සදේ තනිවුණ පුංචි සාවි
එන්න එපා පොළොවට
මෙහේ ගොදුරු කරන්නට
නුඹව
බලා හිදී දඩයමට
දඩයක්කරුවෝ.......
මෙහේ නුඹේ ඈයෝ
නුඔ දිහා බලාන
උදම් අනනවා ඇති.
අපේ අයෙක්
සසදා
උත්තර වීම ගැන.
සක් දෙවි අතින්
පිදුම් ලද හැටි.
"අපටත් කොතරම්
නම්බුවක්ද?
එදා නුඔ ජීවිතය
පිදු හැටි."
කියනවා ඇති
නුඔව පුදනවා
ඇති
සද සාවි.
අමාවකට නුඔ නිදන
තැටිය
කඩාවැටිලවත්ද?
සක් දෙවි දිව්‍ය පුරයේ
සායම් කරන්නට
අමතක කරලවත් ද?
අන්ධකාරේ මුලු අහසම
පහන් දැලි තැවරුණු
සුදු සලුවක් වගේ.
ඉස්සරනම්
නුඔ අපේ
දරුවො නැලෙව්වා!
කිරියි පැණියි
නුඔ අපේ උන්ට
ගෙනත් කැව්වා
මතකද?
උන් එදා නිදාගත්තේ
නුඹේ කිරි පැණි
නැළවිල්ලෙන්...
අද නුඔ නෑ
අපේ දරුවන්ගේ සිත්වල
වැඩිහිටියන්ගේවත්!
එදා රොකොට්ටුවෙන්
ගිය ඈයෝ
නුඔ දඩයම් කළා
සදේ දීම.
"සදේ ඇති සාවියෙක් නෑ" ලු
"ලප" ලු ඒ.
එදායින් පසු නුඹ
ගෙනාවෙ නෑ
කිරිපැණි.
නැලෙව්වෙ නෑ
අපේ පැටව්
කවමදාවත්....
නින්දක් නෑ අද
අපේ උන්ට.............
හසිත හර්ෂණ
nice one
ReplyDeleteමා කවි කියන්න දන්නේ නැතිය. නමුත්, කියවිය හැකිය.
ReplyDeleteහසිත මට නන්දා මාලනී මහත්මියගේ ගීතයක්ද මතක් වෙනවා.
“දුවේ එපා එ කතා අහන්නට - මමයි නුඹට ලේ කිරිකර දුන්නේ.“