Monday, April 4, 2016

අනාවැකි නං අනාවැකි.... කාළගුණ අනාවැකි....


ඉදිරි දින කිහිපය තුළ
දිවයිනේ යම් යම් ප්‍රදේශවලට
අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී
ගිගුරුම් සහිත හෝ කඩින්කඩ 
වැහි ඇතිවිය හැකිය...................


කසුප් අනුරාධ


.

70 comments:

  1. වැසි නැති හෙණද ඇතිවිය හැක

    ReplyDelete
    Replies
    1. ඒක කියන්න විතරක් අමතක වෙලා......

      Delete
  2. වෙන්න තියන හැමදේම?

    ReplyDelete
    Replies
    1. දැන් මෙහෙමනේ අලියෝ........... ඔයිට වඩා දෙයක් වෙන්න බෑනේ....

      Delete
  3. Replies
    1. හා මොකක්ද හොද කියහංකෝ....... වහීද නැද්ද????

      Delete
  4. ඇති නොවීමටද හැක..

    හැක හැක.....

    ReplyDelete
    Replies
    1. ඕනේ ම දෙයක් විය හැක.... ඕකට ආය අනාවැකි ඕන යෑ...

      Delete
  5. අනාගත් වැකි........ ඇඟ බේරාගෙන අනාවැකි කීම
    ජයවේවා!
    ඉසූ

    ReplyDelete
    Replies
    1. ඔව් ඉසුරි.............

      අර අනාවැකි කියන්න ගිහින් ඇනගත්තු කට්ටියත් මෙහෙම කිව්වානං ඉවරයිනේ නේද????

      Delete
  6. අම්මෝ එලියට එහෙම බහින්නැතුව ඉන්ඩ ඕනෙ....හෙනයක් පාත් උනොත් එහෙම...

    ReplyDelete
    Replies
    1. ඒවා කියලා නෑනේ බං.... ඒවා ආවත් අපිට කලින් එන්නේ උන්ටමයි ... මේ කියන බොරුවල හැටියට...

      Delete
  7. Replies
    1. අන්න සුපිරිම උත්තරේ...... හා කියලා නිකං සිටීම..

      Delete
  8. කුඩයක් තියාගන්න වෙයිද?

    ReplyDelete
    Replies
    1. කුඩයක් කෝකටත් තියාගන්න එක හොදයි....... හදිස්සියකට හරි ගත හැකිනේ...

      Delete
  9. අනෙක් ප්‍රදේශ වල වළාකුලින් බර අහසක් හෝ පැහැදිලි අහසක් දැකිය හැකිය.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි............ උඹටත් කාළගුණ විද්‍යා එකේ වැඩට යන්න සුදුසුකම් තියෙන හැඩයි..

      Delete
  10. පට්ට අනාවැකි තමයි ගුණේ කියන්නේ.. කවදාවත් වරදින්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ආය මේකේ වරදින්න කිසිම දෙයක් නැහැනේ කමියා...... මොකක් වුණත් හරි.... මේවා තමා අපි උගත්පාඩම් විදිහට ගත යුත්තේ බං......

      Delete
  11. මේක කියන්න කාලගුණ දෙපර්තුමෙන්ටුවක් ඕනද බන්
    මේක අනාවැකියක්ද
    අර නංගි බබා වහිනකන්ද බලාගෙන ඉන්නේ
    කුකුකු බොලේ

    ReplyDelete
    Replies
    1. අන්න උඹට තේරුණා....... මං නං හිතුවේ අපේ එකෙක් ඔය ප්‍රශ්ණේ අහයි කියලා.... ඒත් උඹ උත්තරේම දීලානේ.... ඒකනේ කියන්නේ උඹලා හරි දියුණුයි බං..... ඇයි ඇත්තට ම එහෙම හිතුනේ උඹට....???

      Delete
    2. මං නං හිතුවේ අපේ එකෙක් ඔය ප්‍රශ්ණේ අහයි කියලා//
      ඇයි මම තොපේ එකෙක් නෙම්යිද

      Delete
    3. නෑ බොල උඹ කෙලින් ම උත්තරේනේ දීලා තියෙන්නේ....... ඕක ප්‍රශ්ණයක් විදිහට අහයි කියලයි හිතුවේ.... ඕකනේ කියන්නේ උඹලත් අර පාර්ලිමේන්තුවේ ඉන්න උන් වගේ වචන අල්ලං අඩන්න ලෑස්ති වෙනවා කියලා...... අවුරුද්දට බිස්නස් ඇදලා යනවා ඇති නේද????????? 

