එහෙව් ගමනක් යන්න හිතුනද
එබෙන්නට කලියෙන් හිරූ
සමන් මල් ගැටපිච්ච මල් එළි
බහින්නෑ හිරු එනතුරූ .....................
හිතේ පෙම්මල් පීදිලා නුඹ
වැරදි මගකයි පියැඹුවේ
නුඹේ අත වෙයි පෑන ඒ අත
තුවක්කුව රැඳුනා දුවේ .....................
පිපී හිනැහෙන මල් දකින විට
පා ගැටී සරසවි බිමේ
බැඳි දෙපා යදමින් බිඳන් නුඹ
ඉමක් දුටුව ද කෙම්බිමේ .....................
මුණ ගැසී විසඳන්න පුළුවං
කියලා හිතුව ද ගයනිකා
ගස් කොළං නොව ගෙදර කොරහත්
බිඳන් යනවලු යන යකා .....................
ආදරෙයි නම් සිඹිනවා හැර
බිඳක්වත් රිදවන්නේ නෑ
ඉනේ සඟවන් ආව මුවහත
පපු කුහර සිප ගන්නේ නෑ .....................
ඈත පිපිලා හිනාවෙන මල්
නෙලා ගන්නට බැරිමනං
දොහොත් මුදුනේ තියං වැඳලා
පිං ලබන්නට හුරු වෙයං .....................
තුෂාර විතාරණ
ඡායාරූපය - රිවිර
.
දුක හිතෙන කථාවක්..
ReplyDeleteප්‍රේමයයි වෙෙරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි.. කිව්වට මේව දකිනකොට හිතෙනවා වෙෙරය කියන්නේ ප්‍රේමයේම කොටසක් ද කියලා..
තව දෙයක් මනුසත්කම අමතක කර ලේ දකින්නට පොලඹවපු හිත්වලින් මේ වගේ දේවල් වෙන එක අරුමයකුත් නෙවෙයි...
අැයට නිවන් සුව පතමු!!!!
මේක පොඩි ප්‍රශ්ණයක් විසඳගන්න තරම් හැකියාවක් නැති කම නිසා ඇති වුණ දෙයක් විදානේ. අපි ඊළග පරම්පරාවට පොඩි කාලේ ඉදලම උගන්නන්න ඕනේ ප්‍රශ්ණයක් පහසුවෙන් විසඳගන්න හැකියාව හදාගන්නේ කොහොමද කියලා.... ජීවිතේ තෝරගන්න දේවල් කලින් තෝරගන්න ගියාම නොගැලපීම් ඇති වෙනවා විදානේ........
Delete//වෙෙරය කියන්නේ ප්‍රේමයේම කොටසක් ද කියලා..//
Deleteකොහෙත්ම නැහැ කියලයි කියන්න තියෙන්නේ විදානේ...
ආදරේ හරියටම තේරුම් නොගත්ත නිසා වුනු තවත් එක් යුවලක අවසානයක් තමා මේ ඉතින්, ආදරේ වෙනුවෙන් කැපකිරීම් කරපු කාලය ඉවරද මන්දා, අද ඕන මගුලකට බල්ලෝ බළල්ලු වගේ මරලා දන තත්වෙටම මිනිස්සු පිරිහිලා, ජීවිතයක වටිනාකම ගැන නොදන්නා එවුන් නිසා අපිට තවත් එක වටිනා ජෙවිතයක් අකාලේ නැතිවෙලා ගිහින්.
ReplyDeleteඔව් සොමියා....
Deleteමිනිස්සු සංකීර්ණ වෙලා. පොඩි දෙයක් විසඳගන්න තරම් ඉවසීමක් නෑ. තමන්ට අහිමි දේ විනාශ කරන්න තරම් දරුණු මිනිස්සු ඇතිවෙලා... නමුත් මේක හමුදා සෙබළාට කොටු කරලා සිතීම ගැනනම් මම එකග නෑ, මොක ද එකෙක් කළ පළියට හැමෝම එහෙම වෙන්නේ නෑ. අනික එක් අයෙකුගේ මට්ටමින් හැමෝම මනින්නත් බෑනේ...
