි. මං කතා කරන්නේ මචං මේ සුන්දර අත්දැකීම් ගැනයි.

      Delete
    8. ඔන්න පිට කහන් සෙට් එකේ කොමනට් කන බොන ඒවා විතරක් මදි රෙන ඒවත් .....කො එවා....

      Delete
  2. ඔබේ මතයට මම ගරු කරනවා.

    මම හිතන්නේ මගේ පොස්ටුවේ මම ඉදිරිපත් කරන තර්කය නලින්ද සිල්වා ට වඩා ටිකක් වෙනස්.
    නලින් ද සිල්වා චිත්‍රපටිය නොදැක චිත්‍රපටිය විචාරය කලාට අපි අමානුෂික නවකවදයේ ප්‍රතිඵල කැම්පස් වලින් එළියේ ඉඳගෙනත් දැක්කා.
    මම හිතන්නේ අපිට අමානුෂික නවකවදය ගැන කතා කරන්න නලින්ද සිල්වාට වඩා හැකියාවක් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. මචං විභී...............

      උඹ මේක තරහින් තොරව ගත්තාට ස්තූතියි..... ඒත් මෙහෙම දෙයක් තියෙනවා. රැග් එක කියන්නේ අපි පිට ඉදලා දකිනවාට වඩා ගොඩක් වෙනස් දෙයක්. රැග් එක තුළ ෆස්ට් ඉයර් එකේ දී රැග් වීමක් තියෙනවා. සකන්ඩ් ඉයර් එකේ දී රැග් කිරීමේ සම්පූර්ණ වගකීම තියෙනවා. තර්ඩ් ඉයර් එක විදිහට රැග් එක නිවැරදිව වෙනවා ද කියලා සකන්ඩ් ඉයර් එක පාලනය කිරීමේ වගකීම තියෙනවා. සුපර් සීනියර් වුණාම සමස්ථයක් විදිහට මේ ක්‍රමයේ අඩුපාඩු පවා හදාගෙන ජුන්නොන්ට උපදෙස් දීමේ වගකීම තියෙනවා.

      අනික තමා මචං රැග් කරද්දි මං උඹේ පෝස්ටුවට කිව්වා වගේ හැමදාම රෑට හොස්ටල් එකේ බැච් මීටින්ග් එකක් ගන්නවා. රැග් නොවුණ කිසිම කෙනෙකුට රැග් කරන්න බැහැ. සමහරු බාගෙට රැග් වෙලා තියෙනවා. ගොඩක් විට ඔවුන් රැග් කරන්න ගන්නෑ. ගත්තත් තමන් කාපු තරමට විතරයි රැග් කරන්නට හැකි. අනික තමා එදා දවසට කරන දේ සාකච්ඡා කරලා යන්නේ. ඒ ඇරෙන්න කිසිවක් කරන්න බැහැ. දවල් වරුවේ වුණ වැරදි ගැන කතා කරනවා. එහෙම වැරදි කරපු අයට රැග් කිරීම තහනම් කරනවා.

      මේකේ තියෙන අනික් දේ තමා මචං අපිට සාකච්ඡා කරලා ඕනේ ම දෙයක් රැග් එකෙන් ඉවත් කරන්නට හැකියි. අපි ඒ දේ නොකළොත් ඊළග වසරේ ඉදලා වෙන්නෑ. ඒ විදිහට අපේ බැච් එකෙනුත් කරපු දේවල් තිබුණා. හැබැයි ඒවා ගැන උඩ බැච් දැනුවත් කරනවා. ගොඩක් විට ඒවාට අනුමැතිය ලැබෙනවා.

      තවත් දෙයක් තමා මචං මේ කරන හැම රැග් එකකට ම සැබෑ අර්ථයක් තියෙනවා. අරුතක් නැති කිසිම රැග් එකක් නැහැ. රැග් එක කරන කෙනා ඒ ගැන මනාව දැනගෙන සිටිය යුතුයි. එතකොට ඒ දේ වෙන්නේ අරමුණට ගැලපෙන්න විතරයි.

      හැබැයි මචං රැග් කරනවා කියලා පිස්සෝ කරන විකාර නං අපිත් අනුමත කරන්නේ නැහැ. සමහර විට වෛරයෙන් කරන දේවල් සහ රැග් නොවී පුද්ගලික වුවමනා එපාකම් මත කරන වැඩ නං වැරදියි තමයි......... ඒ වගේ දේවල් නිසා අමානුෂික අවස්ථා ඇති වෙන්න හැකියි. ඒත් සීනියර් බැච් වලින් හරියට බැලෙනවානං ඒවා නොවිය යුතුයි.

      Delete
    2. අන්න එක තමයි වෙන්න ඕන..

      උගත්තු කියලා කැම්පස් ඇතුලට රින්ග ගන්න මානසික ලෙඩ්ඩුන්ව කැම්පස් වලින් අතුගාවන්න ඕන.

      මට තියෙන ප්‍රශ්නේ මම මගේ පොස්ට් එකේ උදාහරණ එක්ක ලියලා තියෙන ඒ කායික මානසික සහ ලිංගික වද හිංසා සේරමත් උඹ ඔය කියලා තියෙන batch wise approval system එකෙන් approve කරපු එව්වද කියන එකයි.
      සමහර විට මේ සිද්ධි උඹේ කැම්පස් එකේ සිද්ධ නොවුනා වෙන්න්නත් පුළුවන්.
      එත් සේරම රැග් ඔය approval system එකෙන් approve වෙලා එන ඒවා නම් ඒ තරම් ජරාජීර්ණ අමානුෂික system එකක් කොහෙවත් තියෙන්න බහ.
      එත් එක එහෙම නොව්‍යිනම් උඹලා හිටියා වගේ දැන් කැම්පස් වල ඉන්න සෙකන්ඩ්, තර්ඩ් ෆෝර්ත් ඉයර්ස් වල ඉන්න සින්නන් ට පුළුවන් වෙන්න ඕන නේද ඒ දේවල් කරන එවුන්ව හද ගන්න, එහෙම නැත්තන් පන්නන්න..
      එහෙම නොවෙනවා නම් උඹලා කොච්චර ට්‍රයි කලත් ඒ කළු පැල්ලම ව්දින්නේත් උඹලා ගේ ඒ system එකටම තමා.

      Delete
    3. මචං දැන් වෙලා තියෙන්නේ එක ගැහැණු ළමයෙකුට දිග කලිසම් අදින්න එපා කිව්වා කියන කතාවක්නේ. ඒකට කරපු පැමිනිල්ලක් නිසානේද මේක ඇදිලා තියෙන්නේ. (මං දන්න විදිහට) ඒත් ඒ වගේ දෙයක් ආපු ගමන් අපේ කට්ටිය කරන්නේ මොකක්ද? අර හිත් අස්සේ තියෙන කැම්පස් විරෝධී කුහක අදහස් අරගෙන අති අමානුෂික රැග් එකක් ගැන කිය කිය පෝස්ට් දාන එකනේ. මාධ්‍ය වල කරන්නෙත් ඕකනේ. හද්ද පරණ රැග් කරපු වීඩියෝ එකක් පෙන්න පෙන්න නිවුස් දෙනවා. ඒත් දැන් වෙලා තියෙන දේ හැමෝට ම අමතකයි. අර කැම්පස් හරි රැග් කියන වචනේ අහපු ගමන් තමන්ගේ හිතේ තියෙන පරණ ටේප් එක දාගෙන කට්ටියම උඩ පනිනවා.

      මෙහෙමනේ මචං ඔය අයට ම පුළුවන්නේ ඔය කියන ගැහැණු දරුවා කවුද????? ඔය කියන විදිහට ඇත්තට ම අවුල කලිසමද කියලා හොයලා බලන්න. මොකද අපි ගියෙත් ඔය කියන කැළණිය කැම්පස් එකට ම තමා මචං. ඒකේ අපි ෆස්ට් ඉයර් ඉද්දි ඕනේ තරම් අය කලිසම් ඇන්දා. මගේ බිරිද නැත්තං කාන්චනා කියන්නෙත් මගේ ම බැචියක්. එයා ඔය කියන ගැහැණු ළමයා වගේ ම රැග් වුණා. මේ දැනුත් එයා කියන්නේ කවදාවත් අපිට ඇදුම් ගැන කියලා බැනලා නැහැ කියලා. දවසක් කාංචනා මුල්ම කාලේ චීත්ත ගවුමක් ඇදන් ගියාලු කැම්පස් එකට. අයියලා ඇහුවාලු ඇයි නංගි මේ චීත්ත ගවුමක් ඇදලා. කවුරුහරි උඹට කිව්වාද අදින්න කියලා. නැහැ කිව්වා ම කිව්වාලු. ඒකෙන් අර අනික් අයවගේ ලස්සනට ඇදලා එන්න කියලා. අපේ කැම්පස් එකේ ඒ තරම් නිදහසක් තිබුණා මචං රැග් එක තුළ වුණත්.

      ඒකයි අපි කියන්නේ ඔය කියන ගැහැණු දරුවාගේ පැත්තත් ටිකක් හොයලා බලන්න කියලා. ඕක ඇදුම ගැන අවුලක් නෙමෙයි බොහෝ විට........... ටිකක් හොයලා බැලුවොත් තේරෙයි......

      Delete
    4. ඒ කලිසන් සීන් එක නම් වෙන මොකක්දෝ ලයින් එකක් කියලා තමයි මටත් තේරෙන්නේ.
      ආරංචි විදියට කලිසන් කෙලී ටිකක් බරපතල අත්තක්"ලු". හරියටම දන්නේ නැහැ.
      එත් මේ වැඩේ චෝර වුනේ මේ සිද්ධිය නවකවදේ ත් ගාවගෙන තව එව්වා මෙව්වා ගොඩකුත් ගාවගෙන එලියට අපු නිසයි. වෙච්ච සිද්ධිය මොනා වුනත් දැන් ටොපික් එක වෙලා තියෙන්නේ නවකවදේ.
      උඹ කිව්වත් වගේ දැන් මාතෘකාව යට ගිහින්.
      තව එකක්.

      උඹලා බොහොම සුන්දරව විඳ ගත්තු නවකවදේ හරි හෝ වැරදි හෝ විදියට දකින්න කැම්පස් ගිය කෙනෙකුට වගේම නොගිය කෙනෙකුට ත් අයිතියක් තියෙනෙවා.
      ඒ තම තමුන්ගේ දර්ශන පථය අනුව.
      විශේෂයෙන් කැම්පස් නොගිය කෙනෙක් ඒ ගැන වැරදි අවබෝධයක් තියෙනවා නම් ඒ වැරදි අවබෝධය නිවැරදි කරන්න වගකීමක් කැම්පස් ගිය උන්ට තියෙනවා.

      ඒ වගේම ඒ වැරදි අවබෝධ නිර්මාණය වෙන්න හෙතු වෙච්ච නවකවදේ නාමෙන් වෙච්ච තුප්පහි වැඩ වලට විරුද්ධ වෙන්නත් කැම්පස් යන උන්ට යුතුකමක් තියෙනවා.


      මචෝ,
      මම මගේ පොස්ට් එක දැම්මේ ඒ කලිසන් කෙල්ල ගැන කතා කරන්නවත් , ඒකිට කුණුහරුප කියාපු එවුන්ගේ පැටිකිරිය හොයන්නවත් නෙමෙයි.
      අඩුම ගානේ නවකවදය හරිද වැරදිද කියලා කතා කරන්නවත් නෙමෙයි.
      "නවකවදේ ගැන කතා කරන්න කැම්පස් ගිහින් වරෙව් " කියන බංකොලොත් තර්කයට විරුද්ධවයි මම පොස්ට් එක දැම්මේ.
      ඒ වගේ කතාවක් කාගෙවත් කටින් පිටවෙන්න තරම් වටිනා දේවල් නෙමේ.

      ඉතාම කෙටි කාලයක් මම විඳපු රැග් එකත් උඹලා ෆස්ට් යියර් එක පුරා ගත්තා කියනා රැග් එකත් බොහොම දුරට සමානයි.
      ඒ ගැන ප්‍රශ්නයක් මට නැහැ.

      මම කැම්පස් විරෝධීයෙකුත් නෙමෙයි. මගේ වචන වලින් එහෙම නිකමට හරි හිතුනා නම් බොහොම කනගාටුයි.


