දෑඟිලි සළු පට පටලා
ඉඳිකටුවට ඉඩ දෙනවා.
ජීවිත සළුපට හැම තැන
හිල් ගැහිලා වියැකෙනවා.
නිදි මරනා සේද කුමාරී ...............
පවුලම කරපිට පින්නා
දිවි සයුරට පැන්න කුමාරී ...................
ප්‍රේමය රාගයක් වෙලා
නුඹගෙ වටේ ඉගිලෙනවා.
ජීවිතයට හුරු නැති දුක
මැහුම් වලින් හැඩවෙනවා.
මුතු සොයනා සේද කුමාරී .................
සිනාවකින් මුව සරසා
නැතිබැරිකම් වසන කුමාරී ......................
කුසගිනි පරදන් කුස්සියෙ
බත් මුට්ටිය හිනැහෙනවා.
පාසල් යන්නට උන් ළඟ
පොත් පැන්සල් උපදිනවා.
නිවසේ ගිනි නිවස කුමාරී ................
දරු සෙනෙහස හද පුරවා
මව්පදවිය දරන කුමාරී ........................
තුෂාර විතාරණ
.
රෑ වැඩ මුරය අවසන්වන කණිසමට
ReplyDeleteනුඹෙ රුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණලු කැරළි වැටෙනා සඳ අලුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කළ පවට..
තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ
මල්විය නොවෙද මේ දියකර හරින්නේ
මැෂිමද හිත ද මහ හයියෙන් හඬන්නේ..
නුඹෙ කඳුළැලි ද සයුරේ රැළි නඟන්නේ
හද සුසුමන් ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවණැල්ල ද සිටින්නේ
ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ..
කවිය දැක්කම මතක් උනේ මේ සිංදුව එ් වගේම මනොෂ් ගෙ මෙන්න මේ පොස්ට් එක
ජය වේවා!!1
ඇත්ත විදානේ.......
Deleteඔබ දක්වපු ගීතය හරිම අගේ ඇති මේ මාතෘකාවට ම ලියැවුණු ගීතයක් තමයි. ස්තූතියි මග පෙන්වීමට ............
ලස්සනයි විදානේ ඒකත්..
Deleteමටත් විදානේ අයියා කිව්වා වගේම ඔය සින්දුවමයි මතක් උනේ. එක විදානේ අයියා ඔය අලවලා තියෙන්නේ අපුරුවට. අපූරු නිර්මාණය. හරිම ලස්සනයි, අපේ නිර්මාණ මොන තරම් ලස්සන උනත් ඔය ජීවිත ලොවට පෙන්නන සිනාව අතරින් මොන තරම් ගැහැටක් වින්ධිනවද ඔය ජීවිත. තවමත් රැවටීම් වලට ලක් වන බහුතරයක් ඉන්නේ ඔය ජීවිත ගෙවන සහෝදරියන්, මැෂිමේ රෝදෙයි ජීවිත රෝදෙයි පටලව ගත්තම ඉතින් අර කිව්වා වගේ
ReplyDelete//ප්‍රේමය රාගයක් වෙලා
නුඹගෙ වටේ ඉගිලෙනවා.//
සොමියා,
Deleteඇත්ත ඔබ කියන විදිහට ම දුක් ගැහැට වලට මැදිවුණු මේ ජීවිත පසුපස රාගය කියන දේ හඹාගෙන එනවා. කලාපේ කියන්නේ තම රාගය පියවගන්න තෝතැන්නක් කියලා හිතාගත්ත පිරිමි නොවන පිරිමි ගොඩක් ඒ වටේ කැරකෙනවා.....................
//පිරිමි නොවන පිරිමි ගොඩක් ඒ වටේ කැරකෙනවා.//
Deleteහරියට හරි පිරමී කමටත් නිගා දෙන පිරිමි කොටසක් ඔය වටේ ඉන්නවා.
ඇත්ත මනෝජ්, ඒ අයට අනුව මේ කලාපෙ ඇතුලේ ඉන්නේ තම ලිංගික අවශ්‍යතා වෙනුවෙන් වෙන් වුණ බූදලයක් කියලා. නමුත් ඒ ඔස්සේ එම සහෝදරියන්ට වන පීඩනය කවුරුත් හොයලා බලන්නේ නෑ. ඒ ගැන ඔය කොම්පැනිකාරයන්ටත් වගකීමක් නෑ.
Deleteඔය ලියලා තියෙන්නේ ලස්සන ගීයක්. මැහුම් හලෙන් දිවිය සවි කර ගන්නා අපේ තරුණ තරුණියන්ට ගී ලියවෙනවානම් කොතරම් අගේද?
ReplyDeleteසෝම හාමුදුරුවෝ අපවත් වුනාද? අපවත් කලාද? සංවාදයට එකතු වෙන්න
ස්තූතියි නෙත්,
Deleteඔබේ අදහසට සහ මේ පැත්තට ඇවිත් කමෙන්ටුවක් දාලා අපිව දිරිමත් කරාට ස්තූතියි..................
කියන්න ඕන බොහෝ දේ උඩින් කියලා තියෙනවා ,කොම උනත් මේ ජීවිත පිටුපස කතාව නම් ???