ඇයට නිවන් සුව පතනවා හැරෙන්නට දැන් කල හැකි වෙන යමක් නෑ. ප්‍රේමය ගැන ප්‍රශ්නාර්ථ බොහොමයක් හිසට නංවන කතාවක්
ReplyDeleteඇත්ත ඉවාන්. අපි ඇයට නිවන් සුව පතමු. ඒ වගේ ම මෙවන් දෙයක් නැවත නොවන්නට හැකි හැම දෙයක්මත් කරමු....
Deleteඅනිවාර්යෙන්ම. කලයුතුම දේ තමා නැවතත් මෙවන් දේවල නොවෙන තැනට කටයුතු සැලසීම.
Deleteඅනේ... පවු .... කියල අනුකම්පාවෙන් නවතිනවා වෙනුවට සහකම්පනයක් තුලින් ඒ ඉලක්කයට යන්න පුලුවන්. එතකොට මෙවන් අහිංසක යුවතියන අකාලයේ මරු වැළඳ ගැනීම වලක්වන්න හැකි වේවි.
මගෙත් ප්‍රාර්ථනය, " ඇයට නිවන් සුව ලැබේවා ...! "
ස්තුතියි සඳරු.....
Deleteවෙන්න ඕනේ ඒ දේ තමයි. අපේ මේ උත්සහයත් ඒ ගැන සමාජය අවදි කිරීමයි. අපි එක සිද්ධියකින් පාඩමක් උගත යුතුයි. නැතිනම් ආයෙමත් සිදුවන විට අපිට ඉතුරු වෙන්නේ දුක්වෙන්න විතරයි.....
Great !
Delete100% එකඟයි. මං හිතන්නේ ඒ සමාජ මෙහෙවරට ලොකු අනුග්‍රහයක් " කුරුටු ගෑ ගී පවුරෙන් " ලැබෙනවා. මේ තුළින් බිහි වූ නිර්මාණ සහ ඒ හරහා ඇති වූ සංවාද තමා එයට හොඳම උදාහරණය. ඒ මෙහෙවර තවත් සාර්ථකව කරන්න, " කුරුටු ගෑ ගී පවුරෙ " සියලුම සහෘදයන්ට සුභ පතනවා ...!
බොහොම ස්තූතියි සඳරු
Deleteඒ වෙනුවෙන් අපි හැමෝම එකතු වෙමු. මේ බ්ලොග් සගයින් එක්ක එකතු වෙලා අපි ඒ විදිහ සමාජයක් හදන්න සහය වෙමු....
හමුදා වල ඉන්න හැම එකාම මිනීමරු ප්‍රේමවන්තයෝ වෙන්නේ නැහැ.මා ආබාධිත වී ටිකකලකින් මගේ පෙම්වතිය ප්‍රේමයට සමු දීමට තීරණය කළා.මගේ ආබාධිත බවේ රුදුරු කම කොතෙක්දැයි හරියටම දැනුනේද එදාය.එතෙක් කල් මා සිතුවේ මා අනෙකුත් තරුණයන් හා සමාන මට්ටමේ සිටින බවයි.දැඩි සිත් වේදනාවක් දැනුනත් ඇයට සුභ පැතුවෙමි.මට නම් කිසිම දිනක ඇගෙන් පළිගැනීමේ චේතනාවක් ඇති නොවුනි.
ReplyDeleteමෙන්න මෙතන තමයි ඇනී සංවාදය තියෙන්නේ. ඔබ වැනි මිනිසුන් කොපමණක් සිටියත් එක් නරුමයෙක් නිසා ඔබ වැන්නන් දහස් ගණනක චරිතය ඝාතනය වෙන හැටි. ඔබ රට වෙනුවෙන් ආබාධිත වුණ සෙබළෙක්. නමුත් ඔබේ ආබාධිත බව ඔබට හැමදේම නැති කරලා. බහුතර ආබාධිත සෙබලුන්ගේ කතාව මීට සමානයි. පෙම්වතිය පමණක් නෙමෙයි ඇනී බිරින්දෑවරුත් කරපු දේවල් ඇහුවම දුක හිතෙනවා.
