සීත පිනි මල් මතින් උදුරාන ගිය සේම
පෙම් ලොවක මතක ඉම අපි අපිම නොදැනීම
සුළගකට මුහුව ගිය මලෙක සුවදක් සේම
ඈත් විය අප වෙතින් එය ගිලිහුණේ කෝම
නුඹේ රුව පෙනෙන තුරු මගබලා හිදින්නම්
දැනෙන දුක ඉවසන්න බැරි වුනත් දරන්නම්
ඒත් දුක උතුරාන පිටාරෙට ගලයිනම්
ලෝකයට නොපෙනෙන්න මං දෑස පිහින්නම්
සිනාවෙන් පිරැණු මුව නුඹේ හරි ලස්සනයි
ආදරෙන් තෙපලාපු නුඹෙ වදන් ලෙංගතුයි
නුඹේ වත පරදන්න සදු බෝම වෙරදරයි
මාව තනිකර ගියද නුඹේ හැඩ එහෙමමයි
තුෂාර විතාරණ
.
වියෝ වූ.. පසුවයි දැනෙන්නෙ ප්‍රේමයේ අභිමන්..... ආදරය කොතරම් සොදුරු ද යන්න වැටහෙන්නේ ඒ ආදරය තමා හැරදා ගියාම....ළග ඉන්නකොට නොදකින ලස්සනක් ඈ හැරදා ගියාම මැවි මැවි පේනවා.ඒකයි එක්තරා ගීත රචකයෙක් ලීවේ ඇස රැදුන රැදුන තැන්වල මුව මඩල හිනැහුණා ලෙස..
ReplyDelete