සිහිලැල් සැතපුන ඔබෙ සුව යහනත
නෙතින් ගැලූ අම පෙම්රස ගඟුලක
විසල් රුකක සෙවනත ඉඳ සිසිලස
ඔබයි මගේ සඳ සුව දුන් මෙදියත...................
දැකුම්කළුය ඔබෙ රුව ඇඳි සිත්තම
හදේ කුළුණු ගුණ වෑහෙයි තිස්සෙම
හිතෙයි දුවන්නට හවසට මිදුලට
මැවෙයි ඔබේ රුව සිත්හී පතුලෙම ...................
කුඩා ළදැරියක ව කේලම් කී සඳ
අසා උනිය ඔබ පියා වන්ව හිඳ
නෝක්කාඩු මා කළත් නිරන්තර
ගියේ කිසිඳු විට නැත හැර ඔබෙ පෙම ...................
දහස්වරක් සිරවෙයි මගෙ හදවත
මැවෙයි ඔබේ රුව දෙඇස් ඉදිරිපිට
ඇසිපිය නොහෙළා දිව්වත් ඔබවෙත
නොපෙනී යනු ඇයි සඳේ දුරද මම ...................
සිත්හී රජයන ඔබ පිදු සෙනෙහස
රකිමි හිමියනේ පණමෙන් දිවියම
ඇසූ එදින මා මියගිය බව ඔබ
මාද මියදුනා සත්තයි නැත පණ ...................
කාංචනා චන්ද්‍රසේකර
(වසර දහයකට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරමින් සිටියදී ජීවිතක්ෂයට පත් සොදුරු මිනිසෙකුගේ සැබැවින් ම සෙනෙහෙබර බිරිඳක් මිය ගිය තම ස්වාමිපුරුෂයා වෙනුවෙන් වසරකට තුන්වරක් දානමාන ආදිය පවත්වා පින් අනුමෝදන් කරන්නීය. මෙහි සුවිශේෂීම ලක්ෂණය වන්නේ සිය ස්වාමියා වෙනුවෙන් ඇගේ දෙඇසින් අදද කඳුළු නික්මීමයි. ඇය සමග කළ කතාබහකදී වසර දහයක අතීතය ඇය සිහිකළේ අපරිමිත සෙනෙහසිනි. එවන් බිරිඳක් ලද ඔහු මියගිය ද මෙළොව හුන් වාසනාවන්ත ම ස්වාමිපුරුෂයා ඔහු නොවේදැයි මට සිත්විය. ඇය තුළ ඔහු පිළිබඳ ව වූ සිතිවිල්ල පද කිහිපයකට ගැලපීමට ගත් උත්සාහයකි මේ....)
විශිෂ්ටයි කාංචනා ...!
ReplyDeleteබිරිඳ /සැමියා හිඳියදීම අනියම් සැමියන්/බිරිඳන් ඇසුරු කරන බහුතරයක් ඉන්න සමාජයක මෙවන් ආදරණීය බිරිඳක් ගැන අහන්න ලැබෙන එකත් වාසනාවක්. ඔබේ කවි පෙළ ඇයට , ඇයගේ උත්තරීතර ආදරයට උපහාරයක්ම වේවා.
* රට , ජාතිය වෙනුවෙන් දිවි පිදූ සියළුම රණවිරුවන්ටත් ගෞරවණීය උත්තමාචාරය ...!!
ඇත්ත කතාව සඳරු...................
Deleteඇය ගැන මොනම හරි දෙයක් කරන්න ඕනේ කියලා හිතුණා. හැම වෙලාවෙම ඇය හමුවෙනවා. ඇගේ සැමියා ගැන තාමත් කතා කරන්නේ කඳුළු පිරිණු දෑසින්... ඉතින් මෙවන් බිරිදක් ලබන්නට ඔහු කෙතරම් වාසනාවන්ත වන්න ඇත්ද?? නමුත් ඔහු ඇය සමග නැහැ.........
Soldier never dies. He only just fade away.
ReplyDeleteMadam Kanchana I salute you!
Thanks Wicharaka,
DeleteThis is a true story. I think we should salute to this soldier and also his madam.
පට්ට... ඇත්තටම අපූරු නිර්මාණයක් කාංචනා...
ReplyDeleteකතාවක් තියෙනව නෙව..
හීරෝස් නෙවර් ඩයි කියල
ඇත්ත මහේෂ්..................
