සත්තු වත්තෙ හොඳට හිටපු ඔරං ඔටං
දිනක් බලද්දී කූඩුවෙ මැරිල හිටං
මොකද කොරන්නේ මේකට කෙළා හුටං
හිතයි එහේ නව පාලක එතැන් පටං
දුර්ලභ වේ මේ ජාතියෙ සත්තු ලොවේ
කුමක් කරම් මෙතැනට මා අළුත්ම වේ
සත්තු වත්ත බලන පිරිස වැඩි වැඩි වේ
ඔරං ඔටං නැති පාඩුව විශාල වේ
ගණ දෙවි නුවණ පහළ වුණේ ඔහුට සැණින්
හනික ගොහින් කෙරුවේ එය සැමට කලින්
වහා දැම්මෙ දැන්වීමක් පුවත් පතින්
රඟපෑමට කෙනෙක් අවැසි සතා ලෙසින්
ඔරං ඔටං චරිතය රඟපෑම ගරු
පෝලිමෙ එයි ජොබ් එක වෙයි ඉතා සරු
ගතවෙයි මේ ලෙස එකිනෙක ගණන් වරු
එකෙක් තෝර ගත්තයි රඟපෑම හුරු
වානර ඇඳුමක් ඇඟලා මේ කොල්ලා
ඔරං ඔටං ලෙස හොඳහැටි වැඩ අල්ලා
හොයන්න බෑ මූ මිනිහෙක්දැයි කියලා
ඒ තරමට මුගෙ වැඩ කිඩ බලපල්ලා
අළුත් ඔරං ඔටංගෙ වැඩ බලන්නට
වැල නොකැඩී සෙනග පිරෙයි වලාවට
වඳුරු කොලුව දැන් දැන් වී කලාවට
ගහයි පිනුම් සෙනග පිරෙන වෙලාවට
එක දවසක් වුණේ වැඩකි මහ නරක
ගැහු කරණම පිම්ම වැරදි වෙලාවක
ගොහින් උඩින් එහා තිබුණු කූඩුවක
සිංහය ළඟට වැටුණේ මහ භයානක
සිංහය දැන් නැගිටියි තොල් ලෙවකාලා
ඔරං ඔටං දෙසට හැරෙයි ගොරවාලා
නරඹන්නන් සිත් හොඳහැටි කැලඹීලා
කුමක් වේද අනේ අපොයි හිතපල්ලා
පැමිණෙයි සිංහයා දැන් වී ළං ළංව
ඔරං ඔටං හිරවී බිත්තියෙ අගුව
ඇස් පියවා කෑ ගැහුවා මරු සිහිව
'බුදු අම්මෝ' මා බේරා ගනු මැනව
මොකක් බොලේ මේ විකාරෙ බලනු හොඳයි
නරඹන්නන් දැන් විස්මය වී ඇළලෙයි
ඔරං ඔටං වෙත සිංහය හෙමින් ඇදෙයි
ළංව වඳුරු කන වෙත ඌ මෙසේ කියයි
මචං උඹ කොහෙද... සබරෙද... බය වෙන්න එපා... මම ජ'පුරෙ......!!!
-අසංක ගයාන් අබේසිංහ-
එහා කූඩුවේ හිටිය බල්ලා කැළණියේද?
ReplyDeleteබු දු ස ර ණ යි !!!
උඹ එහා කූඩුවටත් පැන්නද...හැක්...හැක්...
Deleteඇ බං සිංහය කොහොමෙයි ඔරං ඔටං සබරෙමද දන්නේ.......
Deleteගී පවුර උබ අල්ලලා එල්ලනව හොදද සබරෙට පාට් දැම්මොත්
සිංහය ඌව කලින් දැකල තියනවලු පාටියකදී...හැක්...හැක්...මාව එල්ලන්න එපා යකෝ...මාත් සබරෙට පොඩ්ඩක් පහළ ගමක එකෙක්...
Deleteමචං අැනියෝ..................
Deleteගොඩක් ඔරං ඔටංලා සබරේ තමයි..... දැන් බලපංකෝ විදානයා අරං.....
අපි බහුතරයකගේ ගම සබරේ අහළම වුණාට කිසිවෙකුත් සබරේ නොව.... ඉතින් අපි සබරෙත් සමග ගේමය.... විශේෂයෙන් විදානයාගේ සබරෙත් ඒක්ක ගේමය...... අැයි මොකද????????
තුෂාර
මොකෝ සබරෙ කොල්ලෙක් උබේ ගමේ කෑල්ල එක්ක වත් සෙට් උනාද බං
Deleteඋබේ කවිය නම් ලස්සනයි ගී පවුර.
