සියක් ගව් දුර සුසුම් හෙළමින
ගොතන සඳ කවිකාර සිහිනෙන
කුරුටු ගෑ පන්හිඳෙහි සිහියෙන
හද රැඳුනේ ඔබ පමණි තුන්සිත ................
උගත්කම් කරකාර බැඳගෙන
තානාන්තර හිසේ දරමින
රන්කාසි පොදි බැඳන් සිටියද
හිස්ය දිවියම ඔබෙන් තොරවන ..................
ඔබ නමට පුද කළෙමි දිවියම
රැඳුනේ නෙත් තුළ ඔබේ වතමය
ගත රැඳුනේ නිති ඔබේ සුසුවඳ
සබඳ එනු මැන ඔබේ සඳවෙත ................
අපේ අතැඟිලි රන් හුයෙන් බැඳි
ලිහිල් කළ වරපට උගත්කම
රන්කාසි පොදි කිමට දිවි නැති
සුසුම්ලයි ජීවිතේ තනිකම ...............
පෝයදා සඳ දිටිමි තුටියෙන
සිත්හි රැඳුනේ ඔබේ වතමය
සියක් ගව්දුර ගතින් සිටියද
සිතින් නම් ඔබ මගේ යහනෙය ............
පඬු පෙවූ වත ඔබේ දිවියේ
පරද්දන නා දළුව දෙතොලේ
සොයයි උණුසුම ඔබගේ තුරුළේ
රන්කාසි කිම එන්න සබඳේ ..............
කාංචනා චන්ද්‍රසේකර
.
අගෙයි අගෙයි මං හිතුවේ කාන්චනා අමිලානිගේ එරකක් කියලා මුලින්ම
ReplyDeleteස්තූතියි නලීන්,
Deleteහැමදාම නලීන් ඇවිත් අපිව දිරිගැන්වීම ට බොහොමත් ම ස්තූතියි...
//මං හිතුවේ කාන්චනා අමිලානිගේ එරකක් කියලා මුලින්ම//
ඒ මොකක්ද කියලා තේරුණේ නෑනේ... ටිකක් පැහැදිලි කරන්න..
කාසි එපා එන්න කියලා කිවත් එන්න බැරි අගහිගකම් එනකොට ශ්‍රියා කත පස්ස දොරෙන් පැනලා යනවා කියලා දන්නා නිසා වෙන්න ඇති.
ReplyDeleteජිවිතේ අපි කැමති අය හැම මොහොතකම අපේ ලගින්ම ඉන්නවානම් හොදයි.එත් එක හැම තිස්සෙම ප්‍රයෝගික නැහැනේද..?
ඔව් මනෝජ්,
Deleteඔබ කියන කතාව ඇත්ත. ඒත් සල්ලි සහ නිදහස කියන දෙක අතර ගැටුම ගැන කතා කරද්දි අපේ මිනිස්සු මේ දෙක අවශ්‍ය ප්‍රමාණයට බැලන්ස් කරගන්න දන්නේ නෑ. සල්ලි හම්බෙන්න හම්බෙන්න පස්සෙන් යනවා ඇරෙන්න ඒකේ සීමාව කොහෙද කියලා දන්නේ නෑ.
සල්ලි මොකට ද කියලා ඇහුවාම ලස්සන ජීවිතයක් ගෙනියන්න කියලා කියනවා. ඒත් ජීවිතේ කෝ කියලා ඇහුවම තමයි සිහිය එන්නේ. සල්ලි හොයන්න ගිහිල්ලා පවුල නැති වෙනවානම් ඉතින් සල්ලි හොයලා මොකටද??? ඔබ කියනවා වගේ සල්ලි නැතුව ම බෑ තමයි. ඒත් සල්ලි තිබ්බාම කියලත් බෑ... මේ ගැන සංවාදයක් ඕනේ වෙන්නේ මිනිස්සුන්ට මේ දෙකෙහි ප්‍රමාණය ගැන තීරණය කරන්න හැකියාව හදලා දෙන්නයි...
විවාහයෙන් පස්සේ වෙනමම ඉන්න වෙන එකනම් ඇත්තටම මාරම දුකක්.. ආදරේ කරන කාලෙනම් කොහොම හරි ඉවසන් ඉන්න පුළුවන්..
ReplyDeleteලස්සනයි කවි පෙල..
ස්තූතියි දිනේෂ් කවි පෙළ අගය කලාට...
