මල් පෙතක රූ සිරි නෙත බලා
සමනලය මල් පෙතට පෙම් කලා
වෙන කෙනෙකු ඒ වෙත ළං වෙලා
මල සිඹිති යැයි කියල සැක කලා
රැකගන්න මල් පෙතව අනතුරෙන්
මල වැසුව සිය තටු යුගලයෙන්
ඈ සමනල තටු පිනි පතක දවටලා
සමනලය දුක කදුලකම සිරකලා
ඌ සෙමින් සෙමිහිටම තටු සලා
කදුලු සලා මල් පෙතෙන් පිටවුණා.....
හසිත හර්ෂණ
ලස්සන කවියක්. ජීවිතේ හැම දෙයක්ම හිමි වීමක් සහ අහිමි වීමක්. ඒ නිසා ලැබෙන හැම දෙයක් තුළ ම නැති වීමක් තියෙනවා කියන ලෝක සත්‍යය අපි වටහා ගත යුතුයි. ආදරය තුළත් ඒක එහෙමමයි.
ReplyDelete