      Delete
    5. මචං මට කුනුහරුප ලියවෙනවා ඒ නිසා මං කට පියා ගන්නවා. විබියෝ, උඹ කියන දේ හරිද, තව නොකියපු දේ තියෙනව ද කියල හිතහං. තේරුම් ගනිං ලොක්කෝ හැම දේම හොදයි, නරකයි කියන දෙකම තියෙනවා කියලා. නැත්නම් තොටත් කෙලවෙන දවස වැඩි ඈතක නෑ. හිතපං තව හිතපං. හොඳට ම හිතල ලියපං ^%#^^%%$##$%$#$%#^$@.

      තුෂාර මුංට අමු කැවිලා මචං. දෙයක් අල්ලගෙන ඒ පස්සේ දුවන එකයි, හරක් වගේ උම්බෑ ගාන එකයි දැන් පුරුද්දක් වෙලා. %#@%$% සද්ද නැතුව හිටහං. ඕන *^$ වෙච්චදෙං.

      Delete
    6. ඔය කී බෝඩ් එක කැඩෙයි බන්...
      ඔච්චර කුණුහබ්බ ටයිප් කරන්න එපා...

      Delete
    7. කුරුටු @
      මම නම් ප්‍රචන්ඩත්වයට එරෙහිව ලියන කෙනෙක් නිසා නවක වදයටත් අනිවාර්යයෙන්ම විරුද්ධව ලියනවා. මොකද ඒක වදයක්. අනුන්ගෙ ආත්මගරුත්වය ,මානව හිමිකම් නැති කරන නිසා. අනුන්ගෙ අයිතිවාසිකම් වලට බලපෑම් කරන්න සින්නන්ට අයිතියක් නෑ. පරපීඩක කාමය සුන්දරයි කියල ස්වපීඩක කාමුකයන් කියනවා තමයි.

      විශ්ව විද්‍යාල උප සංස්කෘතියට අනුගත කරන්නලු මේව කරන්නෙ.
      බෝංචි කැඩීම ,කෙහෙකන් ඉදවීම, මාලුවා යාම, මදුරුවා යාම සමූපකාර ක්‍රමයට **** ගැසීම වගෙ දේවල් වලින් ලැබෙන සමාජගතවීම මොකක්ද.
      උඩ තිබ්බ ලිංගික ක්‍රීඩා ගැන කියන්නෙ නැත්තෙ මට ලැජ්ජ හින්ද.
      වෙලාවකට හිතෙනව කැම්පස් එකේ බෝංචි කඩල, කෙහෙකන් ඉදවල ගමට ඇවිත් පත්තිනි අම්මල වගෙ ඉන්න කෙල්ලො ගැනත්. මොකද දැන් මේව කෙල්ලන්ටත් දෙනවලු. ඒක නම් ඇත්තමද මම දන්නෙ නෑ.

      අලුත් කෙල්ලො ලව්ව අමු තිත්ත කුනුහරප කවි කියවගන්න උත්තම මානසික රෝගීන්ට තියන අයිතිය කුමක්ද.නවක වදය ගැන විදේශීය ශිෂ්‍යයෙක් ලියූ සටහනක තියනව මේ ක්‍රියාකාරකම් වලින් 99% ක් ම සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙක් සිරගත කිරීමට ප්‍රමානවත් අපරාධ කියල.

      මුල්ම වරද මුන්ට නිකම් උගන්නන එක.අපි යමක් මිලදී ගන්න පුරුදුවෙනවනම් අපේ සෙවාදායකය ඒකෙන් ලාභයක් ලැබිය යුතුයි කියල සිතනවනම් මේ වගෙ දේවල් කරන්නෙ නෑ. දියව් දියව් කිය කිය කෑ ගහනව. නිදහස් අධ්‍යාපනය තමයි ලොකුම වරද. සිසු ණය ක්‍රමයක් හදුන්වා දෙන්න ඕන. සිසු නය ක්‍රමයක් තිබුනනම් ගත්ත නය ගෙවන්න ඕන නිසා බෝංචි කඩ කඩ ඉන්න වෙලාවක් නෑනෙ.

      සල්ලි දීල ඉගන ගන්න තැන්වල ලමයි මාර ඩීසන්ට්නෙ. ඕපන් එක ගන්න.එඊක් මහ ගානක් අයකරන්නෙ නෑනෙ.ඒකට එන්නෙ පිස්සු කෙලින වයස පහුවුන අය නිසාද මන්ද මේ මොන විකාරයක්වත් නෑනෙ.

      Delete
    8. @ විභියා.......... සහ කසුනා.....

      විභියා උඹ කියන දේට අපි උපරිම එකගයි මචං. කැම්පස් ගැන කතා කරන්න රටේ බදු ගෙවන හැම කෙනෙකුට ම අයිතියක් තියෙනවා. මොකද ඒවා දුවන්නේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් නිසා. ඒ තුළ තියෙන අමානුෂික දේවල් ගැන කතා කරලා ඒවා වෙනස් කරන්න ඕනේ. අපි ඒකට විරුද්ධ වෙන්නෙත් නැහැ. හැබැයි මචං අදුරේ අතපත ගානවා වගේ මල පැනලා කමෙන්ටු දෙකක් දැම්මාට ඒක කරන්න බැහැ කියලත් කියන්නම වෙනවා. උඹේ කතාවට අපි එකගයි මචං......... ඒක ගැන අපිටත් තර්ක කරන්න දෙයක් නැහැ. උඹ ඇත්ත කියලා තියෙන්නේ..... විශේෂයෙන් ම උඹ මේක ධනාත්මකව අරන් කතා කරපු එක ගැන ස්තූතිය.....

      මුලදිම අපි කිව්වේ අර පැමිණිල්ල දාපු දැරිවි ගැන සහ ඔය කියන කලිසම් ගැටලුව ගැන ටිකක් බලන්න කියලා ඔය නිසා තමයි. ඇත්තට ම ඒ ගැන කිසිවක් දන්නැහැ. ඒත් කැම්පස් එකේ තත්වය ටිකක් දන්න නිසා ඕක නොවිය හැක්කක් කියලා මුලින් ම හිතුණා.

      Delete
    9. @ මධ්‍යස්ථ...... උඹ ආපු එක ගැන සතුටුයි....... අපි මීට කලිනුත් මේ ගැන කතා කරලා තියෙනවා.

      හරි........

      //නිදහස් අධ්‍යාපනය තමයි ලොකුම වරද.//

      //සල්ලි දීල ඉගන ගන්න තැන්වල ලමයි මාර ඩීසන්ට්නෙ//

      මචං මේ කතා දෙක දැක්කා ම මං හිතන්නේ අපිට කතා කරන්න දෙයක් නැහැ. සද්ද නැතුව ඉන්න එක හොදයි.........

      Delete
  3. කැම්පස් යන්නෙ ගොන්නු..
    අපිට බැරි උනත්, ගස් බඩගාල හරි
    කුලී වැඩක් කරල හරි
    පාර අතුගාල හරි
    දෙමාපියන්ට දුකක් නොදී
    සල්ලි හම්බකරන උංට
    ඔය කැම්පස් ගිය *කයන්ට වැඩිය
    ගරු කරනව මම.

    සමාවෙයං මෙහෙම කිවුවට.

    ReplyDelete
    Replies
    1. ඒවගේ එවුන්ට තරාතිරම නොබලා ගරු කල යුතුයි..

      Delete
    2. ප්‍රසන්න අයියාටත් තරහා ගිහිල්ලානේ......

      කැම්පස් ගිය උන් ගොන්නුනං ඔය ලෙඩක් දුකක් වුණාම බෙහෙත් ගන්න යන හැම එකාම ගොනෙක්. ඔය වාහන පැදගෙන යන පාරවල් හැම එකක්ම හදලා සහ අධීක්ෂණය කරලා තියෙන්නෙත් ගොන්නු. ඉස්කෝලේ උගන්නපු බහුතරයත් ගොන්නු. රටේ පරිපාලන සේවයේ ඉන්න සමස්තය ගොන්නු..........

      මේක විශ්විද්‍යාලයේ යන්න හැකි වීම සහ නොහැකිවීම කියන පුද්ගලික අදහසින් ගන්න එපා. මෙතැන කතා කරන්නේ වෙන දෙයක්.........

      Delete
    3. ඔව් $^&*#% අපි හැමෝම ගොන්නු. උඹ කිව්වෙ ඇත්ත.

      Delete
  4. රැග් කිරිම සම්බන්ධව මමනම් දරන්නේ මධ්‍යස්ථ අදහසක්. කොහොම උනත් වර්ථමානය වනවිට දරුණු ආකාරයට මානසික හා කායික පීඩාවන්ට ලක් කෙරන සිදූවීම් එන්න එන්නම වැඩි වන බවක් තියනවා. එතන තමයි ලොකුම ගැටලුව. කෙනෙකුට ඒක මුලු ජීවිතේටම බලපාන්න පුලුවන්. දැනට වසර ගානකට කලින් අපේ ගම් පැත්තේ වෛද්‍ය වරයකුගේ පුතෙක් මැරැණා නවක වදය නිසා. ඔහුගේ ගුද මාර්ගයට සිග්නල් ටියුබ් එකක් ඇතුල් කරලා මිරිකලා ඉතා අමානුෂිකව වද දීලා තිබුනා. ඒකෙන් පස්සේ ඒ වෛද්‍යවරයත් අසනීප වුනා. එහෙම දේවල් වෙන එක ලොකු ගැටලුවක්. අනිත් පැත්තෙන් සමාජභීතිකාවෙන් හුදකලාව ලමිස්සියෙක් වගේ හිටපු මගේ ඥාති සහෝදරයා කොල්ලෙක් වගේ හැසිරෙන්න ගත්තේ රැග් එක ලැබුනට පස්සේ.

    ReplyDelete
    Replies
    1. මනෝ උඹ මුලින් කියපු දේවල් වගේ අවස්ථාවන් අපි කිසිසේත් ම සාධාරණීකරණය කරන්න යන්නේ නැහැ. ඒවා වැරදියි. මේක ලියපු මට තියෙන්නේ කැළණිය විශ්ව විද්‍යාලයේ 2005-2009 කාලේ ගැන අත්දැකීම් විතරයි. මං කතා කරන්නේ ඒවා මුල්කරගෙන. මේ සිද්ධිය කැළණිය ගැනම නිසා මේ සාකච්ඡාවට අදහසක් දක්වන්නයි හිතුවේ.

      මං කියන්නෙත් උඹ කියනවා වගේ අමානුෂික දේවල් ගැන නෙමෙයි. ඒ හරහා ගොඩනැගෙන පෞරුෂය හා සහජීවනය වගේ දෙවල් ගැන තමයි. අපිත් සමාජයේ ජීවත් වෙන්න ඉගෙන ගත්තේ කැම්පස් එකෙන්. ඒකට රැග් එකේ ලොකු සම්බන්ධයක් තිබුණා.

      මෙහෙම දේකුත් තියෙනවා මනෝ දැන් දැන් මාධ්‍ය හරහා හැමදේම සමාජගත වෙන නිසා ඉස්සරට වඩා දැන් බරපතලයි කියලා හිතෙනවා. ඒත් ඇත්ත තමා එන්න එන්නම මේක අඩු වෙනවා මිසක් වැඩි වෙනවා නෙමෙයි..........

      Delete
    2. මගේ පෞද්ගලික අදහසනම් කායික මානසික පීඩා ඇති නොවන අනෙක් සුලු දේවල් ජාතික ප්‍රශ්න තලයේ ලා සැලකිය යුතු නොවන බව. ඒ අවුරුදු කිහිපයට එහෙම දේවලුත් තියෙන්න ඕන. කැම්පස් කිව්වම බලන දෘෂ්ඨිකෝණයේ වෙනසක් තියන නිසා ඒ සිසුන් කරන හැම දෙයක්ම සමාජයේ නිරන්තර අවධානයට යොමු වෙනවා,සාකච්ඡාවට ලක් වෙනවා වගේම විවචෙනයට ලක් වෙනවා. කැම්පස් ලමයි මාර්ගඵල ලාභින් වගේ කිසිම වැරද්දක් නැතිව ජීවත් වෙන්න ඕන කියන අදහසක් සමාජයේ තියනවා. නමුත් ඒ අයත් අපි අතරම ඉන්න මිනිස්සුනේ ඉතින්.