      Delete
  12. වැසි නොලැබුනොත් වියලි කාලගුණයක් පවතිනු ඇත. වියලි කාලගුණයක් නොතිබුනොත් වසිනු ඇත. සුළඟ අධික වුනොත් වැසි වලාකුළු වෙනත් ප්‍රදේශයකට යනු ඇත. වලාකුළු නොතිබුනොත් සුළඟ නැතත් වැසි නොවසිනු ඇත. වැසි නොවැස්සත් සුළඟ තිබෙන්නට පුළුවන. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වහලයට අකුණු සන්නායක සවිකර ඇති බව කාරුණිකව සලකන්න.

    ReplyDelete
    Replies
    1. අනිවා විචාමාමේ............ අනිවා.............

      අම්මපා මේ හරුප කියන්නට ප්‍රවෘත්ති වල වෙලාවකුත් දීලා තියෙනවානේ.... බොරුවට අනාවැකි නොකියා වැස්සට පස්සේ කොච්චරක් වැස්සද කියලා කිව්වනං ඉවරනේ....... අනික් ආතල් ම වැඩේ තමා මුං වහිනවාය කිව්වොත් අම්මා මුත්තා කිව්වත් ෂුවර් වහින්නෑ..... නිකමට වගේ චෙක් කොරලා බලන්නකෝ....

      Delete
  13. මටත් පාඩං ඒ කවිය.. තව අතුරු කවිත් තියෙනවා හැක්

    ReplyDelete
    Replies
    1. ඕක ඇත්තට ම නං දේශා.... කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් උපුටා ගත් කවියක් බං.... ඕකේ අයිතිය අපිට නැහැ.... උන් නඩු දැම්මොත් නං ෂුවර් දිනනවා... මොකද ඕක හැමදාම ප්‍රවෘත්ති වලට කියන්නේ ම උන්නේ...........

      Delete
  14. "ඔබ තෙමෙයි කියා බයයි
    වැසි වසියි සුළං තදයි
    කුඩයට ඔරොත්තු නොදෙයි
    සාරිය පිට මඩ ඉහෙයි " හැක්

    ReplyDelete
    Replies
    1. හිතමිතුරු සුළග ළග එන වැහිවළාවට කියන්..........

      Delete
    2. මහරගමට වහින්නේ නැතුව වහින්න ඕනෑ තැනකට
      කුඩයක්වත් අතේ නැතුව ඈ ඇති බස් නැවතුම ලග

      Delete
    3. මහරගම............ ඉතින් බං වැස්සානං අර කුඩේ අස්සෙන් ම යන්න ඇහැකිනේ..... අනික තමා වැස්ස දවස් වලට අරෙහෙ මෙහෙ යන්නැතුව වෙලාවට බස්හෝල්ට් එකටත් එනවානේ..

      Delete
  15. Replies
    1. විදානේ..............

      ගෙදරට යවන්න ගිය එස්එම්එස් එකක් වැරදිලා මෙතනට වැටිලා..... ගෙදරින් බලාගෙන ඇති බං..... (මේ ලියුමක් ලැබුණෙයි......)

      Delete
  16. Replies
    1. යකෝ ඔහොම ප්‍රසිද්දියෙ උම්බෑ ගාන්න එපා. හැක්..

      Delete
    2. අපිටනං මේ වෙලාවෙ දෙනව හිටගෙන *ක හෝදන්න වැස්සක්.

      Delete
    3. ඒක තමා මේ පැත්ත හොදට ම කලු කරලා තියෙන්නේ..............

      දැන් ප්‍රසා අයියා වැඩේට ලෑස්තිද එහෙනං..... කාළගුණ එකට පිං සිද්ධ වෙන්න ඒ වැඩේ හරි කරගන්න හැකියිනේ නේද????????

      Delete
    4. උම්මා කියලා කියලා තියෙන්නේ

      Delete
    5. හරක් උම්මා දෙන්නේ ඔහොම තමා බං.... (ඒත් ඉතින් විදානේ කියන්නේ හරකෙක් කියලා කියන එක (හරක්ට) හරිනෑනේ බං...)