Deleteනමුත් මේ සිදුවීම වැනි එක දෙයක් නිසා සමාජය ගොඩනගන කතා අන්තවාදී වෙනවා. ඒක පොදුවේ හමුදා සෙබළාගේ දුර්වලකමක් නොවන බවට ඔබ හොද නිදසුනක්... ඔබ දිගට ම මේ සංවාදයට එකතු වෙයි කියලා හිතනවා ඇනී..
නමුත් හැකිනම් ඇනියෙක් ලෙස නොව තමන්ගේ හෝ අන්වර්ථනාමයක් හෝ භාවිතා කර පැමිණෙන් මෙන් ඉල්ලා සිටිමි.............
ඇනියෙක් ලෙස එන්නේ මා සම්පුර්ණයෙන් විශ්‍රාමික නොවෙන නිසයි.ආයතනය සමඟ නීතිමය සහ සදාචාර බැඳීම් තිබෙනවා.
Deleteහොදයි....
Deleteඑහෙනම් ගැටළුවක් නැහැ. නමුත් ඇනියෙකු ලෙස වෙන කෙනෙකුට ඇවිත් ඔබට එරෙහි යමක් කිව හැකි නිසා සහ ඔබගේ වෙනම අනන්‍යතාවයක් ආරක්ෂා නොවන නිසයි එහෙම කියුවේ
ඔබ ගැන වරදවා ලියූ බවක් නොසිතන්න. දිගට ම මේ සංවාදය තුළ රැදෙන්න. ඔබ මෙහි කියැවෙන දේවල් වලට හොද නිදසුනක් බව නිසැකයි. හැකිනම් ඔබේ අත්දැකීම් අප සමග බෙදා ගන්න... අනන්‍යතාවය හෙළි නොකරනවා නිසැකයි....
ඇත්තටම මෙවැනි ඇනෝ වැනි තරුණයන් බුද්ධිමතුන් සම්බන්ධ කරගෙන හමුදා නිල දරුවන් දැනුවත් කරන වැඩමුළු පැවැත්විය යුතුයි කියල මා සිතනව ..
Deleteවිශේෂයෙන් යුද්ධය අවසන් වූ පසුබිමක....
ඇත්තට ම කෙන්ජි...
Deleteයුද්ධය හේතුවෙන් අහිමි කළේ ජීවිත විතරක් නෙමෙයි. ආබාධිත වූ සෙබලුන්ට අහිමි කළ දේ ද බොහෝය... ඔබේ අදහස ඉතා අගය කොට අනුමත කරන අතර ම හමුදා සෙබලුන්ගේ පවුල් වල සාමාජිකයන් දැනුවත් කිරීමක් ද අත්‍යවශ්‍ය වෙයි......
කාට උනත් ආදරය කරන්න තියන ධෛර්‍ය ඇයි විරහෙදි නැති වෙන්නෙ. මිනිස්සු ඇයි ඔහොම වෙලාවට තිරිසන් වෙන්නෙ.
ReplyDeleteඇයට නිවන් සුව ලැබේවා……!!
ඔව් ප්‍රියා...
Deleteආදරය කරන්න සහ ආදරය ලබන්න අපි ඉවසනවා. මගබලාගෙන ඉන්නවා. ඒත් ඒ ආදරය ම තමන්ගෙන් ඈත් වෙනවා කියලා දැනුන ම මිනිස්සු දරුණු වෙනවා. ඔබේ කතාව නම් අන්තිම ඇත්ත ප්‍රියා.... මිනිසාගේ සදාචාරාත්මක සංවර්ධනය සහ ගෝත්‍රික හැසිරීම ගැන මනා ප්‍රශ්ණ කිරීමක්...
පෝස්ට් එක අප්ඩේට් උනේ පරක්කු වෙලාද?
ReplyDeleteඅවුලක් වුණාද කියලා ෂුවර් නම් නෑ.... ටිකක් හොයලා බලන්නම්. ආයෙත් එහෙම දැනුනොත් කියන්න....
Deleteඇයට නිවන් සුව පතනවා ,කොම වුනත් අහන්න අමාරු කටුක කතාවක්
ReplyDeleteඔව් සහෝ,
Deleteනිවුස් එක දැක්කාම මටත් හිතාගන්න බැරුව ගියා... ආයේ මෙහෙම දේවල් අහන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු..