ReplyDeleteබොගිය ලොඩ් වෙන්න ටිකක් වෙලා යනවා
සහෝදර,
Deleteපළමුවෙන් ම ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.
බ්ලොග් එක ලෝඩ් වෙන්න වෙලා යනවා කියන එක තව ටිකක් පැහැදිලි කරනවාද??? ඒ වගේ ම එහෙම වෙන්නේ ඇයි කියලත් කවුරුහරි අපිට පැහැදිලි කරනවානම් අපි ස්තූතිවන්ත වෙනවා.......
This comment has been removed by the author.
ReplyDeleteකවදත් වගේ හරිම අපූරු හිතට වදින කවි සංකල්පනාඅවක් ගී පවුරේ.. දකිනකොටම මටත් මතක් වුනේ රෑ වැඩ මුරය ගීතයයි පහුගිය දවසක මං දැම්ම පෝස්ට්ටුවයි.
Deleteඒක නෙවෙයි කුරුටු, ඔන්න අර වැඩේ හරි. හෙට උදේම ඒ පැත්තෙ ඇවිත් බැලුවනම්..ඔයාලගෙ උනන්දුකිරීම නිසා තමයි මෙච්චර ඉක්මනට මට ඒ දේ කරගන්න පුලුවන් උනේ. ඉතින් ඔයාලගේ අදහස් දැනගන්නත් මඟ බලාගෙන ඉන්නෙ මං.
ස්තූතියි අපේ කුරුටුව අගය කළාට... මනෝෂ් කියන්නේ ඉතින් හැමදාම මේ පැත්තට එන අපේ මිතුරානේ... ඔබේ විග්‍රහයත් කියෙව්වා....
Deleteදෙවැනි වැඩේ, බොහොම ස්තූතියි අපි දිගින් දිගට ම කළ ඉල්ලීම සලකා බැලුවට. අපිට විශ්වාසයි ඔබ එය ඉතා ඉහළින් ජය ගන්නා බවට... අනිවාර්යෙන්ම හෙට ඒ මොහොත බලන්න එනවා. ජයවේවා මනෝෂ්....
සන්නාලියනේ.. සන්නාලියනේ..
ReplyDeleteකපුගේ මහත්තයගේ ඒ අපූරු ගීය මතක් වුනා.. ලස්සනයි සිතුවිල්ල තුශාර..
දිනේෂ්ට පුංචි පටලැවිල්ලක් වෙලා වගේ. කපුගේ මහත්මයාගෙ නෙවෙයි දිනේෂ්, අමරදේව මහත්මයාගෙ.
Deleteඅගය කිරීමට ස්තූතියි දිනේෂ්,
Deleteනිවැරදි කිරීමට ස්තූතියි මනෝෂ්
Deleteඇත්තටම පද ටික ලස්සනයි තුෂාර. නියමයි.
ReplyDeleteඇත්තටම ඔය ගැහැණු ළමයින්ගෙ දෛවය වෙනස් කල නොහැකිද?
//ජීවිතයට හුරු නැති දුක
මැහුම් වලින් හැඩවෙනවා.// නම් සෑහෙන්න දැනෙනවා.
අපි දිගින් දිගටම කතා කළ යුතු සහ රට තුළ සංවාදයක් ඇතිවිය යුතු මාතෘකාවක් ලෙසයි ප්‍රියා අපි මේක දකින්නේ මේ ගැන සමාජය අවසංවේදීකරණය වෙලා. මේ ක්ෂේත්‍ර යේ ගැටළු එමටයි... විශේෂයෙන් තරුණ ජීවිත....
Deleteබොහොම අගෙයි කවිය අගය කළාට...
වැඩේ අවුල් උනා. අර පින්තුරේ දැක්කම විදානේ කිව්ව සින්දුව මතක් උනා නේ..
ReplyDeleteහ්ම්.... මටත් එහෙම හිතුණා... ඒත් වෙන ගැලපෙන වගේ ම ලස්සන රූපයක් හොයා ගන්න ලැබුණේ නෑ....
Deleteකම්හලේ පියස යට කඳුළු මල් පිබිදුනේ ගීතය මගේ සිහියට ආවේ ලිව්වේ ධර්මරත්න පෙරේරා
ReplyDeleteඅපි කැමතියි නලීන් ඒක ටිකක් අහන්න පුළුවන් තැනක් කියනවානම්. මං හිතන විදිහට මට තාම අහන්න ලැබිලා නෑ ඒ ගීතය
Deleteඅපේ රටට වැඩිම සේවයක් කරන අඩුවන්ම පිළිගැනීමට ලක්වූ පිරිසක්.ඔය කලාප වල සේවය කරන ගොඩක් අයගේ ජිවිත අභ්‍යන්තරයේ තියෙනේ බේදාන්තයක්.
ReplyDeleteඅපි ඇත්තටම ඔවුන් අගයනවා මදි.
