ලොකු මැණිකේ උඹලා හිටි ගෙපැළ තුළ
උණුහුම දැනේ මා හට තවමත් හොඳට
කිම මා අතැර ගියෙ තනියම මේ ගමන
මාත් රැගෙන ඇයි නොගියේ මගේ සඳ
උඹෙ අඩි සද්දෙ ගෙදර පුරා ඇසේයා
සැඳෑ අඳුරෙ උඹෙ සේයා මැවේයා
ගෙදර පහන නිවුණු විලස දැනේයා
තනි හීතලේ මම හිඳිනේ කෙසේයා
දරු මුණුපුරන් නෑදෑ පිරිවරද සිටී
උන් උන්ගේ වැඩ මා හට පලක් නැතී
පපු කැනැත්තෙ උඹ හැමදා ලැගුම් ගතී
දැන් මා හට මේ හදවත අයිති නැතී
බෙහෙත් සුවඳ පිරුණයි මුළු නිවස එදා
සිරියාවයි උඹෙ කටහඬ ඇසුණු නියා
ගිනි නොමලන කුස්සි පොඩියෙ තනිව මෙමා
පපු ගින්නෙන් දැවෙමි තැවෙමි නිහඬ වෙලා
මහළු මගේ ඇස් දැවුණේ මේකටද
සැතපෙන දෙණ නිසල උඹේ දකින්නද
සංසාරේ කාහට දුක කියන්නද
එන්නද මාත් උඹෙ පස්සෙන් ඒ ලොවට...
-අසංක ගයාන් අබේසිංහ-
මානවසිංහ මතක් උනා..
ReplyDeleteඑවැනි විශිෂ්ඨ පුද්ගලයෙකුගේ නිර්මාණයක් මතක් වීමට තරම්වත්, ඊට අලගු තැබීමට තරම්වත් හැකියාවක් මගේ නිර්මාණයට තිබුණිනම් එය කොයි තරම් දෙයක්ද...ඔබේ අගය කිරීම නිහතමානීව බාර ගනිමි දේශකයා...
Deleteමට මතක් වුනේ "විමලරත්න කුමාරගම"
DeleteMaathalan - Priyantha HewageFebruary 17, 2015 at 1:05 AM
Deleteඅනගාරික ධර්මපාල කියන්නේ පිස්සෙක්.. ඒ පිස්සා කියපුවා අහපු හරක්ට වඩා.. ඒ යකා පිස්සෙක් බව දැන ගන්න අපේ උන්ට මොළේ තිබුනා..
එකනේ අන්තීමට ලංකාවත් එපා උනේ.. දැන් ඉන්න අනගාරික ධර්මපාලලාටත් භාගෙට පිස්සු.. ඊළඟ ඉලෙක්සොන් එකෙන් කෙලින්ම අංගොඩ..
පිස්සෝ කවදත් උන්ට පිස්සු කියලා කියන්නේ නෑ.. පිස්සුද ඕයි කියලා අහනවා මිසක්..
Soulful.
ReplyDeleteThank you very much 'S'...
Deleteමොනව කරන්ඩද ලොකු බන්ඩෙ ජීවිතේ හැටි ඔහොම තමා. දුක් වෙන්න එපා තව ටික කාලෙකින් උඹත් මා ලගට ඒවී
ReplyDeleteදැන් උඹ කොහෙද ඉන්නෙ වැව්...?
Deleteකවිය කියෙව්වම
ReplyDeleteයමං කළුවේ ගෙදර යන්න..
කන්ද උඩින් අඳුර එනවා..
කවි පංතිය මතක් උනා බය ගුල්ලෝ.....
ජ ය වේ වා !!!
මොකක්ද බොල මේ බයගුළු කතාව...උඹ හැමදාම මොකක් හරි අළුත් ඉලව්වක් කියවන්න පටන් ගන්නවා මෙලෝ තේරුමක් නෑ...කමක් නෑ ඉතිං...යාළුවනේ...හැක්...හැක්..
Deleteඅගය කිරීමට බොහොම ස්තුතියි විදානයෝ...
විදානයා ඒහෙම නෙමෙයි.......... උඹ දවසක් දාලා වරෙන් බලංගොඩ දිහාවේ...... අපි සුපිරි රවුමක් ගහමු... රවුමක් නැතත් සුපිරි සෙට් වීමක් සෙට් වෙමු.... ඒදා නම් ඉතින් වැඩ ගොඩයි මචං.... සොරි තමා...... කලින් දවසක් කියපං... කට උඩට අැවිත් අපිට දැනුම් නොදී.............
