තරඟයක පැටලිලා ලෝකයම දුවන කොට
පාර අයිනක තනිව නුඹ හිඳිනු පෙනුණි මට
මුවේ නැගි කිරිසිනා නුඹේ දුක වැහැව්වට
වතේ රැඳි වැරහැල්ල දුක කියයි හෙමීහිට.................
හිනාවෙන මිනිසුන්ම හෙට ඔබට ඔරවාවි
හිනාවෙන හිරුඑළිය සැඩව පීඩා දේවි
හිනාවෙන මද සුළං රළුව නුඹ හඬවාවි
හිනාවෙන තරමටම හඬන්නට සිදුවේවි.................
මහා මන්දිරයකදි නුඹ ලොවට ආවානං
සැන් පුයර සුමුදු සළු වත පුරා තියේ දැං
උන් හදයි නුඹේ ලොව නුඹට නොදැනී හෙමිං
එහෙම් ලොව හීනයකි තනිව ගොඩනැගෙනකං.................
සිඟිති පා සියුමැලිය මහපාර පරදන්න
සුමුදු අත් සවි ඇත්ද කම්කටොලු මැඩලන්න
මුවේ පිරි සිනාමල් ඇති වේවි සවිදෙන්න
නවතින්න එපා හෙට කොහොම හරි ජයගන්න.............................
තුෂාර විතාරණ
(බසයක යන අතරමග දුටු දසුනක් පිළිබඳ කුරුටු ගෑ කවියකි. ඔහුට සතයක්වත් දෙන්න නොලැබුණ මුත් මේ වදන් පැවසීමට අවස්ථාව නොලද බැවින් සිතේ තිබූ වේදනාව අකුරු කළෙමි..............)
අලු දූවිලි මතින් නැඟිටල, කඳුලු පිහල දාලා, මේ ලෝකෙ මුදුනටම යන්න ඕනි මේ මිනිස්සු තමයි. මොකද, මේ තමයි මහ පොළොවෙ පය ගහල ඉන්න මිනිස්සු. දාඩියවල සුවඳ, කඳුලුවල රහ, බඩගින්නේ වේදනාව දන්න මිනිස්සු. මේ අයට ඉරක් පායන්නෙ නෑ, ඒත් අනිත් උන්ගෙ ලෝකෙට පායපු ඉර එළිය හොයාගෙන යන්න මේ අයට සවියක් වෙන්න මේ වගේ අකුරකින් හරි හැකිනම් එයයි තුෂාර වටිනාම දේ.
ReplyDeleteඔබට ජය.
ස්තූතියි මනෝෂ්........
Deleteඇත්තට ම මටත් ඕන ඒකයි. ඊටත් එහා දෙයක් කරන්න පුළුවන් නම් කරමු. ඒත් ඔය විදිහේ ළමයෙක් දැක්කා ම දැනුණ දුක වෙනුවෙන් තමයි මේක කුරුටු ගෑවේ.... ඇත්තට ම මොකක් ද මේ ජීවිත වලට උත්තරය......
මේක අපි හැමෝම ඉදිරියේ තියෙන ප්‍රශ්ණයක් නේද???
තාර පාර දිග පාට පාට කඩ
ReplyDeleteසල් පිල් සෙවනැල්ලේ
ගිණි හුළගින් දුහුවිලි ඇවිලෙනවා
ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ...//
පාට පෙට්ටි කෙළි සෙල්ලම් නගරය
කාසි තරගයට සූදු කෙළිනවා
ජීවිතයේ දිගු ගමන දුවන්නට
මලේ නුඹට කල දවසක් එනවා
බෝල ලොසින්ජර දිව රස කෙරුවට
බඩ ගින්දර නැහැ නිවා දමන්නේ
කීරි ගැහෙන කල වාරු නැති දෙපා
කොහොමද නුඹ දිගු ගමන දුවන්නේ
ගායනය : මාලනී බුලත්සිංහල
ස්තූතියි මනෝෂ්........
Deleteකවියේ අගය තව තවත් වැඩි කරන්නට ගැලපෙන ගීතයක් එකතු කරාට...
