සොඳුරු සිතක පැහැය වරුණ
හිත අද්දර සෙනෙහෙ විලක
ගුලි වී සිර වී මසිතම
හිතයි කෑ ගසා කියන්ට..........
ගෙවුණත් කාලය ව්ගෙන
නොගෙවෙයි ඔබෙ මිහිරි සුවඳ
දහසක් වර එක් දිනකට
තවම මතක පෙතක අරුම...........
සීමා බැමි පවුරු යදම්
සිඳ බිඳ ලා නපුරු පැතුම්
සිහිනෙන් විත් ළංව හිඳින
ඔබෙත් මගෙත් සිහින රැඟුම්...........
සිහි කඳවුම් ඔබෙ ආදර
මඟහැර ඉමි නිසොල්මන්ව
පියවි ලොවින් දුර ඈතක
හමුවෙමු අපි සිහින ලොවක........
උන්නත් ගව් ගණනක් දුර
සිතින් නොවේ එතුවක් දුර
ඔබගෙ සිතෙහි රැඳෙනා සුව
වළාකුලට කියනු මැනව..........
කතා කරන නිල් නෙතු ළඟ
ඔබෙ මත් වූ දෙතොල් අතර
ළං වී අපි අපේ ළඟට
හඬමු සිතින් එදා මෙන්ම..........
කාංචනා චන්ද්‍රසේකර
.
එහෙනම් සිහින සැබෑ වේවා කො !!! :)
ReplyDeleteස්තූතියි චන්දන..............
Deleteඋදේ පාන්දර ම ඇවිත් අපිට අදහස් දැක්වූවාට.......... ආයෙම ඇලට් එකේ ඉන්නවා කියලා ඒකෙන් ම තේරෙනවා. සතුටුයි චන්දන...................
පිංතූර කෑල්ල දැක්කම කවිය අමතකම වෙලා ගියා.....
ReplyDeleteකාලෙකින් හරි ලියන්න ආපු එක ලොකු දෙයක්.. නැත්තං අර අසංකයා... නෑ එක්කෝ් ඕන නෑ මිනිහා පවුනේ.. අනික මොකෙක්වත් නැති ටිකේ මේක ඇදගෙන ආවනේ... නේහ්..
ජ ය වේ වා !!!
විදානෙට එහෙම පොඩි සහයෝගයක් දෙන්න හිතලා තමයි ඒ රූපේ දැම්මේ.......... අපි ඉතින් දන්නවානේ අපේ සගයෝ ගැන.......
Deleteඒක නෙමෙයි ඇයි අසංක එක්ක ඔච්චර ම විදානයා තරහා........ මේ ගැන නම් හොයලා බලන්න වෙයි වගේ.....
අදහස් දැක්වීමට ස්තූතියි විදානේ.................................
ඒ බොල විදානයෝ...උඹලට ලියන කවි හොඳයි ඉතිං...නෑ එක්කෝ ඕන නෑ...විදානයා පවුනේ...හැමදාම මේ පැත්තේ ඇවිත් මෙලෝ දෙයක් නොතේරුණත් ඉතිං මොනව හරි බ්‍රහ්ම ටෝක්ස් ටිකක් දීලා යන එකානේ...ඔහේ කියවපුවාවේ...මම නෑනෙ ඔය පුංචි උන් එක්ක තරහා වෙන්නෙ ආයොබොවං...හික්ස්...
Deleteඅසංක...
මෙග් පැතුම අසංකයා නැති කුරුටු ගෑ ගී පවුරක්.....හැක්.. රත්නපුරේදි අහුවෙද්දෙන්කෝ.. හැක් හැක්..
Deleteආ....මෙන්න...කට ඇරගෙන බලාගෙන හිටපන් හොඳේ...
Deleteමගෙත් පැතුම උඹවම හමුවෙන්නයි...හැක්...හැක්...විදානයෝ...
හඩන්න අහවල් එකටද බොල ලං වෙන්නේ??
ReplyDeleteඑහෙම තමයි සෑමෝ..................
Deleteඈත ඉදගෙන අඩනවා වගේ ම ළං වෙලත් අඩන්න පුළුවන්....... ඒවා එක එක ජාතියේ ඒවා..
හා ............. ඇයි එහෙම බැරිද????
කතා කරන නිල් දෙනයන
ReplyDeleteඋණුසුම් වූ රතු තොල් යුග
මගෙන් ගිලිහෙනා කඳුලට
සලසාවිද සුව යහනත...........
හ්ම්.........................
Deleteදිළිණි මොකක්ද දන්නෑ අදහස් කරේ????
උන්නත් ගව් ගණනක් දුර
ReplyDeleteසිතින් නොවේ එතුවක් දුර...
(y)
ඇත්ත ඇත්ත................................ ස්තූතියි අදහස් දැක්වීමට....
Deleteකතා කරන නිල් නෙතු ලඟ දොඩමළු වෙන්නට
ReplyDeleteමත් වූ දෙතොලගින් ඔය දෙතොල් තෙමාලන්නට
හඬනු වෙනුවට, ළඟට වී තුටින් සිනහා සෙන්නට
හැකිවේවා ඔබේ සිහිනය සැබෑ කරගන්නට ...!!
ස්තූතියි සඳරු....................
Deleteඒ වචන ටික ලොකු හයියක්..... ඒ වගේ ම ඔබේ කවීත්වයත් මනාව පෙන්නලා තියෙනවා...... අගෙයි ඒ හැකියාවත්...............
