Wednesday, October 9, 2013

කෝ ........නන්දා මාලනීලා කෝ ...........



රූපවාහිනියේ අස්සක් මුල්ලක් නෑර,
සුදුමැලි වුණ ඇස් ලොකු ගෑණු,
ජීවිතේ ට රෙදි කෑල්ලක් හුරු නැති,
වීට් තලි තැවරූ කෙසඟ, බකල් කකුල්,
අමාරුවෙන් පූට්ටු කරගනිමින්,
විලිවසා ගන්නා අතර තුර,
නූතන විද්‍යුත් මාධ්‍යය හසුරුවති.
ඉංග‍්‍රීසියෙන් සිංහල ඉගෙන ගත්
අනර්කලී, නිරෝෂාගෙන් අසන්නී.
”අක්කී ආයෙම මැරි කරනවා ද ?”
කකුල් දෙක දිහා ඇහි පිය නොහෙලා
කෙළ හළන ගමන් මුන් අසති.
”මෙන්න ගායිකාවෝ,
කෝ................ නන්දා මාලනීලා කෝ.......................”


                     උඩඟු ලියන් ගොතා බඳින
                     නීල වරල සරසන්නට
                     මා පිපුනේ නැත
                     මේ දෙරණේ


රිලා රියැලිටි කලාවක්
රටේ කොල්ලන් කෙල්ලන් බුරුතු පිටින්
හෝටල් ගානේ, පිට්ටනි ගානේ
උදේ ඉඳ රූ වන තුරු,
හාමතේ පෝලිම් ගස්සවාගෙන
අනාගත සිහින තරු මාවත සොයන යුගයකි.
ගමේ කෙල්ලන්ගේ කොන්ඩ කපා, රෙදි ගලවා,
විලිලැජ්ජාව පළමු වටයෙන් ගෙදර යවා,
එක රැයින් මහා ගායිකාවන් බිහිකොට,
මෞලි මංගල්‍යය ද ඒ රැයින් ම එළි වූ කළ,
නදිනි ලා, අමිලා නදීෂානිලා ගායිකාවෝ ය.
”අන්න ගායිකාවෝ,
කෝ................ නන්දා මාලනීලා කෝ.......................”


                 දෙස බස රැස සුරකින
                 ගරු වියතුනි මෙහෙ වරෙල්ලා.
                 කව් සිළුමිණ අමාවතුර
                 කසල ගොඩට දමල්ලා.
                 සුකිරි බටිල්ලන් එක්කලා 

                 බයිලා පොළට ඇවිල්ලා.
                 රවිකිඤ්ඤා තාල අනුව 

                 කපිරිඤ්ඤා ගයල්ලා.

එදා වේල සරිකරගන්න,
තතනන අහිංසකයන් ගේ පැලෙහි

රෑ කළුවර මැකෙන්නට දැල්වෙන,
කණාමැදිරි එළියක් බඳු බල්බයටත්,
දහස් ගණනින් බිල්ගෙවන්නට සලස්වා,

මහතැන් සනසාලනු අටියෙන්
ගහන පදයකට සිත් සේ නටන,

පවුල් පිටින් මනාප පිටින් එතෙර කරන ගමන්,
උගුර ගොරහැඩි කොට කුණුහරුප දොඩවන,
අපවිත‍්‍රලා ජාතිය අමතති.

”අන්න ගෑණු
කෝ................ නන්දා මාලනීලා කෝ.......................”


               දළදා මැදුර අධික ව මිල කළ හැකි ය
               සිරිමා බෝධියේ ලංසුව පැහැදිලි ය
               කළු ගල් වලට විකුණාගෙන සීගිරිය
               සීගිරි කුරුටු ගී බයිලා කළ හැකි ය



නන්දා මාලනීලා සිටිය යුතු තැන ඇත. ඒ සිහින වේදිකාවල් වල හෝ කුණු ගඳ ගසන කැසිනෝ හල් වල නොව කලාවෙහි ගුණ සුවඳ දත් සැබෑ පේ‍්‍රක්ෂකයාගේ හදවත තුළ ය.


තුෂාර විතාරණ

.