ආදරයෙදි වෙන්වීම විරහවත් දරා ගන්න පුළුවන් වෙන්න ඕන.. එහෙම නැති වෙලා මේ වගේ දේවල් වෙද්දී ඕනම කෙනෙක් ආදරේ ගැන තියෙන විශ්වාසය නැති කර ගන්නවා.. ආදරය වැඩකට නැති දෙයක් කියලා හිතනවා..
ReplyDeleteඇත්ත දිනේෂ්.....
Deleteතමන්ගේ විරහා වේදනාව වුණත් පිට කරන්න පුළුවන් වෙනත් ක්‍රම ඕනේතරම් තියෙනවා. ඒත් මේ ක්‍රමය නම් අනුමත කරන්න සමාජය සූදානම් නෑ.....
ඇයට නිවන් සුව පතනව හැරෙන්න වෙන කිසිවක් නැත මා හට කියන්න...
ReplyDeleteස්තූතියි කෙන්ජියෝ...
Deleteඅපිත් ඇයට නිවන් සුව පතන්න ඔබ සමග එකතු වෙනවා..........
අනේ මංද...
ReplyDeleteආමි ආමි කියපුවාම ගෙවල් වල මිනිස්සුත් බල වෙන කාලයක් එන්න එන්නෙ...
ඒ වුණත් හැම එකාම ඔහොම නෑ බං... පට්ට කොල්ලො ඉන්නව... මාත් උං එක්ක ඉදල තියෙනව..
ඒ ගැන නං කතා කරනන් කැමති ම නෑ..
මොනා වුණත් ආදරේ කියල පිහියෙන් අයිනව නං උංගෙ මානසිකත්වටය ගැන අපිට හිතල බලන්න වෙනව
ඔව් මහේෂ් ඔබ සමග අපි එකඟයි...
Deleteහැම දෙනාම එකම මිම්මෙන් මනින්න බෑ. ඒ වුණත් ඔහු කළ දේ නිසා ඔහු නියෝජනය කරන හමුදාවම අපකීර්තියට පත්වෙනවා. මේ එකම සිද්ධියත් නෙමෙයි මෙහෙම වුණ. ඔහු කොයි තරම් නිදහසට කරුණු කීවත් ඒ සියල්ල ඔහුගේ නොඉවසීම නිසා යටපත් වෙනවා. ඇය කෙතරම් වැරදි වුණත් ඇය මිය ගිය නිසා ඇය නිවැරදි වෙනවා සමාජය ඉදිරියේ. මේ හැම දේකම දෙපැත්තක් තියෙනවා කියලා හිතන්නැතුව අපි තීරණ අරගෙන එක පාර්ශවයකට වැරදියි කියනවා. නමුත් ඊට එහා දෙයක් ඒ තුළ තිබිය හැකියි...... අපි ඒ ගැන බලන්නේ නෑ...
මේ ඔහු කිසිම ආකාරයකින් නිවැරදි කිරීමක් කරනවා නෙමෙයි. නමුත් ඒ තුළ ඇති සැගවුණු දේ ගැන බැලීමට කෙරෙන ආරාධනයක් පමණි....
කලාකාමී නිවුනු සිත් නැති කම.....
ReplyDeleteඅනිවා නලියා.....
Deleteධම්මික බණ්ඩාර මහත්තයාගේ පන්තියේ ඉගෙන ගත්තු කපල් එකක ගැහැණු ළමයා කැම්පස් ගියාට පස්සේ ඒ ළමයාගේ සුන්දර ජීවිතය විදින්න ඉඩ දීලා ඒ පිරිමි ළමයා අයින් වෙනවා. මේ ගැන පස්සේ දවසක ඔහුට අහන්න ලැබෙනවා අර පිරිමි ළමයාගෙන්...
ඒකට ඔහු ලියපු ගීතය තමයි
හන්තානට පායන හද ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහද ඔබට හැකිය දකින්න
ලතා මඩුලු අත වනාවි එපා අහක බලන්න
මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න....
කොයිතරම් සැබෑ ආදරයක් ද.... ඇත්තම ආදරේ කියන්නේ අනෙකාගේ සතුට... ඒක කලාත්මක ව දැකීම තමයි ප්‍රේමනීය හදවතක් කියන්නේ...
ඔබ නියම පාරක් පෙන්නුවා නලියා.....
