දැල්වෙනා ඉටිපන්දම
වහන්න වෙර දැරුවත් වෙසක්කූඩුවේ සව්කොළ
ඌ කරුමක්කාර පළගැටියෙක්
තුෂාර විතාරණ
පළමු හයිකුව - http://kurutugegeepawra.blogspot.com/2016/04/blog-post_19.html
පසු සටහන - දෙවැනි හයිකුව මේ තරම් ඉක්මනට එන්න හේතු කීපයක් තියෙනවා. පළමුවැනි හේතුව තමා පළමු හයිකුව තුළ ඇති වුණ සාකච්ඡාවේ හරවත්බව. දෙවැන්න තමා පළමු හයිකුවෙන් පස්සේ ඒ සාකච්ඡාව සක්‍රීය ව ඉදිරියට නොයෑම. තෙවැන්න තමා මේ වන විටත් හයිකුව නෙලුම්යායෙන් හැළීමේ යම් අවධානමක් තියෙනවා කියලා ලැබෙන ආරංචිය. මං හිතන්නේ මේ හේතුටික දෙවැනි හයිකුව මේ වෙලාවේ ලියන්න තරම් ප්‍රමාණවත්.
දැනට හයිකු ගැන ඇතිවුණ සාකච්ඡාව සහ හයිකුවල ලක්ෂණයන් කීපයක් හදුනා ගන්න හැකිවුණා. ඒවා පහසුව සදහා මේ විදිහට ගොණුකර ගනිමු.
1. හයිකුවක 575 රටාව - මේකෙන් කියන්නේ පළමු පද පේළියට වචන/අකුරු/මාත්‍රා (මේක තාම සංවාදයට විවෘත දෙයක්) 5 කුත්, දෙවැන්නට 7 කුත්, තෙවැන්නට නැවතත් 5 කුත් තියෙන බව. නමුත් මේ රටාව හැම විටම ඒ විදිහට රැකීමක් දකින්න නැති බවත් කිව යුතුයි.
උදාහරණය -
- 古池や蛙飛び込む水の音
- ふるいけやかわずとびこむみずのおと (transliterated into 17 hiragana)
- furu ike ya kawazu tobikomu mizu no oto (transliterated into rōmaji)
- ふるいけやかわずとびこむみずのおと (transliterated into 17 hiragana)
This separates into on as:
- fu-ru-i-ke ya (5)
- ka-wa-zu to-bi-ko-mu (7)
- mi-zu-no-o-to (5)
Translated:[17]
- old pond . . .
- a frog leaps in
- water's sound
- (මෙය විකිපීඩියාවෙන් උපුටා ගන්නා ලද්දකි.)
2. හයිකුවක හැම වෙලාවෙම දේවල් දෙකක් ගැන කතා කරනවා. ඒක සතුන්, ගස් මල්, වතුර, වැස්ස වගේ මොනවා හරි වෙන්න පුළුවනි. හැබැයි වෙන්කොට හදුනාගත හැකි දේවල් දෙකක් තියෙනවා.
උදාරණය -
පුංචි ගොලුබෙල්ලෝ
බලාපන් බලාපන් උඹේ
හෙවනැල්ල දෙස..
(ඉසාගේ හයිකුවකි. ඉසා යනු හයිකු කවීන් අතර මූලිකයෙකි.)
3. මේ දේවල් දෙක අතර සමීපකමක් තියෙනවා වගේ ම මේ තුළ කැපීමක්/ඡේදනයක් ගැනත් කතා කරනවා. සමහර වෙලාවට ඡේදනය වීමක් පෙන්වනවා. තවත් විටෙක ඡේදනය වෙන්න යන බවක් කියැවෙනවා.
උදාහරණය -
සද නැති රැය
තද සුළං විත් වැළදගෙන
පැරණි දේවදාර ගස්
(බෂොගේ හයිකුවකි. බෂො යනු හයිකු කවීන් අතර ප්‍රමුඛයෙකි.)
4. අනික තමා හයිකුවක් තුළ බොහෝ විට ඍතුව ගැන සදහනක් වෙනවා. සමහර ඒවායේ සරත් සමයේ.. වසන්තයේ සුළග වගේ වචන වලින් ම කියැවෙනවා. ඒත් බොහොමයක් ඒවායේ ඒ ඒ ඍතු වලට අදාළ ලක්ෂණ තමා කියැවෙන්නේ. මේ ඍතු වෙනස ජපනුන් හදුන්වන්නේ කීගෝ කියලා.......... ජපන්නුන්ට අනුව ඔවුන්ගේ ඍතු සාමාන්‍යෙයන් මේ විදිහට දක්වන්න හැකියි.
Spring: 4 February–5 May
Summer: 6 May–7 August
Autumn: 8 August–6 November
Winter: 7 November–3 February
ෙම් ඍතුවත් ඒක්කම ගැලපිලා යන ජපනුන්නට ම අාවේණික වෙච්චි තවත් දෙයක් හයිකුවට අදාල වෙනවා. ඒක ඔවුන් හදුන්වන්නේ සයිජිකි කියලා. නැත්තං කියෝසෙ කියලත් කියන්න පුළුවනි. මේක තවත් වැදගත් දෙයක්. මේ තමා ඒ ඒ ඍතු වලදී ඍතුවට අදාළව අහස පොළව සත්තු ගස්වැල් වගේ දේවල් වල සිද්ධ වෙන වෙනස.... ඔවුන් ඒක පැති කීපයකින් ම බලනවා.
1. ඍතුව
2. අහස
3. පොළව
4. මනුෂ්‍යයා
5. පැවැත්ම
6. සතුන්
7. ගස්වැල්
මේ සියලු අංශයන් ඒ ඒ ඍතු වලදී සිද්ධ වෙන වෙනස්කම් ගැන හයිකුවේ දී හරි සුමට ව ස්පර්ශ කරනවා. අනික තමා ඍතුව කෙලින් ම නොකීවාට මේ ඒක දෙයකින් හරි ඍතුව ගැන සදහනක් වෙන්න පුළුවන් කියලත් අපි මතක තියාගන්න ඔ්නේ......
උදාහරණ කීපයක් කියන්නම්....
වසන්ත ඍතුව ගත්තා ම සතුන් කියන ඝණයට ගෙම්බන් ප්‍රධානයි. ගෙම්බන් නිතර කෑ ගැසීම මේ ඍතුවේ ලක්ෂණයක්...... නමුත් ග්‍රීෂ්ම ඍතුවට මදුරුවන් සහ සර්පයින් ප්‍රමුඛයි. සරත් ඍතුව ගත්තා ම ඒ මූලිකත්වය පොඩි පොඩි කෘමීන්ට සහ පළගැටියන්ට ලැබෙනවා......
වසන්තයේ දී සකුරා සහ කැලෑ මල් වලට ලැබෙන තැන ග්‍රීෂ්මයේ දී සූරියකාන්ත නෙලුම් සහ මානෙල්වලට ලැබෙනවා. සරත් සමයේ දී ඒ තැන ලැබෙන්නේ පීච්, අැපල් හා මිදි වලටයි.......
උදාහරණය 1 -
වසන්තය......
නම නොදන්නා කදු ගැටයක්
මිහිදුම අතර
(බෂොගේ හයිකුවකි.)