Deleteඅා........... කියන්න අමතක වුණා
Deleteමම
තුෂාර
සංසාරේ දුකයි.. අරකයි මේකයි.. මරණය නියතයි.. දිවිය ළෝක අරක මේක කිව්වට.. වියෝව හිතට ගෙන එන්නේ පුදුම වේදනාවක්.. ඉතින් තම ජීවිතයේ වැඩි කාළයක් එකට උන් කෙනෙක්ගේ වියෝව ගැන කියන්න ඕන නෑ නේ.. ඒ වගේම මෙතන තනිකමකුත් තියෙනවා.. ඒ අසරණකම අපූරුවට හැම කවියකම තියෙනවා..
ReplyDeleteවල්ලා පට්ට නිර්මාණයක්..
ඔබ වැනි අයෙකුගෙන් ලද මේ ඇගයීම මට සම්මාන 1000 කට වඩා වටිනවා...එපමණක් කියා නවතින්නම්... ඔබට බොහොම ස්තුතියි මාතලන්...
Deleteමට ඉස්සර සදු මාව දාලා යන්න එපා කියන එකයි මගෙත් එකම පැතුම..
ReplyDeleteතදටම හිතට වැදුනා..
එල ද බ්‍රා
ඔය කතාවම මාත් ඒ විදිහටම මගේ ආදරවන්තියට දැන්මම කියලා තියෙන්නේ මෙන්ඩා...මම හිතින් මහළු වියට ගිහිල්ලයි මේක ලිව්වේ...එහෙම දෙයක් වුණොත් කොහොම වේදනාවක් දැනෙයිද හිතලා...බොහොම ස්තුතියි මෙන්ඩා...
Deleteවියෝව කොයි විදිහකින් දැනුනත් අවසානයේ හිතට ගේන්නේ දුකක් විතරක්මයි..
ReplyDeleteඒක කොයි විදිහකින්වත් සම්පූර්ණයෙන් විස්තර කරන්න බැරි හැඟීමක් දිනේෂ්...
Deleteලස්සනයි පද පේලිය
ReplyDeleteහිතට දැනුනෙ අපූරු හැගීමක්
ඒක දුකක්ද වෙන මොකද්ද කියන්න බැරි අපූරු කතාවක්.........
ලස්සනයි හොදේ....
ජයෙන් ජයම වේවා
මේ හැඟීම හරියටම කවදාවත් විස්තර කරන්න බෑ මහේෂයෝ...ඒ තරම් අමුතු හැඟීමක්...බොහොම ස්තුතියි...
Deleteඅසංක අයියා..................
ReplyDeleteමේක නොලියා ඉන්න බැහැ.... අැත්තට ම ඔබ මහා කවියෙක් කියලා තේරිලා තිබුණත් මට ඒක ඔප්පු වුනේ අදයි..... ඔබ විසින් කරපු නිර්මාණ අතරින් අනගිම නිර්මාණය මේකයි.... කවිය ගැන කියලා වැඩක් නැහැ.. කාලෙකින් බ්ලොග් අවකාශයේ මම දැක්ක අගනාම කවියක් මේක... ස්තූතියි කුරුටු පවුර මේ කවියෙන් ලස්සන කරාට......
තුෂාර..........
උඹට බොහොම ස්තුතියි කියන ගමන්ම කාරුණිකව පුංචි ඉල්ලීමකුත් කරන්නම් සහෝ...මේ විදිහට මහා ප්‍රතිරූප මට ආරෝපණය කරන්න එපා...මම ජීවිතේ හරිම සැහැල්ලුවෙන් ගෙනියන්න කැමති කෙනෙක්...ඉතිං ඒ අතරින් පතර හිතෙන දේවල් කුරුටු ගාලා මේකෙ දානවා...මේ හැම දේකින්ම කියවෙන්නෙ මගේ හිත කියලයි මට දැනෙන්නෙ...ඉතිං ඒ විදිහට හිතෙන දැනෙන පිරිසක් මේවා රස විඳින එකෙන්ම මම ලබන්නේ විශාල සතුටක්...මට ඒ ඇති...තවත් දෙයක්...උඹ මට මේ ගී පවුරෙ නිර්මාණ එළි දක්වන්න උනන්දු නොකරා නම් අද මේ කිසිවක් මට නෑ...ඉතිං...කුරුටු ගෑ ගී පවුරට මෙන්ම ඒ වටා ඉන්න සියළු දෙනාටම ගොඩක් පිං...
