වැටුනත් වැසිබිදු දහසක් පොළොවට
පමණක් වෙයි එය සියුමින් මෙලෙකට
නැත කවදත් යයි වී එය නැත්තට
එලෙසම මා හද උරුමය ඔබහට
දෙනුවන් මාගේ ඇත රතුවී ගොස්
රහසකි හේතුව කල දන මහගොස්
තව නැත කදුලුත් සැම රූටා ගොස්
දනිමී මා අද ඇය මා හැරගොස්
රසයකි විරහව කවි තනනා විට
ඉපදෙයි තරහව සමගින් සෝකය
කරවයි ගරහව හට තම සිතටම
වියෙකෙයි සිනහව එය අත්දුටු විට
බිය දැනේ මට යම්විටක දැනෙනා විටක බව මා මුලා
නමුදු මාසිත සැම විටක තැවෙතී සොවින් විරහව නිසා
අකමැතිය තවමත් මසිත දිවි ගෙවීමට ඔබ නැති නිසා
ඉතිරි කර දුක සමඟ ප්‍රේමය පැනගියා මා හද අරා
විටක මා කලවිටදි මා ලොව අඳුරු මාගේ නෙතු පියා
කරයි නැවතත් මැවුන ඔබෙ රුව එලිය මාලොව සැකෙවිනා
නෙතුපියන් මාගේ එවිට මට බලකරයි නිදියන ලෙසා
එවිට මට හැක දැකීමට ඇය රාත්‍රියෙ සිහිනෙන් පවා
අඩමි තැවෙමී යටිසිතින් මා නොපෙන්වා ලොව දන හටා
නමුදු කදුලැල් නෙතුපියන් මගෙ පසාරා පැන මතු උනා
මත මගේ කම්මුල් දෙපල කදුලින් ඇදුනි නෙක රූ රටා
ලියා කවිපෙලවල් මෙලෙස මා මකමි ඇදි ඒ රූ රටා
සරින් කිංකිණි මැකෙයි දොම්නස
ලෙසින් වැහිබිඳු ගෙනෙයි සොම්නස
පෙරකළෙක මා ලැබූ සෙනෙහස
සිහිකරයි ඒ කිංකිණියෙ ගොස
වික්මල් සුබසිංහ
.
මේක පුදුමයකනේ කුරුටු.මේ පින්තූරෙම දාල මේ වගේ ආදරයෙන් මුලා වුන කෙනෙක් ගැන කතාවක් මං කාලෙකට ඉස්සර ලිව්ව (කතාවේ නම 'නංගි මම වැරදිද ?'... )මේ කවිටික කියවද්දී ඒ කතාවටම ලිව්වා වගේ දැනුනෙ . කවි පද නම් හරි අගෙයි කුරුටු ගෙ කවි කියවන්න අද ඉඳන් එන්නම්කෝ :)
ReplyDeleteඇත්ත ද හංසි......................
Deleteඒකනේ කියන්නේ විරහව හැමෝටම එකවිදිහට දැනෙනවා කියලා. ඒත් ඔබ කියන විදිහට මේ රූපය ම තෝරලා මේ අදහස තියෙන දෙයක් ම ලියුවානම් ඉතින් ඒක පුදුම ගැලපීමක් ම තමයි.. මොනවා වුණත් අපි එක විදිහට හිතන අය කියලා හරි ඒකෙන් දැනගන්න ලැබුණානේ......
ස්තූතියි හංසි අදහස් දැක්වීමට සහ අපිව දිරිගැන්වීමට...............
ආලෙන් මුලා වූ යමෙක් නැති ලොවක් .....
ReplyDeleteවරද ආලයද ,ආලය අවභාවිත කරන මිනිසුන්ද?
අනිවා ඉවාන්...................... මං හිතන්නේ ඉවාන් උනන්දුවෙන් කියපු කතාවක් වගේ... අත්දැකීමක් ද මන්දා?????
Deleteකමෙන්ට් එක අයින් කලාට කමක් නෑ..කියන්න තියෙන එක කිවුවේ....
ReplyDeleteඅපූරු පද ගැලපුමක් විකී! (y)
ReplyDeleteස්තූතියි ප්‍රියා..........
Delete/ රසයකි විරහව කවි තනනා විට
ReplyDeleteඉපදෙයි තරහව සමගින් සෝකය
කරවයි ගරහව හට තම සිතටම
වියෙකෙයි සිනහව එය අත්දුටු විට/
අගෙයි...
ජ ය වේ වා !!!!
විදානේ.....................
Deleteස්තූතියි. විදානේ කියන්නේ කවිරසවතෙක් කියලා අපි දන්නවා. විදානේගේ වදන් මාව තව තවත් උනන්දු කරවනවා කවි ගැන හොයන්න, ලියන්න සහ කියවන්න... ස්තූතියි විදානේ..............