උදාහරණය 2 -
මගෙ අපූරු ප්ලම් තුරු යුගල
බලන්න මල් පිපෙන හැටි
දැන් එකක අනෙක පසුවට
(බුසොන්ගේ හයිකුවකි. - මෙහි ප්ලම් ගස් වල මල් පිපෙන කාලය ගැන සදහන් කරලා තියෙන එකෙන් ඍතුව ගැන කියැවෙනවා.)
ඉතින් මේ ලක්ෂණ කිහිපයට එහා ගිය තවත් බොහෝ දේවල් ඇති. දැන් අපි ඒ ගැනත් කතා කරමු..... අපි හැමෝට ම දැන් පොඩි මට්ටමින් හරි සාර්ථක හයිකුවක් ලියන්නට උත්සහ කරන්න හැකියි. හැබැයි මේ කිසිදෙයක් ජපානයේ තත්වයන් දිහා බලාගෙන ලියන්න කියලා නෙමෙයි අපි කියන්නේ... අපි මේ හැම දෙයක් ම ලංකාවේ අපේ පොළවට සම්බන්ධ කරමු. අපිට ඍතුව වැදගත් නැහැ තමා. ඒත් අපිට ඒ ඒ මාස වලට අපේ ම කියලා උත්සව සැමරුම් තියෙනවා. කොහා කෑ ගහන කාලයක් තියෙනවා. ඇහැළ මල්, වීර පලු දං හිඹටු ගස් තියෙනවා. අපේ ගොවිතැන ඇල වේලි වැව් එක්ක හැදුණු සංස්කෘතියක් ම තියෙනවා. ඉතින් අපි ජපානයට වඩා ඒ අතින් ගොඩක් දියුණුයි කියලයි මටනං හිතෙන්නේ.....
හරි අපි එහෙනං හයිකු ලියමු........ හයිකු ගැන කතා කරමු....... එන්න ලංකාවේ හයිකු ගොතන්න........
විශේෂ ස්තූතිය - හයිකු අද්දර මාලතීට. අවශ්‍ය බොහොමයක් කවි ඔබේ බ්ලොගයෙන් කියවාගත් බව කරුණාවෙන් සලකන්න..
.
හයිකු..
ReplyDeleteජයවේවා!!!!
හයිකු..
ReplyDeleteජයවේවා!!!!
ඇයි බං දෙපාරක් කිව්වේ........ තුන්පාරක් කියන්න එපැයි............ හැක්
Deleteමෙන්න දෙවෙනි පොල් සම්බෝල කවිය
ReplyDeleteපලඟැටි පන්දම
කියමින් කොටු පනිනව නේ
හැංගි හැංගි වෙස් බැඳ
බලා ගෙන පය පැට ලුනොත් හෙම
වාට්ටුව තිස් තුන
පොල්සම්බෝල කවි - පේලි 5, 1,3,5 පේලි වලට මාත්‍රා 4 ගාණේ, 2, 4 ට මාත්‍රා 6 යි,
ඉයන්ගේ කයිකුව විදානෙයාගේ කයිකුවට වඩානං හොදයි....... උඩ ඒකේ බලන්නකෝ කිසිම හරයක් නැහැනේ.... අනේ අපරාදේ අච්චර දෙයක් කිව්වේ කියලා හිතුණා.. ඒ අතින් මේක පට්ට..... හැක්
Deleteපොල් සම්බෝල වලට වඩා ඉයන් යෝජනා කරපු හබරල කවි කියන එක නැගලා යනවා
Deleteමාතා අර අජිත් අයියා කියන කතා මොනවද???????? මාතා බුකියේ හෝ ගාලා හයිකු ලියනවාලු........ ඒ ලියපු එකක් මෙතැනටත් ගෙනත් දාමුකෝ......
Deleteපොඩි සාගරගේ හයිකුව
Delete***********************
මැඩලන්න හිතුවා විතරයි බං පාතලේ
උන්ම වෙඩි තියාගෙන මැරෙයි ගෙයි මැද සාලේ
ආයෙත් ඒයි වගේ නේ ඒ කාළේ
අම්මට සිරි මාතාගේ හයිකුව............
Deleteවිචාරය කරන්න යන්නේ නැහැ. උඹෙන් එක දෙයක් ඉල්ලන්න ද..... ඔය දේශපාලනය කාලීන සිදුවීම් හරි මොනවා හරි ලියලා අන්තිමට ඒකේ කියැවෙන දේ හරි.... ඒක අස්සේ තියෙන දැනුණ දෙයක් හරි...... මේ විදිහට පොඩි මාතෘකාවක් දාලා හයිකුවක් කොටන්න බලන්න... මේක කට්ටියගෙන් ම අපි ඉල්ලන පොඩි ඉල්ලීමක් වගේ දෙයක්......
කවියත් අපූරුයි... පසු විග්‍රහයත් වැදගත්...
ReplyDeleteඑහෙනං ඉතින් ලියමුකෝ හයිකුවක්......
Deleteආ උත්සහ කරන්නම්කෝ කුරුටු...
Deleteකෝ ඉතින් ලියමු............ මේ හැමෝ ම ලියන එකේ නිර්මාණිත් ලියමුකෝ.... කසුනාගෙන් උදව්වකුත් අරගෙන ලියමු......
Deleteඇස් වලට
Deleteකටු අනින හැටි
හිනාවක්
ඇස් වලට
Deleteකටු අනින හැටි
හිනාවක්
ගී පවුරෙ ඉදිරි පිම්ම නියමයි.දැන්නම් කිසි අඩුවක් නෑ.. පුදුම වටිනාකමක්.
ReplyDeleteහයිකු ගැන මුල ඉඳල ඉගෙනගන්න පුලුවන් දැන්.
තව බොහොමයක් දේවල් තියෙනවා මනෝෂ්..............
Deleteහයිකු ගැන කියද්දි කතා නොකරම බැරි පැත්තක් තමා හයිකයි... මේවා ගද්‍ය විදිහට ලියැවුණ ජාතියක්... නමුත් ක්‍රමයෙන් මේ පැත්තට බෂො (1644-1694) කියන කවියාගේ ආගමනයත් එක්ක මේ හයිකයි වලට හරයක් දීලා ඒවා ස්වාභාව ධර්මය ගැන ලියැවෙන පැත්තකට ගේනවා. මේක තමා ඇත්ත ට ම හයිකයි සහ හයිකුවල සම්බන්ධය. හයිකයි ගිය අනික් පැත්ත තමා සෙන්රයූ කියන්නේ... ඒකෙදි වෙන්නේ හයිකු වගේ හරවත් දෙයක් නෙමෙයි. අනික ඒක ස්වාභාවධර්මය වෙනුවට මිනිස්සු ගැන (විශේෂෙයන් ම මිනිස්සුන්ගේ අඩුපාඩු පෙන්වන හාස්‍ය පද්‍ය ක්‍රමයක්) කියැවෙන කලාවක් වෙනවා.
උදාහරණය -
මං
අල්ලාගෙන බලද්දි හොරාව
ඒ මගේ පුතා.....
