අනේක වු දුක් දරා හිත් අග
මහ මෙරක් බර රදා නෙත් අග
නොගැලවෙන ගැල පසුපසින් එනවා
නොනිම් ගමනක ඔහේ අපි යනවා....................
සතුට සොම්නස හොයා වල් වැද
මුදල් වාහන ගෙවල් පොදි බැද
සදාකල් සැප නොදැක අපි යනවා
අැලී බැදෙනා දුක හොයා යනවා...................
ප්‍රේමයට යට වී හසුන් සිප
කාමයට හිත් දී විදින සැප
තව තවත් අපි දුකෙහි ගිල්වනවා
සදාකාලික සුවය හංගනවා.......................
නේක වර්ණින් දිලෙන ලෝකය
මතින් නැහැවී විදින කාලය
නොනවතින ගමනකට පණ දෙනවා
හිමි දෙසූ මග අතැර අපි යනවා.....................
කුගැගීප
.
පිංතුරය වගේම කවි පෙලත් හිත නිවනවා.
ReplyDeleteඔව් මෙන්ඩෝ.................
Deleteඅපි දුවන්නේ බොරුවක් පස්සේ කියලා තේරෙනවා හොදට හිතලා බැලුවාම..........
පෝය පොස්ට් එකක් වගේ
ReplyDeleteඔව් ............ ඉවාන්...................
Deleteපෝය දාටවත් අපෙත් අාගමක් දහමක් ගැන හිතන්න ඒපැයි නේද???
ඉවාන් ප්‍රශ්ණයක් අහන්න තියෙනවා.. උඹේ බ්ලොගයෙත් මේක දැම්මා... දියතලාව ඒක්ක තියෙන සම්බන්ධය මොකක්ද මචං......
දියතලාව එක්ක තියෙන සම්බන්දෙ අපේ ලොකු අම්මලා ඉන්නේ දියතලාවේ , මම බදුල්ලේ .. ඒ මුකො බං
Deleteනෑ බං දියතලාවේ අාපු වෙලාවක කියපං....... මුහුණට මුහුණ හමුවෙතෑකි.................
Deleteසකිය සගව්වට රෝදය කැරකෙනවා..
ReplyDeleteසසඳ සසඳ අපි මහ පාරේ යනවා..
සංචාරකයා.............
Deleteඅැත්ත ඔ්ක තමයි.........
අපි අරමුණු ලෙස අල්ලගන්න හැම එකක්ම බොරුවක්.අපේ ව්‍යායාමය වෙන්න ඕන අරමුණු වලින් මිදෙන එක.එහෙම මිදෙනකොට තමයි සැනසීම ලැබෙන්නෙ.ඇත්ත ප්‍රීතිය ලැබෙන්නෙ ලැබෙනකොට නොවෙයි අතහරින කොට.අපේ හැම සිතිවිල්ලක්ම(අරමුණක්ම ) අපට බරක්.අපි සිතිවිලිවල සිරකරුවන්.සිතිවිලි (අරමුණු ) අපව නන්නත්තාරේ ගෙන යනවා.නැවතී සිට බලන්න පුළුවන් නම් අපට මීට වඩා සුන්දර ලෝකයක් දැකගන්න පුළුවන්.
ReplyDeleteනිවන ගැනම නෙමෙයි මේ කියන්නෙ.අත්හැරීම ප්‍රගුණ කරන්න කියල.අත් හරින්න පුරුදු වුනහම උපේක්ෂාවක් අභ්‍යන්තර ප්‍රීතියක් භුක්ති විදින්න පුළුවන්.
රටේ සුළු ප්‍රතිශතයක් හෝ එය ප්‍රගුණකරනවානම් විශාල පරිවර්තනයක් ඇතිවේවි.
