සිදු පිට නැගී ආ රන් කගක්
ලේ පිපාසයෙන් සිඳී අහිංසක ජීවිතයක්
මහ දවල් මහ සෙනගක් වුව ද මහමගෙහි
දුටුව එකෙකුදු නොවේ. මිනිස්කම පලාගිය.
බෝතලයට යටවී සිතට කියූ කල බෙරි බැව්
නැගුණු සිත තුළ කාම ගිනි
කුමරි බඹසර ඉකිබිඳියි. ඈ ගත තෙමී කඳුලින්
නොමැත දක්නට අයෙක්. සඳුද සැඟවී
තරු සොයයි සැඟවෙන්න යුතු තැන්.
උහුලාගනු නොහී කුස තුළ නැගුණු ගිනි
නිවාගනු වස් හොරටම නොව ගත් ඉන්
කෙසේ නිවනෙම් ද කුස ගිනි ලයේ ගිනිගත්
දුටුවේ එකෙකිය. හඹා එන කැලකිය.
තුෂාර විතාරණ
.
ඇත්ත මේක තමයි සමාජ යතාර්ථය
ReplyDelete