      Delete
    3. මෙහෙමයි මචං මේ උප සංස්කෘතිය නිසා තමයි විශ්ව විද්‍යාල වල ළමයින්ගේ එකමුතුව වැඩි. උන් නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන්නෙ ඔය තියෙන අන්තරේ සහ අනෙකුත් සංවිධාන හින්දා. ඉතින් මේක කඩා දාන්නනං ඔය කියන උපසංස්කෘතිය බිද දැමීමට ආණ්ඩුවට අවශ්‍යයි. මේක මොන ආණ්ඩුව ආවත් කරන දෙයක්. හැබැයි මචං අදටත් අපිට මේ රටේ මේ තරම් හරි නිදහස් අධ්‍යාපනයක් තියෙන්නේ උන්ට පින්සිද්ධ වෙන්ටයි. නැත්තං කොහොමත් මේ රටේ කැම්පස් ටිකක් එංගලන්තේ ඇමරිකාවේ වගේ බුද්ධිමතුන්ට නොව සල්ලිකාරයින්ට විවෘත වෙලා ඉවරයි...........

      ඔය රැග් එකට විරුද්ධව කෑ ගහන හැත්ත මේ අතුරු ප්‍රතිඵල දකින්නේ නැහැ. උන්ගේ විරෝධය මහා කුහක විරෝධයක් විතරයි. කැම්පස් ළමයි මොනවා කරත් උන් විවේචනය කරනවා. අපි විරුද්ධ ඔය අරුත්සුන් විචාරයන්ටයි. ඒක නෙමෙයි විය යුත්තේ හරි සංවාදයක් අස්සේ අන්තරය සහ ශිෂ්‍ය සංගම් සමගද සාකච්ඡා කරලා හරි විසදුමකට යෑමයි. ඒ තුළ අමානුෂික වදයන් ඉවත් කිරීමට ළමුන් කැමති කරවා ගැනීමක් සහ ඔවුන්ට ඒකේ වගකීම දීම කළ හැකියි. එහෙම නැතුව අර ඉස්කෝල වල වගේ වේවැල අතට අරන් කරන්න හැකි දෙයක් නෙමෙයි මේක. මේ ඉන්නේ ඉස්කෝලේ යන ගෙවල් වල අම්මලා නැලවිලි කවි කියලා නිදි කරවන ප්‍රාථමික පන්ති වල ළමයි නෙමෙයි. මේ ආචාර්යවරුන්ට සහ පාලකයින්ට වැරදිලා තියෙන්නේ ඔතනයි.

      මේවා විවේචනය කරන උන්ගෙන් අහන්න තියෙන්නේ ‘‘හරි මොකක්ද මේකට කරන්න ඕනේ පිළියම කියලා සහ මේක කරන්න ඕනේ විදිහ මොකක් ද“ කියලා තමා. ඇත්තට ම උන්ට පැහැදිලි අදහසක් නැහැ. උන් නිකන්ම නිකං විවේචනය කරනවා විතරයි.

      Delete
  5. පොස්ටුව නම් රසවත්...ඒත් නවකවදය නම් බොහොම අපුල දනවන දෙයක්...රටේ මහජනතාවගේ සල්ලි වලින් ජිවත් වෙන, තමන් විසින් තමන්ව පෝෂණය කර ගැනීමට පවා හැකියාවක් නැති, තරුණ පිරිසකගේ, අසහනය පිට කර ගන්නා ක්‍රමයක් මේක...වෙනත් රටවලුත් එක්ක සසදුවාම මේ තත්වය බොහොම කනගාටුදායකයි...කෙනෙක් දැන හඳුනා ගැනීමට භාවිතා වන ක්‍රම වේද සකස් වෙලා තියෙන්නේ වදයක් විදියට නම්, ඒ දේවල් අනුමත කරන්න බැහැ...

    ReplyDelete
    Replies
    1. සහමුලින්ම එකඟයි.

      Delete
    2. පොකුරු මේක නිකන් ම නිකං දැනහදුනා ගැනීමක් නෙමෙයි. මේක විශ්ව විද්‍යාල උපසංස්කෘතිය කියන එකේ පදනම වගේ දෙයක්. සමහරු කියනවා විශ්ව විද්‍යාල කියන්නේ මුදවා නොගත් ප්‍රෙද්ශ වගේ දෙයක් කියලා. ඒ තරම් ඒක තුළ වෙනමම සංස්කෘතියක් තියෙනවා. මේකේ ඉන්නේ අවුරුදු 20-25 අතර වගේ හොදම තරුණ වයසේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ දහස් ගාණක්. අපි ඉස්කෝල වල ගත්තොත් පන්ති වල පවා කොයිතරම් වලි යනවාද? ඒත් විශ්ව විද්‍යාලය තුළ ඒ කියන විදිහේ ගැටුම් යාලුවෝ අතර නැහැ. (අල-පොදු ගැටුම කියන්නේ වෙනමම දෙයක්) අනික තමා ඕනෙම දෙයක් තර්ක විතර්ක වලින් ඉවර වෙනවා මිසක් සටන් බැහැ. එහෙම වුණොත් හොස්ටල් එකේ නං ගහගත්තු දෙන්නා ම එලවනවා. (මගේ ජීවිතයේත් ඒ විදිහට එලවපු අවස්ථාවක් දැක්කා) ඔය කියන විදිහට තරුණ පිරිසක් යම් පාලනයක් යටතේ තියන්නට රැග එකට හා විශ්ව විද්‍යාල උපසංස්කෘතියට හැකි වෙලා තියෙනවා. (මේවා විතරක් නෙමෙයි අපිට විශ්ව විද්‍යාලය තුළ ෂෝට් අදින්න බැහැ. ඒ වගේ තවත් දේවල් තියෙනවා. ඒවා හරහා යම් සීමාවක් තුළ අපිව පාලනය කරා) නමුත් දැන් කරන්න හදන්නේ මේ සියල්ලම නොදැක එක දෙයක් දිහා බලලා ඒක විනාශ කිරීමක්. මේකේ අතුරු ප්‍රතිඵල අපිට ඉස්සරහාට දකින්න හැකි වෙයි. එතකොට විශ්ව විද්‍යාල අස්සේ මැරයෝ ඇවිත් දේශපාලනය කරලා මිනී මරන්න ගත්තා ම අපි මැරෙන ගාන ගණන් කරමුකෝ නේද???????

      Delete
    3. කුරුටු, දැන් එතකොට ලෝකේ හැම සරසවියකම මැරයෝ බිහි වෙනවද?
      අපි ගිය යුනි වල ඔහොම ක්‍රියාකාරකම් තිබ්බේ නෑ.
      ඔයාලා වගෙ ළමයිවත් මෙයිට ඉස්සරහට ගිහින් අලුතෙන් හිතන්න.

      Delete
    4. පොඩි දෙයක් අල්ලං තර්ක ගොඩනගන්න එපා මචං. අපි මේ ලංකාවේ කැම්පස් ගැන කතා කරන්නේ. අපේ රටේ නාගරික සහ ග්‍රාමීය අංශ ගත්තා ම ලොකු ගැප් එකක් තියෙන පිරිසක් කැම්පස් එනවා. අනික තමා මචං විදේශීය අධ්‍යාපන ක්‍රමයක් එක්ක මුළුමනින් ම මේක ගලපන්න අමාරුයි මචං. ඒ වගේ ම තියෙන දෙයක් තේරුම් නොගෙන කඩා බිද දැමීම ගැන ඔබ බහුතරය කතා කරාට ඒ ක්‍රමය තුළින් සිද්ධ වෙන පාලනය ඊට පස්සේ වෙන්නේ කොහොම ද කියලා කවුරුත් කතා කරනවාද???????? ඒ නිසා ඔය බහුතරයට තියෙන්නේ කැම්පස් ගැන වෛරයක් මිසක් අමානුෂිකත්වය ගැන අමාරුවක් නෙමෙයි.

      මෙහෙම කියමුකෝ රැග් එකේ අඩුපාඩු අපි ඕන තරම් කියන්නම්. ඒත් ඒක විවේචනය කරන උන්ගෙන් ඒකේ තියෙන හොද ගැන ඇහුවොත් එකක්වත් කියන්නේ නැහැ. ඒ කියන්නේ ම ඔවුන් විවේචනය කරාට මේක ගැන මනා අවබෝධයක් නැහැ. අනික තමා ඔය උඩ පැන පැන කෑ ගහන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් අහන්නකෝ රැග් වෙලාම නැද්ද????? රැග් කරලාම නැද්ද කියලා..... ගොඩක් දෙනෙක් ගොලු වෙනවා ෂුවර්....

      Delete
    5. හරි. මෙහෙමයි කුරුටු ඔයාට ඕනේ ඕක සාදාරණීකරණය කරගන්නනේ. ඒකට කමක් නෑ.
      අපි රටෙන් එලියට ඇවිත් එක එක තැන්වල මිනිස්සු එක්ක මික්ස් වෙලා අද වෙනකොට යම් යම් දේවල් එක්ක ක්‍රියාකාරී වෙනවා. මිනිස්සු අඳුනගන්නවා. සමාජයේ අපිට තැනක් හදාගන්නවා. අපි සමාජයට යමක් දෙනවා. අපි ගැවසෙන සමාජ වපසරියත් වැඩියි. රට රටවල මිනිස්සු. ඒ විතරක් නෙමෙයි ඕනෙම වෙලාවක හරි දේ වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්කමක් තියෙනවා.
      අද කවුරුහරි නිකම්ම නිකම් බයිලා ප්‍රමෝට් කර කර උප සංස්කෘතියි අරවයි මේවයි කිය කිය ඒවා හින්දා සමාජය පැවතෙන්නේ කියනවා නම් ඒවට අපිට හිනා යනවා. සමාන්‍යෙන් උගත් ළමයින් නේ ලංකාවේ කැම්පස් යන්නේ. ඒත් මේ දේවල් වලින් තේරෙන්නේ එහෙම නෑ කියන එකයි. උගත්කම අසහනයෙන් වහගෙන ඒ ගැන උප සංස්කෘති ගැන කියවීම.
      කොන්දක් හදාගන්න ඔය රැග් ඕනේ නෑ කුරුටු. පෞරුෂය හදාගන්න එයිට වඩා ඩේවල් තියෙනවා කරන්න. මෙතනත් අපි කත කරන්නේ එයින් එකක්.
      no offense at all.

      Delete
    6. හොද සංවාදයකට ආපු එක ගැන සතුටුයි මචං.

      රටින් එළියට ගිහිල්ලා මුදලට විශ්ව විද්‍යාලයක ඉගෙන ගැනීමයි ලංකාව ඇතුළේ ඒ ලෙවල් පාස් වෙලා විශ්ව විද්‍යාලයක නොමිලේ ඉගෙන ගැනීමයි කියන්නේ දෙකක් මචං. මං කියන්නම්කෝ දැනට වසර කිහිපයකට කලින් විශ්ව විද්‍යාල වල නවාතැන් පහසුකම් වල තත්වය. විශ්ව විද්‍යාලයේ ළමුන් ගානට හොස්ටල් කාමර නැහැ. එක කාමරේකට ළමයි 4 ක් දාන විදිහට තමා කාමර වල ඇදවල් හදලා තියෙන්නේ. ඒකේ ඉඩ 4 කට ඇති ද කියන එක වෙනම ගැටලුවක්. ඒත් විශ්වාස කරන්න මචං අපේ අවසන් වසරේදී විතරක් කාමරේ 13 ක් හිටියා. තනි ඇදේ දෙපැත්තට දාලා 8 ක් නිදියනවා. බිම තවත් දෙපැත්තට දාලා 4 ක් නිදියනවා. කාමරේට අන්තිමට ගිය සාමාජිකයා මං නිසා කාමරේ 13 ම ඉන්න දවස් වලට මං වෙනත් කාමරේක ගෙදර ගිය එකෙකුගේ ඇදක් හොයා ගන්න ඕනේ. ඒක කරන්නත් තවත් තරගකරුවන් රැසක් ඉන්නවා. ඔය තමා ලංකාවේ අදටත් විශ්ව විද්‍යාල වල නවාතැන් පහසුකම් තත්වය. දැන් මචං මේකද ඔය කියන විදේශ විශ්ව විද්‍යාලයත් එක්ක සන්සන්දනය කරන්නේ. අපිට තියා හොස්ටල් හිටපු අති බහුතරයකට සල්ලි නැහැ. වේල් තුන කාලා ඉන්නෙත් අමාරුවෙන්. ඉතින් කොළඹ පැත්තේ බෝඩිම් වලට ගෙවන්නේ කොහොමද,?????? කැම්පස් යන කාලෙත් අපි ඉගෙන ගන්න විතරක් නෙමෙයි ගෙදරටත් වියදම් කරන්න සල්ලි හෙව්වා. අපි දන්න හැම එකාම එහෙමයි.

