Saturday, May 17, 2014

මේ ඇගේ උපන්දිනය වෙනුවෙනි.....................



කරුණා මුහුණ රෑ පුන් සඳ පාන වෙතේ
තාරුණ්‍යයේ සිරි තවමත් මැකී නැතේ
කටපිරි සිනා හඬ කිංකිණි නාද දෙතේ
ලේලිය, මුණුබුරා, බෑණා ඇයට අගේ ............

ඇය මෙහි නැතිව දිනයක් බෝ දිගය දැනේ
නැත කළඑළිය මුලු නිවසම අඳුර පිරේ
පාරේ යන අය ද කැඳවයි බතට මෙහේ
අම්මේ විශාකා නුඹදැයි පෙරදි භවේ ...............

සුළු ලෙඩකදිත් කලබල වී අපි රකිනා
ඇති දැඩි කළේ අප මල්පෙති සමව සිතා
නැත මට වදන් ගෙන එන්නට ඔබගෙ සොබා
දිගුසිරි පතමි අම්මේ මම ඔබට සදා ............

කළුගල් මැණික් ගල් කීවොත් විටෙක පියා
ඔබහට මැණික් ගල් කළුගල් වීය සදා
දිවියට උගත හැකි පාඩම් ඔබෙන් මනා
අම්මේ ඔබයි මගෙ දිවියේ රැජිණ සදා ............

සැමියා දුව පුතා නැති කල ලොවක් නැත
මුළු ජීවිතය කුස්සියටම ඇරී ඇත
ඔබෙ පන්නරය මෙහෙවයි අප කරනු සෙත
මතු බුදුවන්න මේ පින් මදි නොවනු ඇත .............


කාංචනා චන්ද්‍රසේකර


විශේෂත්වය - අම්මාගේ 54 වැනි උපන්දිනය වෙනුවෙන් කුරුටු ගෑ කවියකි.

.

27 comments:

  1. ඒ දයාබර මෑණියන්ට සුබම සුබ උපන්දිනයක් වේවා..!

    ඇයට නිරෝගී සුව දීර්ඝායුශ ප්‍රාර්ථනා කරන්නෙමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝෂ්,

      ඔබ සුභ පැතූ බව අපි ඇයට කියන්නම්.............

      Delete
  2. කාන්චනාගේ මෑණියන්ට සුබ උපන් දිනක් වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලීන්,

      ඔබව මතක් කළ බව ඇය කියන්න කියුවා.....

      Delete
  3. කංචනා ගේ මවට සුභ උපන් දිනයක් වේවා ....

    ReplyDelete
    Replies
    1. ඇය ඔබට ස්තූති කළා සහෝදර.............

      Delete
  4. කාංචා ඔබේ මවට සුභ උපන්දිනයක් වේවා..
    නිදුක් නිරෝගී සැප සම්පත් ලැබී සතුට ඉතිරේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්,

      ඔබගේ සුභ පැතුම අපි ඇයට පෙන්නුවා. ඇය සතුටු වුණා..........

      Delete
  5. ඔබගේ මවට සුභ උපන් දිනක් වේවා!!!
    නිදුක් නිරෝගීව දිගුකලක් ජීවත්වීමට වාසනාව ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. විදානේ,
      ස්තූතියි සුභ පැතීමට

      තාම අර කවිය අපිට එව්වේ නෑනේ............... කවදද එවන්නේ......

      Delete
  6. මෑණියන්ට සුබ උපන් දිනක් කියන අතර නිධුක් නිරෝගී චිර ජීවනය පතමි. මේක මේ මන් අලුත් බ්ලොග් එකක් ලියන මංගලා සහෝදරියගේ බ්ලොග් එකේ ලිපියකට ලියපු කමෙන්ට් එකක්, මතනත් ඇලෙව්ව ඇ. මේ තියෙන්නේ ඒ ලිපිය

    අරුණැල්ලේම ලිප් බොක්කට වැදී
    උදෑහනේම දුම් රසට පෙම් බැඳ
    ඒ දුම් රහේම ජීවිතය ඉදවන්න
    දර දිය අදින
    ගැහැණිය නුඹයි නුඹමයි
    ඒ අම්මා

    දුම් කවුළුවෙන් පිටවන දුම් රොටුවනට වඩා
    දහසක් බලාපොරොත්තුවේ සුසුමන් හෙලන
    චීත්ත් පොටෙන් කඳුල පිසින
    ගැහැණිය නුඹයි නුඹමයි
    ඒ අම්මා

    පොට්ටනි පොට්ටනි දහස් ගණන් රෙදි
    අපුල්ල අපුල්ල තවරන අලුත් පාට
    ඒ පාටම ජීවිතයට දුන්
    ගැහැණිය නුඹයි නුඹමයි
    ඒ අම්මා.

