Friday, July 12, 2013

පිපුණු මලේ රුව වසන්කළ හැකි ද ලොවෙන්....









මල් පෙතක රූ සිරි නෙත         බලා
සමනලය මල් පෙතට පෙම්      කලා
වෙන කෙනෙකු ඒ වෙත ළං    වෙලා
මල සිඹිති යැයි කියල  සැක      කලා


රැකගන්න මල් පෙතව          අනතුරෙන්
මල වැසුව සිය තටු               යුගලයෙන්
ඈ සමනල තටු පිනි පතක           දවටලා
සමනලය දුක කදුලකම             සිරකලා
ඌ සෙමින් සෙමිහිටම තටු              සලා
කදුලු සලා මල් පෙතෙන්          පිටවුණා.....


හසිත හර්ෂණ

1 comment:

  1. ලස්සන කවියක්. ජීවිතේ හැම දෙයක්ම හිමි වීමක් සහ අහිමි වීමක්. ඒ නිසා ලැබෙන හැම දෙයක් තුළ ම නැති වීමක් තියෙනවා කියන ලෝක සත්‍යය අපි වටහා ගත යුතුයි. ආදරය තුළත් ඒක එ‍හෙමමයි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...