      මෙහෙම කාමරේක කොච්චරක් හිටියත් කවදාවත් කවුරුවත් වචනයක්වත් කියන්නැහැ. එහෙම කියන්න බැරි අර කිව්ව උපසංස්කෘතියෙන් ඒක හදලා තිබුණ නිසා. උඹට අනුව මේවා වැරදිද දන්නැහැ. ඒත් ඔය තත්වයන් දෙක ගලපද්දි ගැටලු තියෙනවා. අපි ආයෙමත් කියන්නේ මුල් බැහැගත්තු ක්‍රමයක් වෙනස් කරන විදිහ ඒක විනාශ කිරීම විතරක් ම නෙමෙයි කියලයි මචං. මං හිතන්නේ අපි කියන දේ වරදවා වටහා ගන්න එකයි වැරැද්ද.......

      Delete
    7. Buru Babe,
      මේක තවම ලංකාව යුරෝපේ නෙවෙයි.

      මං එහෙම කියන්නේ හේතු ඇතුව. එක උදාහරනයක් විතරක් කියන්නම්.

      මේ ලඟදි මං ජපුර කැම්පස් එකට ගියා වැඩකට. ඒ වෙලාවෙ හම්බෙච්ච මගෙ මිතුරියක් කිව්වා මෙහෙම කතාවක්. දැන් කැම්පස් එකේ ඉන්නෙ රස්තියාදුකාරයෝ. ඉස්සරනම් ඇතුලෙදි කිසිම කෙල්ලෙකුට රස්ත ක්‍රමේට කොලොප්පම් කරන්න බෑ. ඇතුලෙදි කෑලි නෑ. ඒත් දැන් සෑහෙන්න වෙනස් වෙලාලු. කොල්ලො කිහිපදෙනෙක් කෙල්ලො පස්සෙන් ගිහින් අසීලාචාර ලෙස හැසිරීමක් ගැන අද්දැකීමකුත් කිව්ව. මං හිතන්නේ මේ රැගිං නැති වීම නිසා වෙච්ච දෙයක්. 2010 ඉඳන් එස්.බී. ලොක්ක කරපු බරපතල ම හානිවලින් එකක්. දැන් වෙන්නේ (ගිය අව්රුද්ද වෙනකල්) මාස හත අටක් තිස්සේ තියාගෙන නිකං පිස්සු නැටීමක්. මේ අව්රුද්දේ පහරදීම් ගැනත් ඇහුනා. මේ කුරුටු කියන ප්‍රශ්නේ නිසයි මෙහෙම වෙලා තියෙන්නෙ. රැග් නොවුනු පිරිසක් කොහොමද රැගිං ගැන දන්නෙ. උන්ට හිතෙන රැග් දෙන්නෙ. ආපු ක්‍රමේ තිබුනනම් යම් යම් වෙනස්කම් සහිතව හෝ නිසි ක්‍රමවේදයක් ඉස්සරහට එනව. අපේ කාලෙත් සැබ?ෑ වදයන් නැතුවා නෙවෙයි. ඒවාට හැමදාම මං විරුද්දයි. ඒත් යම් සීමාවක් තුල එය තිබිය යුතුයි කියන අදහසේ මං ඉන්නෙ. කැම්පස් ගැන මාද්‍ය කියන දේ නිවැරදිම නෑ කියන අදහසත් මට තියෙනව. ඒ කාලෙ ඒ වගේ බොරු කියපු අවස්තාත් එමට තිබුන. අපි හැබැහින් අත්විඳපු දේ මාද්‍ය වෙනස්ම විදිහට වාර්තා කලා.

      Delete
    8. මේ ගැන කතා කළාට ස්තූතියි මචං.............

      ඇත්තට ම කැළණිය ගැන ගත්තාම තත්වයත් ඕකම තමා. අපි කැම්පස් ඉන්න කාලේ කැළණියේ දුටුගැමුණු ඕකට අතදාන්න ගත්තා. අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම් කරමින් සරසවිය තුළ තිබුණ ක්‍රමයට බලපෑම් කරලා අර අපි කලින් කිව්ව විදිහට මේක කඩන්න හැදුවා. ඒකේ අතුරු ප්‍රථිපල තමයි මේ....... මේක හරියට තේරුම් අරන් මේක වෙනස් කරන්න ඕනේ විදිහ නොදැන මැදින් පැනලා කඩන්න ගියාම වෙන්නේ මේකයි. විශ්ව විද්‍යාල ඇතුළේ තියෙන දේශපාලනයක් තියෙනවා. අපි ඇත්ත කතා කරන්න එපැයි. අපි හිටපු කාලේ ඒක ජවිපෙ දැන්නම් පෙරටුගාමී මේක ආක්‍රමණය කරලා තියෙනවා. ඉතින් එළියේ ඉන්න ආණ්ඩු වලට ඕනේ මේක කඩන්න. උන්ගේ අවශ්‍යතාවය එච්චරයි. ඒත් ඒක කරන්න ගියාම වෙන අනික් දේවල් ගැන එයාලා හිතන්නේ නැහැ....... (අපි අන්තරය හෝ ශිෂ්‍ය සංගම් එක්ක කිසිම ගණුදෙනුවක් නොකළ බවත් කියන්න ම වෙනවා)

      //රැග් නොවුනු පිරිසක් කොහොමද රැගිං ගැන දන්නෙ// මේක ඇත්තම ඇත්ත මචං.... දැන් වෙන්නේ රැග් එක මැදින් මැදින් ක්‍රමයක් නැතුව කඩලා දැම්මාම මෙහෙම දේවල් වෙනවා. මේක පාලනය කළ යුත්තේ ක්‍රමවත්ව. ඒකෙන් දැනට තියෙන හොද දේවල් විනාශ විය යුතු නැහැ. අනික තමා වෙනස් කරන දේ තුළින් වෙන වෙනස්වීමේ බලපෑම ගැනත් අපිට අවබෝධයක් තිබිය යුතුයි මචං........ මේවා නැතුව හිතුමනාපේ ඇගිලි ගැහීම් ගැලපෙන්නැහැ.......

      Delete
  6. මචං, මං මගෙ කට වහගන්නවා. ඒ මොකද මට මේකේ උං එක්ක හෙන බාල්දියක් ඇදගන්න වෙන නිසා. වලි වලට සෙත් වෙලා නිකං කාලෙ නාස්ති කරනවට වඩා හොඳයි මේ වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් කරන එක. මං යනව තුෂාරයො. රැග් එකේ තියෙන හොඳත් නරකත් දෙක ම මේ හැමෝම තේරුම් ගනිත්වා කියන ප්‍රාර්තනයත් අන්තිමට කරනව.

    ReplyDelete
    Replies
    1. ඒත් උඹලා වගේ අත්දැකීමක් තියෙන උන්ට යමක් කිවහැකියි කියලා මං හිතනවා........

      Delete
  7. විස්ස විද්‍යාලේ යන්නේ ඉගෙන ගන්න නම් ඒක කරන එක නේද යුතු....මන්දා මේ රට වල නම් ඔය බහුබූත වැඩ නෑ ඉගෙන ගන්න එකා අපුරැවට ඕන ඇදුමක් ඇදන් ඉගෙන ගන්නවා... මං දැක්කා ෆේස් බුකියේ ඔය සිද්දිය සම්බන්දව දාලා තිබ්බ පෝස්ට් එකක විස්ස විදයාල හරක් පැටව් දෙන්නෙක් ඒ ගැනු ළමයට විස්ස විද්‍යාලය එපා කරවනවා කියලා... හොදම දේ තමන්ගේ පාඩුවේ කැමති ඇදුමක් ඇදන් ඉගෙන ගෙන රටට වැඩදායි පුද්ගලයෙක් වෙන එක (මගේ මතය)

    ReplyDelete
    Replies
    1. ඔය ඇදුම් ගැන කතාව නං ඇත්තට ම සොයා බලා කළ යුත්තක් කිඹුලි. මමයි මගේ බිරිදයි දෙන්නා ම කැළණිය විශ්ව විද්‍යාලයේ එකම බැච් එකේ. මගේ බිරිදත් ඔය කියන ගැහැණු දරුවා වගේ ම රැග් වුණා. මං උඩිනුත් ඒ ගැන කිව්වා. අපේ විශ්ව විද්‍යාලයේ කිසිම දවසක ඇදුම් ගැන ලොකු පානයක් කරේ නැහැ. ඒත් අසභ්‍ය මට්ටමේ නොගැලපෙන ඇදුම් ගැන නං පාලනය කරන්න උත්සහ කිරීමක් තිබුණා කියලා මතකයි. ඒ කියන්නේ ගල් දෙකම එළියේ දාගෙන පට්ට කොට ෂෝටක් ගහගෙන කෙල්ලෙක් ආවොත් ඒක එපා කියලා කියනවා. ඒ ඇරෙන්න අපේ කැම්පස් එකේ ඇදුම් වලට විරෝධයක් දාන අවස්ථා හොදට ම අඩුයි..... ඒකයි මේ සිද්ධය ගැන ටිකක් හොදට බැලිය යුතුයි කියලා කියන්නේ......

      Delete
    2. අය්යෙ ප්‍රශ්නයක් ඔයා කැළණියේ මොන ෆැකල්ටි එකේද හිටියෙ.ඔයාල ඒ කාලෙ පලවෙනි වසරෙ ගෑනු ළමයින්ට සායවල් ඇඳන් එන එක අනිවාර්ය කරේ නැතිද ?

      Delete
    3. කැළණියේ ආට්ස් ෆැකල්ටියේ............ මට මතක විදිහට කලිසම් ඇදීමට පාලනයක් තිබුණා තමා. නමුත් තෙල්බැම්මේ රැග් කිරීම (දහවල් වරුවේ දේශන වලට යන එන සිසු සිසුවියන්ට රැග් කිිරීම) නොකළ නිසා ඒ ගැන ලොකු මතකයක් නැහැ........

      Delete
  8. නවක වද වධකයන් සතු පොදු ලක්‍ෂණ කීපයක් තියනවා
    1) හීනමානය (හීනමානය මතුවන්නේ කුල පීඩනය / දරිද්‍රතාව / සමාජ අවස්ථා අඩු බව / ශරීරගේ අඩුපාඩු නිසා මතු වන ඩිස්මෝර්ෆික් තත්වය Body dysmorphic conditions)
    2) පවුරුෂ අක්‍රමතා (anti social personality / borderline personality)
    3) ළමා කාලයේ කාංසාමය තත්වයන්ට යොමු වී තිබීම. ​ මාතෘ / පීතෘ දුර්ස්ථකරණයට ලක් වීම , අපයෝජනයන්ට ලක්වී තිබීම
    4) බාහිර ක්‍රියාකාරකම් නිර්මානශීලීතාව වැනි දක්‍ෂතා අඩු බව
    5) කන්ඩායම් තත්ව වලදී ඉස්මතුවීම සඳහා දරන ප්‍රයත්නය කැපී පෙනීම​ට අන් අයගේ අවධානයට ලක් වීම සඳහා ඕනෑම අවධානමක් කර ගැසීම
    6) තමන් කෙරෙහි මෙන්ම සමාජය කෙරෙහි ඇති වෛරය
    7) සාමාජීය හුදකලභාවය සහ එය වසන් කිරීමට දරන අධි ප්‍රයත්නය
    8) අන්තවාදීබව සහ ධ්‍රැවගත චින්තනය ( සියල්ල කලු සුදු ලෙස දැකීම​) (polarized thinking)
    9) අඩු සහනුභූතිය (lack of empathy)
    10) පරපීඩා කාමුකත්වය (sadism)

    ReplyDelete
    Replies
    1. හත්තිලව්වයි රැග් වුණ සහ කරපු එකෙක් හැටියට මේ ඔක්කොම මටත් ඇති නේද????????? 

      Delete
    2. trans, u should write a proper blog about this.

