කුරුටු පෙම් ගී ලියන්
ආදරේ සොයමි මම්
ඒත් ඈ දුර ගිහින්
මාව නොපෙනෙන තරම් ...............
නෙත් කෙවෙනි බොඳ කරන්
ඉකි ගසා කුමට මම්
සිත් සතන් තුටු කරන්
නුඹ තුටින් සිටියි නම් .................
ආවෙමිය මග ගෙවන්
ඔය වතම පතා මම්
මා දමා ගියෝතින්
හෙටත් මග බලන්නම් ...............
ඉකි ගැහෙන හදවතින්
කෝම ඉවසමි ද මම්
ඒත් කඳුලැලි වසන්
දෑස් පිස දමන්නම් ................
තුෂාර විතාරණ
.
ඒක තමා ආදරේ කියන්නේ. පිහියක් අරන් පන්නන එක නෙමෙයි.. හැක්..
ReplyDeleteඇත්ත දේශකයා......
Deleteඕක අද ඉන්න තරුණ පරම්පරාවට නොතේරෙන හැටියක් නේද?????
දේශකයාගේ වයසේ අයටනම් ඕන පටස් ගාලා තේරෙනවා නේද?????
අපොයි ඔව්... අපි පිහිය හංගන් නේ පන්නන්නේ.. හැක්..
Deleteඒක කෝකටත් හොදයි දේශකයා. නැත්තම් කට්ටියට පිහිය දැක්කම හිනා යයි..........
Deleteසොයමි තාම ආදරය කොහේ ඇති දැයි කියා..
ReplyDeleteසොයන්න නලීන් සොයන්න... හැම මිනිහෙක්ට ම තමන්ගේ ම කියලා ආදරයක් තියෙනවා. ඒක කවදාක හරි තමන්ට හමුවෙනවා. නලීන්ටත් හමුවුණාම කියන්නකෝ.............. සමහර විට බ්ලොග් එකකින්ම හමුවෙයිද දන්නෑ..........
Deleteනලියට ආදරය එක්ක පුදුම ඇම්මක් තියෙන්නේ.... :)
Deleteකෙන්ජිට නම් කිසිම ගානක් නෑ කියලා කට්ටිය කියන කතාව ඇත්තක් ද ??????????///
Deleteතවමත් සොයමි මම
ReplyDeleteතව කොච්චර කල් හොයන්න ද අදහස සහෝදර.....................
Deleteයන හරකට යන්න දෙනව මිසක් බලෙන් තියාගෙන ඉඳල මොකටද. ඒත් ඉති හිත හදාගන්න කොච්චර අමාරුද. ඒත් කොහොම හරි හිත හදාගෙන ජීවිතේ ඉදිරිය ගතකරනෙක තමා හපන්කම.
ReplyDeleteමනෝෂ්ගේ දැක්මත් වැරැද්දක් නෑ,.............. කරලාම බලන්න ඕනේ. එතකොට තමා සමහර දේවල් තේරෙන්නේ.................
Deleteමේක හොයාගන්න එක කළුනිකද මොනවද හොයනවටත් වැඩිය අමාරුයි නේද
ReplyDeleteඅනිවා විදානේ.... විදානේ ඔය හැම දේම ගැන දන්නවා නේද?????????????/
Deleteහෙව්වට වැඩක් නැහැ තුෂාර අනෙත් පාර්ශවයට ඒක දැනෙන්නෙ නැතිව.නොපෙනෙන තරම් දුර ඉඳන් මින්සුන් කොච්චර ආදරය කරනවාද?කුරුටු ගී නොලීවට ඔබේ ආදරය ඔබටත් ආදරේ ඇති.එහෙම නොවෙනවා කියලා දැනුනොත් හොයලා බලන්න කාරණාවක් ඇති.කෙනෙක්ට පුළුවන් නම් තම සහකරුට හෝ සහකාරියට විශ්වාසය දෙන්න ඔය කියන ආදරය කොච්චර දුර වුණත් ඔබත් සමගම ඉඳීවි.
ReplyDeleteසමාවෙන්න කමෙන්ට් නොකරම බැරි වුණා.
කාංචනා
10 දෙන 10ක් හදාගත්තනං හරිනේ..
Deleteනෑ විදානේ මෙතන තියෙන්නේ මගේ නිර්මාණයට කාංචනාට ඉවසගෙන ඉන්න බැරි වුණ එක විතරයි. ඔහොම තමයි හොද නිර්මාණ දැක්කා ම තරහා යන්නෙත් මොකක් හරි හේතුවකට නේද?????????????