මේ වගේම කතාවක්..
ReplyDeletehttp://ampiyasatahan.blogspot.com/2014/09/blog-post.html
කියෙව්වා මනෝෂ්....
Deleteපියසටහන් හරි ලස්සන කවි ලියනවා. ඒ කවියත් හරිම අගෙයි... ස්තූතියි කියවන්න අවස්ථාව හොයලා දුන්නට.
මෙන්න මට හිතුන විදියත්..
Deletehttp://masandumal.blogspot.com/2014/08/blog-post_12.html
ගියා. කියෙව්වා.. මට මේ පෝස්ට් එක නම් මතකයක් නැහැ. මං හිතන්නේ මට නම් කියවන්න ලැබුණේ නැහැ. හරි ම ලස්සනයි මනෝෂ්... ඒ ගේය පද ටිකත් හරිම අගෙයි...
Deleteඌ ජීවත් වේවි මොකද ජීවත් වෙන්න ඕන කරන හැම සුදුසුකමක්ම තියෙනවා.. අගෙයි පැද පෙළ
ReplyDeleteඔව් දේශකයා...
Deleteමම දැකපු හරිම සංවේදී සිද්ධියක් නිසයි කවියක් නොලියා හිතහදාගන්න බැරි වුණේ.... අනික දේශකයා කියනවා වගේ ම ඒ මුහුණෙ තිබුණා කොහොම හරි ජීවිතයට මුහුණ දෙන ගතියක්. ඉතින් ඒකට ගැලපෙන රූපයක් හොයන්නත් මං ගොඩක් මහන්සි වුණා. මේ රූපය ගොඩක් ගැලපෙනවා.... මේ බලාපොරොත්තුව ම සහ විශ්වාසය ම ඒ රූපය තුළත් මං දැක්කා.....
මොනවා වුණත් ස්තූතියි දේශකයා අගය කිරීමට
සංවේදියි..පද පෙළ අස්සෙන් කියවෙන කතාව ගොඩක් වටිනව.
ReplyDeleteස්තූතියි උමේෂ්..................
Deleteසංවේදී වගේම ඒ ජීවිත වල දුකත් දනවන්නයි මට අවශ්‍ය වුණේ. ඒ මහපාරේ ගෙවෙන ජීවිත ගැන අපි හිතුවාට ඒ ළමයි ඉපදිලා හැදෙන විදිහ ගැන හිතුවා ම හිත සසල වෙනවා උමේෂ්.................
කයි පද බැදීම ඉස්තරන්.. සිතිවිල්ලත් ඉස්තරන්.. පොටෝ එකත් ඉස්තරන්.. කීයක් හරි දුන්නා නම් නේද රත්තරන්
ReplyDelete+
Delete1. කයිය පද බැදීම ඉස්තරන් කිව්වාට ස්තූතියි
Delete2 සිතුවිල්ල ඉස්තරන් කිව්වාට ස්තූතියි
3. පොටෝ එකත් ඉස්තරන් කිව්වාට ස්තූතියි
ඒ වගේ ම
4. කීයක් හරි දුන්නා නම් නේද රත්තරන් කිව්වාටත් ස්තූතියි
ආ විදානේ....
Deleteකීබෝඩ් එකේ අනෙක් කී වැඩ කරන්නැත්ද????
හ්ම්ම් අහිංසක දරුපැටවු. සංවේදී කවි පංතියක් තුෂාර.
ReplyDeleteස්තූතියි ප්‍රියා.......................
Deleteමේවත් ජීවිත නේද කියලා හිතුණා දැක්කා ම. ඉතින් අපේ බ්ලොග් සගයින් වෙත ඒක ගෙන ඒමටයි කවියක් කුරුටු ගෑවේ.....
දරැවන් සම්භන්දයෙන් මම පට්ට සංවේදි.
ReplyDelete(බසයක යන අතරමග දුටු දසුනක් පිළිබඳ කුරුටු ගෑ කවියකි. ඔහුට සතයක්වත් දෙන්න නොලැබුණ මුත් මේ වදන් පැවසීමට අවස්ථාව නොලද බැවින් සිතේ තිබූ වේදනාව අකුරු කළෙමි..............)