      Delete
    3. හුට්ටපටස්. ට්‍රාන්ස් නරකද ලංකාවට ඇවිත් හැබෑටම මේ අයට ඔබ කියන රෝග තියෙනවද කියලා හොඳ රිසර්ච් එකක් කරොත්?

      Delete
  9. මට අහන්න තියෙන්නේ හරිම සරල ප්‍රශ්නයක් ලෝකයේ ඉහලම පෙලේ විශ්ව විද්‍යාල වල මේ නවක වාදය නෑ නේද ? නමුත් ඔවුන් ලොව පිළිගත් නිර්මාණ වගේම තම අංශයේ විශිෂ්ට සොයාගැනීම් ලෝකයට ඉදිරිපත් කරනවා.

    ඔබ කියන නවක වදයෙන් පන්නරය ලබපු ශ්‍රී ලංකාවට ලෝකයට ඉදිරිපත් කිරීමට පුළුවන් වුන නව සයාගනිමක් මතකද (සමහර විට මේ අමානුෂික නවක වදය වෙන්න ඇති )

    ඔබට මතකද දක්ෂ දමිල සිසුවෙක් වාරප්‍රගාෂ් වගේ තමයි මට නම මතක මේ තොපේ විකාර වැඩ නිසා ජීවිතය නැතිවුනා.

    මේ පිස්සුව කොච්චර දුරදිග ගිහින් තියනවද කියනවනම් සමහර විශාල ආයතන තියනවා ශ්‍රී ලනාකික උපාදිදරින් බදවාගනිමේදී සමහර ශ්‍රී ලංකික විස්ව ව්ද්යාල වලින් බදවාගන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. Agree: මට අහන්න තියෙන්නේ හරිම සරල ප්‍රශ්නයක් ලෝකයේ ඉහලම පෙලේ විශ්ව විද්‍යාල වල මේ නවක වාදය නෑ නේද ? නමුත් ඔවුන් ලොව පිළිගත් නිර්මාණ වගේම තම අංශයේ විශිෂ්ට සොයාගැනීම් ලෝකයට ඉදිරිපත් කරනවා.

      Delete
    2. මෙහෙමයි ලාංකික..........

      ඇත්තට ම දැන් මේ පෝස්ටුවේ කියපු දේ වෙනම පැත්තකට යනවා. ඇත්තට ම මං කිව්වේ මට මතක් වුණ සිද්ධියක්. චිත්‍රපටයක් නොබලා නලීන් ද සිල්වා කරපු විචාරයක් ගැන.

      ඔය කියන ලෝකේ පට්ට දියුණු විශ්ව විද්‍යාලවල තත්වය අපේ රටේ තියෙන තත්වයට වඩා අතිශය වෙනස් මචං. දැන් වෙලා තියෙන ගැටලුව තමා මේ රැග් කියන එක තුළ එළියට පේන්නේ වද දෙන එකක් ගැන විතරයි. නමුත් ඒක එකම එක දෙයක් විතරයි. ඒ ඇරෙන්න මේ උපසංස්කෘතිය අස්සේ තියෙන දේවල් අති විශාලයි. ඒවා ගැන කවුරුවත් කතා කරන්නැහැ. ඒ තුළ තියෙන පාලනය, සහෝදරත්වය, මානුෂික හැගීම, පෞරුෂ වර්ධනය, මේවා ගැන කවුරුවත් දකින්නැහැ. අපි දැන් මේ මහා ලොකුවට මානව අයිතීන් ගැන කතා කරන බටහිර රටවල් දියුණු වුණේ වහල් සේවය වගේ තුච්ඡ දේවල් තුළින්...... ඒ හරහා නැගිටපු උන් දැන් අපේ රටවල් වල තියෙන ක්‍රමවේදයන් ලැජ්ජා නැතුව විවේචනය කරනවා. ඔය කැම්පස් ගැන කතාවත් එහෙමම තමයි මචං......

      Delete
    3. මචෝ,
      මෙතන තියන්නේ පර පිඩක කාමුකත්වය.
      මේ දුප්පත් ළමයින්ගේ දෙමාපියන් තමන්ගේ කුබුරු උගස් තියල මේවට එවල තියන්නේ මෙහෙම පිස්සු කෙලින්න නෙමෙයි.

      මෙවැනි මානසිකත්වයක් ඇති අය පුද්ගලික අංශය ප්‍රතික්ෂේප කරනවා අන්තිමට ඉතිරිවන්නේ රාජ්‍ය අංශය (අද රජය අංශය ගැන බලුවහම මේක පැහැදිලියි ) මේ මිනිසුන්ට කණ්ඩායමක් ලෙස වැඩකිරීමට බෑ.

      ඔබ බිල් ගේට්ස් ගේ චරිතකතාව කියවල තියනවනම් ඔහු කියනවා හාර්වර්ඩ් විශ්ව විද්‍යාලයේ තිබුන උප සංස්කෘතිය ගැන, ඒ තමයි පරිගණක අංශයේ නිපුණයන් එලිවෙනකම් කේත ලියපු කතාව. මෙහිදී ඔවුන් තවකකු පිඩනයට ලක්කරනවා වෙනුවට විවිද අත්හදාබැලීම් කරපු ආකාරය ගැන සදහන් වෙනවා.

      නමුත් ලංකාවේ වෙන්නේ කිසිම අංශයක නිපුණත්වය ඇතිකිරීමට මේ පිරිස උත්සාහ කරන්නේ නෑ.

      මම උදාහරනයුක් කියන්නම් ලෝක ප්‍රසිද්ධ http://www.lynda.com/ සේවය හර්වර්ඩ් විශ්වවිද්‍යාලය පාවිච්චි කරනවා http://lynda.harvard.edu/
      මෙහිදී සිසුන් විවිද විෂයන් ගැන අමතර ඉගැනීමක් කිරීමට පහසුකම් ලබාගන තියනවා.

      නමුත් ඔබ ශ්‍රී ලංකාව ගැන සොයන්න මේ කිසිම දෙයක් නෑ සිසුන් මේවා ඉල්ලනවා මමනම් දැකල නෑ.

      මෙවැනි වුර්තිය නිපුනත්වයක් නැති පරපිඩක කාමුකත්වය ඇති උපාදි සහතික ඇති මානසික රෝගීන්ගේ අවසාන නවා තැන මහින්ද වැනි කෙනෙක් ලබාදෙන රජයේ රස්සවක් පමණයි.

      මන් දන්නේ නෑ මේවා උබල කවද තේරුම් ගනීද කියල.

      Delete
    4. මචං උඹලා පටලා ගන්න තැන් කිහිපයක් තියෙනවා. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය විදේශ දියුණු අධ්‍යාපන ක්‍රම මට්ටමට දියුණු කිරීම කිසිම ගැටලුවක් නැහැ. ඒක කළ යුත්තේ ළමයින් නෙමෙයි ආචාර්යවරු සහ පාලකයින්. ඒකට රැග් එකේ බලපෑමක් නැහැ මචං....... ඒකට පරපීඩක කාමුකත්වය අදාල නැහැ කියලා උඹට තේරෙනවා නේද?????

      මෙහෙමනේ මචං කුඹුරු උකස්තියලා උගන්නන්නේ කැම්පස් ළමයින්ට විතරක් නෙමෙයි. බොහෝ විට පාසල් අධ්‍යාපනය තුළ දෙමාපියන් කොච්චර වියදම් කරනවාද????? ඒත් ඒ කාලේ සිගරට් බීගෙන අරක්කු බීගෙන කැලේ පැනපු උන් අපි අතර එකෙක්වත් නැද්ද??????? ඒ කාලේ ගෙදරින් හොරෙන් සල්ලි උස්සලා කරපු වැඩ දැන් මතක නැද්ද????? /මචං ඔය තර්ක කැම්පස් ළමයින්ට විතරක් ගාවන්න එපා. උනුත් මේ රටේම තරුණයින්..... තරුණ කාලේ උඹලා අපි කරපුවා උනුත් කරනවා..... ඒක නෙමෙයි මචං වැරැද්ද..... අවුල තියෙන්නේ උඹලා හිතනවාට වඩා වෙනස් තැනක.... ඒ නිසා ඔය කලු කණ්ණාඩිය ගලවලා මේක දිහා බලපං......... එතකොට තේරේවි.......

      Delete
    5. දැනට තියෙන පහසුකම් ටික හරි තියෙන්නෙ ළමයි කෑ ගහන නිසා.තනියෙන් කෑ ගහන්න බෑ නෙ.එලියට දානවානෙ.ඉතින් කට්ටිය එක් කරන්න ඕනෙ හොඳින් හරි නරකින් හරි. ඔය කැම්පස් වල තියන පහසුකම්,සබ්ජෙක්ට් අළුත් වීමත් එක්ක රැග් එකේ තීව්‍රතාවය වෙනස් කියල පේන්නෙ නැද්ද හැබෑට?

      Delete
    6. ගස් උඹ කියන දේ හරි...........

      ඇත්තම කතාව තමා ඉස්සර තිබුණ රැග් එක අපිවත් කාලා නැහැ. ඇත්තට ම අපි කාපු හැම දේම අනික් බැච් එකට දුන්නෙත් නැහැ. ඒක අවුරුද්දෙන් අවුරුද්ද අඩු වුණා. අනික් පැත්තට පහසුකම් වැඩි වීම සහ විෂයන් අලුත්වීමත් පාලනය වෙනස් වීමත් සමග මේ කියන රැග් එක පැහැදිලිව ම වෙනස් වෙලා තියෙනවා. අනික තමා ආචාර්යවරුන් සහ ශිෂ්‍යයන් අතර මේ කියන රැග් එක ගැන ගැටුමක් හැමදාම තිබුණා. ඒ නිසා මේක යම් යම් වෙනස් වීම් වලටත් ලක් වෙලා තියෙනවා.

      මචං මේක දිහා බැලුය යුත්තේ පොඩිදරුවෙක්ට ගහලා හදාගන්න බලන දෙමාපියෝ විදිහට හෝ පන්තියේ දී ළමයින්ට වේවැල පෙන්නලා බය කරන ගුරුවරු විදිහට මේක දිහා බලන්න බැහැ. ඊට වඩා මේක බැරෑරුම් මුල්බැසගත්තු දෙයක් විදිහට දැකිය යුතුයි......

      Delete
    7. ගස් සහ කුරුට්ස්........අයිතින් දිනා ගැනීම වෙනුවෙන් පෙනී සිටීමයි, මේ අශීලාචාරත්වයයි පටලන්න එපා සහ පටලවගන්න එපා. ආන්ඩුවට වෙන ඇජෙන්ඩා එකක් ඇති. ඒත් මේ වෙන කතාවක්. මේ දෙක එකට පූට්ටු කරොත් දෙකෙන් එකකටවත් විසඳුම් හොයන්න අමාරුවෙයි.

      Delete
    8. මෙහෙමයි අරූ..............

      කැම්පස් එකේ තියෙන උප සංස්කෘතියේ අංග එකින් එක ගැලවලා වෙනම අරන් පෙන්නන්න අමාරුයි... මේ හැම එකක් ම එකට බැදිලා තියෙන්නේ..... ඔය කියන අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම ගැන ඇගට දෙන්නේ රැග් එක ඇතුළෙමයි. ඒ වෙනුවෙන් කතා කරන්න පෙළඹෙන්නෙත් ඒ ඇතුළෙදිමයි. ඉතින් මේවා වෙන් කර ගැනීම අපහසුයි අරූ.......

      Delete
    9. අරූ අයියෙ මෙතන මගෙ අදහස මෙහෙමයි... යකඩ ගෝනියටත් ගුල්ලො ගහන්න පටන් අරන් තියෙන වෙලාවෙ හාල් ගෝනියේ ගුල්ලො කොච්චර අයින් කරත් වැඩක් නෑ.දැං තියෙන තත්වෙ අමුවෙන්ම කිව්වොතින් එහෙමයි.
      රිසර්ච් කරන්නෑ කියල අපි කෑ ගැහුවට කරන්න ගිය කෙනා තමයි දන්නෙ ඒකෙ කට්ට.හොඳම උදාහරනෙ ගස්ලබ්බගෙ අක්ක.කොච්චර ආස හිතුනද කියනව නම් දැන් රටෙනුත් ගිහින් නිකන්ම නිකන් ඉන්නවා.
      මොරටුවෙ ප්‍රොපාල ඇදං යන ඒව තියෙනවා.ඒවගෙන් අපි ලෝක මට්ටමට අභියෝග කරන ප්‍රතිඵල දීල තියෙනවා.අපේ කැම්පස් ළමයි පිස්සො වත් මැට්ටො වත් නෙමෙයි.ගහපියව් හිරේ දාපියව් මනසින් එහාට ගිහින් පුළුල් විසඳුමකට යන්න කැප වෙන්නයි ඕනෙ.ඒක කරන්න පුළුවන් රජයකට විතරයි.