ඔවුන් ඇගයීම කෙසේ වෙතත් මනෝජ් අපි ඔවුන් ගැන බින්දුවක්වත් සංවේදී නෑ. ඒ විතරක් නෙමෙයි අපි ඒ ජීවිත ගැන කිසිම වගකීමක් නෑ. විශේෂයෙන් ම රටේ ආර්ථිකය ගෙන යන පිරිස හැටියට ඔවුන්ට සලකන ආකාරය ඉතාම අඩුයි....
Deleteසිතිවිල්ල සුපිරිය.....
ReplyDeleteදේශීය සහ විදේශීයව රැකියා වල යෙදිල සිටින කාන්තාවන්ගෙ තත්වය නම් ඉතාම ශෝචනීයයි.......
ආරක්ෂාව අතින් අහිංසකියන් විදින පීඩාවන් අපමණයි.....
ස්තූතියි කෙන්ජි,
Deleteඔවුන් රැකියාවක් කරන නමුත් රටේ අාර්ථිකයට දක්වන දායකත්වය බැලුවාම අපි සමාජයක් විදිහට ඔවුන් කෙරෙහි මීට එහා අවධානයක් යොමු කරන්න ඕනේ නේද කියලා හිතෙනවා. අපි කලාපේ කාන්තාවන්, තේ දළු නෙලන කාන්තාවන් සහ ගෘහ සේවයට විදෙස් ගත කාන්තාවන් තමයි අපේ රටේ මහ ලොකු ආර්ථිකයේ බලකනු තුන කියලා අපි කටක් ඇරලා කියන්න පුළුවන් විදිහට ද වැඩ කරන්නේ කියලා වෙලාවකට හිතෙනවා......
දුක තමයි ..මගේ ඇස් වලින් මං දැකලා තියෙනවා බෝඩිම් වල ඉදන් ගාමන්ට් යන ළමයින්ගේ දුක, කටුනායක අපේ මාමාට බෝඩිමක් තියෙනවා, එකේ ගෑණු ළමයි බොහෝ දෙනෙක්ගේ ජිවිත ඔහොමයි,,
ReplyDeleteඇත්ත අපූර්වි, ඒ ජීවිත හරිම කටුක දින චර්යාවකට තමයි දාලා තියෙන්නේ. එස් පහ කරනවා කියලා ගාමන්ට් ටික නම් හරිම අගේ ට හැඩට හදලා තියෙනවා. ඒත් ඒ තරුණ ජීවිත ලක්ෂ ගණනක් අඩි හතරෙ පහේ කාමර කෑල්ලක ලෑලි කෑල්ලක් උඩ හරි පැදුරක හරි ගෙවිලා යනවා. හාල් කිලෝ එකක් අල දෙසිය පණහක් අරන් ගිහින් තම්බගෙන කාලා රෑ කාලය ගත කරන තැනට ඒ ජීවිත පත් කරලා. කම්කරු අයිතීන් වලංගු නොවන කලාපෙන් ඔවුන්ට උරුම කරපු දෛවය ඒක. හැබැයි ඒ ගැන මේ සමාජය දන්නේ වත් හිතන්නෙවත් නෑ. මේ ගැන කතා කළ හැකි දේ බොහොයි. ඔබට ඒ අත්දැකීම ඇති කෙනෙක් හැටියට බොහොමයක් දේවල් මේ වෙනුවෙන් ගෙන එත හැකියි. ...... අපූර්වි....
Deleteතම පවුලෙම ජීවන වියමන ලස්සනට ගොතන්න, සියුමැලි දෑත් වල ශක්තිය යකඩ ගොඩකට දිය කරන යුවතියන්ට අද සමාජයෙන් ලබා දීලා තියෙන තැන නම් හරිම ශෝචනීයයි.
ReplyDeleteවටිනාකමක් තියෙන මිනිසුන්ව පාගලා වටිනාකමක් නැති හිස් මිනිසුන්ව පුම්බන සමාජයක් අද තියෙන්නෙ.
කලාපයේ යුවතියන් ( ආමන්ත්‍රණය හරිද මන්ද ? ) පිළිබඳව ලියැවුනු සංවේදී , සොඳුරු නිර්මාණයක් !
මේ දෙවල් වලින් අනුකම්පාව වෙනුවට අපි තුල සහකම්පනයක් ඇති වෙනවා නම් , මීට වඩා වටිනාකමක් ඔවුන්ට ලබා දෙන්න පුලුවන් වේවි.
බොහොම ස්තූතියි සඳරු,
Deleteඔබ මේ කවියට අගයක් එකතු කළා කියලයි අපිට හිතෙන්නේ. අද සමාජය ඇත්ත සහ වෙළඳ කලාපයට කොටු වුණ තරුණ ජීවිත වල තත්වය ඕකයි. ඔබ ගෙන එනවා වගේ මේ නිර්මාණය ඔවුන් ගැන සහකම්පනයක් වෙනුවෙන් යොදා ගන්නවනම් යහපතක් වේවි.... ස්තූතියි ඔබේ කියැවීමට.........
ඔය හිල්වලට අන්ඩ දාගන්න තමයි මැසිමක් දීලා තියෙන්නේ :D
ReplyDeleteහිහ්............... ඒක නේන්නම් අරූ...........
Delete