ඔබ හිත හොද මනුස්සයෙක් බව දැනුනා.
ස්තූතියි සංජීව.................
Deleteඇත්තම කතාව ඕකයි. ඉතින් මට ඒ වෙලාවේ ඒ ළමයාට කීයක් හරි දෙන්න තියා කතා කරන්නවත් අවස්ථාවක් නැහැ. බස් එක යනවා. ඒත් මට ඒ අහිංසක මූණ දිහා බලාගෙන නිකන්ම එන්නත් බැහැ. ඒත් මට බස්එක නවත්තලා ඒ දරුවා ළගට යන්නත් බැහැ. නමුත් මං සාමාන්‍යයෙන් බසයේ යන ගමන් මේ විදිහේ සිදුවීම් වුණාට ආයේ ආයෙත් ඒක මතක් වෙන්නැහැ. ඒත් මේ සිද්ධිය ගෙදර ඇවිත්වත් මට හිතින් අයින් කරගන්න බැහැ. ඒකට තියෙන හොදම ක්‍රමය තමයි මේක.. දැන් හිත නිදහස්.. ඒත් ඒකෙන් එතන තියෙන ප්‍රශ්ණයට උත්තරයක් ලැබෙන්නැහැ කියලත් මං දන්නවා...
කියවලා චුට්ටක් වෙලා ගියා හිත එකලස් කරගන්න..
ReplyDeleteඅගේ ඇති කවි පෙලක් තුෂාර...
මාතලන් කිව්ව වගේ කීයක් හරි දුන්නනං...
ජ ය වේ වා !!!!
විදානේ...............
Deleteඔබ සංවේදී ප්‍රතිචාරයක් මේ ළගක දී දැක්කා ම යි... මොනවා වුණත් හිත එකලස් වුණ එකනම් ලොකු දෙයක්.. දැන් විදානි දන්නවාද හිත එකලස් වුණ කේස් එක....
(ඒක නෙමෙයි මං බස් එකෙන් ඔලුව දාලා ඒ ළමයාට කිව්වා පුතේ හෙට අනිද්දාම ඔය පැත්තට විදානේ කියලා මාමා කෙනෙක් එයි. එයා රුපියල් දාහක් දෙයි. ඒක මං ගානේ තියාගන්න කියලා...) එතකොට සල්ලි නුදුන්න එක අවුලක් නැහැනේ... අවුල් නම් මාතලන්ට දුන්න උත්තරය බලලා සැනසෙන්න...........
This comment has been removed by the author.
ReplyDeleteගොඩාක් සංවේදී කතාවක්, හදවතට දැනෙන්න ලියලා තියෙනවා, ගොඩාක් අපූරුවට. මේ බහුතරයක් අහිංසක දරුවන්ගේ කතාව ......
ReplyDeleteස්තූතියි සඳරු..............
Deleteඔබ කියන දේ ඇත්ත. බහුතරයක් අහිංසක දරුවන්ගේ කතා තමයි. ඇත්තට ම මේ දරුවෝ ඉපදුනාට පස්සේ තමයි දන්නේ තමන් ඉන්නේ කොහොද කියලා. ඉපදුනත් ඉන්න තියෙන එකම තැන එතැන නිසා ඔවුන්ට අදහසක් නැහැ එතන හොදද නරක ද කියන එක ගැන. මොනවා වුණත් තේරෙන වයසට එන කොට ඔවුන් එතැන හිරවෙලා ඉවරයි. ඉතින් ආයෙම ජීවිතය ගොඩයන එකට තියෙන ඉඩකඩ හරිම සීමිතයි. ඉතින් සඳරු අපි මේ වචන කිහිපයෙන් සහ මේ සංවාදයන් ඔස්සේ උත්සහ කරන්නේ ඒ ඉඩකඩ තව ටිකක් පුළුල් කරන්න මොනවා ම හරි කරන්න පුළුවන් ද කියන එකයි......