(මේක සෙන්ර්යූ කවියක මගේ පරිවර්ථනයක් බව කරුණාවෙන් සලකන්න)
මෙන්න මේ විදිහට පොඩි හාස්‍ය සහිත මිනිසුන් ගැන කියැවනෙ ජාතියක් තමා සෙන්ර්යූ කියන්නේ. බැහැයි ජපන් සෙන්ර්යූ කවියේ අර අකුරු/මාත්‍රා ගණන සහ පේළි ගණන රකිනවා. නමුත් කැපීම/ඡේදනය සහ ඍතුව ගැන කියැවෙන්නෑ.. ඒ වගේ ම ස්වාභාවධර්මය ගැන සදහනත් බොහෝ දුරට අඩුයි.......
මේ හයිකු ගැන කතා කරද්දි සමකාලීන ව බිහිවුණ බොහෝ දුරට සමානකමක් තියෙන නමුත් බෙදීම් ද ගොඩක් සහිත තවත් කලාවක් නිසා ඒ ගැනත් ටිකක් ලියන්න හිතුවා.....
උදාහරණ,උපුටාගැනීම්,පරිවර්තන සමඟින් ඔබ මෙය පැහැදිලි කරනවිට කාරණය මැනවින්ම වැටහෙනවා.මේ ගැන ගැඹුරු අධ්‍යනයක් කරල තියෙන පාටයි.කවි කොට උනාට මේක වෙනමම මහා සාහිත්‍යාංගයක් වගෙයි.
Deleteඔබේ හයිකු පැහැදිලි කිරීම ඔස්සේ තමා මං පහල පොඩි කයිය ලිව්වෙත්.මං හයිකු වලට ආස ඒවා කෙටියි, සරලයි, අවබෝධය පහසුයි.වචනෙන් දෙකෙන් මහා කතාවක් බොක්කටම වදිනවා සරලින්ම කිව්වොත්.
හයිකු වල ලක්ෂණ අතර මේ කෙටි බව තමා මූලික ම....... ඒ වගේ ම ඔබ කියනවා වගේ ඒ දේ අනෙකාට හරි අගේට දැනෙනවානං ඒක තමා සාර්ථකත්වය. ජපනුන්ට ජපාන පරිසරයත් එක්ක ඒවා දැනෙනවා වගේ අපි අපේ දෙයක් ගැන ලිව්වොත් ඒක දැනේවි. හැබැයි මේ හයිකුවල සහ ස්වාභාවධර්මය අතර වෙන්කළ නොහැකි සම්බන්ධයක් තියෙනවා...... ඒකත් හයිකු වල සම්බන්ධයක්.....
Deleteමේ අතර ම ලියා තැබිය යුතු තවත් දෙයක් තියෙනවා මනෝෂ්..... ඒ තමා හයිකු එක්ක බැදිලා තියෙන චිත්‍ර කලාව. ඒකට කියන්නේ හයිගා කලාව කියලා. හයිගා වල ආරම්භය සිද්ධ වෙන්නෙත් හයිකයි කියන හයිකු වල මුල් අවධිය එක්ක ම තමා. හයිකයි වලින් හයිකු කලාව වෙන්කරගත මුල්කාලීන ම චරිතය තමා බෂො කියන්නේ. ඒ නිසා ඔහු හයිකු වල ආරම්භකයා විදිහට ගන්නෙත් ඔහුව තමා. ඒත් මුල්කාලීන බෂොගේ හයිකු වල පසුබිම් චිත්‍ර කියන ජාතිය තිබුණේ නැහැලු.....
නමුත් බෂොට පස්සේ හයිකු වල දෙවැනියා විදිහට සලකන යොසා බුසොන් කියන්නේ හයිකු එක්ක හයිගා චිත්‍ර කලාවත් දියුණු කරපු කෙනා විදිහටයි සැලකෙන්නේ. මේ නිසා ජපන් ඉතිහාසයේ හමුවන මහා කවීන් සහ මහා චිත්‍ර ශිල්පීන් කියන දෙකට අයත් වෙන කෙනා විදිහට තමා බුසොන් සලකන්නේ...
මොනවා වුණත් හයිකු කලාවත් එක්ක ම දියුණු වුණ හයිගා චිත්‍ර කලාව කියන්නේ වෙනමම අධ්‍යයන කරන්න තරම් දෙයක්. ඒ චිත්‍ර සදහා භාවිතා පින්සල් සහ තින්ත පවා ස්වාභාවධර්මයෙන් ම ගත් දෙයින් හදාගන්නා දේවල් නිසා ඒවා උපරිමයෙන් ම ස්වාභාවධර්මයට සමීප චිත්‍ර කලාවක් විදිහටයි හදුන්වන්නේ.. අනික තමා මේ හයිගා වල තියෙන විශේෂත්වය ඒවා හරිම සරල වීමයි. චිත්‍රය අදින කොළය පුරාම සිතුවම් නොකර මුල්ලක හෝ පොඩි තැනක සටහන් වෙන නිසා මේවා සරල චිත්‍ර ක්‍රමයක් විදිහටයි සලකන්නේ. හැබැයි හයිගා වල ඒ සමගින් ම තියෙන අනික් ලක්ෂණය තමයි හයිකුව හා එකතු වුණාම ඒ තුළ හයිකුවෙන් සහ චිත්‍රෙයන් වෙන වෙනම කියැවෙන දේට වඩා මහා ගැඹුරක් අන්තර්ගත වීම..... මේ නිසා ම මේක අධ්‍යනය කරන්න කරන්න ආසා හිතෙන දෙයක්.....
හයිගා ගැන කියත්දි නොකියාම බැරි කෙනෙක් තමා නනෝගුචි රයුහෝ. මොහු මේ හයිගා කලාමේ මූලිකයෙක් වෙනවා. ඒ වගේ ම හැම හයිකු කවියක් සමගින් ම හයිගා චිත්‍රයක් සිතුවම් කිරීමේ සම්ප්‍රදායේ ආරම්භකයාද ඔහුය.......
මේ දේවල් බැලුවා ම හයිකු කියන්නේ තනිව ගෙන කතා කළ හැකි දෙයක් නෙමෙයි... තනියම ගත්තත් හයිකු කියන්නේ සාගරයක්.... වටපිට බලලා කිව්වොත් හයිකු කියන්නේ සත්සමුදුරක්...... කියවන්න.. කියවන්න ආසයි.... ඉගෙන ගන්න ඉගෙන ගන්න ආසයි.... තාම හොයනවා... කියවනවා....
බොහොම කෙටියට පුංචියට හිටියට මේක මහා දම්වැලක් වගේ එකට බැඳුනු සාගරයක් වගේ කලාවක්නෙ. ඇත්තටම හරිම පුදුමයි. කවිය එක්ක චිත්‍ර කලාවත් බැඳිලා.. ඒ එක්කම සොබාදහමත්.ඇත්තටම හරිම මනස්කාන්තයි.සෞන්දර්‍යයේ අග්‍ර ඵලයක් හයිකු.මෙච්චර දැනුම් සම්බාරයක් අපි වෙත ගෙනත් ඔබ ගන්නා මේ වෙහෙසත් අප්‍ර්මණයි.මිල කල නොහැකියි.කම්මැලි කමක් නැතුව මෙහෙම අපි වෙනුවෙන් කැපවෙනවට හුගක් ස්තූතියි ගී පවුරේ..