17 comments:

  1. දැන් නන්දා මාලනීලා ගොලුවී ඇත සුනිල් ආරියරත්නගේ අත් කොරවී ඇත. රටේ මෙච්චර පසුබැසීමක්, කඩාවැටීමක් තියෙද්දී එක විරෝධාකල්ප ගීයක්වත් නොගැයෙන්නේ වන්දිභට්ටකම නිසාය.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න,
      ඔබ ඇනොනි කෙනෙක් නොවී ඔය අදහස පළ කළා නම් මා එය අගය කිරීමට කැමැත්තෙමි.

      යදමින් බැද විලංගුලා, පිළිම නෙලා නැති, පූජාසනයේ ඔබ හිදුවා වැනි ගීත ගැයුවේ නන්දා ගේ කටින් ම බැව් අමතක නොකළ යුතුය. ඒ යුගයේ ඒ ගීත නන්දාට පමණක් සීමා නොවූ අතර කපුගේ ජයතිලක බණ්ඩාර වැන්නන්නුත් එකී විප්ල‍වයේ හඩ දැරූවෝ විය. ඒ නන්දා, කපුගේ වැන්නන්ගේ ශක්තිය සහ ජවය තිබූ කාලයයි. ඒ කාලයේ තිබූ සමාජ යතාර්ථය මනා ව ගොතන්නට සුනිල් ආරියරත්න වැනි තරුණ අදහස් දැරූ කවියන්ට හැකි විය.

      අදත් සිදුවන හැම බලු වැඩක් අභිමුවේ ම සුනිල් ආරියරත්න ලියා නන්දා ගැයිය යුතු යැයි ඔබ දරණ මතය මම එකහෙළා ප්‍රතික්ෂේප කරන්නේ නන්දා ඒ වෙලාවේ ඇගේ රාජකාරිය කොට ඇති ගායිකාවක් වන නිසා ය. දැන් ඒ ගී ලියැවිය යුත්තේ වත්මන් කවීන් යැයි කියාගන්නා සන්නස්ගලලා වැන්නන් ය. ඒවා ගැයිය යුත්තේ කවුද? ගයනවානම් ගැයිය යුත්තේ දයාසිරි වැන්නන් ය. සන්නස්ගලලාගේ, දයාසිරිලාගේ හෝ සුපර්ස්ටාර්ලාගේ අඩුපාඩු නොදැක තව තවත් නන්දලාගේ ම වැරදි දකින ඔබ වැන්නන් කෙරෙහි ඇති වන්නේ කණගාටුවක් මිස අන් කුමක් ද

      කෝ ............ නන්දා මාලනීලා කෝ ..............

      ''වාසි පිලට හුරේ දමා පිලෙන් පිලට යමල්ලා‍
      බීපු ලි‍දේ දිය බොර කර මුහුදට ආවඩල්ලා
      දණින් වැටී නළල ඔබා නිලතල අරගනිල්ලා
      කල දුටු කල වල ඉහගෙන මඩි තරකර ගනිල්ලා"

      Delete
    2. ඒ කියන්නේ ඇනොලා කිව්වොත් අවලංගුයි නොඇනෝලා කිව්වොත් වලංගුයි. මොකක්ද ඒ දෙබිඩි පිළිවෙත. ඇනෝලාත් අනික් මිනිස්සු වගේම තමයි. අවශ්‍ය වන්නේ සංවාදය මිසක් අනන්‍යතාව නොවේ. සන්නස්ගල කියන්නේ කුක්කෙක් මිස වලංගු දර්ශනයක් ඇති එකෙක් නොවේ. සුනිල් ආරියරත්නලාව නන්දා මාලනීලාව නිහඬකලේ වරදාන දීමෙන්. සන්නස්ගලයා උගේ කපටිකමින් සල්ලි හම්බකරගත්ත බිස්නස් කාරයෙක්.

      Delete
    3. ඇනෝට දුන්න මේ උත්තරේ හරියට අර අහවල් එක හංගල තියාගෙන අනික් දෙකෙන් වැඩේ කරන්න හදනවා වගෙ එකක්..

      Delete
    4. ඔබ විසින් අදහස් දක්වා ඇති ආකාරය පිළිබද ව පළමුවෙන් ම අප අඩවියේ කණගාටුව පළ කිරීමට කැමැතිය. ඔබ තුළ පවතින අවේගශීලී විලාශය සංවාදයක් සදහා යෝග්‍ය කාරණයක් ලෙස අප දකින්නේ නැත.