ඒක ගොඩාක් වටිනවා. දැකපු මොහොතේ අනුකම්පා කරලා ඒ දසුන අමතක කරලා දානවා වෙනුවට, ඔවුන් වෙනුවෙන් ( අපි අපි වෙනුවෙන්ම ) පෙළගැසෙන්න පුලුවන් නම් ඒක ලොකු සමාජ මෙහෙවරක්. අප වෙතින් විය යුතු සමාජ වගකීමක්.
Deleteස්තූතියි සදරු.......................
Deleteමගේ හැගීමක් එක්ක මේ තරම් ඔබ සමීප වනවාට... ඇත්තට ම ඒක තමයි අපේ බ්ලොග් සගයින්ගේ තියෙන සහෝදරකම............
රජ මැදුරක ඉපදී සිටියා නම්
ReplyDeleteනුඹත් රජෙකි පුතුනේ...
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරි යහනේ
හීනෙන් හිනා නොවී මා හඩවාපන්
මේ රෑ යාමේ.......
පුංචි පැටික්කන් මග දිග හඩවන
සිල්ලර රස කැවිලි
දුවයන ඉගිලෙන විසිතුරු සෙල්ලම්
යානා පෙනී පෙනී
අහක බලාගෙන මග දිග යන විට නෑ මට
වාවන්නේ
හීනෙන් හිනා නොවී
මා
හඩවාපන් මේ රෑ යාමේ....
රජ මැදුරක .........
ඉදහිට මොළවන ලිපත් දනී පුත
කැද රස සුණු සහලේ
දිව බොජුනක් සේ දිවගා ඇල්මෙන්
අකුරට දිව යන්නේ
ඇදලා කල්ගිය රෙදි වැරළී
නෑ මට වාවන්නේ.....
හීනෙන් හිනා නොවී මා
හඩවාපන් මේ රෑ යාමේ....
රජ මැදුරක ඉපදී සිටියානම්........
ගායනය මාලනී බුලත්සිංහල
http://masandumal.blogspot.com/2014/07/blog-post.html
Deleteඉවාන් .....
Deleteමුලින් ම ස්තූතියි මේ ගේයපද වැල අපේ සංවාදයට එකතු කළාට. ඇත්තට ම මං හරිම ආස ගීතයක්. ඒක ගීතයකටත් වැඩිය එක් ආකාරයක් වැලපීමක් කිව්වොත් නිවැරදියි. මොනවා වුණත් ඉවාන් හරිම සංවේදීව ලියැවුණු ඉතා අගනා ගේයපද වැලක්........
මනෝෂ්................
Deleteඒ පැත්තට ගියා. කලින් මේක කියෙව්වා. ඇත්තට ම ඉතාම රසවත්. ඒක ඔබ ලියපු කතා පෙළක එකක් කියලා මතකයි. කොහොම වුණත් මේ බ්ලොග් සමාජය කියන්නේ නැති දෙයක් නැති තැනක් කියලා මේකෙන් ම ඔප්පු වෙනවානේ.... ඒකයි අපි විශේෂ.........
මතකද අපි පිටි කිරි ගැන කතාවුනා.. අපි හැමෝම බොහොම සංවේදී මිනිස්සු.
Deleteඔව් මනෝෂ්...............
Deleteබ්ලොග් සහෘදයන් අතර මම දකින විශේෂම දෙය තමයි. ඒක.....
අපි හරිම සංවේදී, දුක හදුනන මිනිස්සු.... අපිට දුකකදී අහක බලාගෙන ඉන්න බැහැ. ඒ නිසා ම තමයි බ්ලොග්කරුවන් මේ තරම් නිර්මාණශීලී ජාතියක් වෙන්නේ කියලා මට හිතෙනවා.....
ඔහොම ඉඳල පස්සෙ පස්සෙ ගොඩ යන උනුත් නැතුව නෙවෙයි. හැමදාම කන කට්ට නිසා උන් ඒකෙන්ම පන්නරය ලබනවා.
ReplyDeleteමෙහෙම පොඩ්ඩන් ගෙ ළමා කාලය අහිමි වෙන එක ගැන වැඩියම තමයි කණගාටු !