Deleteතවත් මීට අදාළ දෙයක් මේ විදිහට සටහන් කරන්නම්. ජපන් සාම්ප්‍රදායික කවි වලට කියන නම තමා “වකා“ යන්න. මේවා “කන්ෂි“ කියන චීන සාම්ප්‍රදායික කාව්‍ය ක්‍රමයන් එක්ක සම්බන්ධයක් තියෙනවා සහ එහි ප්‍රෙබ්ධයක් කියලත් කතාවක් තියෙනවා. කොහොමත් ජපන් භාෂාව සහ චීන භාෂාව අතරත් සමානකමක් සහ ලොකු සම්බන්ධතාවයන් තියෙන නිසා මේ අතරත් සම්බන්ධතාවයක් තියෙන්නට හැකියි කියලා හිතන්න පුළුවනි.
Deleteමේ වකා කියන ඝණයට ගැනෙන බොහොමයක් කාව්‍ය වර්ග තියෙනවා. මේවා දිහා බැලුවා ම ඒවා සහ හයිකු අතරත් ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා පැහැදිලි වෙනවා. මූලිකව ම මේ කවි වර්ගත් අර කියන මාත්‍රා/අකුරු/වචන ගාන අරන් තමා කතා කරන්නේ. (ඒක මේ කාව්‍ය විග්‍රහ කිරීමට හොදම ක්‍රමය නොවන බව ආයෙමත් කියන්න කැමතියි - නමුත් ආරම්භයක් විදිහට වෙනස හදුනා ගැනීමට ඒක පොඩි සහයක් දෙනවා.)
මෙතැනදි අපිට හමුවන කාව්‍ය වර්ග කීපයක් ම තියෙනවා. (මේවාට කාව්‍ය කියලා කියන්නේ පොදුවේ නමක් විදිහට. නමුත් මේවා කාව්‍යම ද කියලත් ගැටලුවක් තියෙනවා.)
1. ටන්කා - මේවාට කියන්නේ කෙටි කවි කියලා. එහි හැඩය 5-7-5-7-7
2. චෝකා - මේවා දිගුකවි කියලා කියනවා. මෙහි හැඩය 5-7-5-7-7-මේ විදිහට ගිහින් අවසානයේ 5-7-7- විදිහට ඉවර වෙනවා. මේවා දිගයි.
3. බුසොකුසෙකිකා - මේවාට කියන්නේ බුද්ධ පා ලංඡන කවි කියලා. අපිට නං ශ්‍රීපාද කයි කියන්නත් හැකියි නේද? මේවායේ හැඩය 5-7-5-7-7-7 තවත් විදිහකට කිව්වොත් ටන්කා වල අගට තවත් 7 ක පේළියක් එනවා.
4. කටාවුටා - මේවාට කියන්ෙන් කවි කෑලි කියලා. ෙමහි හැඩය තමා 5-7-7 (අපි හයිකු වල දැක්කේ 5-7-5 නේ. මේක ටිකක් සමීපයි හැබැයි හැඩයෙන් හොදේ.)
5. සෙදෝකා - අැත්තට ම මේවා නැවත කියවෙන කවි කියලා කියනවා. ඒ කියන්නේ කටාවුටා කවියක් දෙපාරක් කියැවෙන විදිහට තමා මේවා ලියැවෙන්නේ. හැඩය තමා 5-7-7-5-7-7 (මෙතැනදී අැත්තට ම රිපීට් වීමක් තමා වෙන්නේ... පළමු පද තුන නැවත කියැවෙනවා. බයිලා වලදිත් මේ විදිහට පද නැවත කියැවීමක් වෙනවානේ.)
මේ අනුව බැලුවා ම හයිකු කියන්නේ ජපානයේ තියෙන මහා කවි සම්ප්‍රදායන් රැසක් අතරින් පෙරිලා අාපු ඒක වර්ගයක් විතරයි කියලා පැහැදිලි වෙනවා. හැබැයි හයිකු ෙම් තරම් දියුණු වෙන්නට ෙම් තියෙන වටපිටාවත් සහයක් වෙන්න අැති. මොකද අපිට ඒද්දි හයිකුව විතරක් අාවාට ජපනුන්ට ඊට සමානව යන තවත් බොහොමයක් කාව්‍ය වර්ග තියෙනවා.
අපි මේ වටපිවාටව නොදැන හයිකුව විතරක් තනිව ම ගෙන කතා කිරීම නුසුදුසුයි කියලයි මටනං හිතෙන්නේ.... ඒ්කයි තව තවත් මේවා අස්ෙස් රිංග රිංග මේවා හොයන්ෙන්... ඒ වගේ ම කෑලි කෑලි ඔබටත් ගේන්නේ........
හප්පච්චියේ... හයිකු ගැන් ශාස්ත්‍රපති නිබන්දනයක් කරන්න ඇහැකි නොවෑ මේ කරුණු සම්බාරයෙන්..
Deleteස්තූතියි මචං........... අපි මේ කමෙන්ටු අස්සේ හැදෙන සංවාදය තුළ මේ ගැන දැනුම සටහන් කරන්නයි උත්සහ ගන්නේ.... ඒත් ඒ සාකච්ඡාවන් නිවාඩු දවස්, උදේ හවස වගේ කාරණාමත සක්‍රීය ව සිද්ධ නොවෙන වෙලාවල් තියෙනවා. ඒ බ්ලොග් වල හැටි..... මොනවා වුණත් මේ වන විටත් හොද දැනුමක් එකතු කරගන්න අපිට හැකිවුණා. හොද සංවාදයක් ඇති වුණා. හයිකු කියවන්නෙකුට ලියන්නෙකුට මේ සටහන් එකතුව වැදගත් වේවි කියලා හිතෙනවා........
Deleteදැන් ඉතින් අපි හයිකු ලියමු.............
මෙතෙක් කියවපු කරුණු සැලකුවාම ඇත්තටම මෙහි සටහනක් තබන්නටව ත් මට සුදුසු කමක් නැති බව වැටහුනා :) නමුත් මේ කරන දැනුම බෙදාදීම අගය කරන්නට අවශ්‍ය නිසාම සටහනක් තිබ්බා. ඔබට ගොඩක් ස්තුතී .
Deleteඉඩෝරය නිමාකොට
ReplyDeleteවසන්තයේ පිනි වැස්සක්..
වහින්නට සිතාගෙන
ලිව්ව සංවේදනාවක්
හොද උත්සාහයක්............... ඔබ ගොඩක් දුරට උඩින් කියපු දේවල් ඔස්සේ ගිහින් තියෙනවා... හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මනෝෂ්...... කාටවත් බැහැ තවත් කෙනෙක් ලියපු හයිකුවක් හයිකුවක් නෙමෙයි කියලා තර්ක කරන්නට.... ඒක තමා මගේ නං මතය. මොකද හයිකුව මෙහෙමම විය යුතුයි කියලා කොහේවත් නීති නැහැ...... මුල්කාලීන හයිකු ලියපු අයට අනුව පසුකාලීන ව විග්‍රහ කරගත්තු රීති ටිකක් තමා තියෙන්නේ.... අනික මේ කිසිම හයිකු කවියෙක් අපි වගේ බ්ලොග් වල හෝ වෙන විදිහකට හෝ හමුවෙලා මේවා ගැන තර්ක කර කර කතා කරකර හයිකු දියුණු කරලා නැහැ... හැබැයි ඒ මිනිස්සු හැකි හැකි දේ ගැන හයිකු ලියන එක විතරක් කරලා තියෙනවා.... ඒකයි ජපානයේ හයිකු කියලා මහා සම්ප්‍රදායක් හැදිලා තියෙන්නේ... සමහර විට තර්ක කරකර හිටියා නං මං හැමදාම කියනවා වගේ හයිකුත් ලෝකෙන් තුරන් වෙලා ගිහින් ගොඩක් කල් වෙන්න පුළුවන්.......