Deleteඔබ කියන දේ නම් සීයට සීයක් ඇත්ත. විවාහයෙන් පස්සේ දෙතැනක ඉන්න එකට වඩා හොදයි කියලා හිතෙනවා කන්න බොන්න නැතුව හරි එකට ඉන්න එක. එ්ත් සල්ලි නැතුව ජීවිතේට ගැටළු මතු නොවෙනවා ම නෙමෙයි. විශේෂයෙන් තරුණ දෙදෙනෙකුගේ අවශ්‍යතාවයන් අනෙක් අයට වඩා වැඩියි. ඒ නිසා දෙන්නට එකට ඉන්න පුළුවන් රස්සා කරනවානම් හොදයි. ඒත් ඉතින් බහුතරයකට එහෙම අවස්ථාවක් නෑ,
සිතිවිල්ල සුපිරියි.......
ReplyDeleteඅර අන්තිමට ලියල තිබෙන ටික කියන්න නම් ඉතිං පිට රට ගෙවල් 4 ක් 5 ක් තියෙන අමතියෙකුගේ අහිංසක දරුවෙක්ම වෙන්න ඕන....
ස්තූතියි කෙන්ජි,
Deleteපිටරට ගෙවල් තියෙන ඇමතියෙකුගේ දරුවෙක් වෙන්න ඕනේ කිව්වේ සල්ලි එපා ගෙදර එන්න කියලා කියන නිසාද??
ස්තූතියි කෙන්ජි අදහස් දැක්වීමට සහ හැමදාම ඇවිත් අපිව දිරිගැන්වීමට...
ලස්සනයි
ReplyDeleteලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න
ස්තූතියි නෙතින්........
Deleteඔබේ දිරිගැන්වීම අපට ශක්තියක්...
හැමදාමත් වගේ ඉතාම සුන්දර නිර්මාණයක් ගී පවුරේ. කියවල කල්පනා කරනකොට මීට ගැළපෙන සිදුවීම ගනනාවක් මතක් උනා. එකක්, අපේ ප්‍රාදේශීය සභාවෙ සභාපතිතුමාගෙ බිරිය මෙවැනිම සංකල්පනාවක් හිතේ හිරකරගෙන විඳවල විඳවල දරාගන්න බැරිම තැබ සුදුහුම්පොලින් කෝච්චියට තම ජීවිතේ බිලිදුන්න හැටි. අනිත් එක මේ ළඟදි මම බ්ලොග් එකේ දැම්ම "දඬුමොණර පිටින් ගිහින් එන්න" ගීතය.
ReplyDeleteමේ හැමදෙයකින්ම අපිට කියන්නෙ, කොච්චර මිල මුදල්, යාන වාහන සැප සම්පත් තිබුනත් වැඩක් නෑ, යුවලකට එකට ආදරෙන් එක ළඟ ඉන්න නැතිනම්. ඉහලින් දිනේෂ් කියල තියෙන දේ නම් සම්පූර්ණ ඇත්ත.
අපට හිතන්න ගොඩක් දේවල් ඉතිරිකරපු කවියක්. ස්තූතියි කුරුටු..
ස්තූතියි මනෝෂ්......
Deleteඔබ කියලා තියෙන විස්තරය කවිය තවත් අර්ථවත් කරා කියලා හිතෙනවා. විදෙස් ගතවන පිරිස් සම්බන්ධයෙනුත් මේ කවිය ගත හැකියි තමයි. ඉතින් ඔබ බ්ලොගයේ ලියැවුණු ඉහත කියවුණු පෝස්ටුවේ ලින්ක් එක පහතින් සදහන් කරන්නේ එන කෙනෙකුට ඒකත් කියවන්න පුළුවන් වෙන්නයි...
http://masandumal.blogspot.com/2014/05/blog-post_6.html
ඉතින් මනෝෂ් ස්තූතියි ඇවිත් අපිව දිරිගැන්නීඹට...
හෙඩිම වැරදියි පුතා.. කවිය කියවන්න ඕන නැහැ..
ReplyDeleteස්තූතියි දේශකතුමෝ..
Deleteඅපි ආයේ හෙඩිම් දාද්දි පරිස්සම් වෙන්නම්කෝ...
ආ.... මම පුතා නෙමෙයි දුව හරිය...
කෝම උනත් පුතා තමා..
Deleteමටත් හැම දුවෙකුටම කියවෙන්නේ පුතා කියලා...ඒ අපිට පුතෙක් නැති නිසාද දන්නේ නැහැ.
Deleteපුතෙක් නැති අඩුව මකන්න දුවකට බැරි නෑ අරූ,... දුවලා කොහොමත් වාසනාවන්තයි... කොච්චර කිව්වත් තාත්තලා වැඩිපුරම ආදරේත් දුවලාටනේ...
Deleteපද ටික ලස්සනයි කාංචනා.
ReplyDeleteඇත්තටම මුදල්ම නොවේ ජීවිතය. ඒත් අද කාලෙ නම් මුදල් නැතිවත් බැහැ නේ.