Deleteමුලින් මට ඒක කියන්න බැරි උනානේ.....
කොහෙද ඔක්කොටම කලියෙන් වලියක් දා ගත්තනෙ. කොහෙද ඉතින් මං උපන්නෙත් සබරෙ, පාසල් මවුත් සබරෙ, විස්සවිජ්ජාලෙත් සබරෙ , ජොබත් සබරෙ, මැරෙන්නෙත් සබරෙමද කොදෙ බං. (සබරගමුව)
අනේ අැනී සමාවෙන්න ඔ්නේ මගේ අතින් වැරදි දෙයක් කියවුණානම්.... අායේ කවදාවත් සබරෙට බනින්නෑ... අම්මපා.. ෂූවර්.......
Deleteමචං උඹ සබරෙද???? මම ජපුරෙ....................
ඉතින් යකෝ සබරේ කොල්ලෝ අැනී වෙලා ඒන්නෑනේ... නම ඒහෙම කියහංකෝ...... අපි වෙලාවක සෙට් වෙමු.... අපිත් ඔය අහලම තමයි ඉන්නේ.......
Deleteඇනී හොදයි ගී පවුර. අපි හැමදාමත් ඇනෝලා තමයි.....
Deleteඔයාලා ලියන දේවල් තුළින් අපිව දකිනව....... හරියට වානේ පන්නරය කියවන කොට හිතින් පාවෙල් උනා වගේ. හැමදාමත් අල්තීනායි උනා වගේ.
RP
වාව්..................
Deleteපාවෙල් අල්තීනායි ඒහෙම දාලා.... උත්තරේ නොදී මගඅැරපු අපූරුව. ෂුවර් සබරෙම තමා.....
බොටත් පිච්චු මටත් පිච්චු හප්පාාාාාාාාාාා
Deleteනෑ..................... නෑ පිච්චු නෙමෙයි ..... මං කිව්වේ අැනෝ විදිහට ම තාමත් රගපාන හැටි ගැන.... යකෝ අැයි විස්තර කියන්න බය..
Deleteහප්පේ බය නැද්ද................. මේක මහ ජංජාලයක් නෙව
Deleteබයයි බයයි........ මේ කකුල් දෙකත් ගැහෙනවා.... අප්පේ
Deleteවිදානෙ මාමන්ඩිව මතක් කොලා කියන්න ඈ..........
Deleteමම සබරේ...
Deleteසබඳ විහිලුවක්, විහිලුවක් ලෙස පමණක් දකිමු...
ජ ය වේ වා !!!
විහිළුව විහිළුවක් ලෙස දැකීමට තරම් නිහතමානී වීම ගැන උඹට මගේ උපහාරය...!!!
Deleteඔය ඔරං ඔටංලා නේද අර නිදහස් අජ්ජාපනේද මක්කද එක රැකගන්න පාරට එන්නේ..
ReplyDeleteනිදහස ඉල්ලන්නේ මිනී මරන්න වෙන්ඩෑ...
මම ඉගෙනගත්තේ ජ'පුරෙ මාතලන්...කෙටියෙන්ම කිව්වොත් පුද්ගලිකව විශ්ව විද්‍යාලයන්හි සිදුවන බොහෝ දේ ගැන මගේ කැමැත්තක් නෑ...මටනම් පෙනුනෙ ගොඩක්ම බොරුකාරයෝ පිරිසක් විතරයි...සැබෑව වෙනකක්...මම දැකපු ගොඩක් කැම්පස් විප්ලවකාරයෝ එයින් ඉවත් වුණාට පස්සේ උන් බැනපු පක්ෂ වලටම ලැජ්ජා නැතුව හේත්තු වෙලා ඉන්නවා...මේ වගේ ප්‍රතිපත්ති නැති රැළක් එක්ක මුළු රටක් දියුණු කරන්න බෑ...විශ්ව කියන වචනෙම තේරුම මහ විශාල කියන අදහසක්...ඉතින් එයින් අධ්‍යාපනය ලබා ඉවත් වෙන කෙනෙක් මනුසත්කමින් හා ගුණාංග වලින් අනිවාර්යයෙන්ම පරිණත විය යුතුයි...ගිරා පෝතක අධ්‍යාපනය ලැබුවන් කොයි තරම් උපාධි ගහලා ආචාර්ය, මහාචාර්ය වුණත් ඒ අයගේ හිත් වල පිරිලා තියෙන්නේ ඕලාරික කුහක කමයි මහන්තත්ත කමයි බොහෝ විට...මේ කියන්නේ මම දැකපු දේවල් මිසක් සියළු දෙනාම මෙහෙම නෑ...අපි කරන්න ඕන රටේ සියළු අධ්‍යාපන ක්‍රමවේදය නූතන ලෝකයට සහ දහමට ගැලපෙන ලෙස වෙනස් කිරීම...එතකොට කැම්පස් අවුට් වුණාම අනිවාර්යයෙම ජොබ් දියව් කිය කිය පාරේ කෑ ගහන්න වෙන්නෙත් නෑ...එහෙම හිතන මානසික දුප්පතුන් පිරිසක් බිහිවෙන්නෙත් නෑ...මම දකින නියම අධ්‍යාපනය මේ මම ඉගෙන ගත්තු එකවත් දැන් තියන එකවත් නෙවෙයි...