      Delete
  17. පරභාගයේදී වහින එකක් නැද්ද??

    ReplyDelete
    Replies
    1. පරභාගයවත් පරිස්සම් කරගත්තොත් ලොකු දෙයක් ප්‍රා... ඔය අනාවැකිකාරයේ දැන් පරභාගයත් ඇණගෙන ඉන්නේ......

      Delete
  18. හරිනේ,
    “ඉදිරි දින කිහිපය"
    ඉස්සරහට දවස් කීයක් තියනවාද?? ඒ මොන දවසක හරි වහී.. සරලව කියුවොත් කවද හරි වහී....
    හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. ඔව් නිර්මාණී....... (ඔබ කසුනාගේ නිර්මාණී නේද??????)

      ඕක හැමදාම කිව්වා ම කවදා වැස්සත් ගොඩනේ.... අපි කලින් කිව්වානේ කියලා කියන්න පුළුවන්නේ.....

      Delete
    2. ඔබේ පැමිණීම ගැන සතුටුයි....... ඔබේ නිර්මාණත් අගෙයි.... කසුනා වගේ දිගට ම කතා බහ කරමු එහෙනං.... ජයවේවා..

      Delete
  19. ඇයි "හෝ"දාන්නේ.

    ReplyDelete
    Replies
    1. එතකොටනේ වෙන්න පුළුවන් හැම දෙයක් ම එක පේලියට කියන්න ඇහැකි මනෝජ්.......... මේ සාස්තරේ දැනගෙන හිටියානං අර දේශපාලන අනාවැකි කිව්ව ලොක්කොත් තාම ඇගබේරා ගෙන ඉන්නවා.... කෝ ඉතින් වැඩිපුර ළකුනු දාගන්න ගියානේ......

      Delete
  20. කාල ගුණ විද්දියා දෙපාර්තුමේන්තුවට ගන්නකොට තියන එග්සැම් පේපර් එකක් දැක්කා, මීට අවුරුදු කීපයකට කළින්. මාර ඇඩ්වාන්ස්, ඒවගේද මුන්ගේ අනාවැකි....හික් හික්...

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ලලිත්...........

      මේ වගේ ඇඩ්වාන්ස් අනාවැකියක් කියන්න ඉතින් හොද මොළකාරයෝ එපැයි........

      Delete
  21. අම්මප හීං බණ්ඩෙ මාමා යැව්වනම් ඔය දෙපාර්තමේන්තුවට මිනිස්සුන්ට හරිම අනාවැකි දැනගන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. අන්න මනෝෂ්...............

      අපේ ගමේ හිටපු වයසක මනුස්සයෝ මේවා ගානට කියනවා... උදේ එලියට බැහැලා අද කාළගුණය ගැන කියනවා. දවල්ට ගොරවද්දි ඔය සද්දේ තරම් වැස්ස නෑ කියලා කියනවා..... උදේට මීදුං ගතිය තිබ්බා ම අද මොකද වෙන්නේ කියලා දන්නවා. හරියට වහින දවස් බලලා කුඹුරු වැඩ කරන්න දන්නවා... අහස දිහා බලලා ඒ මිනිස්සු මීට වඩා ගොඩක් දේවල් කියනවා.... ජීවිතය ඒකනේ... ඒත් මුන්ගේ රස්සාව මේක නිසයි මේ බොරු ගොතන්නේ...........

      Delete
  22. එහෙම තමයි දියුණු රටවල අනාවැකි.. වෙන්ඩ පුලුවන් හැමදේම කියනවා.. හොඳ වෙලාවට භූමි කම්පා එහෙම නැත්තෙ.. නැත්තං කියයි "කඩිං කඩ හෙලවේ" කියලා හි..හී

    ReplyDelete
    Replies
    1. අඩෝ.......... පට්ට කතාව බං...... සුපිරිම කෑල්ල තමා ඒක

      -රටේ යම් යම් ස්ථාන කඩින් කඩ සෙලවීමට ඉඩතිබේ-

      Delete
  23. හිත මිතුරු සුලඟ ලග එන වැහි වලාවට කියං.. කියලා තියෙන්නෙත් කාලගුණ වාර්ථාවක් ද බං.