      Delete
    10. මේ ලංකා සිතුවිලි කියන බුවා නලින්ද සිල්වා ගේ හොඳ ගෝලයෙක් වග පෙනෙනවා. ඔය නලින් උන්නැහේ තමයි තොපිට ඉංග්‍රීසි බෑ කියලා කැම්පස් එකේ දී කොල්ලොන්ට නොන්ඩි කර කර රුපවාහිනී වල ගිහින් බුදු ටෝල්ක් දෙන්නේ.. ලංකා සිතිවිලි ගේ සිතිවිලි හරියටම ලංකාවේ වැඩි දෙනෙක් ගේ වගේ " අනිත් ඔක්කොම වැරදි මම තමයි හරි.. මම කියනදේ හැර වෙන කිසිදෙයක් පිළිගන්න බෑ " . මු ලියන එවා දැක්කම මට මතක් වෙන්නේ මාරා ගේ ගූ කන සරස බුවා. මු සමහර විට සාරසම වෙන්න ඉඩ තියෙනවා.. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ පොරවල් .. හිතන් ඉන්නේ අපිට උඩින් කාක්කෙක් වත් යන්න බෑ වගේ .. සාරසය වගේම ලොකු හිනමාන්කෙන් ඉන්න බුවෙක් වගේ..

      Delete
  10. කැළණිය විශ්වවිද්‍යාලේ ඇතුලෙදි මම පුද්ගලිකව දැක්ක දෙයක් මේක. මම මගේ රිසර්ච් සුපවයිසර් හම්බවෙන්න ගියා මාකටිං මැනේජ්මන්ට් එකට. කැන්ටිම පැත්තට යද්දී අලුත්උන්ට පහරදෙනවා අපි අපේ ඇස්වලින් දැක්කා. මමත් උන්ගේ dress cord එකට සමාන වෙන්න ඇදලා හිටියේ. ආපු සීනියර්ස්ලා සෙට් එක අපිත් ජුන්නෝ කියලා තග දාන්න ආව. අපි office ID එක පෙන්නලයි බේරිලා ආවේ.
    මොරටුවේ මම වැඩකරපු හින්දා එහෙ නම් රැග් එක නෑ කියලා කියන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. //අලුත්උන්ට පහරදෙනවා අපි අපේ ඇස්වලින් දැක්කා//

      මචං මමත් අවුරුදු 06 ක් විතර ඔය කැම්පස් එකේ හිටියාට කවදාවත් පහරදෙනවා දැකලා නැහැ. ඒ නිසා මේ ගැන නං කියන්න දන්නෑ මචං.....

      Delete
  11. හැක් හැක්. උඹලා ඔය අපේ ඩීන් තුමාට නේද යකුනේ හිනාවෙන්නෙ?

    අපිත් ඉස්සර හෙන ආසයි නලින් සර් ඇවිස්සිලා බනිනව අහන්න. අර ආසනික් වලිය තිබ්බ කාලෙ තමයි සයන්ස් එකේ උන්ට පට්ට ෆන් එකක් දුන්නෙ මීටින් එහෙම තිය තිය.

    ReplyDelete
    Replies
    1. බස්සි අන්න කතා කරනවානං මාතෘකාව...... පට්ට චරිතයක්.. ඇත්තට ම අමුතු චරිතයක් වුණාට මං මාර ආස කරපු චරිතයක්..... නලීන් සර් අපිට පට්ට විරුද්ධයි. අපිට දුටු තැන බනිනවා. ඒ නිසා අපි හැංගිලා තමා ඔවා අහන්න යන්නේ....... ඒ විතරක් නෙමෙයි දැන් ඔය උඩ පනින උපකුලපතිතුමා මගේ හිටපු ඩීන්....... ඒ කාලෙත් ඔය තරම් උනන්දුවක් තිබ්බද දන්නෑ........

      Delete
  12. අහෝ නලින් ද සිල්වා නොදුටි මොක්පුර. කවදාවත් නොදකිනු ඇත.

    මම නම් සුළඟ එනු පිණිස බැලුවයින් පස්සේ තමා විවේචනය කළේ

    ReplyDelete
    Replies
    1. අන්න විචා හොද විචාරකයෙක් වෙලා....... මං කියෙව්වා ඒ විචාරය ගැන. ඒකේ විවේචන වලට වඩා තිබුණේ හොද අගේ ඇති විචාරයක්නේ.........

      Delete
  13. නවකවදය සම්බන්දයෙන් මාධ්‍ය සහ මුහුණු පොතේ තියෙන බොහෝ දේවල් වැල කතාවල තියෙන සිද්ධිවගේ, තාර්කිකව මෙන්න මේ විදිහට සිද්ධවෙන්නේ කියල අනිත් කට්ටියට ලස්සන කතාවක් මවල දෙනව, මේ කියන කතාන්දරටික ඇහුවට පස්සේ දැනෙන්නේ

    1. කෙල්ලන්ගේ ඇදුම් ගලවල, ඌන්ට කොල්ලන්ගේ ජුන්ඩ අල්ලන්න දීල, විශ්ව විද්‍යාල ඇතුලේ කොල්ලො කෙල්ලො මාර ෆන් එකක් ගන්නව ඇති නේද වගේ දේවල් දැනෙනව මේව කියවගෙන යන කොට....

    2. ඊලගට කොල්ලො කෙල්ලො අතරේ මාර ෆිට් එකක් හදලා තියෙනව රැග් එකෙන් ඒක නිසා තමයි කට්ටිය එකාවගේ ඉන්නේ, යාලුවගේ මරණෙට මගුලට උදව්කරගෙන බොක්ක වගේ ඉන්නේ මේ රැග් එක නිසා........

    3. රැග් එක හරි සුන්දරයි, මාස 2, 3ක් කාපු කට්ට ජීවීත කාලයේම විදින්න පුලුවන්, මාර ලස්සසනයි........

    4. අන්තරේ කට්ටිය (පෙරටුගාමින්, ජවිෙපෙ )කොල්ලෝ එකතුකර ගන්නේ මේ විදිහට රැග් එක දීලා, කොල්ලෝ කෙල්ලෝන්ගේ මොල හොදල බයකරල , එහෙම තමයි පිකට් වලට එක්කගෙන එන්නේ

    5. මුන්ට මේ නිකන් උගන්වන නිසා තමයි ඔක්කෝම විගඩම්, සල්ලි ගෙවල ඉගෙන ගන්න විදිහට ඕව විකුණල දැම්මනම් ඔය මුකුත් නැතුව ඉගෙන ගනියි.....

    මටනම් කියන්න තියෙන්නේ මේකේ තියෙන්නේ කැම්පස්වල අවුලක් හෝ ඒකේ තියෙන සංස්කෘතියේ හෝ තියෙන අවුලක් විතරක් නෙමෙයි, මේක සමාජයේ හැම තැනකම අඩුවැඩි වශයෙන් තියෙනව, සමාජයේ අනිත් තැන්වලට වඩා විශ්ව විද්‍යාල ඇතුලේ කට්ටිය ලගින් සෙට්වෙලා ඉන්න නිසා සහ අමතර නිදහස් කාලයක් තියෙන නිසා අනිත් කට්ටියගේ නිදහසට මැදිහත් වෙනව වගේ දෙයක්

    හමුදාව පොලිසිය වගේ විනයගත ආයතනයන් ගත්තොත් ඒවායේ පහල ශ්‍රේණිවල ඉන්න පුද්ගලයින් විසින් ඉහල නිලවල ඉන්න පුද්ගලයින්ගේ ගෙවල්වල කක්කුස්සි හෝදනව,වතු සුද්ධ කරනව, ගෙදර කට්ටියව ෂොපින් එක්කගෙන යනව, දකින දකින තැනදි ආචාර කරනව, කවුරුවත් මේව ප්‍රසිද්ධියේ විවේචනය කරන්නේ නැහැ. එවාතුල සියල්ලන්ට සමානව සැලකීමේ ලක්ෂණ මුකුත්ම නැහැ, තියෙන්නේ පිඩනයට පත්කිරීම විතරයි......

    ඒවගේම භික්ෂු සමාජය ගත්තත් මේවගේ දේවල් ගොඩක් තියෙනව,

    මම වැඩකරන කාර්යාලයේ ඉදල ලංකාවේ බොහෝ තැන්වල තමන්ගේ කෑම එක ගෙන්ව ගන්නේ පියන්ට හෝ රියදුරුට කියල, ඒක ඔවුන්ගේ රාජකාරියක්වන මට්ටමටම ඇවිල්ල තියෙනව, ඒ වගේම කාර්යාලයට අලුතෙන් එකෙක් ආවාහම උගෙන් කේක් එකක් හරි අයිස්ක්‍රීම් කන්න හරි තමයි අනිත් කට්ටිය බලන් ඉන්නේ

    තමන්ගේ නංගි, මල්ලී හරි දුව පුතා හරි ප්‍රේම සම්බන්ධයක් හෝ තමන්ට සුදුසු නැහැ කියල හිතෙන යාලුවෙක් ආශ්‍රය කරද්දී ඔහුට හෝ ඇයට තගදාන එක තමයි බොහෝ අයියල අක්කල හා දෙමව්පියන් කරන්නේ...

    මේවයේ කොමන්ට කරල තියෙන කට්ටිය ඇතුලු බොහෝ දෙනෙක් තම තමන් ඉන්න තැන් වලදි අනිත් කට්ටිය අලුත්වුන් පොඩිවුන් කියල තමන්ගේ බලය පාවිච්චිකරල එක එක ස්වරූප වලින් තග දානව....

    මමත් මේවගේ සමහර ලක්ෂණ පෙන්වනව ඇති හැබැයි මම උත්සහ කරන්නේ එලෙස නොවන තමන්ගේ කනිෂ්ඨයත් තමන් හා සම මට්ටමේ පුද්ගලයෙක් කියල හිතන්න පුලුවන් සමාජයක් හදා ගන්න,

    ශිෂ්‍ය දේශපාලනය කරන කට්ටියට මට කියන්න තියෙන්නේ ඔබලා සෘජුව නවකවදයට සම්බන්ධ වුවද නැතිවුවද සියලු ශිෂ්‍යයින්ට සමානයින් ලෙස අනෙකා දෙස බැලිමට හැකි තත්වයක් විශ්ව විද්‍යාල ඇතුලේ නිර්මාණය කර ගැනිමේ වගකීමක් ඔබලාට තියෙනව, එලෙස වන සංස්කෘතියකට අනුගතකර ගැනීම සදහා කෙනෙක්ව කිසියම් හෝ මානසික හෝ කායික පිඩාවකට ලක්කරනවනම් එය ඉවත්කිරිමේ දීශාවකට කටයුතු කරන්න....

    මම හිතනව ඊයේට වඩා අද ලස්සනයි කියල ඒ වගේම ඊයේ තරම් වැරදි අද කැම්පස් ඇතුලේ වෙන්නේ නැතුව ඇති, හෙට තවත් ලස්සන වෙයි, හෙට වෙනකොට තියෙන අඩුපාඩු ධනාත්මක දීශාවකට වෙනස්කර ගන්න විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට ඇතුලු සමාජයේ සියලු දෙනාට හැකිවේවි...

