Saturday, October 19, 2013

ප්‍රේමයේ නදී ගීතය ................

 
උල්පතක් වෙලා        -         ඔබ උනන්න
නැවුම් සිතින්            -         පිළිගන්නම්
කදුරක් වෙලා           -          ඇදී එන්න
දෙණිය වෙලා          -          මම ඉන්නම්

දිය ඇල්ල වෙලා       -          ඇද හැලෙන්න
පාමුල ඉද                 -          දරා ගන්නම්

ගගක්  වී                  -          ගලා යන්න
දෑල වෙලා               -          ඔබ රකින්නම්

වියපත්ව සයුර          -           හා බැදෙන්න
ගං  මෝය  වී           -           සමු දෙන්නම්


හසිත හර්ෂණ

.

6 comments:

  1. ගති... මේ කොමෙන්‍ටුව ඔබට දිරියක් පිණිසයි

    ReplyDelete
    Replies
    1. බොහොම පිං මොරබ්බා. ඔබේ දිරිගැන්වීමට බොහොම ස්තූතියි.

      Delete
  2. Replies
    1. ස්තූතියි. ඔබ විසින් අගය කිරීම මා දිරිගැන්වීමකි.

      Delete
  3. හසිත.......ලියන්න දිගටම..අපි කියවන්නම්...රස විඳින්නම්..

    ////ගගක් වී - ගලා යන්න
    දෑල වෙලා - ඔබ රකින්නම්////

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අරූ,

      ඔබේ කමෙන්ටුව හරිම ශක්තිමත් හැගීමක් ගේනවා. ඇත්තට ම බොහොම ස්තූතියි. ඔබ වැන්නන් කියවන බව සහ මාගේ නිර්මාණයන් අගය කරන බව දන්නා බැවින් දිගටම ලිවීමට දිරි ලැබෙන අතර මෙවැනි අදහස් දැක්වීම් තුළින් තව තවත් සතුටක් ලැබෙනවා.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...