Deleteඔබේ කතාව හරි.හයිකු නෙවෙයි ඕනම සාහිත්‍යකට නීති රීති සීමා මායිම් දාන්න අයිතියක් මං හිතන්නෙ නොතිබිය යුතුයි.මොකද සාහිත්‍ය කියන්නෙම නිර්මාණකරණයක නිදහස,ස්වාධීනත්වය.ඒක මෙන්න මේ අච්චුවේම විය යුතුයි කියල හැඩයක් නොතිබිය යුතුයි.එහි හරය, වටිනාකම අන්තර්ගතය ගැන ගුණ දොස් විවරණ තියෙන්න පුලුවන්.
Deleteඅපි හිතනවා හොද සංවාදයක් මේ ටිකෙන් ඇති වුණා කියලා. දැන් ඉතින් තියෙන්නේ හයිකු ලියන්න තමයි.... බලමු හයිකු කුරුටු ගාන්න උත්සහ කරලා..... ජයවේවා...
Deleteමේවා මෙහෙම කතාකරන්න පුළුවන් මාතෘකා නෙමෙයි.මේවා කතාකරන්න ඕනේ සඳ ඇති රැයක මද අඳුරේ තේ කහට පාට අමෘතෙත් එක්ක.නැත්තන් 5,7,5 ගලපන්න ගියහම පිස්සු වගේ.අනික අරවගේ වෙලාවට සිංහළ හොඳට මතක්වෙනවා.දැන් භාශාව අමතකයි.
ReplyDeleteඇයි හයිකු
ගණන් ඔච්චර
ගල් හොදයි
අඩෝ කසුට්ටා.........................
Deleteඋඹේ පළවෙනි හයිකුවට සුභ පැතුම්.... මං කිව්වා හරිනේ.... කලිනුත් හයිකු ලියලද දන්නෑ.. කොහොම හරි කමක් නැහැ.... හවසකත් සෙට් වුණොත් හයිකු කෙසේ වෙතත් අලුත් කවි ජාති එහෙමනං හොයාගනිවී........ ටිකක් හයිකු ගැන කියවමුද???? තව ටිකක් හයිකු ලියමුද????? උඹේ බ්ලොගයෙත් හයිකුවක් ලියමුද??????
කියවමු...දැනගන්න ආසාවක් ඇතිවුනා.ඒත් ලියන්නනම් නෙමෙයි.ජපනා 5,7,5ට ලිවුවට අපේ භාශාව එහෙම කෙටි කවි ලියන්න හැදිලා තියන භාශාවක් නෙමෙයි කියලයි මගේ අදහස.
Deleteපළවෙනි සහ ගොඩක් දුරට අවසාන හයිකුවත් වෙයි.....:)
නැහැ බං එහෙම කියන්න එපා..... මොකද උඹ පළවෙනියට ම කියලා තියෙන කතාව හරියට ම හරි..... කොහොමත් උඹේ බ්ලොගයේ ලියැවෙන කවි දැක්කා ම උඹේ කවිකම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ....
Deleteඒත් හයිකු වගේ දෙයක් මමත් මුලින් එච්චර ණන් ගත්තේ නැහැ. ඒත් හොයන්න හොයන්න ඒක සාගරයක්..... හැම කලාවක් ම එහෙම තමා..... ඒත් ඔය අකුරු 575 කියලා සීමා වෙන්න එපා. ඒක හයිකු වල තියෙන එකම එක ලක්ෂණයක් විතරයි... උඹ කිව්වා හරි ජපන් භාෂාවෙන් හයිකු ලියද්දි කන්ජි තමා බොහෝ විට භාවිතා වෙලා තියෙන්නේ... ඒවා රූපාක්ෂර ජාතියක්. ඉතින් එක රූපාක්ෂරයක් විස්තර කරන්න අපිට අපේ භාෂාවකින් වචන කීපයක් ම ඕන කරනවා.. මේක අපේ පළවෙනි පෝස්ටුවේ දී සද වියමන් හරි ලස්සනට පැහැදිලි කරලා දුන්නා... ඉතින් මං නං යෝජනා කරන්නේ මේ වෙලාවේ අකුරු 575 කියන දේට සීමා නොවී අනික් දේවල් ගැන හිතමු කියලයි.... උඹේ දෙවැනි හයිකුව ලියනකල් අපි බලාන ඉන්නවා... ඒකත් මෙතැනම යටින් ලියමු ද ?????
අන්න හරි නියම ක්‍රමයට අනුගත වෙලා..
ReplyDeleteඅනේ පලයං බං යන්න. හැක්...
Deleteයකෝ මුන් දෙන්නා ආය පැටලිලානේ..........
Deleteමේවා අහන්නේ දකින්නේ පලවෙනි වතාවට
ReplyDeleteසලිතත් එහෙනං හයිකුවක් ලියයි වගේ නේද????? ජයවේවා
Deleteඒ ගමන ලෙඩේ සෑහෙන්න දරුණුවට යනව වගෙයි.
ReplyDeleteඔහොම යං. ඔහොම යං..
නෑවා බොල නෑවා.............. දැන් තමා අනුන්ට බෝ වෙන කාලේ.... ඒකයි මේ හයිකු බෝ කරන්න හදන්නේ.... මේ ලෙඩේ හැටි එහෙම තමා.... තව සති දෙකක් කට්ටියට බෝ වෙනවාලු..... ඉතින් මං සති දෙකක් ම ලෙඩ නිවාඩු...... අවුරුදු නිවාඩුවත් එක්ක ගත්තා ම මාසයයි.. වැඩිනෑනේ.......?????
Deleteසිමා මාලකේ පාලමෙන් මෙගොඩ ඉඳ
ReplyDeleteබැලුවා ගොඩ වෙන්න පන්සලට හිත එකලසක් කරගන්න
අම්මෝ.. ගංගාරාමේ 'කෑලි ගොඩ'.. පෝයට.. :)
ජයවේවා.....................
Deleteඅඩෝ කමියාගේ හයිකුව..... කමියා උඹටත් හැකියිනේ දැන් පෝස්ටුවක් දාලා ඒක අන්තිමට පද පේළි තුනකින් ඒ පෝස්ටුව ගැන පොඩි හයිකුවක් කොටන්නට....... මේ හයිකුව විචාරය කරන්න මට අවශ්‍ය නැහැ... කරන්න මම හයිකු වල අයිතිකාරයා යෑ නේද බං.. මොනවා වුණත් මේ උත්සහය සහ ලිවීම තමා වැදගත්......
දැන් උඹ මට කියනවා ද හයිකු අතුගාලා දැමීම ගැන අදහස ගැනත් ටිකක්......
