සඳු නැතිව වැළපේවි අමාවක රෑ අහස
තුරු මතට සලසලා නෙත් අගින් පිණි බින්ඳු
සිත් අගට ගලනවා කාන්සිය ගොම්මනේ
කම්මුලට වැටෙනවා මාන්සිය දාවලේ .................
ගිනි මැලට ලංවෙවී හීතලට ගුලිගැහී
ඇලවෙන්න පින් නැතත් නැත හඬන්නේ ම'සිත
පොඩි එවුල් ගුලිවෙලා හීතලට ඈ ළඟට
නිදනවා මයෙ හිතත් උන් සමග උණුහුමට ..............
වැඩ නිමා වී උදේ ගෙදර යන කනිසමට
ඇගෙ සිනා මල් පිපේ දෙවැට දිග අද්දරට
ඒ දෑසේ දොඩමළුව සිත නිවයි සදහටම
එළිවෙන්න මේ තරම් පරක්කුද හැබෑටම ...........?
තුෂාර විතාරණ
.
Harima sonduru hangeemak hitata enawa.......
ReplyDeletethanks
Deletethushara