අපි ඈතට ඈතට පා නගලා
ReplyDeleteගන වනන්තරේ
අතර මං වෙමු
වසන්ත මල් ගොමුවේ
කාත් කවුරුවත් නෑ එන්නේ
ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
අපේ ම පුංචි ලෝකයේ අප ඉන්නේ
බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ
කෙසේ ද අත් බැඳ ඇවිදින්නේ
වෙරළේ උයනේ තුරුළු වෙමින්
නෑ හිත මිතුරන් මගතොට හමුවන්නේ
උකුසු ඇසින් අප කෙළෙස ද ගැලවෙන්නේ
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
ස්තූතියි මනෝෂ්................
Deleteහැමදාම වගේ අපේ කවිය තවත් ලස්සන කරලා අර්ථවත් කරලා තියෙන්නේ................ ස්තූතියි අදහස් දැක්වීමට ..............
//සීමා බැමි පවුරු යදම්
ReplyDeleteසිඳ බිඳ ලා නපුරු පැතුම්//
මේ කෑල්ල නං මනරං..
හ්ම්.........................
Deleteදේශකයාත් ඔක්කොම බිඳින්න වගේ බලාගෙන ඉන්නේ......... මොනවා වුණත් ස්තූතියි අදහස් දැක්වීමට සහ අපිව දිරිගැන්වීමට............
ඈත එහා ඔබ සිටිනා
ReplyDeleteසිතක සිනා ඒ මහද සළා
මගේ හදේ සිරවී තියෙනා
හැඟුම් ගලායා ඔබව සොයා
පියඹා එන්නට අවසර දෙනු මැන
ළං වී ඉන්නට සැමදා ඔබ වෙත
සෙනෙහස ගන්නට පහස ලබන්නට
සිහින ලොවින් හෝ සැබෑ කරනු මැන
ඔබ හා සිතනා මාගේ පැතුමන්
හමනා සුළඟේ මුදා හරින්නම්
සීත පටලයන් අතරේ සැඟවී
උණුසුම් සුසුමන් නිවා හරින්නම්
ඈත එහා ඔබ සිටිනා
සිතක සිනා ඒ සුවඳ අමා
මගේ හදේ හිරවී තියෙනා
කැකුළ පිපේයා සුවඳ හමා
ඈත එහා ඔබ සිටිනා
සිතක සිනා ඒ මහද සළා
මගේ හදේ සිරවී තියෙනා
හැඟුම් ගලායා ඔබව සොයා
ගායනය - විජය කුමාරතුංග, චන්ද්‍රලේඛා පෙරේරා
https://www.youtube.com/watch?v=G4xJJRnrA7s
එළ ද බ්‍රා පුතා..
Deleteසින්දු.
Deleteස්තූතියි එකතු කිරීමට........... ඒ සින්දුව අපේ කවිය තව තවත් අර්ථවත් කරනවා.... ස්තූතියි සින්දු..............
ටක් ටක් ටක්
ReplyDeleteකවුද කවුද
මේ මහා රෑ දෙගොඩ හරියේ?
මම
ගෑනු කටහඬක්
යන්තම් මුණ පෙනෙයි ජනේලයෙන්
රැලි වැටිලා
දත් ඇදිලා
සුදුපාටට මොට්ටක්කිලියක් ලාගෙන
මිදුලේ හඳ එළියේ
අවතාරයක් වත්ද?
නෑ මම
මියගිය ප්‍රේමය
මොනවා?
මේ ඔයාද
මෙච්චර කාලෙකට පස්සේ
අවුරුදු විසිපහක් තිහක්
එතකොට අපි තරුණයි
දැන් මට මතක්වෙනවා
මම ඔයාට මලක් දුන්න
ඉඳගෙන හිටියේ අපි මුදා අයිනේ
ඊට පස්සේ අන්දකාරේ
මැකිලා ගියා ඔයා ඒ අන්දකාරේ
මන් හිතුවා කවදාකවත් නේයි කියලා
ඇයි ආවේ?
නිකං ආව
අතීතේ මතක් වෙලා
ඉඳගෙන හිටියේ අපි මූද අයිනේ
මගේ අතින් මල වැටුනා දිය රැල්ලට
ගහගෙන ගියා එක අන්දකාරෙ
ආපහු අපි ආවේ ගොළුවෝ වාගේ
දැන් කොච්චර කල් වෙනවද
අවුරුදු විසි පහක්
මම යන්නං
ඔව්
මොකටද නිදි මරන්නේ?
මාත් වහනවා ජනේලේ
හුලන් එනවා
අප්පොච්චියේ හීතල
වහින එකක් නෑ ලඟකදී
මහගම සේකරයන් ගේ ප්‍රේමවන්තයෝ පැදි පෙළ
ඕක තමයි ප්‍රේමය.................... ප්‍රේමය කියන්නේ සොමියා විශේෂයෙන් ම අතීත ප්‍රේමය............... හරිම වැදගත් කවියක්.... නියමයි සොමියා................. ස්තූතියි
Deleteසිහින සැබෑ වෙන්න කියලා අපිත් සුබ පතනවා... අපූරුයි පද පේලි ටික..
ReplyDeleteස්තූතියි තුශානි...............
Deleteහැමදාම වගේ අපේ පැත්තට ඇවිත් අපිව දිරිමත් කරනවාට.......... ස්තූතියි අදහස් දැක්වීමට...........