    ReplyDelete
    Replies
    1. නෑ බං ඒ සින්දුව දැන් දාන්නෑ...... ඇයි හත්තිලව්වේ වහින්නැතුව කරන්ට් කපාගෙන දගලන කාලේ කෑල්ල බලන්න ඕනේ කියලා වහින්න එපා කිව්වොත් හරියයියෑ බං.... වික්ටර්ව හොයාගෙන ගිහින් ගහනවා කුඩු වෙන්න.... හැක්

      Delete
  24. ඔය මල හෝන්තුව නොබලා පිටරටක එකක් බලහන් හරියටම කියනවා.... ඔය ඉඩම ෆයිව් ඉස්ටාර් හෝටලේකට දීලා.. ඉන්දියාවෙන් ඉන්ෆෝමේසොන් ගත්තා නම්... තවත් ජාතික අපරාධයක් නවත්ත ගන්න පුළුවන්....

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව මාතා................ මුන් ඉන්නේ වැස්ස ගැන මේ විදිහ බොරු කියන්නයි... වැස්සට පස්සේ ඒක උනේ කොහොමද කියලා අනික් දවසේ ප්‍රවෘත්ති වලට සමරියක් දෙන්නයි විතරයි...... අම්මපා මෙහෙම ආයතනයක් රෙද්දට ද මාතේ....... චීනෙට හරි කමක් කෑ දෙනවානං නේද?????????

      Delete
  25. කොටු පැනලා වයිපරේට මාට්ටුවීගන එන මිනිස්සුත් මේවගේ අනාවැකි කියනවා.

    ReplyDelete
    Replies
    1. බලහංකෝ කසුට්ටෝ උඹට හිතුණ දේ..... මෙහෙමයි මචං එක එක මනුස්සයා රටේ තොටේ සිදුවන දේවල් තමන්ගේ අත්දැකීම් වලට අනුවලු අර්ථකතනය කරගන්නේ..... ඉතින් උඹ උඹට අනුව අර්ථකතනය කර ගැනීමත් වරදක් නැහැ..... සුපිරියි ඈ......

      Delete
  26. මහින්දගෙ කාලෙ සුමනදාස කාලගුණ දෙපාර්තමේන්තුවට පත් නොකලෙ මොකද මන්ද

    ReplyDelete
    Replies
    1. මිනිහා තමා ඔය අනාවැකි කතාවෙන් උපරිම ඇණගත්තේ.... මිනිහා නිකමටවත් (වැස්සකටවත්) කාළගුණ එකට ගොඩවෙලා තිබුණානං ඔය විදිහ නාඩගමක් නටන්නෑ ෂුවර්.... ඒත් මිනිහා පස්සේ කිව්වා නේද සිද්ධිය දැනගෙන හිටියා කියලා........

      Delete
  27. අනේ එහෙමද ? තැන්කූ හොඳේ නිවුස් එකට....

    ReplyDelete
    Replies
    1. හා දැන් වහිනවාද නැද්ද?????????

      Delete
  28. Replies
    1. ඔව් අජිත් අයියා..... කිසිම අවුලක් නැතුව කීයක් හරි හොයාගෙන කාගෙන්වත් කරදරයක් නැතුව පාඩුවේ ඉන්න ඇහැකි රස්සාවක් නෙවැ.... බොරු කිව්වා කියලා පව් සිද්ධ වෙන්නෙත් නැහැ... මොකද මේකට අනුව මොනවා වුණත් බොරුනෙමෙයිනේ.....

      Delete
  29. Replies
    1. Universal ජොයින්ට් එක වගේ තමයි

      Delete
    2. ඕක අගහරුලෝකයට වුණත් ගැලපෙනවා..... නැද්ද හොදයි...??????

      Delete
  30. කුරුටුවන්ට මතකද දන්නේ නැහැ අපි නොදන්න ලයිව් එකෙත් ඔය ජාතියේ වෙදර් ෆෝකාස්ට් එකක් ගියා.

    අද උදේට හරි දවල්ට හරි රෑට හරි, ලංකාවේ කොහෙට හරි හයියෙන් හරි හිමින් හරි වහිනවා..

    --------
    මේක දැකපු ගමන් මතක් වුනේ අන්න ඒ කෑල්ල තමයි..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...