Tuesday, May 6, 2014

හදවත රත්තරං ජෝති ...............



හින්දු තනු කොපි කර
වචන අමුණා කියන
මහපාරෙන් මතුවුණ
පේමන්ට් ගායකයා ඔහු ය.

ජෝතිපාල ..................

මධුවිත අපෙන් උදුරගත්
පළමු වැන්නා නොවී
මියගිය පසු වීරයෙක් වූ 
අන්තිමයා නොවූයේ ද ඔහු ය.

හදවත රත්තරං ජෝති ....................

හින්දි තනු තොගයට කියා
සංගීතයට වින කළ ද
වැඩිම පෙම් ගී ගණනක් ගැයූ 
සිංහල ගායකයා ඔහු ය.

ජෝති ගී ...................

ඉංග්‍රීසි සිංදු අහන
කොළඹ හතේ නොනලා 
ඩී.ජේ වලදී අදටත් නටවන
පේමන්ට් ගායකයා ඔහු ය .................  

එච්.ආර් ජෝතිපාල ..................


කසුප් අනුරාධ

.

39 comments:

  1. ඔන්න පුතේ හොද ලියුමක් තියෙනවා බලාපියව්..

    http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=36392&catid=75&Itemid=99

    ReplyDelete
    Replies
    1. ෂැහ් නියමයි නේ දේශකතුමා..............

      මේ සංවාදය පෝෂණය කරන හොද ලිපියක්. මමත් ඉක්මනට කියෙව්වා........... තව ටිකක් නිවීහැනහිල්ලේ කියවන්න ඕන. මේ පැත්තට එන අයටත් ඒක කියවලා බලන්න කියලා අපිත් කියනවා................

      Delete
  2. ජෝති තාමත් ජෝතිමත්

    ReplyDelete
    Replies
    1. ජෝතිගේ සින්දු ඇ‍හෙන්නැති දවසක් තාම අපේ ජීවිතේ වත් ගෙවිලා නැතුව ඇති. ඒ තරම් ජෝති ජෝතිමත් නලියා. ඒත් ජෝති කියන්නේ ජීවත් වෙලා හිටපු කාලේ පිළිගැනීමක් තිබ්බේ නැති කොන්කරපු ගායකයෙක්. හැබැයි අද ............. ඇයි ඒ මනුස්සයට පණ තියෙන කාලේ මේ අගය කිරීම් දකින්න නොදුන්නේ. ජෝතිට විතරක් නෙමෙයි කලා ලෝකයේ බහුතරයකට අදටත් උරුම මේ තත්වය තමයි.........

      Delete
  3. හ්ම්.. මං නම් වැඩිය ජෝතිගෙ ගී වලට මනාපයක් නෑ. හැබැයි ඔහුගෙ ගීත කිහිපයක්නම් තියෙනවා හදවතින් ගලවල දාන්නම බැරි. කොහොම උනත් ඔහු, අමරණීය ගායකයෙක්.

    ReplyDelete
    Replies
    1. හ්ම් .................. ජෝතිගේ ගීත ගැන ඔහොම අදහසක් තියෙන කෙනෙක් ගැන ඇහුවමයි. ඒ නිසාම මනෝෂ් විශේෂයි.

      කොහොම වුණත් මනෝෂ් කියපු කතාව ඇත්ත. අපි හැමෝගෙම හිත්වල නොමැකෙන ගීත තියෙනවා. ඒවායින් බහුතරය ජෝතිගේ ඒවා.

      Delete
    2. ජෝති කියන්නෙ හැම ජාතියකම ගීත ගායනා කල පොලොවෙ පයගහල හිටපු ගායකයෙක් ඒ නිසා විවිධ අයට ඔහුගෙ කැමති ගීත වගේම අකැමති ගීතත් තියෙනවා. මේකත් එහෙම එකක්. මං කැමති ඔහුගෙ ගීත කීපයකට විතරයි. කිහිපයක් කීවට ගොඩක් තියෙනවා. හැබැයි ඔහුගෙ ගොඩක් ගීතවලට මං කැමති නෑ. ගොඩක් ගීතවල ගන්න දෙයක් නෑ. කකුල් වලට කීව සිංදු විතරයි.හැබැයි මං ගොඩක් ආසකරන ගීතත් තියෙන නිසා කොහොම උනත් මාත් ජෝතිගෙ රසිකයෙක්.

