සර හැර සියොත් කැල විමසයි නුඹේ ගැන
මග හැර යන්න බෑ දුටුවන් නගයි පැන
ඉර හැර යන සවස සිහිවෙයි නුඹෙ මුහුණ
මා හැර නුඹ ගිහින් බිඳුනයි හද පහණ ................
දෑස පියා ගෙන නුඹෙ රුව දකින්නෙමී
සවන වසාගෙන නුඹෙ හඩ අසන්නෙමී
හමන සුළෙඟෙ නුඹේ සුවඳ සොයන්නෙමී
ඔබ ගිය නමුත් මා ඔබ හැර නොයන්නෙමී ....................
නුඹ මගෙ හදට ආවා පෙම් කවුළු අරා
දෑත් වෙලා පියමැන්නෙමු සිහින පුරා
අද නෑ ලඟින් තනිවම මම හිදිමි දරා
පන්හිඳ කඳුළු වගුරයි පත්තිරුව පුරා .....................
තුෂාර විතාරණ
.
ඇයි මේ ලෙසින් ලතවෙන්නේ දවස පුරා....
ReplyDeleteThushara witharana
Deleteතැවීම කියන්නේ ජීවිතය. විදීම කියන්නෙත් ජීවිතය. විදීම විතරක් තිබුණට එතන ජීවිතයක් නෑ. අපි විදීම හොයා ගන්නේ තැවීමට සාපේක්ෂ ව. ඒ නිසා තැවීම හැම ජීවිතයකට අත්‍යවශ්‍යයි.