නිමාවිය වසන්තය ඇය ළඟින් සිටි
පැමිණේද කාලයක් එවන් වූ යළි
නොදනිමි මා තවමත් ...............
ගිලිහී ගිය අත්වැල්
බොඳවී ගිය සුසුම්
ඇදුම් කවනා මතකයන්
මාවත පෙන්වයි මා හට
සැනසුමේ මාවත වේය එය
මරණයේ මාවතද සමග පැමිණි
නොහැඟේ යා යුචුද යනු ඒ මග ...................
දෙගුරුන් වෙතින් මිදී මා
ලෝකයේ ගැරහුම් නොලබා
කෙසේ තරණය කරම්ද ඒ මාවත ...........
වේදනා නොදැනේ හදවතට
වේදනා තිඹිරිගෙය වී අද එය
කඳුළු නොනැගේ නෙතු අගට
ඇත සිඳී ඒ කඳුළු උල්පත
සොයා එනතුරු සොඳුරු මරණය
සිටී මගබලා මා සිත නොමැති කය ..................
පුදමි මිලින වූ සෙනෙහසේ මල්
යටගියාවේ සොහොන් කොත වෙත
එහෙත් තවමත් ඇය ද නොදනී
මගේ සිත එහි සැතපෙනා බව .................
අසංක ගයාන් අබේසිංහ
.
ඇත්තටම මරණය එනකං ඉන්නේ කැමැත්තෙන්ද?
ReplyDeleteඒකත් එක විදිහක මරණයක් තමයි නලීන්............
Deleteලස්සනයි, ඔය වගේ වේදනාවන්ට මේකත් එක හේතුවක්. ජය වේවා.
ReplyDelete"මන් බලන්
උන්නා
මේ වීදියට
වෙලා
මගේ ඇස් ගෙඩි
දොට්ට පණින
තුරා
ගිණි දවාලේ
මහ වැස්සේ.......
උඹ ආවා
අලි පැජරෝවකින්
තව මොකෙක්දෝ
එකෙකු සමඟින්....
ඉතින්
මට කියලා
පලයන්.......
මගෙයි
උගෙයි
වෙනස
මොකක්ද
කියලවත්....."
ඔය දිගහැරලා තියෙන්නේ සොමියාගේ කවීත්වයත් අගේට.........
Deleteවෙනස තමයි පෙජරෝව සහ ඒ පිටුපස ඇති තත්වය හෝ වත්කම............
//සොයා එනතුරු සොඳුරු මරණය
ReplyDeleteසිටී මගබලා මා සිත නොමැති කය //
විරහව නිසා මරණයත් සොඳුරු වූ හැටි.
ලස්සනයි අසංක නිර්මාණය.
ස්තූතියි ප්‍රියා,
Deleteවිරහව වෙලාවකට මරණය සැපයි කියලා හිතෙන තැනට මිනිස්සු ගෙනියනවා. ඒක අත්දැකීමක් වුණාම ඔය දේ අගේට තේරෙනවා. හැබැයි ඒ කෙටි කාලීන විරහවක් නෙමෙයි. දිගුකාලීන එකක් වුණාම දැනෙන දේ වෙනස්...........
//විරහව නිසා මරණයත් සොඳුරු වූ හැටි//
Deleteආයි බන් ප්‍රියා උඹ විරහාව අත්දැකලා නැතිද..?
කොච්චර මෝඩ සිතුවිල්ලක් වුණත් මැරෙන එක සැපයි කියලා හිතෙන වෙලාවල් තියෙනවා දුක් විදිමින් ජිවත් වෙනවාට වඩා.
අන්න ප්‍රියා මනෝජ් කතාවක් අහලා...... අනේ මන්දා...
Deleteපට්ටයෝ...
ReplyDeleteවෙනද වගෙම කුරුටු පවුරෙන් තවත් පට්ට නිර්මාණයක්
ජයවේවා
ස්තූතියි මහේෂ්,
Deleteහැමදාම වගේ ඇවිත් අපිව දිරිගැන්වුවාට ස්තූතියි......
නොඑන නිසා නුඹ ආයෙත් මා කරා
ReplyDeleteබලා හිඳිමි මරණය මා සොයා එන තුරා
සොඳුරු නිර්මාණයක් .....!
ස්තූතියි සදරු,
Deleteලෝගෝ එක එහෙම වෙනස් කරලා තියෙන්නේ. ඒක ලස්සනයි...........
මරණයත් ද්‍රෝහි වෙන හැටි...
ReplyDeleteජය වේවා!!!!
කියලා වැඩක් නෑ විදානේ..... ඒ වෙලාවට අපිට කියලා කවුරුවත් නෑ.............
Deleteමරණය එනකල් බලං ඉන්නව කියල කිව්වම මට මතක් උනේ සේකරව. එතුමා "නොමියෙමි" ලිව්වට මරණයට ඇලුම්කල, එය එනතුරු බලං හිටිය කවියෙක් කියලයි විචාරකයො කියන්නෙ.
ReplyDelete"මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි.."
ස්තූතියි මනෝෂ්,
Deleteනොමියෙමි කියන්නේ ගීතාංජලිය වගේ ම සාර්ථක කෘතියක්. ඒක ලංකාවේ ගීතාංජලිය කියලා කිව්වට වරදක් නැති තරම්.
ලස්සනයි,
ReplyDeleteහැබැයි මරණය බලාගෙන ඉන්න කවුරුත් මරණය ආවම බය වෙනවා නේද..?
Eka atta Manoj...... e wunath maranaya ena welawa weddi tiyena manasika tatwaya uda tamai baya kiyana de teeranaya wenne...... wedanawa wadi nam kawruth balanne eken galawenna tamai... etakota baya natiwenawa ati...
Delete@ මනෝජ්,
Deleteමේ ලෝකේ බහුතරයක් දෙනා බයම දෙය තමයි මරණය මනෝජ්. හැබැයි අපි බොහොමයක් දෙනා තව කෙනෙක් බය කරන්නත් යොදා ගන්න දෙය තමයි මරණය. හැබැයි සමහරුන් මේක අනෙකා වෙනුවෙන් කරන කැපකිරීමක් කියලා හිතලා ප්‍රායෝගික ව කරන්න යනඑක නම් ටිකක් අනුමත කරන්න අමාරුයි නේද මනෝජ්......
@ ඇනී...
Deleteඇත්ත කතාව ඇනී. කෙනෙක්ට දැනෙන වේදනාව වැඩි නම් මරණය ඊට අඩු වේදනාවක් කියලා ඔහු විසින් ගණනය කළ හොත් අනිවාර්යෙන් ම ඔහු මරණය හොදම විකල්පය විදිහට තෝරගන්නවා ඇනී.............