      ඔබ තුළ ඇත්තේ විවේචනයන් පමණක් බවයි පෙනී යන්නේ. නන්දාගේ හෝ සුනිල් ආරියරත්නගේ ‍පැරණි දේශපාලන ක්‍රියාකාරීත්වයන් සහ වත්මන් හැසිරීම ඔබ විසින් ගැලපීමට උත්සහ ගන්නේ නම් එය අප විසින් සදහන් කරන කාරණයට සම්බන්ධ නොවන්නේ මෙය පක්ෂ දේශපාලනික කවියක් නොවන බැවිනි.

      අප මෙමගින් සංවාදයට භාජනය කරන්නට උත්සහ ගන්නේ නන්දා මාලනී නම් ගායිකාව හෝ සුනිල් ආරියරත්න නම් කවියා පිළිබද ව ම පමණක් නොව. ඔවුන් විසින් නියෝජනය කරන්නා වූ පැරණි හරවත් ගීතාවලිය, හඩ පෞරුෂය, සංවර චර්යාවන් සහ සමාජය පිළිබද සංවේදී බව වැනි කාරණාවන් ය. එබැවින් එය වත්මන් අරුත් සුන්, ප්‍රවේගකාරී, ආදායම් ඉලක්ක කළ, අවසංවේදීකරණය වූ කලාවට සාපේක්ෂ ව ඉහළ මට්ටමක පැවති බව මෙයින් සාකච්ඡා කරයි.

      එබැවින් ඇනී ඔබ විසින් එය පටු ආකාරයෙන් දැක නැට්ට පාගා ගත්තාට අපට කරන්නට දෙයක් නැත.

      Delete
    5. කවරු කෙසේ කීවත් නන්දා මාලනී යනු සැබෑ වීරවරියකි. එය බාර ගන්න අකමැති වන්නෝ හුදෙක් දේශපාලනමය විරෝධය මතය. මන්ද ඇගේ ගීත මඟින් දැඩිව විවේචනය වූයේ එජාප පාලන සමයයි.

      නමුත්, අද එවැනි කිසිම ගායක, ගායිකා රැල්ලක් තබා එක් අයෙකුවත් බිහිවන බව පෙනෙන්නට නැත. නන්දා මාලනී වැනි අයට බනින්නන් ආවඩන්නේ හෝ බැලමෙහෙවර කරන්නේ කාටද....?

      Delete
  2. මචං,නන්දා මාලිනී කියන්නේ පරම පවිත්‍ර වූ පරමාදර්ශී ගායිකාවක් නෙවෙයි.ඒක මුලින්ම කියලා කතා කරමුකො.නැත්නම් ලංකාවේ වෙන ගායිකාවන්ට මොකද වුනේ කියලා කවුරු හරි අහයි.ගැටලුව වෙන්නේ එක හා සමාන සිදුවීම් ඒ ඒ කාලවල වෙනකොට මේ අයගේ පෙනී සිටීම අදහා ගත නොහැකි ලෙස වෙනස් වීම.දේශපාලනය පැත්තකින් තියමු.කාලයක් විවෘත ආර්ථිකයට අවි අමෝරාගත්ත අය අද ඒකේ ප්‍රතිලාභ ගනිමින් තමන් එදා වගේම ඉන්නවා කියන එක මාර පුදුමයක්නෙ.

    ReplyDelete
    Replies
    1. අමුතු,

      ඔබේ අදහසට ගරු කරනවා. මේ දේ නන්දාට විතරක් නෙමෙයි ගොඩක් දෙනෙක්ට අදාලයි. සමාජවාදය ඔලුවේ තියාගෙන හිටපු ගොඩක් අය අද ධනවාදයට කඩේ යනවා. සමාජවාදය විකුණගෙන ධනවාදී ජීවිත ගෙනියන බහුතරයක් ද ඉන්නවා.

      සමාජවාදය හරි වමේ පක්ෂ කියන ‍ඒවා දිහා බැලුවත් ඕකමනේ තියෙන්නේ අමුතු.