Deleteඇත්තට ම ඇයත් වීරවරියක්... ඔහු මිය ගියේ යුද්ධයේ අවසාන හරියෙදී. නමුත් ඇය අදවන විටත් දරුවන් බලාගෙන සාර්ථක ජීවිතයක් ගෙනියනවා. ඇය සියලුම දානමාන කටයුතු කරන්නේ ස්වාමියා වෙනුවෙන්. මෙවන් සිදුවීම් අද දකින්නට හරිම දුර්ලභයි......
උත්සාහය හරිම අගෙයි, ඒ වගේම සාර්ථකයි. සැබෑ රණවිරු බිරිඳක් කියන්නෙ මෙවෙන් ගැහැණියකට.
ReplyDeleteසමහර රණවිරු බිරිඳෑවරු ඉන්නවා, තම රණවිරු සැමියා සටන් බිමේ මරණය බදා හොයන වැටුපෙන් අනියම් පුරුෂයන් සමඟ හෝටල් කාමරවල බිල් ගෙවන.
එවන් උන් අතර මේ සැබෑම යශෝධරාවක්.
ස්තූතියි මනෝෂ්....................
Deleteඇය ගැන සැබෑ විස්තර මම දන්නවා.. ඉතින් මෙවැනි කාන්තාවක් මම මගේ ජීවිතයට දැක්කාමයි. ඇය වරදක් නොකරනවා විතරක් නෙමෙයි. ඇය අදටත් ඔහුවෙනුවෙන් දානමය කටයුතු කරනවා. ඔහු ගැන හැඩූ කදුලින් මතක් කරමින් ඉන්නවා. දරුවන් බලාගෙන සාර්ථක ජීවිතයක් ගෙනියනවා. ඊටත් එහා ඔහු වෙනුවෙන් කරන්නට හැක්කේ කුමක්ද????
සාර්ථක නිර්මාණයක් කාංචනා අපූරුයි.!
ReplyDelete//ඇසූ එදින මා මියගිය බව ඔබ
මාද මියදුනා සත්තයි නැත පණ // අවංකවම හිත බැඳුන කොටස.
අර රණවිරු බිරියට මෙය උපහාරයක් වේවා!!
ස්තූතියි ප්‍රියා........... හැමදාමත් වගේ ඇවිත් මගේ නිර්මාණයන්ට දිරිදෙනවාට... ඇත්ත අපි මේ කවිය රණවිරු බිරිදට උපහාරයක් කරමු............
Deleteඋපරිමයි....!!!
ReplyDeleteකියන්නට වචන නැත......!!!
ස්තූතියි නිමෝ.............
Deleteනොකියූ වචන ඇතුළේ තියෙන දිරිගැන්වීම උපරිමයි............
මාර කවිටික අක්කෙ.ඇත්තටම මරු.කවි ටිකේ ලස්සනට හරියන්න වර්ණනා කරන්න තරම් මම ලස්සන වචන දන්නේ නෑ.මරු මරු.
ReplyDeleteස්තූතියි විකී.................
Deleteඅගය කිරීම දිරිගැන්වීමක් විදිහට භාරගන්නම්......... ස්තූතියි...
මෙවන් උපහාරයක් දැක්වීමට සිතීම පවා පිනක් ලෙසයි මට හිතෙන්නේ නංගි. මේ තාක් ඇසු දුටු දේවල් එක්ක බැලුවාම මෙවන් කාන්තාවන් තවමත් ඉන්න බව අහන්නවත් නොලැබෙයි කියලයි මම හිතාගෙන හිටියෙ. ඔබ කළ මේ දේ හින්දා මම විශ්වාස කළ ඒ මතය නැතිවුණා. මේ කවියෙන් මියගිය සහ මිය නොගිය සියළුම රණවිරුවන්ට උපහාරයක් වේවා !!! විශේෂයෙන්ම මෙවැනි උතුම් බිරිඳක් වූ ඇයටද මෙය උපහාරයක් වේවා !!!
ReplyDeleteස්තූතියි අසංක අයියා................
Deleteඇය කවුද කියලා ඔබත් දන්නවා. ටිකක් හිතලා බලන්න... හොයා ගන්න පුළුවන් වෙයි.............
මට නිකමට හිතුණා එයාවත්දෝ කියලා...ඒත් මෙහෙම කිව්වට පස්සෙ මට විශ්වාසයි...ඒ මොකද මෙවැනි සිදුවීමක් වුණු එක් අයෙක් විතරයි මම දැනගෙන හිටියෙ...මම ගමේ ආවහම කතා කරන්නම්කෝ නංගි...ඒ මම හිතපු කෙනාමද කියලා දැනගන්න...