ව්සංග්තේ හ්දිල හිටියත්
ReplyDeleteබොනව නේද උබ හොරෙන්ම
මුසුව නැතිව ගල් අරක්කු
ඕං ලියල තියෙන හයිකුව... අෆොයි
Deleteදැන් ඉතින් කියහංකෝ මේකට මොකක් ද කියන්නේ කියලා......... යකෝ හයිකුවක් කාලා මැරෙන්න හිතෙනවා..........
Deleteපෙති ගලවා
ReplyDeleteහොයන්නේ නෙළුමේ බට්ටා
කුරුට්ටන් හයිකුවේ
කෙටි කවි සහ හයුකු කියන්නෙ එකයි ද එතකොට? සැබෑ හයිකු ලිවිය හැක්කේ ජපන් භාසාවෙන් විතරයි ද?
ජයවේවා..!!
නැහැ ගස්..............
Deleteමේ දෙක පැහැදිලි ව ම දෙකක්..... සාපේක්ෂ ව බැලුවා ම කෙටි කවි කියන්නේ හයිකු වලට වඩා සාපේක්ෂ ව නිදහස් ආරක්...... කෙටිකවි කියන තැනම හයිකුවේ වෙනස තියෙනවා. හයිකු කියන්නේ කවි ජාතියක් නෙමෙයි කියලයි අපි දිගට ම යෝජනා කරන්නේ. හයිකු වල ලක්ෂණ ගොඩක් අපි දිගින් දිගට ම ලියමින් ඉන්නවා. ඒ වගේ ම හයිකුවට ජපාන පරිසරය සහ පසුබිම එක්ක හැදුන අනන්‍ය ලක්ෂණත් ගොඩක් තියෙනවා... මේවා ටිකක් කියවලා බැලුවා ම තේරුම් ගන්න හරි පහසුයි. ඒකෙන් අපිට හයිකු ගැන අපේම රාමුවක් හදාගන්න පුළුවනි. හැබැයි මේ රාමුවට හිර වෙන්නේ නැතුව හයිකු කියන ලක්ෂණත් එක්ක හයිකු ලියන්න අපිට එකෙන් මගපෑදේවි.......
වෙන මොන කතා ද ඔය උඩින් ලබු හයිකුවකුත් කුරුටු ගාලා තියෙන්නේ....
තවම ඉගන ගන්නවා හිටහන් මමත් එකක් liyankan
ReplyDeleteලියහං හැබැයි පරිස්සමෙන් හරිද,,??? මං හැමදාම කියනවා වගේ 575 උඹේ රස්සාවට එහෙම ගියොත් අනාථයි.......... ඒ නිසා බලාගෙන..... එහෙනං හයිකු බ්‍රා එකක් ලියමුකෝ බලන්න....
Deleteජයවේවා
ම්ම්ම්.... ට්‍රයි එකක් දෙමු බලන්න...
ReplyDeleteගිනි කාස්ටකේ
හිතං ගියාට තෙමා ගන්න ඇඟ
බටේ හිස්
හ්ම්.................. උඹ ගොඩක් සාර්ථකයි රොහාන්....... අනික මේක ටිකක් නැවුම් ගතියකුත් දැනෙන හයිකුවක්........ අපිට පළවෙනි පාර මහා දේවල් කරන්න බැරිවුණාට උඹ සාර්ථකයි.... තව ටිකක් මේ සාකච්ඡාව සහ මේ ගැනත් හැකියි නං හොයලා බලමු...... රොහාන්ට බැරියැ තාක්ෂණික හයිකු ලියන්න නේද??????
Deleteතාක්ෂණික හයිකු... මේ වගේ ද? හැක්!
ReplyDeleteනැහැ දැං එහි මොකුත්
සිහිය නැති මිනිහෙක්
ෆෝමැට් කල හාඩ් ඩිස්ක් එකක්
මම කොහොමත් ජපානෙ සංස්කෘතියට ආසයි. ජපානයේ සාහිත්‍යත් පරිසරයත් එක්ක ගොඩක් සමීපයි. උණ ගස් වලින් ගොඩක් වැඩ කරල තියෙනව දැකල තියෙනවා. එදා සම්මාන උළෙලට හයිකු ලියපු එක්කෙනෙක් වත් ඇවිත් තිබුණෙ නෑ නෙ. නෙළුම් යායෙන් හයිකු හැලෙන්න ඒකත් බලපෑවද දන්නෑ කුරුටු..
ඔය ගැන මමත් අජිත් අයියා, කමියාගෙන් ප්‍රශ්ණ කරා. මෙහෙමයි රොහාන් මගේ අදහස. හයිකු/කෙටිකවි කියලා අංශයක් තියෙනවා කියන්නේ නෙලුම්යායේ දෙයක් තමා. ඒත් ඒකට මේපාර සම්මාන ලබපු එවුන් ආවේ නැහැ කියලා ඒ අංශය ඉවත් කරන්න ඒක හේතුවක් නෙමෙයි..... හයිකු කියන්නේ ඇත්තට ම සුන්දර කලාවක්. කෙටිකවි කියන්නෙත් නිදහසේ දියුණු කරන්න හැකි කලාවක්.... කෙටිකවිනං දැනටමත් හොදට ලියැවෙන බ්ලොග් තියෙනවා.... ඒ නිසා මේක රකින්නයි අපි නං පෙනී සිටින්නේ...... ඒ වෙනුවෙන් අපි කතා කරනවා...... බලමු මේ සංවාදයන් හරහා මොකක් හරි වෙයිනේ..... අඩුම නොදන්න කීප දෙනෙක් හයිකු ගැන දැනගැනීමත් ලොකු දෙයක්නේ.......
Deleteආ............ උඹේ දෙවැනි හයිකුවත් ලස්සනයි..... ආයෙම ලියන පෝස්ටු වලත් හයිකුවක් කුරුටු ගාන්න අමතක කරන්න එපා.....
Deleteගියා ආවා පොලිසියට කීප සැරයක්
ReplyDeleteඒත් තාම හොයාගන්න බැරිවුණා හරියට කිසි දෙයක්
ඌ ගෙවල් ගාවම එකෙක් වෙන්ටැ
අසංක
ඔ්‍ය තියෙන්නේ අසංක අයියාගේ හොරා පොලිස් හයිකුව..........
Deleteඇත්තට ම ඒ ගැන අහන්නත් බැරි වුණා.... අසංක අයියා ඕකා අල්ලගන්න ඉක්මනට ම පුළුවන් වේවි..... ජයවේවා.... අනුන්ගෙන් කඩාවඩා ගෙන ජීවත් වෙන්න හදන උන්ට හරියන්නෑ.....
This comment has been removed by the author.
ReplyDeleteපෙති තලන බඹර සේනා මැද
ReplyDeleteආදරය පමණක් සුවඳ අල්ලන තනි අවිහිංසක කුහුඹුවෙක්
මලට තිබ්බෙ කූඹියාට ඉඩ දෙන්න .....
කුරුටුලා උසි ගැන්නුවා.....ඉතින් බොසත් දිගට හරහට try කරනවා..... හයිකු......හැක්
අඩේ දබොසා...............