    ReplyDelete
    Replies
    1. මචං ඇනෝ මේ වගේ කමෙන්ටුවක් නමින් දැම්මානං අපි තවත් සතුටු වෙනවා. මේ ගැන කියන්නත් ගිහිල්ලා අදාලත්වය ටිකක් දුරින් තිබුණ නිසයි මේක ඇදලා නොගත්තේ. මොනවා වුණත් ඔබ කියන දේ හරි. මේ රැග් එක ඒ නමින් නොතිබුණාට අපේ හැමතැනකම තියෙනවා. විශේෂයෙන් ආරක්ෂක අංශයන්හී සහ සංඝසමාජයේ මේක දරුණුයි. ඒවා කැම්පස් එකේ දී වගේ මාස 2 කින් හෝ 3 කින් අවසන් වෙන එකකුත් නෙමෙයි. නමුත් ඔවුන් ඒකට කියන්නේ විනය පවත්වා ගැනීමට අවශ්‍යයි කියලා. මේ ගැන විචානං තවත් පැහැදිලි කරයි. ආරක්ෂක අංශ වල තියෙන සීනියෝරිටි එක කැම්පස් එකේදී ඒ මට්ටමින් ම පවත්වා ගන්නේ නැහැ. නමුත් වසර අනුව යම් පාලනයක් තියෙනවා. සංඝසමාජය ගත්තත් ඔවුන් විනය පදනම කරගෙන තියෙන්නේ ඒ වැනි පිරිසක් ඉන්න තැනක් පවත්වා ගැනීමටයි. කවුරුත් මේ අංශ දෙක ගැනම කතා කරන්නේ නැහැ. ඒ තුළ තියෙන මානසික රෝග ලිස්ට් පිටින් දාන්න එන්නේ නැහැ. සංඝසමාජයේ සහ ආරක්ෂක අංශ වල තියෙන කායික හා ලිංගික බලහත්කාරය වගේ දේවල් ගැන මීට වඩා හොයනවානං දේවල් ඕන තරම් තියෙනවා.............

      Delete
  14. ආයෙ අමුතුවෙන් ලියන්න දෙයක් නෑ.. අතිශ්‍යෝක්තියට නඟපු කාරණා යතාර්ථයක් කරගෙන තියෙනවා ගොඩ දෙනෙක්.
    ලංකාවෙ ඉදිරි කාලය තීරණාත්මක විය හැකියි.විවිධ වෙනස්කම් සිදුවිය හැකියි.ඒවාට මුලින්ම සංවේදී වෙන්නෙ තරුණයන්.තරුණයන් රාශිගතවී ඉන්න තැනක් සරසවිය.ඒ තුලින් රටට දැනන හඬක් මතුවිය හැකියි.එය ඇතැම් දේශපාලන පක්ශ විසින් විකුණාගෙන කන අතර ඇතැම් පක්ශ වලට කන්දොස්කිරියාවක්.
    හොඳම දේ ඔවුන්ට තියෙන පිළිගැනීම නැති කිරීම.
    බොන බෙහෙත් පෙත්තට වැට් ගහලා කාර් ගන්න එක යට යවලා රැග් එකක් අල්ලන් උඩ පනින එක බුකියෙ වෙන එක ගැන දුකක් නෑ.මොකද ඒ පේජ් මේ වෙනකොට විකිණිලා ඉවරයි.
    අඬලා.... අඬලා... අඬලා කිරි එරවගන්න ඕන තත්වයක් දැන් කැම්පස් වල තිය්න්නෙහැබැයි අඬන එකට පනිශ්මන්ට් ශුවර්.ඒ නිසා නැති එකමුතුවක් බොරුවට පෙන්න ගන්න රැග් එක කියන එක භාවිතා වෙනව කියන එකයි ගස්ලබ්බගෙ මතය.මේක සමහර රෝගීන් විසින් පාවිච්චි කරන අවස්ථා නැත්තෙ නෑ.හරියට වෙන තැනක ඒ පිස්සන්ව එලවලා දාන එක එසැනින් ක්‍රියාත්මක වෙනවා.
    කොහොම උනත් කැම්පස් වල සිලබස් අප්ඩේට් කරන එක ගැන කථා කරනවාට වඩා රැග් එක ගැන කථා කරන එකේ ලල් එකක් ඇති.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්ලබ්බා ගේ අදහස් සමග එකඟයි. ඔබ ඉතාම මැනැවින් මෙහි යටිබිම්ගත නිධාන කතාව පැහැදිලිකොට තිබෙනවා. මමත් පුද්ගලිකව නවකවධය (විශේෂයෙන්ම අමානුෂික සහ අන්වශ්‍ය ලිංගික/ පිළිකුල් සහගත ක්‍රියා සහිත ) කරනවාට විරුද්ධ නමුත් මෙතන සිද්ධ වෙන්නේ වෙනත් මගඩියක්.

      Delete
    2. උඹ අන්තිම මතු කරන කතාව අගෙයි. ඇත්තට ම අපි කතා කළ යුත්තේ කැම්පස් එකේ උන් සෙල්ලම් කරන දේවල් ගැන හෝ උන් නිදහස ගත කරන විදිහ ගැන නෙවෙයි. ඇත්තට ම අපි බදු ගෙවලා ලංකාවේ කැම්පස් නඩත්තු කරන පිරිස හැටියට කළ යුත්තේ ඒකේ තියෙන පහසුකම් ගැටලු සහ විෂය අලුත් වීම සහ රටේ සංවර්ධනයට ගැලපෙන විදිහට විශ්ව විද්‍යාල සංවර්ධනය කර ගැනීම ගැනයි. ඒ වෙනුවට කැම්පස් එක්ක මහා වෛරයක් සමාජය තුළ ගොඩ නැගීම ගැලපෙන දෙයක් නෙමෙයි.......

      Delete
  15. 1975 රූපා රත්නශීලි සදාකාලික ආබාධිතයෙක් වුනේ කායිකව. නොපෙනෙන මානසික ආබාධයන්ට ගොඳුරුවූ අය තව ඇති අපි නොදැන...මෙහෙම යනවද... නැත්නම් අලුතෙන් හිතනවද කියන එක සුලඟ එනු පිනිස බලපු,, නොබලපු, බලන්න හිතන් ඉන්න කාගෙත් අයිතියක්. මොකද ඔය චිත්‍රපටි හදන්නෙත්, දුවවන්නෙත් මහජනතාව.

    ReplyDelete
  16. අය්යෙ කැම්පස් යන්න කලින් රැග් ගැන සමහර අය කියන රස කතා වගේම බය හිතෙන කතාත් එක්ක මිශ්‍ර හැඟීමකින් තමා මමත් කැම්පස් ගියේ මම මුලින්ම ගියේ ජපුරට ඒකෙ සයන්ස් ෆැකල්ටි එකේ ඒ වෙද්දි රැග් කියල කිසිම දෙයක් නැහැ. මට හොඳට මතකයි එක අය්යෙක් ඇවිත් නංගි මල්ලි කියල කතා කරපු හැටි ඒ කාලෙ කැම්පස් ගියේ හරි ආසාවෙන් පස්සෙ කැළණි ගියේ හැබැයි එතනදි වෙනස්ම අත්දැකීමක්. මගේ අත්දැකීම් අනුව නම් ඒ ලැබුන අත්දැකීම් ලොකු මානසික පිඩාවක් උනා.මට විතරක් නෙවේ බැච් එකේ අනෙක් අයටත්. යාලුවන්ගෙ නම් ගම් දැනගෙන ඉන්න එක.කැම්පස් එක ගැන විස්තර මතක තියාගන්න එක, කාඩ් දාන්න යන දවසෙ ඉස්සරහට ගිහින් සිංදුවක් කියන එක මේ දේවල් කමක් නැහැ මොකද මේ දේවල් වලින් ළමයි ඔක්කොම එකට හිටිය.හැබැයි කුණුහරපෙන් බයින දේවල්, සමහර ළමයින්ට පන්න පන්න කැපිල්ල දාන ,මඩවන ඒව සහ ඊට වැඩිය දරුණු දේවල් අය්යල අනුමත කරන්නේ නැතිවෙයි කියල හිතනවා. ඇඳුම වුනත් ඕන ඇඳුමක් (සංවර ) අඳින්න නිදහසක් දුන්නට කමක් නැහැ. අපිට එහෙම නිදහස තිබ්බ ඒ කියල අනෙක් ළමයි කාවවත් කොන් උනේ නැහැ.පලවෙනි වසරෙ අපි කැම්පස් ආවෙ බයකින් ,පීඩනයකින් ඒ දේ නැතිවෙනවට මම කැමතියි. හැමදේටම සීමාවක් තියෙන්න ඕන.ඔය නවකවදය ඇතුලෙ සිමා බිඳීම් වැඩි නිසා මම පොදුවේ නවකවදයට අකමැතියි.ඔයාලට සුන්දර අත්දැකීම් වෙන්න පුළුවන්.තව කෙනෙක්ට තිත්ත අත්දැකීමක් වෙන්නත් පුළුවන්.ඒ නිසා.නවකවදය කරපු සබ්ජෙට් එකක් රිපිට් වෙච්ච කොල්ලක් මට කිවේ ඒ කාලෙ රැග් නොකර ලෙක්චර්ස් ගියානම් මෙහෙම රිපීට් වෙන්නෙ නැහැ කියල.මෙච්චරයි අය්යෙ මම කැමතියි මේ දේ මීට වඩා වෙනස් වෙනවනම්... හැමදේම සීමාවක් ඇතුලෙ .ළමයෙක්ට මානසික හරි ශාරීරික හරි පිඩාවට පත්වෙන කිසිම දේකට මම එකඟ නැහැ.

    ReplyDelete
    Replies
    1. සොයුරිය මෙතන තියන ලැජ්ජාවට කාරණය තමයි ඔබ ඔය කැලණිය සයන්ස් එකේ පාදඩ නවක වදය ක්රිරයාවලිය.......මහා ලොකුවට , අන්තරේ විරෝධී, නවකවද විරෝධී ....ජාති ප්රේ්මි ලෙස පෙනී සිටින නලින් ද සිල්වාගේ අතකොලු විසින් සිද්ද කරපු එක.
      මේවා රටේ මිනිස්සු දන්නේ නැ.සයන්ස් එකේ නලින් ද සිල්වාගේ ගෝලයෝ තමා ඔය පාහැර වැඩේ කලේ.මේවා බොරු නොවන බවට මගේ දෙමවුපියන් නමින් දිවුරන්න පුළුවන්.
      ඔකේ ජෙප්පෝ කුරුට්ටෝ හිටියේ නැ.ඉන්නත් බැ.ඔය ජාතික ප්රේ මි අවජාතකයෝ කල වැඩ නිසා මගේ හොදම මිතුරියකටත් උපාධිය අතරමග දාලා එන්න උනා.
      ඔකේ ඉන්න පරිපාලන වලට ගොට්ට අල්ලන බල්ලෝ තමයි ඔය ජරා වැඩ කරලා............අන්තිමට සාමාන්යි සිසුන්ට , සහ සිසුන් වෙනුවෙන් පෙනී සිටින සංගම්වල පිටින් යවලා මුළු සිසු ප්රමජාවටම ලැජජ කරන්නේ.
      හැබැයි දැනනම් සයන්ස් එකේ තත්වය වෙනස් කියලා ආරංචියි.

      Delete
    2. නවක වදය ඇති කැම්පස් එකක සිට කැළණිය විශ්ව විද්‍යාලයට හුවමාරු වූ පලමු දිනයේ මා ද, සුපුරුදු පරිදි අත් කොට කමිසය යටකර ඇඳගෙන සපත්තු දමාගෙන ගියෙමි...
      විද්‍යා පීඨයේ දෙවෙනි වසර අයියා කෙනෙක් හා මා අතර සිදුවූ කතා බහ...

      + මල්ලී උඹ සයන්ස් ද?

      * ඔව් ජේෂ්ඨ උත්තමයා.

      + ඈ යකෝ ඒ මොකාද? එහෙම උන් මෙහෙ නැහැ බං..
      හැබැයි ඉන්නවා අයියලා අක්කලා නම්...

      *ඔව් අයියේ...

      +යකෝ උඹ දන්නවාද?

      *නෑ නෑ අයියේ.....

      +යකෝ මේකේ නවක වදේ නැහැ...
      ජේෂ්ඨ උත්තමයොත් නැහැ...
      හෙට ඉදන් උඹ එද්දී ඩෙනිමක් ගහලා...
      සෙරප්පු දෙකක් බැරිනම් ඩෙක් ෂූස් දෙකක් දාලා තව කැමැතිනම් කනට කරාබුවකුත් දාගෙන වර....
      හැබැයි පුතෝ අන්තරේට කඩේ යන්න නම් ලෑසිති වෙන්න පලයන්කෝ ...තෝව හම ගහනව...

      ඔහු කෙසේ හෝ මාගේ ඩයල් එක හඳුනාගෙන තිබුනි...