Deleteගොං මාතා කිවුවොත් කියන්නෙ ඔය වගේ බූරු කතාවක්ම තමා......
Deleteඔ්කනේ මාතා කියන්නේ ජයවර්ධනපුරයි සබරගමුවයි කියපු ගමං කැම්පස් අැදලා ගන්නවානේ.... උඹලාට කැ යන්න අැහුනොත් කැළණිය.. පෙ යන්න අැහුනොත් පේරාදෙණිය.... මේවා විශ්ව විද්‍යාලම කියලා හිතන්න ඒපා බං..... ඒවා ගං....
Deleteතුෂාර
සිංහයා අසංක බවත් ඔරං ඔටා විදානේ බවත් සාක්ෂි සහිතව ඔප්පුවී ඇත... :-)
ReplyDeleteහත්තිලව්වේ මාධවී...මම නොකියා නොකියා හිටපු එක 'බහ්' ගාලා දිවේ කටේ නොගෑවී කියු හැටි...හැක්...හැක්...
Deleteවිදානේ පත්තරේලා ගෙදර ගිහින් තියෙන්නේ තුෂාරයා තියලා ...;-)
Deleteඔන්න ලබන මාසේ ඉඳලා මෙන්ඩයි ,ඉවනුයි එනවලු වීකෙන්ඩ් එකේ ...
කොහෙද බං ඕකුන් දෙන්නා එන්නේ...?
Deleteඅම්මට සිරි මාධවී.....................
Deleteඅසංක අයියා කීයක් දුන්නාද ඔයැයිට ඒයැයි සිංහයා කියලා කියවා ගන්ට.... යකෝ මෙහෙමත් සල්ලි වලට මිනිස්සු වෙනස් වෙනවානේ..... (මගේ ලග්නෙත් සිංහ.. ඉතින් මාව ගන්න තිබුණානේ...)
සින්දුවෝ...............
විදානයා නිවාඩු ගියාම ඒන්නෙම නැහැ... ඉතින් මං සති ගණන් ඔරං ඔටං අදින්න ඔ්නේ හිටං..... ඒකයි උෟව මරලා දාන්න හිතුවේ...... ඒතකොට ගොඩනේ... ඔය මී හරකෙක්ටවත් අැදලා පාඩුවේ ඉදත අැහැකිනේ.....
තුෂාර
මටත් මේ සුද්දියන්ට ඡංගි මැහිල්ල එපාවෙලා
Deleteයකෝ................ ඔය ජ$ගි කතාව මෙතෙන්ට අාවේ කොහොමෙයි..... කවුද පුද්ගලයා.... කියපංකෝ ඔය තනි අාතල් අපිටත් බෙදාගන්න
Delete//සිංහයා අසංක බවත් ඔරං ඔටා විදානේ බවත් සාක්ෂි සහිතව ඔප්පුවී ඇත...//
Deleteඅඩෝ මදාවියා... ඔරං ඔටං වෘකයකු කර නොගව...
@ මෙන්ඩා.. දීපු ටික බෙදන්න මදි.. තව ලෝඩ් එකක් එවපිය..
@ සිංදු ඇනෝ..
තුසාරල ඉතිං අපිත් එක්ක සැට් වෙන්න කැමති නෑනේ...
මම කිව්වේ මටත් සත්තූ වත්තේ බුරෑවා පාට් එක හරි අල්ලලා දියන්
Deleteමරේ මරු ඈ....
ReplyDeleteමිනිස්සුන්ට මේ මොන ජවුසමක්ද හිතෙන්ට ඇති....