දන් සිල් භාවනා කියන එකේ භාවනා එන්නෙ අන්තිමට.භාවනාව අංක එකට ගන්න පුළුවන් නම් අත්වෙන විපර්යාසය විශාලයි.සිතනෙ සියල්ලටම වඩා ශ්‍රේෂ්ට වෙන්නෙ
ඔබ සීයට සීයක් හරි ම.ම
Deleteඅපිට බැරිත් ඔය දේම තමයි.. අපි අනවශ්‍ය විදිහට දේවල් බදාගෙන ඉන්නවා.. අපි දවසින් දවස බැදීම් හොයනවා.. අැති කරගන්නවා.... ඉතින් අපි හැමදාම ජීවිතයත් ඒක්ක අැලෙනවා මිසක් අත්හැරීමට පුරුදු වෙන්නෑ...............
ඔව් අපි යනවා...
ReplyDeleteසතුටයි කියල හිතාගෙන දුක හොයාගෙන.....
ඒත්
අපි කරන කියන හැම දේමත් අරගෙන...
කවදහරි යන්නම යනවා..
මිනිස්සුන්ට අමතක ඔය දේ තමයි මහේෂ්..............
Deleteඅපි කවදා හරි යන්න ඉන්න මිනිස්සු වගේ ජීවත් වෙනවානම් මේ ලෝකේ හරි ම ලස්සන තැනක් වේවි
පුන් පොහෝ දින දැහැමි සිතුවිලිවලින් සිත් සතන් පිරේවා !!!
ReplyDeleteවිදානේට අායෙත් පෝස්ටුවක් ලියන්නට සිතේවා.......... (අා...... සමපෝෂ ගුලිය ගැන නොලියැවේවා.)
Deleteහ්ම්.............අද පෝයදා පාන්දර එක බෝධි පූජාවකටත්, හවස හතට විතර තවත් බෝධි පූජාවකටත් සහභාගිවෙන්න ලැබුනා. මේ දෙක තිබුණේ එකිනෙකට කිලෝමීටර් 70 ක් තරම් දුර පන්සල් දෙකක. මේ දෙකේදීම ජීවිතය ගැන බොහොමයක් කරුණු මෙනෙහි කරන්නට ලැබුනා. මට වෙලාවකට හිතෙනවා සිතේ සැනසීමක් තිබෙන මේ කාලය මරණයට සුදුසුයි කියලා.
ReplyDeleteසිතේ සැනසීමක් තියෙන ඒකේ සතුටෙන් ජීවත් වෙන්න විචාරක.... මැරෙන්න තව කල් තියෙනවා... පෝය දවසේ සහභාගී වෙන්න ලැබුණ අවස්ථාවනම් හොදයි... දුර වුණත් මොකද ජීවිතයට යමක් ඒකතු වෙනවානම්............
Deleteලෞකික බැඳීම් වලින් මිදෙන්නනම් වෙන්නෙ නෑ මේ කපේදි. දැන් පටන් අරං ඉවර නිසා.
ReplyDeleteඔව් මාධවී .................
Deleteඒත් අපි කල්පනා කරලා බැලුවොත් අැලෙන්නැතුව හරි ඉදගඅැහැකි.........
අපි කොච්චර කරත් කොහෙන් හරි බැදීම් වලම හිර වෙනවා.. ඒක තමයි ඇත්ත..
ReplyDeleteඅැත්ත දිනේෂ්.............
Deleteඒත් අපි ඒක තේරුම්ගන්න අවශ්‍යයි... කිසිදෙයක් තේරුම් නොගෙන ඉන්නවාට වඩා ඒක තේරුම් අරන් ජීවත්වීම වැදගත්
මතු දවසෙක සසර දුක
ReplyDeleteතත් පරිදි වටහා
දකිනු වස්
උතුමු වූ නිවන
ටිකෙන් ටික හෝ
අත්හැරීමමයි යහපත්
ඔබේ නිර්මාණ අතරින් පතර
දම් රසයත් දීම බොහෝ වටිනවා
ජය!