      ඉබ්බා දියට දැම්මාක් මෙන් ගිය ආතල් එකනම් මාර චූන්ය... කෙසේ වෙතත් රැග් එක නැත... පිකටින් නැත... බකට් නැත....

      ඒත් ඒ අවුරුදු තුන පුරාවට ආතල් නම් නිමක් නැත....

      නිදහස් අධ්‍යාපනය සුරකිමු බෝඩ් ලෑල්ල විතරක් අල්ලාගෙන පිකටින් කලාට විතරක් මදිය.... ඔය බෝඩ් ලෑල්ල අල්ලන් සිටිනුයේ ඇතුලේ ඉන්න තුරු පමණි... එලියට ආවාට පසු වගේ වගක් නැත.. අනුන්ගෙන් වැඩක් නැත... තම තමා තම තමන්ගේ මැච් එක පමණක් ගසනු පෙනේ....

      ඒ අවුරුදු තුන පුරාවට ලොකු උන්ගෙන් හැමදාම ඇසූ වදනක් තිබුනි...
      මල්ලි උපාධිය කියන්නේ නිකන් කොල කෑල්ල්ක් විතරයි.... ජීවිතේ ගොඩ දාගන්න ගෙවල් දොරවල් හදාගෙන පොඩි කාර් කට්ටක් ගන්න ඕකෙන් බැහැ.... එලියට ගියාම ඩිග්‍රි කාරයෝ වැහි වැහැලා..... තැනකට ගිහින් උඹව මාර්ක්ට් කරගන්න උඹටම පුලුවන් විදියේ දෙයකුත් කරගනින්....

      එලියට ආවාට පසු උන්ගේ කටේ මසුරන් දැමිය යුතු බව පසක් උනි.....

      උපාධිය කෙසේ වෙතත් තමාම මාර්ක්ට් විය යුතු ආකාරය ගැන ඉගෙන ගත් දෙය අදටත් මගේ ගොඩ යෑම බව මට පසක් වී හමාරය........

      මුළු කැළණියේම රැග් එක නැහැ බ්‍රෝ......... පැත්තක විතරයි.....

      ජාති.. ජාති.. නිගා... නිගා... තද... තද.... ජියාක් ... ජියාක්.....

      Delete
  17. ඔය බලු නවක වදේට මම නම් කොහෙත්ම කැමති නෑ

    ReplyDelete
    Replies
    1. එකිනෙකාගේ කැමැත්ත මචං.....

      Delete
  18. මට මෙහෙම අයිඩියා එකක් ආවා බන්.. දැන් ඔය රැග් කරන්න කලින් ඒ රැග් එකට මනාප උන්ව තෝරන් උන්ව විතරක් රැග් කරන්න බැරිද?

    මොකෝ රැග් එකේ උඹලා කියනවා වගේ පට්ට ෆන් එකක් තියෙන්න පුළුවන් ඒත් ඒ පට්ට ෆන් එක උනත් තව එකෙක්ට 'බලෙන්' දෙන්න කාටවත්ම අයිතියක් නෑ..

    කසාද ගෑණිට උණත් ඒ ගෑණිගෙ 'කැමැත්තෙන් තොරව' අහවල් වැඩේට සෙට් වෙනවා නම් ඒක 'දූෂණයක්'..... ඒ වගේ ෆන් එක, උනත් බලෙන් දෙන එක නවක 'වදයක්' වෙනවනෙ බන්..

    කාගෙ උනත් කැමැත්තෙන් තොරව බලහත්කාරයෙන් දෙන ෆන් එකට නම් විරුද්ධයි මචෝ..

    ** එනිවේ උඹලෑ පරණ පෝස්ට් ටිකක් කියවන්න ඕන හිමීට :-D :-D

    ReplyDelete
    Replies
    1. නියම කමෙන්ට් එක මචං,

      මමත් එකඟයි උඹේ අදහසට.මේ විශ්ව විද්‍යලයේ "උප සංස්කෘතිය" කියලා එකට අනුගත වෙන්න ඕනේ කියලා බලහත්කාරයෙන් සුළු හෝ රැග් එකක් දෙන එක මහා ජුගුස්සාජනකයි.හැබැයි ඉතින් රැග් එකත් හොඳයි එකෙන් අන්‍යොන්‍ය බැදීම් වර්ධනය වෙනවා කියන උන්ට නම් ඕක දුන්නට කමක් නැහැ.

      Delete
    2. මචං මේ වෙන්නේ මාධ්‍ය සංදර්ශනයක් හරහා සිද්ධ වෙන දේශපාලන කතාවක්. ඒක තේරුම් නොගෙන මේවා කතා කිරීම වැඩක් නැහැ මචං........ ඒ ගැන පෝස්ටුවක් දාන්න හිතාන ඉන්නවා.......... එතකොට තව කතා කරමු......

      Delete
  19. අනේ යකෝ *&^ මේවා විචාරය කරන්න මට මේවා බලන්න ඕනේ නැහැ. තොපි වගේ *&^% හදන ඒවා මොනවා ද කියලා මං දන්නවා. ආය මේක විචාරය කරන්න *&%$^ සල්ලි වියදම් කරලා මං මේවා බලන්නෑ *&^$........

    ReplyDelete
    Replies
    1. ආය දන්නවානේ අපේ ලොක්කාගේ කට.......... අපි ඉතින් උඩ පැන පැන කෑ ගහනවා...... හැක්

      Delete
  20. කැම්පස් රැග් මොන රැග්ද...හමුදා වලයි, ඉස්කෝල, ගුරුවිද්‍යාල වලයි දෙන රැග් දැක්කම.
    අනෙක ඉතිං කැම්පස් වල වුණත් ළමයි දෙන රැග් මොනාද කියල හිතෙනව පාලකයො දෙන රැග් බැලුවම. කන්න නැතිව, ඉන්න තැනක් නැතිව, දේශන ශාලා නැතිව, ආචාර්‍යවරු නැතිව..ශිෂ්‍යයෙක් විදිහට වගේම විශ්වවිද්‍යාල වල වැඩ කරද්දිත් හොඳට රැග් දැකල තියෙනවා. රැග් එක ගැන කතා කිරීම අවුරුද්දකට වතාවක් මෝස්තරේට කරන දෙයක් විතරයි.

    ReplyDelete
    Replies
    1. මේ අවුරුද්දේ ටිකක් වැඩියි...... මේ ගැන පෝස්ටුවක් දානවා හෙන්රි අයියා........ මේ වෙනකල් නොආපු එක ගැන කණගාටුයි..... අලුත් පෝස්ටුවේ විස්තර කතා කරමු....

      Delete
  21. නවක වදය කියන්නේ විස්ස විජ්ජලේ උප සඟිස්කුරුතියක්...

    ඉතින් ඒක විවේච්නය කරන්න කිසිවෙකුට අයිතියක් නෑ...

    කොටින්ම ඒකට නොගිය එකෙකුට කොහොමවත් බෑ....

    ReplyDelete
    Replies
    1. උඹට හොදට ම තරහා ගිහිල්ලානේ බං......

      Delete
  22. කුරුටු ලංකාවේ මිනිස්සුන්ගේ හැටි තමයි හොඳ දේවල් 99 ක් කරලා 1 නරකක් කලොත් කතා කරන්නේ ඒ එක් නරක දේ ගැන... කැම්පස් ළමයි අමානුශික විදිහට රැක් කරන එක වැරදි.. ඒක හරි කියන්නෙ නෑ. ඒත් කැම්පස් ළමයි තමන්ට ලැබෙන මහපොලින් හරි පාට් ටයිම් ජොබ් කරල හරි සාමාජ සේවය කරනවා.. දුප්පත් ඉස්කෝලවලට උදව් කරනවා... කළා උළෙලවල් පවත්වනවා.. ඒව කරන්නෙත් කැට උස්සන් රට වටේ ගිහින්.. ඔය විවේචනය කරන එකෙක්වත් ඒ හොඳ දැක්කද?? කවුරුත් ඒ ගැන කතා කළාද??

    නෑ කුරුටු... මේ එක සිද්ධියක් අල්ලන් හෝද හෝද මඩේ දානවා..

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වොත් නිර්මණී...........

      උන් ටික නොවෙන්න අදටත් ඔය කෑ ගහන උන්ටත් දරුවෝ පාසල් යවන්න වෙන්නේ සල්ලි දීලා. නිදහස් අධ්‍යාපනයේ තියෙන ටිකත් වැලළිලා ගොඩක් කල්..... දැනටත් මේ තියෙන ටික විකුණගෙන පුද්ගලික විශ්ව විද්‍යාලයි ප්‍රයිවට් ඉස්කෝල ටිකයි දාගෙන නිදහස් අධ්‍යාපනය ඉවර කරන්න කලින් මේ බලවේගය නැති කරන්නයි හදන්නේ......... මේ හැම පැත්තක් ම නොදකින එකයි අපේ රටේ මිනිස්සුන්ගේ අවුල...

      Delete
  23. වි.වි. ගාස්තු වැඩිකිරීමට විරුද්ධව එංගලන්තේ සිසුන් විශාල විරෝධතාවයක් කලා. රජය ඊට ඇහුම්කන් දුන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. නමුත් ඒ විශාල ඒකරාශී වීම ඇතිවුනේ කවදාවත් රැග් නැති ව්.ව්. සිසුන් තුලින්. රැග් කිරීම තුලින් සිසුන් තුල එකමුතුවක්, සහජීවනයක් ඇතිවෙනවා කියන්නේ කොහොමද? මෙහේ යුනියකට ඇතුල්වෙන දවසේ ඉඳන් ඒ නවකයා, ඒ පරිසරයට හුරු වෙනතෙක්, ස්ටුඩන්ට්ස් යූනියන් එකෙන් කරන සේවය අගයකල යුතුයි. මේ අපේ රාජ්‍යයයි...මෙතැන් සිට තොපි වැඩ කලයුත්තේ මෙලෙසයි කියන ආකල්පයක් ඇති නොකල යුතුයි.

    ReplyDelete
    Replies
    1. //වි.වි. ගාස්තු වැඩිකිරීමට විරුද්ධව එංගලන්තේ සිසුන් විශාල විරෝධතාවයක් කලා.// ඒ කියන්නෙ ම අරූ සල්ලි ගෙවලා ඉගෙන ගන්නා ක්‍රමවේදයක්නේ..... ඒක ලංකාවේ තියෙන ක්‍රමයට ගැලපෙන්නැහැ.... සන්සන්දනය ටිකක් විතර අමාරුයි නේද????????

      අනික තමා කොච්චර කෑ ගැහුවත් උන්ට ඔය මුදල ගෙවන්න වේවි.... හැබැයි ලංකාවෙනං ෂුවර් අපි ඕක කරන්න දෙන්නැහැ........

      Delete
  24. උප සංස්කෘතියක් කියලා හරි වෙනයම් දෙයක් කියලා හරි නවකවදය හරි කියන තැන මම නැහැ.නවකවදය කියන වචනය ඇතුලෙම තියෙනවා "වධය"කියන එක.එක කායිකව වෙනත් පුළුවන් මානසිකව වෙන්නත් පුළුවන්.සමහරවිට මානසිකව දෙන වධයක් "සුළු"කියලා ගණන් ගන්නේ කොහොමද ?

    කාටවත් අයිතියක් නැහැ තවත් කෙනෙක්ව හිංසනයට ලක් කරන්න.එහෙම හිංසනයට ලක්කරන අයව අනිවර්යෙන්ම නීතිය හමුවට ගෙන යා යුතුයි.බලහත්කාරයෙන් පුළුවන්ද එකිනෙකා කෙරේ අන්‍යොන්‍යා බැදීම් වර්ධනය කරන්න.එහෙම කරන්න පුළුවන් කියලා කියනවා නම් එක විහිළුවක්.

    නලීන් ද සිල්වා චිත්‍රපටිය නොබලා එක විවේචනය කෙරුවා වගේ අපි කැම්පස් නොගිහින් මේ නවකවදය විවේචනය කරනවා කියලා කියහන්.

    ReplyDelete
    Replies
    1. නෑ බං.... වරදවා හිතන්න එපා. අපි මේක ලියුවේ අර විභියාගේ කතාව දැකලා මතක් වුණ අත්දැකීමක් ගැන......

      Delete

Related Posts Plugin for WordPress, Blogger...