      Delete
  3. මම හිතන විදියට පුද්ගලයාගේ චරිතය, ඔහුගේ හෝ ඇයගේ අතීතය විවේචනය කිරීම නෙමෙයි වැදගත් එම පුද්ගලයාගේ ක්‍රියාකලාපය හෝ නිර්මාණ නිසා සමාජ ගතවෙන දේවල්,සමාජයට සිදුවෙන බලපෑම තමයි වැදගත්.ඉතින් සමාජයට හොඳ යමක්(ඉතා සුලු හෝ) කල පුද්ගලයෙකුට දෝශාරෝපනය කිරිමට වඩා අද තොගේට බිහිවෙන කිසිඳු පලක් ඇති දෙයක් නොකරන නිර්මාණ කාරයින්ට හෝ වැරදි දේ සමාජගත කරන පුද්ගලයන්ට දෝශාරෝපනය කිරීම සාධාරනයි..
    තුෂාර විතාරණ,ඔබේ අදහස් මම පිලිගන්නව..

    ReplyDelete
    Replies
    1. දුල්ෂාන් ඔබ විසින් මෙම සංවාදය වැදගත් තැනකට ගේනවා. ඔබ කියන දෙය නිවැරදියි. නන්දා ගායිකාවක් තමයි. නමුත් එදා සමාජයට නන්දාගෙන් සේවයක් ඉටු වුණා. අදත් ඒ ගීත තියෙනවානේ.‍ කෝ එකක්වත් කිසිම නාලිකාවක දානවද? නැහැ. ලංකාවේ මාධ්‍ය නිදහසේ හැටි තමයි ඔය. මොනම හරි මාධ්‍යයකින් යදමින් බැද හෝ පිළිමනෙලා නැති කියන ගීත දිගින් දිගටම දැම්මොත් සතියක් යන්න කළින් ඒකට ගහයි. නැත්තම් ලයිසන් කැන්සල් වෙයි.

      ඒ නිසා ඔබ කියන විදිහට ම අපිත් ප්‍රශ්ණ කරන්නේ වත්මන් සමාජයේ තියෙන අවිචාරශීලී බව ගැනම තමයි.

      Delete
  4. ඔබ කතාකරන්නේ සිහිනද අවසිහියෙන්ද යාන මුලින්ම විමසා බැලිය යුතුයි. ඔබේ වාක්‍ය කහඳ වලට පමණක් අප අන්ගතවීමට බැඳී නැත. ඔබට ආවඩන්නන් අවශ්‍යනම් ඇනෝ ආවඩන්නනා ලෙස ඔබම අදහස් දක්වන්න. ඔබ දක්වා ඇති අදහස් වල තිබෙන්නේත් දේශපාලන ප්‍රපංචයන් බව නොවැටහෙන බැවින් ඔබ වැනි එක ඇහැකින් බලන්නෙකු සමග කුමන සංවාදද.

    ReplyDelete
    Replies
    1. ඇනොනි,

      ඔබේ අදහස ටිකක් අපහැදිලියි. කමක් නෑ.‍ තේරෙන විදිහට උත්තර දෙන්නම්.

      ඔබ තවමත් මේ කවියෙහි අන්තර්ගතය පටලාගෙන ඉන්නේ. මට නන්දා මාලනීගේ දේශපාලනය ගැන කතා කරන්න ඕනේ වුණානම් මම ජේවීපී එක ගැන ලියන්න එපැයි. මට කියන්න ඕනේ වුණේ වෙන දේවල් ටිකක්. එක් කවියේ අන්තර්ගත වෙලා තියෙනවා. මට නන්දාගේ දේශපාලනය ගැන කතා කරන්න ඕනේ වුණානම් මම අනර්කලී, නිරෝෂා ගැන කතා කරන්නේ ඇයි? මම නදිනි, අමිලා ගැන කතා කරන්නේ ඇයි? අනික මම පවිත්‍රා ගැන කතා කරන්නත් ඕනේ නෑනේ. ඒ නිසා මේක තේරුම් ගන්න.

      අපි දේශපාලනය කතා කරන්න ඕනේ නම් කතා කරමු. නමුත් ඔබ කෑ ගගහා හොයන පක්ෂ දේශපාලනය මේකේ පදනම නෙමෙයි.