Deleteඔය ලියලා තියෙන්නේ අගේ ඇති හයිකුවක්.... තව විස්තර ටිකක් කියවන්න... උදාහරණ හයිකු ටිකක් හයිකු අද්දර සහ බූන්දිය පැත්තේ ගියොත් බලතඇහැකි.. එතකොට තවත් හයිකු ලියන්න ආසා හිතේවි...... ඔය කතාවක් එහෙම ලියලා අන්තිමට හයිකුවක් කුරුටු ගාන්නත් අමතක කරන්න එපා....... ජයවේවා...
නිදි නැති රෑක
ReplyDeleteහැඟවුන හඳේ එලියක
නොකී කව නුඹ
පොඩි උත්සාහයන්
මේක නං හරි ලස්සන හයිකුවක්........... හයිකුවක තියෙන තවත් ලක්ෂණයක් ගැන මෙතැනදී කතා කරන්න හිතෙනවා. මොකද ඒ ලක්ෂණය මේ හයිකුව තුළ මනාව තියෙනවා. ඇත්තට ම හැම හයිකුවක් වගේ ම ලියැවිලා තියෙන්නේ අත්දැකීමක්, හැගීමක්, දැනීමක්, සංවේදනාවක් එක්ක. අපි මුලිනුත් කතා කරා වගේ ග්‍රාමීය ජපනුන්ගේ ජීවිත ගොඩක් විට කටුක ව ගෙවුණ ඒවා. ඔවුන්ට ආහාර හොයා ගන්න, වගා කරගන්න, සමහර කාල වලට හිමත් එක්ක පොර බදින්න වෙනවා. මේ එක එක වෙලාවල් වලට ජීවිතේ දැනෙන හැගීම් දැනීම් ගැන ලියැවුණ දේවල් තමා හයිකු වෙන්නේ. ඒ නිසා හයිකු කියන්නේ නිකන් ම නිකං පද නෙමෙයි. මිනිස්සුන්ගේ ජීවිත.......... හයිකු වල මේ ලක්ෂණය හරි විශේෂයි. බොහෝ වෙලාවට හයිකු ලියන්නා පරිසරයේ දකින දේ තුළින් තම දැක සතුට කදුල වේදනාව කලකිරීම තනිකම වගේ දේවල් පිට කරනවා.
Deleteඒත් මං තාම හොයන දේකුත් තියෙනවා. ඒ තමා මේ තරම් දුක් වේදනාවන් සමහර විට සතුට විදීම වගේ දේවල් වුණත් ඇයි මේ තරම් කෙටියෙන් කියන්න ඔවුන් පෙළඹුනේ කියන දේ. ජපන් ජාතිකයා සාමාන්‍යෙයනුත් ටිකක් නිවුණ ගති ඇති ජාතියක් විදිහටයි පේන්නේ. සමහර විට ඒක ඔවුන්ගේ ජානමය ලක්ෂණයක් වෙන්නත් පුළුවනි. හැබැයි එහෙමම කියන්නත් බැහැ. අපි දෙවැනි ලෝක යුද්ධය ගත්තා ම මිත්‍ර පාර්ශවික රාජ්‍යයන්ට විරුද්ධ ව සටන් කරපු ජපනා කියන්නේ මාර ආක්‍රමණශීලී ජාතියක් විදිහට තමා දැකිය හැක්කේ. ඔවුන්ගේ සටන් ක්‍රම හරිම කෘෘරයි. ඔවුන් භාවිතා කරපු උපක්‍රමත් එහෙමමයි. තාමත් ඔවුන්ට හමුදාවක් තබා ගැනීමට නොදීමට බටහිර ජාතීන් තුළ ඇති උත්සාහයටත් ඒක හේතුවක්......
එහෙනං ඔවුන්ගේ ලිවීමේ කියැවීමේ හැකියාවේ යම් වෙනසක් තිබුණාද ?????? මෙතැනදී අපිට ආයෙමත් අමතක කරන්න බැහැ ඔවුන් සතුව තිබ්බ රූපාක්ෂර ක්‍රමය. ඒත් රූපාක්ෂර කීපයක් පාවිච්චි කරලා තමන්ගේ හැගීම් දැනීම් තම ඇස්වලට පේන පරිසරයත් එක්ක බද්ධ කරලා මේ විදිහට කියන්න හැකිවුණා කියන්නේ අපි නොදකින තරම් ඒ නිර්මාණකරුවා බුද්ධිමත් කියන එකද??????????? අපිට හිතන්නත් බැරි තරමට ඔහු ඒ කාලෙත් පෝෂණය වුණ කලායක් එක්ක හිටියාද???????
ඇත්තට ම මේ මං ඉස්සරහා මැවෙන ප්‍රශ්ණ නිසයි මේවා මෙහෙම ලියලා තියන්නේ... මේවාට උත්තර හොයන්න තවත් මේකේ ගැඹුරට යන්න වෙනවා තමා....
වන බඹරෝ
ReplyDeleteමොකද මලම ඉඹින්නේ
ඇයි අමතකද නටුව
මේකත් හරි ලස්සන හයිකුවක් තමා......... ඔබේ උත්සාහයන් ගොඩක් ඉස්සරහින් තියෙනවා...... තව ටිකක් මේ ගැන කියවන්න උත්සහ කරන්න.... තව තවත් මේ ගැන දැනුම හදාගන්න හැකි වේවි....... අපි හයිකු ලියමු....... දිගට ම ලියමු.........
Deleteසෑහෙන තරම් සතුටුදායක අදහසක් ලැබුනා. සිංහලට පරිවර්තනය කල හයිකු කවි පොත් තියනවද?
ReplyDeleteවිචාරකතුමෝ...............
Deleteකියවනවානං හොදම පරිවර්ථන කියවාගන්න තියෙන තැනක් තමා හයිකු අද්දර බ්ලොගය. ඒක අපේ බ්ලොග් සහෘද සහෝදරියක් ම ලියපු එකක් වීම සහ හොද පරිවර්ථන තිබීම එකේ විශේෂත්වයක්..... අනික් තැන තමා බූන්දියේ තියෙන හයිකු කොටස..... ඒකෙත් බොහෝ විට මං දැක්කේ හයිකු අද්දර මාලතී ම කරපු පරිවර්ථන තමා තියෙන්නේ.....
අපේ ගිය පාර පෝස්ටුවේ දී අරූ කියපු පොතක් තමා මහාචාර්ය ආරිය රාජකරුණාගේ ජපන් හයිකු කාව්‍ය කියන පොත. අනික් ඔත්තුව තමා බණ්ඩාර කේ විජේතුංග ගැන අරූ සහ තරු රසී කරපු සටහන් කිරීම... මේවා තමා මේ වෙලාවේ දෙන්නට හැකි ඔත්තු ටික..... තව තවත් හැකි තරම් දැනුම අපි මේකට එකතු කරමු.....
නෙලුම්යායේ හයිකු හැලීම ගැන මං දැන් කමියාගෙන් අජිත් අයියාගෙන් සහ ඔබගෙන් ඇහුවා.... තාම හරියට සාකච්ඡාවක් හෝ උත්තරයක් නැහැ.... ඇයි ඒ ගැන කතා නොකරන්නේ.......????
පළගැටියෙක්..???
ReplyDeleteනොවෙයි ඒ .. තණකොළ පෙත්තෙක්..
ජීවිතේ සැදෑයම ගෙවනවා...
මියෙන්නට පෙරාතුව..