සත්තු වත්තෙ හිටිය බූරුව කොහෙ එකෙද්ද දන්නෑ නහ්
ඌ ඉන්න දිහාව කීය හැකි...කිව්වොත් අනිවාර්යයෙන්ම මට තරහකාරයෙක් ඇති වෙනවා...මොකටැයි බං අහක ඉන්න බූරුවෙක්ව තරහ කොරගන්නේ නෙහ්...
Deleteඉවාන් කොහෙද කියලා උඔ දන් නැද්ද මහේෂ්
Deleteකෝ මේ ඉවානයා හැබෑට...?
Deleteමේ ඉන්නේ ... උඹ කොහෙද කියලා අහලා , තුශාරයාගේ ෆොටෝවක් දාලා තියෙනවා දැකලා මං ගියා ඌව හොයන්න , තාම හම්බවුනේ නැද්ද බං?
Deleteහහ් හහ් හා.. සත්තු වත්තේ වැඩි පුර වැඩ කරන්නේ උන්ම .තමා.
ReplyDeleteඅපෝ එහෙමම කියන්නත් එපා ඉතිං...දුකයිනේ...
Deleteසදාදර සොයුර මේ කියන ඔරං ඔටං ඔබ මට පැවසු ලෙසද තරගයට ඉදිරිපත්ව සිටියේ
ReplyDeleteඒ පැවසූ අයුරින්ද නොව ඊටත් එහා මොකුත්ම නැතුවය නගා ඔහු ඉදිරිපත්ව හිටියෙ...හැක්...හැක්...
Deleteලස්සනයි...ලගන්නා සුළු නිර්මාණයක්
ReplyDeleteබොහොම ස්තුතියි වැව්...
Deleteවිකාරද වැව්.. මූට අමු කැවිලා
Deleteසිංහයෝ අමු නොබුදිති...හැක්...හැක්...මම අබේ 'සිංහ'
Deleteවිදානේ හිටි ගමන් අතුරුදහන් වෙන සිද්දිය අදනේ දැනගත්තේ ....හැක් හැක්
ReplyDeleteඇත්තටම කුරුට්ටෝ දවසකට උඹට කියක් ගෙවනවද ? නැ මම නිකමට ඇහුවේ .උඹට නම් අරුට වගේ බල්ටි ගහන්න නැනේ නේද ? ....
අපි ඩාවින්ගෙ ගේ ගාව උපන්නේ
ලොව පරිණාමෙ ඒ හින්දා හැඟෙන්නේ
හලෝ... වානර ගුරු
අද අපෙ ඈයෝ ඒ මත බිඳින්නේ...//
නෑයො නේ මේ අයත්
නැති නමුත් හතර ගාතේ
කුරුලනේ තටු නැතත්
අපෙ අයත් ඉගිළ යතේ...//
දෙයක් ඇතත් දෙයක් නැතත්
මිනිස් හිසත් හිස් වෙතේ...
බැලුවොතින් කැඩපතින්
පේන රූ මිනිසගේ
කම්බි දැල් කොටු වලින්
හිර වුණා වූ ඔබ වගේ...//
ඔබත් මමත් උපන් ලොවේ
වෙනස ඇත්තෙ වලිගයේ...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
ගණන් කියන්න බෑ යකෝ...ඊට පස්සෙ තොපිත් එයි...කෑම බීමත් එක්ක දවසකට ලොකු ගාණක්...දවස ගානෙ මස්...කාල ඉතින් කම්මැලිකමේ දොයියන්න නෙව තියෙන්නේ...ඉඳලා හිටලා ටිකක් ගොරවලා ආයෙත් දොයි...
Delete:D
ReplyDeleteAn old joke given a new twist with a sideswipe at the current state of our education system. Nicely done.
Thank you very much S...
DeleteI think you have understood the bottom story of this very well...
එල ද බ්‍රා...
ReplyDeleteදැන් එතකොට තුෂාරයා ඡපුරේ උඔ සබරේ?
මචං මෙන්ඩා.....
Deleteමේ බ්ලොග් අවකාශයේ ඉන්න බුද්ධිමත්ම පුද්ගලයා සම්මානය සදහා මම උඹව තෝරා ගත්තා.... උඹට පුළුවන් වෙලාවක් අැවිත් අපේ ගෙදර තියෙන ටීවී ඒක හරි (ටිකක් පරණයි කලුසුදු පේන්නේ) ෆ්‍රිජ් ඒක හරි (අාර් 600 ගැස් තියෙන්නේ. ඒත් මදේ නැහැ) අවන් ඒක හරි (ඒකට තව අවුරුදු දෙකක් වාරික ගෙවන්න තියෙනවා) අරං යමං... මං ගානේ නිකං දෙන්නේ.... උඹේ බුද්ධිමත්කම වෙනුවෙන් මගෙන් ත්‍යාගයක්.....