කවි පෙල අගෙයි !!
*ගැන තමයි වැඩියෙන්ම* :)
Deleteස්තූතියි චන්දන.................
Deleteකතාව ඇත්ත මේ දෙයින් ම පන්නරය ලබන දරුවන් ජීවිතය ජයගන්නවා... ඒකට සවියක් වෙන්න මේ සමාජයේ ආකල්ප තව තවත් වෙනස් විය යුතුයි. ඒ තුළින් ඒ දරුවන්ට යන්න තියෙන ගමනට ඇති බාධා ඉවත් වෙනවා වගේ ම ඒ ගමනට සහයක් ලැබෙනවා....
අපි ඔබ වැන්නවුන් ඇරෙන්නට මේ දේ ගැන පැහැදිලි අදහසක් නැති අය වෙනුවෙන් තමයි මේ කවි පෙළ විශේෂයෙන් ම ලියන්නට හිතුවේ.....
ස්තූතියි චන්දන
දෙවැනි කමෙන්ටුව තේරුණේ නැහැනේ...
සෑහෙන කාලෙකින් තුෂාර.....
ReplyDeleteඅපූරුයි කවිය....
මම නං මාරු කාසිවැඩිපුර සාක්කුවෙ දාන් යනව හැම කෙනාටම වැඩිපුර දෙන්න බැරි වුණාට කීය කීය හරි දුන්නහැකි නෙව
ස්තූතියි මහේෂ්........................
Deleteපුළුවන් වෙලාවට එනවා. ඒත් මේ දවස් වල වැඩ වැඩියි.....
මෙච්චරම ලින්ක් දානවට සමාවෙන්න තුෂාර, ඒත් මට මාවම නවත්තගන්න බෑ, මේ මාතෘකාව හරිම සංවේදියි..
ReplyDeletehttp://masandumal.blogspot.com/2014/05/blog-post_23.html
ඇත්ත මනෝෂ්.................
Deleteකිසිම අවුලක් නැහැ. එකතු කරන්න ඕන් දේවල් එකතු කරන්න. ඒක වැදගත් කියවන අයටත්... ඒකට අපි ස්තූතිවන්ත වෙනවා. මනෝෂ් කියනවා වගේ මේ මාතෘකාව සංවේදීයි. ඒ තරම්ම හිතට දැනුන නිසයි ලියුවේ................
තුෂාර සහෝදරයා...
ReplyDeleteමෙය කාලෙකින් උඹෙන් දැකපු ඉතාම සංවේදී, නිර්මාණාත්මක ඒ වගේම ලස්සන කවි පෙළක්...උඹ හරි සංවේදී හොඳ මිනිහෙක් කියලා කියන්න මම අත්දැකීමෙන්ම දන්නවා බං...උඹට ජය...ඒ වගේම මේ නිර්මාණය මේ තරම් සාර්ථක වෙන්න හේතුව විදිහට මට හිතෙන්නෙ අපේ මනෝෂ් කියන විදිහට තමන්ටම ලැබෙන අත්දැකීම් හින්දා කරපු නිර්මාණයක් හින්දා වෙන්න ඇති...මටත් එහෙම හිතෙනවා...ඒ මොකද තමන්ගෙ හදවතට දැනුණු දෙය අවංකයි, බොරුවෙන් අතිශයෝක්තියෙන් තොරයි...එබැවින් නිර්මාණය 100% පිරිසිදුයි...එහෙම නේද...
අසංක
ස්තූතියි අසංක සහෝදරයා............
Deleteකියන්න සතුටු දායක ආරංචියක් තියෙනවා. ඊළග කවිය දාන්න අපිට තවත් එක අලුත් සාමාජිකයෙක් එකතු වෙනවා..... ඒ වික්මල් සුභසිංහ.. දන්නවානේ කව්ද කියලා... මට ඊයේ කවියක් මේල් කරලා තිබුණා. හෙට දාන්නම්...... ඒක නෙමෙයි දැන් විදානයා මැරෙන්න හදයි. කට්ටිය වැඩි වෙනකොට..........................