    මිටි මිටි දහස් ගණන් පැදුරු පන්
    එල එලා වියන නෙක රටාවන්
    ඒ රටාවන්ම ජීවිතයට දුන්
    ගැහැණිය නුඹයි නුඹමයි
    ඒ අම්මා.

    එන එන දහසක් මාරුතයන් සැඩ
    නොසැලී නොසැල දරාගත් විඳ
    ඒ විඳිමම ජීවිතයට කියාදුන්
    ගැහැණිය නුඹයි නුඹමයි
    ඒ අම්මා.

    අඩිය අඩිය මා අකුරට යමින් ගෙන
    වගේ වගක් අකුර ගැන නොදැනම
    අකුරේ අරුත ජීවිතයට කියාදුන්
    ගැහැණිය නුඹයි නුඹමයි
    ඒ අම්මා.

    ReplyDelete
    Replies
    1. මුලින් ම ස්තූතියි සොමියා සුභ පැතුමට.

      ඒ වගේ ම හරිම අගනා නිර්මාණයක්. ස්තූතියි.........

      Delete
    2. ලස්නනයි සොමියෝ.

      Delete
  7. අම්මට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා අපිත්, ඒ වගේම් අලස්ස්න නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අපූර්වි,

      අපි අම්මට කියන්නම් ඔබේ සුභ පැතුම ගැන.........

      Delete
  8. අම්මට සුබම සුබ උපන් දිනයක් පතමි.නිදුක් නීරෝගී සුව ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලපේ..................

      Delete
  9. Dear කාංචනා

    ඔබගේ ආදරණීය මෑණියන්ට සුභම සුභ උපන් දිනයක් ! වගේම දීර්ඝායුෂ පතනවා මුළු හදවතින්ම ...!

    ( මව් ගුණ සුවඳ වගේම ඔබේ ආදරණීය බවත් හෙළි කරන අපූරු කවි සිත්තමක්. ආදරණීය මවකගෙ රුව හිතේ ඇ‍ඳෙනවා නිර්මාණය රස විඳිද්දි )

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සඳරු,

      ඔබ නිර්මාණය කියවලා අම්මට උපන්දිනයට සුභ පතලා අපිවත් දිරිමත් කරලා ගියාට බොහොම ස්තූතියි සඳරු...................

      Delete
  10. දයාබර හිතහොඳ අම්මාට සුබ උපන් දිනයකට ආසිරි .දියණියකගෙන් මෙවැනි කවි පැතුමක් ලැබුණු ඔබ හරි වාසනාවන්තයි

    ReplyDelete
    Replies
    1. තිලක සිත,

      ඔබේ සුභපැතුම දැකලා අම්මා සතුටු වුණා. ඇය ඔබට ස්තූති කරන්න යැයි කියුවා......................

      Delete
  11. ද‍යාබර මෑණියන්ට වාසනාවන්තවූ නිරෝගී උපන් දිනක් ප්‍රාර්ථනා කලා කියන්න කාංචනා

    ReplyDelete
    Replies
    1. ප්‍රියා ඔබ සුභ පැතූ බව ඇයට කීවා. ඇය ඔබට ස්තූති කළා ප්‍රියා ..........................

      Delete
  12. ඔබේ අම්මාට සුබ උපන් දින්යල් වගේම දිර්ගයුෂ පතනවා මමත්...!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනොජ්...

      Delete
  13. ////සැමියා දුව පුතා නැති කල ලොවක් නැත
    මුළු ජීවිතය කුස්සියටම ඇරී ඇත
    ඔබෙ පන්නරය මෙහෙවයි අප කරනු සෙත
    මතු බුදුවන්න මේ පින් මදි නොවනු ඇත .............//////

    ඇයට නිදුක් නිරෝගී සුව පතන්නෙමි!!

    (වයසින් ඇය මගේ යුගයේ ගැහැණියක්.)

    ReplyDelete
    Replies
    1. අරූ ඔබ මගේ අම්මගේ වයසෙ කෙනෙක් එහෙනම්........

      ස්තුතියි අම්මාට නිරෝගී සුව පැතුවාට....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...