      Delete
    3. ඇත්ත මනෝෂ්,

      ඔබේ අදහසත් සමග මමත් එකග වෙනවා. මොකද ජෝතිගේ ගීත වලින් බොහොමයක් ස්වතන්ත්‍ර ඝණයට ගන්න බෑ. ඒ නිසා ඔබ කියන විදිහට ඒවා කකුල් වලට කියපු ගීත කියලා කියන්නත් පුළුවනි. ඒක තමයි ජෝති මෙච්චර ප්‍රසිද්ධ වුණාට සම්මාන ඒ තරම් අරන් නැත්තේ. ජෝති සම්මනයක් ගන්න අහිංසක ආසාවකින් ඉදලත් තියෙනවා. නමුත් ඒ යුගයේ විදග්ධ සමාජය ඔහුව ප්‍රතික්ෂේප කිරීමට ප්‍රධානත ම හේතුව වුණෙත් මනෝෂ් කියන ඔය හේතුවම තමයි.

      ඒත් ජෝති කියන්නේ බොහෝ කාලයක් මිනිස්සුන්ගේ හිත් තුළ ජීවත් වන ගායකයෙක් කියන ඇත්ත නම් අපිට පිළිගන්න වෙයි.....

      Delete
    4. විශේෂ නෑ... මටත් ඒ සිංදු දිරවන්නෑ... බහුතරයක් කීපයක් හැර... මොන ලෙඩක්ද මංද ඒ සිංදු ඇහෙන තැනක වත් ඉන්න කැමති නෑ මම

      Delete
    5. මං හිතුවට වඩා සංවාදය වෙනත් පැත්තකට යනවා වගේ..... ඇත්තට ම මහේෂ් ජෝති ගැන තියෙන කතිකාව ගත්තාම ජෝතිට අකමැති අය ගැන අහන්න ලැබෙන්නෙවත් නැති තරම්. ඒ හින්දා ඔබ සහ චමී ඒ අතරින් විශේෂයි කියලයි හිතෙන්නේ. ජෝතිට අකමැති රසිකයන්ටත් වැඩිය ඉන්නේ ජෝතිව විවේචනය කරන අයයි. ඒත් ඇයි මහේෂ් මෙහෙම අදහසක් දරන්නේ. ටිකක් පැහැදිලි කරොත්............

      Delete
    6. හරි ඔය විශීෂ්ටයි කියන අය අද අහන්නෙත් ජෝති ගී.අමරදේවයන් පවා ජෝතිව අගයපු අවස්ථා එමටයි.

      Delete
  4. ජෝති කියන්නේ ජෝතිමත් ගායකයෙක් නේද , එත් අනේ මන්දා මම නම් වැඩිය කැමැත්තක් නැහැ ඒ හඩට.. මම ආසයි ජෝතිගේ සිංදු වෙන ගායකයන්ගේ හඩින් අහන්න.. සරා සදේ සිංදුව සෙන්ටිග්‍රෙඩ් කියනවා වගේ .
    .....

    ReplyDelete
    Replies
    1. තවත් කෙනෙක්................

      මාරයිනේ.... ජෝතිට අකමැති අයත් ඉන්නවා එහෙනම්. ඒක දැනගත්තෙත් මේ පෝස්ට් එක හින්දානේ.............

      Delete
    2. // මම ආසයි ජෝතිගේ සිංදු වෙන ගායකයන්ගේ හඩින් අහන්න.//

      ජෝතිලා එක්කෙනයි ලංකාවටම - අනුකාරක --------

      Delete
    3. ඔව් විදානේ....

      අපිත් චමීගෙන් ඔය ප්‍රශ්ණය ම අහනවා... ඒ කියන්නේ ජෝතිගේ සින්දු හොදයි කියන එක නේද???

      Delete
  5. අද ජනප්‍රිය වෙලා හෙට නන්නත්තාර වෙන සිංදු කියවන අයත් එක්ක ජෝති සැබෑ ගායකයෙක්.

    ReplyDelete
    Replies
    1. අන්න ෙජා්ති පැත්තට තවත් ඡන්දයක් තියනවා. මාර අවුල ප්‍රියා ෙජා්තිට අකමැති ෙසට් ඒකක් ම ඉන්නවා ෙන්..............