ඇත්ත ප්‍රියා,
Deleteජීවිතය කියන්නේ මුදල් ම නෙමෙයි. ඒ කියන්නේ මුදල් නැතුව ම ජීවත් වෙන්න පුළුවන් කියන එක නෙමෙයි. ජීවිතයට මුදල් ඕනේ හැබැයි ඒකේ සීමාව අපි දත යුතුයි. නැත්නම් මුදල් තියේවි. ජීවිතය නැති වේවි...
මිනිස්සු හැම දේම එකතු කරමින් ඉදිරියට යනවා මිසක් නැවතීමක් නෑනේ... එහෙම තමන්ගේ අවශ්‍යතාවය තේරුම් අරන් නවතින්න පුළුවන් කියන්නෙත් මහත්වූ පරිණත කමක් ප්‍රියා.. අපි ඒකට කොච්චර සූදානම් ද කියලා අපෙන්ම අහන්න වෙනවා...
තනිවු සිතක් ගැන සංවේදී සිතුවිල්ලක්...
ReplyDeleteඅපූරුයි...
සමීප අත්දැකීමක්ද කාංචනා
ස්තූතියි මහෙෂ්.
Deleteහැමෝමට ම මේ වගේ අවස්ථා උදාවෙනවානේ... ඉතින් කවිය අගය කළාට බොහොම ස්තූතියි...
ලස්සන පදවැලක්!
ReplyDeleteකෙසේ වෙතත් තවත් ප්‍රායෝගික ගැටළුවක්. මේකත් පුද්ගලානුබද්ධයි. බොහෝවිට මේ තනියෙන් ඉඳන් හෝ යමක් ඉතිරිකරන්නේ පවුල කියන සංකල්පයට මුල් තැන දීලා. ඔය තනිය නිසා සහ මුදල නිසාම, මූලික සංකල්පය වෙච්ච පවුල දෙදරා යන අවස්ථාද අනන්ත අප්‍රමාණයි.
ඇත්ත අරූ,
Deleteමිනිස්සු මුදල් හම්බකරන්න ගියාම තම අවශ්‍යතාවය දැනගෙන ඒක කරන්නේ නෑ. ඊට පස්සේ මුදල් මත්තේ ජීවත් වෙනවා මිසක් තමන්ගේ පවුලේ අවශ්‍යතාවයන් සහ දරුවන්ගේ අවශ්‍යතාවයන් ගැන හිතන්නේ නෑ... මේක මුළු ලෝකයේ ම තියෙන විශාල ගැටළුවක්. මේක මුදල් සහ නිදහස, පවුල සහ ආදායම් උත්පාදනය, විතරක් නෙමෙයි පවුල සහ සංවර්ධනය කියන විවිධ පැති එක්ක එකතු කරලා සාකච්ඡා කරන්න පුුළුවන් මාතෘකාවක් අරූ,,,,,,,
ස්තූතියි කාලය කැප කරලා අපේ පැත්තට ඇවිත් කමෙන්ටුවක් කොටලා ගියාට....
හරිම ලස්සන නිර්මාණයක්, හුගක්ම ලයාන්විතයි ඒ වගේම එයටම හරියන තාලයක් පද පේලි අතර සැඟවිලා තියෙනවා, හුගක් ඇය මුදල් මත්තේ දුවන කොට මුදල්මද ජීවිතය කියලා හිතෙනවා, ගොඩක් බලාපොරොත්තු පොඩි ගහ ගත්තම ජීවිතේ බරයි, විදාවයි ,වෙහෙසයි ඒවා අල්ලන්න ගිහින්, ඒවා මුකුත් නැති ජීවිත සරලයි සුන්දරයි නිදහස්. තනිකම හදවතටම දැනෙන කොට සතුට අතීතයක්ම වෙලා හිත ඇතුලේ කීරි ගහනවා, එතකොට ඉතින් මී වගේ කවි ලියවෙනවා එහෙම දැනෙන ඇයට. ලස්සනයි. ජයවේවා.
ReplyDeleteස්තූතියි සොමියා....
Deleteහැමදාම මේ පැත්තට ඇවිත් අපේ නිර්මාණයන් රසවිදලා අපිව දිරිගන්වනවාට.... ඔබේ අදහස් කවියට එළියක් ගෙනාවා කියලා හිතෙනවා...
ඔය කිව්වට අග හිඟ කම් එනකොට පස්ස දොරෙන් ආයෙත් එලවනවා. පලයන් ආයෙත් කියලා..
ReplyDeleteමාතලන්...
Deleteපස්ස දොරෙන් එළවන්නේ අගහිගකම් ද????? නැත්තම්?????