ලස්සන කවි පෙලක්
ReplyDeleteස්තූතියි සිතුම්......................
Deleteහැමෝම වගේ විඳල තියෙන දේවල් නොවැ, විරහාව , වේදනාව , තනිකම ....
ReplyDeleteඅපූරු පද පෙළක් ....
ස්තූතියි සඳරු ඔය අදහස් අපිව තව තවත් දිරිගන්වනවා.... බොහොම ස්තූතියි හැකි සෑම විටම ඇවිත් අපිව දිරිගන්වනවාට............
Deleteවිරහව කවියට කල ගෙත්තම අපූරුයි. කාලෙකින් ගොවදුන මේ පැත්තේ. සන්තෝසයි.කෝ මේ පවුරේ අසංක අයියව එලවල දාලද කස්ටිය.?? :D
ReplyDeleteඅසංකව ගහලා පැන්නුවා! තුෂාරවත් එළෙවුවා. (උන් දෙන්නට කියන්ට එපා!)
Deleteඑලවන්නවත් ඉතිරි එවුන් හොයාගන්න නෑනෙ මේකෙ.
Deleteතොපි ගහල පන්නනකං ඉන්නෙ නෑ බොලව්...ඉහි...ඉහි...ඉහි...මට දුකයි...ඉහි...ඉහි...ඉහි...ඔන්න මං ගියා...
Deleteඅසංක
අසංක, බු දු ස ර ණ යි....!!!
Deleteඑහෙනං පරිස්සමින් යන්නකෝ....
ආයේ එන්න හිතන්නවත් එපා.. ඩී
ඒයි විදාන(පතිරණයා...හිහී )...මම යනවනං යන්නෙ උඹවත් ඇදගෙනමයි...හිතුවද මම නිකම්ම නිකං මේක දාලා යයි කියලා...හික්ස්...
Deleteඅඩේ............................ මං ආවා...................
Deleteයකෝ අපි ඕන තරම් මේකේ ලියනවා. ඕන තරම් කමෙන්ට් කරනවා. ඒත් මුන් අපිට ම නේ බනින්නේ..... අසංක අයියා අපි මේකට සංධානගත වෙලා පියවරක් ගමු.......................
@ ප්‍රියා..................
ඔහොම හිටු..................
@ විදාන(පතිරණ) යා...................
උඹත් සබරෙනේ ඔය කෑගහන්නේ ගුටි කන්න තමයි හරිය... ඡන්දයක් ළග නැත්තං මං දන්නවා කරන දේ....
මීට තුෂාර විතාරණ...
කවුද ඩො අපේ නිට්ටඹු විදානේට කචල් දාන්නේ
Deleteවිදානේ මොකක් ද මචං මේ නිට්ටඹු කතාව....
Deleteඅර විදාන(පතිරණ) කේස් එකනම් දන්නවා..... නිට්ටඹු කේස් එක දන්නෑනේ.................
//රහසකි හේතුව කල දන මහගොස්// ඒකෙන් කියවෙන්නෙ මොකක් ද ?
ReplyDeleteවිරහව කියන්නෙ කවුරු අත්දැක්කද් ඇස් රතුවෙන මහා ගෝස දනවන්න තුඩුදෙන රහසක් නිසා එසේ යොදන්න ඇති චන්දන.එම තේරුම සමඟ කවිය කියෙවුවොත් තෙරුම් ගත හැකිවේවි මගේ අදහසට අනුව
Deleteහරිම අපූරුයි වික්මල්.. ඉක්මනින්ම ඔබේ දෙවන නිර්මාණයත් ගෙන ආ එක හොඳයි.
ReplyDelete"ප්‍රේමය ලොව හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී"
ස්තූතියි මනෝෂ්... ඔබගේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි. ගීතයෙන් කියැවෙන අදහස ඒ සමග එකතු කිරීමටත් ස්තූතියි...
Delete//ඉක්මනින්ම ඔබේ දෙවන නිර්මාණයත් ගෙන ආ එක හොඳයි.//
නොලියා බෑනේ කියන කතා වලට..........
එල ද බ්‍රා..
ReplyDeleteතැන්කූ මෙන්ඩා..........................
Delete(කොහෛාමද අලුත් නම. මේක හොයා ගත්තේ මනෝෂ්ගෙන්........)
සරින් කිංකිණි මැකෙයි දොම්නස
ReplyDeleteලෙසින් වැහිබිඳු ගෙනෙයි සොම්නස
පෙරකළෙක මා ලැබූ සෙනෙහස
සිහිකරයි ඒ කිංකිණියෙ ගොස
තාමත් අපේ අතීතෙ හොදට මතකයි. පද අරුත් හොදටම තේරෙනව. එළ වැඩක් වික්....
හැහ් තරිදු මතකයි මතකයි
Deleteවිරහව සංයමයෙන් විඳීමක්
ReplyDeleteනියම වදන් වැලක්
ජය!