දල්වා විසිකළ...
වෙසක් පහනක් මත...
අගෙයි අළු හුළග........... ලස්සනට ඒ දේ ම වෙනස් විදිහකට දැකලා....... කෙටි කවියකුත් අමුණලා...... ලස්සනයි.......
Deleteහයිකු වල මම දැක්ක දෙයක්, අපිට සුපුරුදු කාව්‍යමය තාල හා නිසදැස් ආකාර නැති කම...(සෑම තැන්හිම නොවේ) ඒවා හුදු රචනා ස්වරූපක් ගන්නව..වචන හැඩ ඇති වාඛ්‍ය...එදිනෙදා තම්ගෙ ජීවිතය,අත්දැකීම්,විදීම්,සිතුම් පැතුම් ඉතාම කෙටියෙන් හයිකුවක් කියනව...තව දෙයක් මචං හයිකුවක නිදහසාරක් තියනව නේද?පොඩි පොඩි රීතීන් ඇරුනහම බොහෝ තැන් කවියාට පුලුවන් තමන්ට අවශ්‍ය විදිහට ගලප ගන්ඩ,ආදේශ කරන්ඩ.... බොහොම ස්තූත්යි මචං.....
ReplyDeleteවෙලාව මේ දවස්වල හරි අඩුයි....ඒත් උබගෙ මේ මහන්සිය දැක්කහම කොමෙන් එකක් දාන් නැතුව යන්ඩ හිත දෙන්නෑ.....මගෙ හයිකු ගුරා උඹ....(හැබැයි තාම එකක්වත් ලීවෙ නෑ...හැක් හැක්......වෙලාවක් හම්බුන ගමන් ලියන්ඩ ඕනෙ)
උඹ හොදට කියවලා තියෙනවා. හරියට හරි හයිකු කියන්නේ කවි කියලා කියන්නැතතත් කමක් නැහැ. ඒවා හයිකු විතරයි.... හයිකුවට තමන්ගේ ම අනන්‍යතාවයක් තියෙනවා. කෙනෙකුට ඒවා ගද්‍ය.. තවත් කෙනෙකුට පද්‍ය..... ඒ නිසා ම මේවා නිදහස් ආර......
Deleteවෙලාව නැතුව හරි මේ විදිහට කියවලා සහයෝගය දක්වලා ශක්තියක් වෙලා ගියාට තුති... උඹේ ලස්සන කතාවක් අගට පොඩි මාතෘකාවක් දාලා හයිකුවකුත් කුරුටු ගෑවොත් අගේට තියේවි නේද??????? බලමු ඊළග පාර උත්සාහයක් කරලා.......
This comment has been removed by the author.
ReplyDeleteහයිකු වක්
Deleteකියන්න බැරිද
අදත් මට
පුළුවන්............... ඔ්‍ය තියෙන්නේ අගේට කුරුටු ගාලා.......
Deleteඉවාන්ගේ කතා වලදිත් අපිට පොඩි පොඩි හයිකු කියවන්න ලැබෙයි එහෙනං..... හයිකුවේ දී අකුරු ගානට කොටු වෙන්න එපා බං..... තවත් ටිකක් නිදහස් වුණොත් උඹට තවත් දෙයක් එකතු කරන්න හැකි වෙනවා.... උඹ ලියන පට්ට කතා අග හයිකුවකුත් දකින්න ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා...... ජයවේවා...
කුරුටු හයිකුව
ReplyDeleteමරු ගති
පළමු හයිකුව
මිස් වුණි
ස්තුතියි හයිකු ගැන කියලා දෙනවට....
ස්තූතියි මෙතුවෝ..............
Deleteබලමු හැකි වෙලාවට හයිකුවක් එහෙම කුරුටු ගාන්න........ ජයවේවා..
වසන්තය එන්න පෙර ඉස්සරම දවසක
ReplyDeleteසරත් සමයේ වැටුන රතු පාට කොළයේ අගිස්සක
නුඹ ලිව්ව කවියම තමයි ප්‍රේමය
හරිම වටිනා ලිපියක්..හයිකු ගැන නොදත් බොහෝ දේ ඉගන ගත්තා...බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක දැනුම බෙදා ගත්තාට...
හරිම ලස්සන හයිකුවක්................ ගොඩක් සාර්ථක හයිකුවක්........ ඒ පැත්තටත් ගියා... සින්ඩියටත් දා ගත්තා...... බ්ලොග්කෙරුවාවට සහ කුරුට්ටන්ගේ බ්ලොගය පැත්තටත් සාදරයෙන් පිළිගන්නවා.....
Deleteඑහෙනං අපි හයිකුත් කුරුටු ගාමු............ ජයවේවා...
අද තමයි පෝස්ට් දෙකම කියවලා හයිකු ගැන වැඩිදුර කියෙව්වෙ. බලමුකෝ ඉස්සරහට හයිකුවක් ලියන්න.. ගොඩක් ස්තූතියි මේ ගැන බොහොම බරසාර ලිපි දෙකක් ලිව්වට..
ReplyDeleteඒ ස්තූතිය ගොඩක් ලොකු හයියක් සිතූ......... ඇත්තට ම හයිකු ගැන කලින් හොද මට්ටමකින් කියවලා තිබුණෙම නැහැ. ඒත් අපේ බ්ලොග් සහෘදයන් සමග සාකච්ඡාවෙන් හැදුණ අධ්‍යයනය හිතපු නැති තරම් දුරක් ගියා...... ඒ ගැන සතුටුයි..
Deleteහයිකු ගැන මුලින්ම අහගත්තෙ මහේෂ් අය්යගෙන් මහේෂ් අය්ය කියවන්න කියල ලින්ක් කිහිපයක්ම මට එව්වා. මට කලින් පෝස්ටුවත් මග හැරුන කුරුටු මේ දෙකම හෙමිහිට කියවල එන්නම්.
ReplyDeleteඕකේ හංසි............ පෝස්ටු දෙක අස්සේ තියෙන කමෙන්ටු වලින් හොද සංවාදයක් හැදිලා තියෙනවා...... කියවන්න හැකි විදිහට වෙලාව අරන් කියවලා බලන්න. හයිකුවක් කුරුටු ගාන්නත් අමතක කරන්න එපා ඔය ලියන දේවල් අස්සේ හරිද????
Deleteමෙන්න මගේ ට්විටර් ෆීඩ් එකට දැම්ම.
ReplyDeletehttps://twitter.com/ajith_dh
මෙහෙ හයිකු ගැන කතාව යනවා. අරහේ අටම නවත්වන්න යනවා.
ReplyDeleteනෙළුම් යායේ හයිකුව වෙනුවෙන් සටන් කරන්නේ මම විතරයි.
ReplyDeleteඅජිත් අයියෙ,හයිකුවත්,කෙටි කවියත්,හබරල කවියත් වෙන්කරගත්තාම ගැටළුව විසඳෙනවා
ReplyDeleteමට ඕන වෙලා තිබ්බෙත් උදාහරන සහිතව පැහැදිලි කිරීමක්.... ස්තූති සහෝදරයා
ReplyDeleteමට ඕන වෙලා තිබ්බෙත් උදාහරන සහිතව පැහැදිලි කිරීමක්.... ස්තූති සහෝදරයා
ReplyDelete