Delete@ කාංචනා,
Deleteමිනිස්සුන්ට විශ්වාසය කොච්චර දුන්නත් ඒ දිහා සැකයෙන් බලන එක නවත්වන්න විදිහක් නෑනේ. මට ඔය විශ්වාසය රැකලා දැන් ඇතිවෙලා. කොච්චර නිවැරදි ව හිටියත් සැකය නැති කරන්න බෑනේ. ගොඩක් කාන්තාවන් තමන්ගේ ස්වාමිපුරුෂයාව ඈත් කරගන්නේ ඔහු ඈත කියලා නිතර නිතර හිතලාමයි. නැතුව ඔහු ඈත නිසා නෙමෙයි.....
මේ කවිය ලියුවේ අත්දැකීමකට නෙමෙයි. ඒ හින්දා ඔයා කලබල නොවී හිටියොත් තමයි හොඳ ..............
ආදරේ හෙවුවට ලැබෙන්නෑ ආදරේ අපි හොයා එන දාට අපි නෑ…
ReplyDeleteපද ටික වෙනදා වගේම ලස්සනයි තුෂාර.
ස්තූතියි ප්‍රියා,
Deleteආදරේ නැතුවට මොකද ඔය කරගෙන ඉන්න හරිය මදැයි නේද????????????
//නෙත් කෙවෙනි බොඳ කරන්
ReplyDeleteඉකි ගසා කුමට මම්
සිත් සතන් තුටු කරන්
නුඹ තුටින් සිටියි නම් .................//
ඈ ඇගේ ලොවට වී
කිරුළු පළදවයි නම්…
මා මගේ ලොවට වී
ඇයට සුබ පතන්නම්………
ෂැහ් .................... ඔය ඉන්නේ නියම කවියා ....
Deleteඅලුත් පද ගැලපුම හරිම අගෙයි ප්‍රියා... ලියමුකෝ ඔය විදිහට ලස්සන පද ටිකක් ගලපලා කවි පොස්ටුවක් හෙම ................
ඉකි ගසා හඬන අතීතයක.....
ReplyDeleteඅමතක කරන්න එපා මේ පද රචකයා අමිල තේනුවර. අනිත් අය ගැන හැමෝම කතා කරනවානේ.
ඇත්ත අරූ,
Deleteමෑත කාලයේ ලියැවුණු ලස්සන පද ටිකක්......
ඉතින් අරූ ඒ ගැන ඔබ සතුව ඇති අදහසත් ටිකක් අකුරු කරොත් තවත් හොද වෙයි කියලා හිතෙනවා................
පට්ට මචන්...... දිගටම ලියපන්.... ජය
ReplyDeleteස්තූතියි අකීකරු ......
Deleteමේ පැත්තට ඇවිත් අපිව දිරිගන්වලා කමෙන්ටුවක් දැම්මට ස්තූතියි අකීකරු ............
මොනවා කරන්නද, වේදනාව වුනත් ඉතින් ඉවසන්න දරාගන්න වෙනවනේ..
ReplyDeleteඇත්ත දිනේෂ්..........
Deleteඒත් දිනේෂ් ටිකක් හැගීම්බරව ඒක කිව්වා වගෙයි ?????/
සිතිවිල්ල සරල ව බොක්කටම වැදෙන ලෙසට ලියවිලා ....
ReplyDeleteස්තූතියි කෙන්ජි..................
Deleteඒත් කඳුලැලි වසන්
ReplyDeleteදෑස් පිස දමන්නම් ................
මට බොක්කටම වැදුණ...
පට්ට
ස්තූතියි මහේෂ්.............. ඔබලා හැමදාම අපිව දිරිගන්වනවා මහේෂ්...........
Deleteඒත් ඒ පද දෙක විතරක් වැදුන එක ගැනනම් ටිකක් බලන්න වෙනවා.......
දිනක් ඒයි ඇය ඔබ වටහා ගන්නා
ReplyDeleteඑතෙක් ඉවසා සිටින් මිතුරා.
මනෝජ්,
Deleteපළමුවෙන් ම ස්තූතියි මේ පැත්තට ඇවිත් අපි වෙනුවෙන් කමෙන්ටුවක් දමා ගියාට....
ඇත්ත මමත් බලං ඉන්නේ කවදා වටහා ගනීද කියලා තමයි යාලුවා.............
පිරිමියෙකුට ගැහැනිය එපා වෙනකන් එ ගැහැනියට ඒ පිරිමියගෙ අගේ තේරෙන්නෙ නැ
ReplyDeleteIgnore the every blame from the girl you love and let her know that you can live without her. If she really loves you she must be beg for your love