Deleteහරි හරි...................
Deleteගොඩක් විට හරි කියලා හිතනවා...
මගේ ගෞරවනිය ප්‍රනාමය ඇයට..
ReplyDeleteඔබගේ ලියවිල්ල විශිෂ්ටයි.
ස්තූතියි සංජීව..............
Deleteඔබේ වචන තව තවත් මා දිරිගන්වනවා.... ස්තූතියි ඔබට ...............
අගෙයි කාන්චනා..
ReplyDeleteකාලෙකින් ඇවිත් හරවත් රසවත් නිර්මානයක් ඉදිරිපත් කරල..
ස්තුතියි එයට..
කම්මැලි නොවී මාසෙකට එකක්වත් දැම්මොත් නරකද?
ජ ය වේ වා !!!
ඔව් විදානේ.............. වැඩ හෝ ගාලා...
Deleteඒත් එහෙමයි කියලා නිකන් ඉන්නත් බැහැ. විදානේ කියන කතා වලට ලැජ්ජා හිතෙනවානේ... ඒකයි ලියන්නේ....
අපේ කාලේ වීරවරියක්.
ReplyDeleteඇත්ත මනෝජ්..............
Deleteඇත්තට ම ඇය මගේ ජීවිතයටත් ආදර්ශයක් කරගෙන තියෙන්නේ.....
ඔය වගෙ බැදිම් මෙ සමාජයෙ අතරින් පතර ඇත.ඔවුන් හුගාක් දුර්ලභය
ReplyDeleteඇත්ත දමිත්.....
Deleteදුර්ලභයි. අපි ඒ ගැන තමයි කතා කරන්න ඕනේ.. හැම ගැහැණියක් ම ඒ වගේ වෙනවානම් අගෙයි.................
ඒ තමයි සැබෑම ප්‍රේමය
ReplyDeleteඇත්ත ඉවාන්...................
Deleteඉවාන් වුණත් කැමතියිනේ එහෙම එකකට නේද මං අහන්නේ????
නැතුව , ඇත්තටම නම් කවුද අකමැති නමුත් වෙලා තියෙන්නේ
Deleteප්‍රේමය ලොව හැමතැනම ඇති
හැම දෙනටම හමුවෙලා ඇති
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙක් නැතී
//ප්‍රේමය ලොව හැමතැනම ඇති
Deleteහැම දෙනටම හමුවෙලා ඇති//
ඒ කියන්නේ ඉවාන්ටත් හම්බෙලා තියෙනවා...
//එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙක් නැතී //
ඒ කියන්නේ ඉවාන්ටත් අදුරගන්න බැරිවෙලා............
සැබෑ ආදරය ඉතා බලගතුයි...අමරණීයයි,. කාංචනාගේ කවිත් එහෙමයි.
ReplyDeleteස්තූතියි අරූ............
Deleteඒත් මේ කතා කවුරුත් දැක්කොත් මොනවා හිතයිද මන්දා???
කාංචනාලගේ දෙමව්පියන්ගේ වයසේ ඉන්න මම වගේ කෙනෙකුත් , ඔය දුවගේ කාවිත්ව්‍ය අගය කරන කොට, එතනම තියෙන්නේ ඔබ වැනි දරුවන්ගේ වටිනාකම් හැර වෙන කවරක්ද....
Deleteඅන්න අරූ තරහා ගත්තා.....
Deleteඑහෙම දෙයක් කියනවාද අපි... ඔබ විසින් මාගේ මවගේ උපන්දිනයදා ලියූ කවියට කළ කමෙන්ටුවෙන් ම ඒ බැව් දැනගතිමි... කොහොමත් ඔබේ කමෙන්ටුවක් අපේ අඩවියේ නැත්නම් ඒක අඩුවක් වග අපි දන්නවා. තාම අරූ ඇවිත් නැත්ද කියලා අපි හැමෝම අහනවා... ඔබගේ පරිණත උපදෙස් අපිට හරි වටිනවා අරූ..........................
අන්න අරූ තරහා ගත්තා.////////
Deleteමොකද බොලේ මෙහෙම හිතුනේ.....මම ලියපු එකේ තරහ ටෝන් එකක් තියෙනවාද....මට ලේසියේන් තරහ එන්නේ නැහැ...තරහ ආවත් මම තරහ ගන්නේ නැහැ. පිස්සුද ඔය ළමයින්ට...