විදුලිය එළිය දැක ගිනි හුළ දියේ හොවා
ReplyDeleteමඟ වැරදිලා වූයේ මං මුළා වෙලා
පැනයන මුවන් ළඟ හැලුණයි නෙළූ පලා
දොර ඇරපන් අම්මේ මට සමාවෙලා
කස්තුරි කපුරු කෑ තරමට එපා උනී
තිත්තයි අනේ තිත්තයි මී වදේ පැනී
ඇස් රතු වන කොළොප්පමකට හිනා උනී
මහමෙර වගේ නුඹ නොදොඩා බලා උනී
මෝල් ගහක් ඇවිලුණි කරුම ගින්නට
උණුහුම මදි උණා ඔය පැලෙ ඉන්නට
ආගිය මාවතක් හෙම නෑ පෙනෙන්නට
අම්මේ දොර අරින් නුඹෙ පොඩි හිඟන්නිට
සිදුවීම දැක්කගමන් මේ ගීතය මතක් උනේ. ඒත් මේ දියණියට තව අවස්ථාවල් ලැබුනෙ නෑ නේද. මහ මඟ මෙහෙම බල්ලො, බලල්ලු ගානට මැරෙනවා දකින්නද අම්මලා මේ දරුවන් ආදරයෙන් උස් මහත් කලේ...
හරිම අගෙයි මනෝෂ් ඒ සිදුවීම ඔබ සම්බන්ධ කළ හැටි.. ඇත්තට ම ඇයට වැරදි හදාගන්න අවස්ථාවක් නෑ... ඇය ගියේ වැරදි පාරක..
Deleteස්තූතියි ඔබේ අදහස් දැක්වීමට...............
කොමාන්ඞෝද ගුවන්හමුදා ද නෙමෙයි පුශ්නේ.. මෙිකද ආදරය?
ReplyDeleteස්තූතියි සංජීව අදහස් දැක්වීමට......
Deleteඇත්ත. මේකට ඔහුගේ පැටිකිරිය විශ්ලේෂණය කළ යුතු නැහැ... ඒ තුළින් කියැවෙන ගැටලුව දෙසයි බැලිය යුත්තේ....................
අයන්නෙන් පටන්ගන්න වෙන තැනට සමාජය පිරිහිලා. මට කනගාටු ඉදිරි පරම්පරාව ගැන. මේ රැල්ල ගැන සමාජ විද්‍යාත්මක ඇසකින් විමර්ශනය කර වහ වහා විසඳුම් සොයන්නට බලධාරීන් මෙන්ම බුද්ධිමතුන්, සිවිල් සංවිධාන පෙළ ගැසිය යුතුයි. නමුත් සියල්ලෝම නිදි වැදී ඇත.
ReplyDeleteස්තූතියි අරූ අදහස් දැක්වීමට....
Deleteඇත්තට ම අපි මේ සිදුවීම් ඔස්සේ දිග හැරෙන සමාජ ඛේදවාචකය ගැන මීට වඩා සංවේදීව බැලිය යුතුයි. ඒත් අපේ සමාජය ඒ සිදුවීම් අවස්ථාවාදීව භාවිතා කරනවා දේශපාලනික සහ වෙනත් වාසි වෙනුවෙන්. නමුත් කළ යුත්තේ ඔබ කී දෙය කියලයි අපිත් විශ්වාස කරන්නේ...
//මේ රැල්ල ගැන සමාජ විද්‍යාත්මක ඇසකින් විමර්ශනය කර වහ වහා විසඳුම් සොයන්නට බලධාරීන් මෙන්ම බුද්ධිමතුන්, සිවිල් සංවිධාන පෙළ ගැසිය යුතුයි. //
එයයි ඇත්ත අරූ.....................
ඔය විදියේ සිදුවීම් වලට මරාගන්න ගියොත් හැමෝම අද වෙනකොට මේ රටේ මිනිස්සු නැත්තටම නැති වෙලා.
ReplyDeleteඔව් මනෝජ්,
Deleteඑහෙනම් ලංකාවේ විතරක් නෙමේ ලෝකෙවත් කොල්ලෙක් කෙල්ලෙක් ඉතුරු වෙන එකක් නෑ,...