තුෂාර........
මූට බ්‍රෙසියර් මැහිල්ල හැර වෙන මොකුත් හරියන එකක් නෑ බං තුෂාරයො...මාර බුද්ධිමතෙක්නෙ...හැක්...හැක්...
Deleteපුරුදු කතාවක් ඇතුලෙන් අමුතු කතාවක් ලස්සනට කියල තියනවා කොරුට්ටෝ.. නියමයි... ජයවේවා....
ReplyDeleteඅමුතු දේවල් තමයි බං ගොඩක් කල් ඉඳන් අපේ පරම්පරාවලට වෙන්නේ...බොහොම ස්තුතියි සාජ්ජෝ...
Deleteමං කියන්න හිතාගෙන ආවේ සිංහයා පේරාදෙනියේ වෙන්න ඕනෑ කියලයි. එක්කෝ ඕනෑ නෑ ඒ කතා!
ReplyDeleteඕන දෙයක් බය නැතුව මෙතන කියන්න...සම්පූර්ණ යහපාලන ආශ්වාදයකට අපි හැමෝටම ගී පවුරේ ඉඩ සලසා ඇත...හැක්...හැක්...
Deleteමම අහලා තිබ්බේ සිංහයා මැදමුලන කියලා.දැන් තමයි තේරෙන්නේ ඒ සිංහයෙක් නෙමේ කපටි නරියෙක් කියලා.
Deleteහික්ස් චෝයි ජොබ් එක. මේකේ යටි අරුත තේරුම් ගියාම තවත් හිනා
ReplyDeleteනංගියටත් ජොබ් එකක් හොයලා දෙන්නද?
Deleteඌ මැරුණට කමක් නෑ. රටේ තව ඕන තරම් ඉන්නවා ඇස් ඇරගෙන බලන්න විතරයි ඕන නේද කුරුටු
ReplyDeleteඅම්මප සාරිකා...අපේ රටේ රිලා නැට්ටුක්කාරයෝ එමට...අනෙක් සත්තුත් එසේමයි...
Deleteඅර මැනේජරය රුහුණේ එකෙක් ද කියල හොයල බලපං.. මේ දවස් වල 'රුහුණෙ' උන් කරන්නෙම එක එක චිම්පන්සියො සිංහයෝ වගෙ අන්දලා ජනතාවට පේන්න නටවන එක..
ReplyDeleteඒත් මිනිස්සු ඇත්ත දන්නවා කමියා...රිලවා මොකාද...සිංහයා මොකාද කියලා...
Deleteඅනේ ඉතින් මේ පොඩි එකාට ඕවල යටි තේරුම් නම් තෙරෙන්නෑ...
ReplyDeleteසත්තුවත්තක් බලන්න අවා කියලා හිතාගත්තා ඕන් මන්... :D
හොඳ පොඩි...අනේ අනේ සුසී...
Deleteඑස්.බී.නාවින්න තමයි මේ වේකන්සියට ගැලපෙන්නේ. උගේ මූණ ඇරපු අතක් නෑ උරන් උටන්
ReplyDeleteහා...හා...කට...කට...
Deleteඅයි බං මේ උඹ කොහෙද කියලා තුෂාරගේ ෆොටෝවක් දාගෙන බෙරිහන් දෙන්නේ , ඌ ගෙදර ඇති, ගිහින් බලපන් පොස්ට් දදා ඉන්නේ නැතුව
ReplyDeleteඋගෙ ගෙදරින් කිව්වෙ ඉවාන් එක්ක සත්තු වත්තට ගියා කියලනේ...
DeleteW.A. අබේසිංහ ඤාතියෙක්ද ඔබේ?
ReplyDeleteනෑ මචං...ඇයි එහෙම ඇහුවේ?
Deleteපුදන කොටම කාපි යකා . කියලා මාත් කිව්ව හැටිය පටන් ගත්තා බ්ලොග් එකක්. මේ නිර්මාණ දකින කොට මූනුපොතේම හිටියනම් හොඳයි කියලා හිතෙනවා .. ( මේ නිර්මාණ වලට කිට්ටු වෙන්නවත් මට බැරි නිසා )= කදිමයි අගෙයි
ReplyDeleteකවදාවත් එහෙම හිතන්න එපා හංසමාලි...ඔහොම හිතුවනම් මමත් අද මෙතන නෑ...අපි හැමෝටම විවිධ දක්ෂතා තියනවා...ඔහොම යං...ඔහොම යං...
Delete