      අනික අපේ අඩවියේ ඇනොනිලා වගේ අපි ම කමෙන්ට් කරගන්නේ නෑ. අපි කීප දෙනකේ මේක ලියනවානේ. අපි අපේ ම තවත් කෙනෙකුට කමෙන්ට් කරත් නම දානවා. අපි කමෙන්ට් බලාගෙන කවි ලියන්නේ නෑ. හැබැයි කවියක් කියවලා කමෙන්ටුවක් දාන කෙනෙක් හැමවෙලාවෙම අපි ව දිරිමත් කරනවා කියලා අපිට දැනෙනවා.

      ඔබේ කමෙන්ටු වුණත් අපි මකන්නෑනේ. අපි ට හොද විතරක් නෙමෙයි, අඩුපාඩුත් පෙන්වා දීම වැදගත් ලෙස සලකනවා. අපිව විවේචනය කරන කමෙන්ටුත් අපි භාරගන්නවා. නමුත් ඔබ (කලින් ඇනොනිත් ඔබම කියා විශ්වාස කරන නිසා) මුලින් භාවිතා කළ වචන වල දුර්වලතාවය නිසා අපි අපේ කණගාටුව පමණක් ප්‍රකාශ කර සිටියා.

      අපි අදේශපාලනික නෑ. ඇත්තටම අපි දේශපාලනය ගැන කවි ලියනවා. විශේෂයෙන් ම මම (තුෂාර විතාරණ) නමුත් මේ කවිය ඔබ විග්‍රහ කරගන්නා තරම් පක්ෂ දේශපාලනයට නැඹුරු කළ කවියක් නොවන බවයි අපි දිගින් දිගමට කියන්නේ. ඒකයි අපි "කෝ........... නන්දා මාලනීලා කෝ................." කියලා දාලා තියෙන්නේ. ඒක නන්දා මාලනී නොකියා නන්දා මාලනීලා කිව්වම ඒකෙන් අදහස් වෙන්නේ නන්දා මාලනීව විතරක් නෙ‍මෙයි. ඒ යුගයේ බොහොමයක් ගායක ගායිකාවන් ඊට අයත්. ඉතින් ඔබ නන්දාව විතරක් අනවශ්‍ය විදිහට විවේචනය කරමින් මේ සමස්ථ කවියේ අදහස විකෘති කරන එක වැරදියි.

      Delete
    2. නැත නැත මම වෙනත් ඇනෝනියෙක්මි..

      Delete
    3. //අපි දේශපාලනය කතා කරන්න ඕනේ නම් කතා කරමු. නමුත් ඔබ කෑ ගගහා හොයන පක්ෂ දේශපාලනය මේකේ පදනම නෙමෙයි.//
      ගී පහුර මා ඔබ සමඟ එකඟයි.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. යදමින් බැද විලංගු ලා මගේ පුතා රැගෙන යන්න...ඉදිකටු ඇන ඇගිලි තගා දෙතිස් වදය පමුනුවන්න... මගෙත් සිරාම බොක්කෙන් අහන සින්දුවක් අක්කේ.මේ ඔක්කොම වෙන්නේ සුද්දා ලංකාවේ මනුස්සයන්ගෙ ඔලු හොදලා උන්ගෙ විඥානෙට කලු සුද්දො කියන සංකල්පෙ පැළ කළ හන්දයි කියලා මටනම් හිතෙන්නෙ

    ReplyDelete
  7. මෙතන පවතින්නේ නන්දා මලනියන්, සුනිල් ආරියරත්නයන්ගේ නිහඬතාවයට වඩා මාධ්‍යවල එම ගීත ප්‍රචාරය නොවීමයි. විපරීත සමාජයක මෙවැනි ගීයට ඉඩ නොතබා අනෙක් ගීත වලට ලබාදෙන ඉඩ බොහොම වැඩියි. විප්ලව වාදියා වයසට යන්නේ නැතැයි යමෙක් පැවසූවත් එය අද සමාජයට කොතෙක් දුරට ගැලපේද යන්න සිතා බැලිය යුතුයි.
    නන්දා මාලනිය සහ සුනිල් ආරියරත්නයන් තම වැඩ කොටස ඕනවටත් වඩා ඉටුකොට ඇත්තේය. සෑම කලටම මේ බර දරාගෙන යෑමට ඔවුනට නොහැකිය. අප එය බලාපොරොත්තු වෙනවානම් එය යුක්ති සහගත නොවේ.
    අලුත් පරපුරක් නිර්මාණය විය යුතුමය.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...