මොනවා වුණත් ස්තූතියි අගය කිරීමට........
විදානයාට පිස්සු පීකුදු වෙනවනම් මට ඊට වඩා සතුටක් නෑ...ජය වේවා සහෝ...මම දන්නවා කවුද කියලා...සුභ පැතුමකුත් එක්කරනවා අපේ සහෝදරයට...
Delete//////හිනාවෙන මිනිසුන්ම හෙට ඔබට ඔරවාවි
ReplyDeleteහිනාවෙන හිරුඑළිය සැඩව පීඩා දේවි
හිනාවෙන මද සුළං රළුව නුඹ හඬවාවි
හිනාවෙන තරමටම හඬන්නට සිදුවේවි................./////////
ඇති පදම් අත්විඳ ඇති බැවින් හොඳින් වටහාගෙන ඇත්තෙමි,
ඇත්ත අරූ................
Deleteමේක ඒ දරුවන්ට විතරක් නෙමෙයි අපිටත් පොදුයි කියලා තේරුණා ලියුවට පස්සේ..................... ස්තූතියි අරූ..............
අඩවිය එකතු කරන්න ගියාට අපහසු වුණා. ඉතින් ඔබට මේල් එකක් එව්වා... අපි කලිනුත් උත්සහ කරා.... නමුත් හරිගියේ නැහැ... හැකිනම් මේල් එක බලා ඇඩ් කරන්න. උදව්වක්...............
ReplyDeleteවැදුනා ඈ, වෙන කියන්න වචන නැහැ, වැදුනා කියලා විතරක් කියන්නම්, මෙන් මට වැදිච්ච එකක්. ජය වේවා!!!
ReplyDelete"උදේ ඉදන් හවස් වෙන තුරා
මේ පීලි මතින්
දුවන යකඩ ගොඩට වඩා
මගේ මල්ලියා
කොච්චර බරද......
මහ පාරෙ මේකව
වඩන්
තැනින් තැනට
අත පපා යන කොට
"අනේ පව් අසරණී"
එකෙකුගෙ
මුවින් බිනෙන විට
"පල යන්න අහකට"
සියයක් මුවින් බිනෙයි.....
යන්තම් වේල
ගැටගහගත්තට
මල්ලිට ඇන්කර්, නෙස්ප්‍රේ
අරන් දෙන්න
මට සල්ලි නෑ
ඒ අසරණය ඒව දැකල
නැති නිසා ඉල්ලලා
වද දෙන්නෙත් නෑ
යන්තම් මාසයක් දෙකක්
අම්මගෙ දෙතනෙන්
කිරි බීපු ඒකට
අධිපෝසනේද
මන්දපෝසනේද
මම දන් නෑ
මේ පීලි මත දුවන
යකඩ ගොඩේ උදව්වෙන්
පීලි මතම මියැදෙන
දහසක් උන් අතර
මමද මගේ වාරය
එන තූරා
බලා සිටින්නෙමි
දෑස් අයා
ඒත් උඹවත් අරන්
යන්නේ කෝම......?
සොමියා................
Deleteනියමයි. ලස්සන කවියක්. කවියකටත් වඩා නිසදැසක්.. ඒකෙන් කියැවෙන කතාව හරිම සංවේදීයි...............
//ඒ අසරණය ඒව දැකල
නැති නිසා ඉල්ලලා
වද දෙන්නෙත් නෑ //
මේකනම් හිතට තදින්ම දැනුණා..........................
විඳවන්න
ReplyDeleteවිඳින්න
විඳීන්න
විඳවන්න
යොමු කළ නිමැවුමක්
ඔව් ගුණසිංහ මහත්තයා.............
Deleteඔබ විසින් දක්වන්නා වූ අදහස් අපිට ඉතා වටිනවා.. බොහොම ස්තූතියි.
තනිව සිටිනි විට සිතා බලන්න
ReplyDeleteයොමු කළ වටිනා නිමැවුමක්
ඔව් ගුණසිංහ මහත්තයා......
Deleteස්තූතියි අපිව දිරිගන්වමින් කමෙන්ටුවක් දානවට..................