      Delete
  6. ජොති වැනි ගායකයෙක් ආයේ කවදාවත් බිහි නොවේවි. ඒ තරම්ම ජෝති අමරණීයයි.

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete
    Replies
    1. නෙතින්,

      ගොඩක් දෙනෙක්ගෙන් ඇහුව ම ජෝති ගැන කියන කතාව ඕකම තමයි.

      Delete
  7. ජෝතී පේමන්ට් ගායකයෙක් නෙවෙයි. ජෝති තමයි ලංකාවේ එදා මෙදාතුර බිහිවූ හොඳම ගායකයා. අනික ජෝතී මැරුණයින් පස්සෙ ජනප්‍රිය උනයි කියන කතාව කියන්නේ ජෝතිව කපපු කුහක ගායක හැත්ත. ෆිල්ම් වල සින්දු ගියාට, රේඩියෝ එක කලින්ම ජෝතිව මරලා දාලා උන්නේ. ජෝති තමයි ජීවත්ව ඉඳිද්දිත් ජනප්‍රියම ගායකයා. ජෝති කපපු උන් හොල්මන් උනේ ජෝතීගේ මරණෙට ආපු සෙනග දැකලා. ජෝතීගේ මරණෙට එච්චර සෙනගක් ආවේ බස් වලින් ගෙන්නලා නෙමෙයි. ජෝති ජනප්‍රිය නිසා. ජෝතී හින්දි තනු කියනවයි කියන උන් මොනවද කියන්නේ. උන් කියන්නේ ඉන්දියාවේ රාග තාල.

    ReplyDelete
    Replies
    1. මාතලන්,

      ඔබ සංවාදය වැදගත් තැනකට ගෙනාවා කියලයි අපිට හිතෙන්නේ. ජෝතිට හින්දි තනු කියනවා කියන අය ඉන්දීය සංගීතය අපේ කියලා හිතාගෙන බදාගෙන ඉන්නවා. මෙන්න මෙතන තමයි අපි කතා කරන්න ඕනේ තැන. එතකොට කෝ අපේ සංගීතය. අපේ සංගීතය අනුගමනය කරන සංගීතඥයින් කවුද ????

      Delete
    2. අපේ සංගීතය කියල දෙයක් කරන්නෙ රංවලල විතරයි...
      එහෙම නැතුව අපේ කියල සංගීතයක් නෑ...
      ජන සංගීතය පමණයි...

      Delete
    3. ඔව් රංවල, රෝහන බැද්දගේ වැනි සංගීතඥයින් තුළින් ඔය කියන ජන සංගීතය දකින්නට ලැබුණට ලංකාවේ පරිණත ගායකයන් බවට පත්වන්නේ ඉන්දියාවේ භාරතීය සංගීතය ප්‍රගුණ කරලා ලංකාවට ආපු විශාරද අරවා මේවා කරපු පිරිසක්..... ඊට පසු අපේ අනන්‍යතාවය ගොඩ නැගෙනවා වෙනුවට වුණේ ඔවුන්ගේ සංගීතය සාම්ප්‍රදායික සංගීතය කරගෙන ඒක අපේ උරුමක් කියලා සිතා ගැනීමක් තමයි. පාසල් වල සංගීතය කියලා උගන්වන්නෙත් ජන සංගීතය නෙමෙයි. ඔය කියන භාරතීය සංගීතයයි. මේක අපේයැයි කියන සංගීතයක් ගොඩනැගීමට ලොකු බාධාවක්.

      තත්වය එහෙම නම් ජෝතිගෙයි ඔවුන් අතරයි තියෙන වෙනස කුමක් ද ????

      Delete
  8. ජොති කියන්නේ එදා මෙදා තුර බිහිවෙච්ච සුපිරම තරුව..
    එච්චරයි.. අති විශිෂ්ඨයි....

    ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. නියමයි විදානේ................

      Delete
  9. ජෝතිගේ සින්දු තමයි අද රටින් පිට ඉන්න ලංකාවේ ඈයෝ සෙට් වෙච්ච ගමන් කියන්න පටන් ගන්නෙත් . ජෝති මැරෙන් නෑ කවදාවත්

    ReplyDelete
    Replies
    1. රටින් පිට අය වගේ ම අපි කොයි වෙලාවේ සෙට් වුණත් කියන්නෙත් ඒවානේ..... ඕනෙ ම තත්වයක් තුළ ගයන්න පුළුවන් ගීත තියෙන ගායකයෙක්නේ....

      Delete
  10. ඒකනම් සහතික ඇත්ත.. අද ජනප්‍රිය වෙන්න උත්සාහ කරන අය ඉස්සෙල්ලම පාවිච්චි කරන්නේ ජෝතිපාලයන් තමයි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත දිනේෂ්....

      සුපර් ස්ටාර්ලා ඔක්කොමවගේ ජෝතිට පිංසිද්ද වෙන්න ආපු ගායකයෝ තමයි නේද????

      Delete
    2. ඒකට නං උඩංම එකගයි මොකද ජෝති කියන්නෙ කාලයත් එක්ක ගායකත්වයට වඩා දිළු්‍යමයතත්වයට පත් වූවෙක්... ඒකයිඅදටත් ඔහුට නොවෙනස් රසිකයන් ඉන්නෙ... ඒබව දන්න හිංද තමාසුපර් ස්ටාස්ල අදටත් ජෝතිව මරං කන්නෙ..
      අර සුරේන්ද්‍රයා කියන එකා ෂෝ එක්කට ගියොත් කන්නෙ ජෝතිවමනෙ එපා වෙනව

      Delete
  11. අනේ මංද... මං ජෝතිගෙ සිංදු අහන වෙලේ එක්කො කපුගේවඅහනව නැත්තං රොටිවක් කාල නිදාගන්නව...
    හැබැයි හැම එකම නෙවී...;
    කීපයකට පොඩි මනාපයක් තියේ....

    නිල් අහසේ උමතු වලා......
    අයි පටට් ලැයික් දැට් සෝංග්

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහසට අපි ගරු කරනවා මහේෂ්.

      ජෝතිගේ ගීත කියන්නේ සාගරයක්. ඒකෙන් ලස්සන ගීතයක් හොයනවා කියන එකනම් මට මුහුදෙන් කැමති වතුර බින්දුවක් තෝර ගන්නවා වගේ දෙයක්. හැම සින්දුවක් ම හොදයි.....

      Delete
  12. ජොති තමා ලංකාවේ පොදු ජනතාව ගේ නොමැකෙන ගායකයා ,ජෝති ඕනම පුද්ගලයෙකුට ගැලපෙන ගීත ගයනා කරලා තියෙනවා .
    පෞද්ගලිකව කැමැති ගායකයා කපු ගේ ශුරින්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදර.....

      කපුගේ ගැනත් ඔය අදහසමයි මටත් තියෙන්නේ. කපුගේ කියන්නෙත් ලංකාවේ මහ පොළවේ ජීවත් වුණ ගායකයෙක්. සාමාන්‍ය මනුස්සයන්ගේ හැගීම් දැනුණු ඔවුන් වෙනුවෙන් ගයපු ගායකයෙක්......... මොවුන් දෙන්නා ම රත්තරං හදවතක් තිබුණ මිනිස්සු. හැබැයි දෙන්නාගේ අනික් සමානකම තමයි බීමත්කම...... ඔවුන් ව විනාශ කරපු දෙය....

      Delete
  13. දිලි දිලි දිලී සේවි මා දැසෙ ආලෝකෙ.......
    මේක තමා මන් ගොඩක් කැමති ජොතිගෙ සින්දුව

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. නන්දා මොහමඩි සාලි ලගට යොමුකලේ ජෝති(නිවැරෙදි කිරිමකි)

      Delete
    2. නන්දා මොහමඩි සාලි ලගට යොමුකලේ ජෝති(නිවැරෙදි කිරිමකි)

      Delete
  15. දන්නවද නන්දා මාලනිව ජෝතිව අතින් අල්ලගෙන ගිහිල්ලා සංගිතවෙදි මොහමඩි සාලි ලගට යොමුකරේ ජෝතිබව.ඒත් නන්දා කුහක උනා.ජෝති ඒක්ක ගි ගයන්න බැ කිවිවා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...