Delete//කිම මා අතැර ගියෙ තනියම මේ ගමන
ReplyDeleteමාත් රැගෙන ඇයි නොගියේ මගේ සඳ//
ආදරණීයයකුගේ වියෝවකදි අපි කාටත් ඔහොම හිතෙනව නේද..
අපූරු නිර්මාණයක්...
බොහොම ස්තුතියි ෂර්මියා...
Deleteහරිම ලස්සනයි .පලවෙනි කවිපද හතරේ තාලෙට මම ආසයි. ඒ විදිහටම දිගටම කවි පද ගලාගෙන ගියානම් කියලත් හිතුන .ඒ කොහොම උනත් සමස්ත නිර්මාණයම විශිෂ්ටයි :)
ReplyDeleteබොහොම ස්තුතියි හංසි...හිතලමයි වෙනස් කළේ...එකම විදිහට ගියොත් අවුල් වෙයි කියලයි මට හිතුනේ...ඒත් ඉතිං එකම විදිහ වුණත් අවුලක් නැති බව දැනගත්තු එකත් හොඳයි...එතකොට ඊළඟ නිර්මාණයකදී සලකා බැලුව හැකිනේ...
Deleteපරක්කු උනා කුරුට්ටෝ ...
ReplyDeleteමේ සින්දුවත් ලඟින් යනවා වාගේ ...
මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික
සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනවද
ඈ ඇහැ ඇරේවි යන්න හොදයි දංවැල් අරගෙන
තරහ අවසරයි යනවද දංවැල් අරගෙන
පිං කුඹුරු නෙලන කාලෙට මට හීල අරන් එන
හිස විසාදියට තෙල් උළලා තොන්තුවා වෙන
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙණියේ පස් යට
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙණියේ පස් යට
මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික...
දෙයි හාමුදුරුවො දන්නවනම් දැන් ඈ නැති වග
තෙල් පාන උනත් නිවා දමයි සංහිඳ පාමුල
වාවන්නෑ මේ දුරුත්ත සංසාරෙ තනි මට
වාවන්නෑ මේ දුරුත්ත සංසාරෙ තනි මට
මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික...
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය - එච්.එම්. ජයවර්ධන
ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
පරක්කු වුණාට මක් වෙනවාද සින්දුවෝ...............
Deleteඅගේ අැති සින්දුවක් අපිට ගේනවානේ හැමදාම... ගැලපෙනවා ටක්කෙටම... හරිම ලස්සන ගීතයක්... අගෙයි සින්දුවෝ..........
මේ ගීතයත් මේ මාතෘකාවට හරියටම ගැලපෙනවා සින්දු...බොහොම ස්තුතියි...
Deleteමගෙ මැණිකෙ ඉද්දි මං මැරියන්...
ReplyDeleteඅැත්ත සාජ්ජේ.................. මගේ පැතුමත් ඒකමයි.... මේ වගේ හැගීමක් දැනීමක් ඉවසන්න බැරි වෙයි කියලා විශ්වාසයි..........
Deleteමහලු වුව සිරුර සිතත් එහි උපන් ආලයත් මහලු නොවන්නේමය
ReplyDeleteනිර්මාණය ඉතා අගෙයි....
ස්තූතියි වර්ණ................
Deleteසිරුර මහලු වෙලා අපිව අත්හැරලා යනවා... ඒත් සිතින් අපි හැමදාමත් ඒකලගනේද????
ආදරය කියන්නේ සිතේ උපන් ඉතා උසස් බලවත් හැඟීමක්
Deleteහරිම ලස්සනයි කාලෙකට පස්සේ කියවපු ලස්සනම කවි පන්තියක්
ReplyDeleteස්තූතියි තරිදු......................
Deleteමේක තමයි නිර්මාණයකින් ලබන්න පුළුවන් උපරිම සතුට.... ඒ හැගීම නොසගවා කීවාට තුති...........
බොහොම ස්තුතියි තරිඳු...
Deleteලස්සන කවි නිර්මාණයක්...
ReplyDeleteබොහොම ස්තුතියි ඉන්ද්‍රජිත්...
Deleteහිතට වදිනවා...
ReplyDeleteබොහොම ස්තුතියි හිමාල්...
Deleteලස්සනයි මිත්‍රයා.මගේ ගර්ල් එහෙමත් මෙහෙම ලස්සනට ලියනවා.
ReplyDeleteනියමයිනේ ධම්මික...ඉතින් එයා කවි ප්‍රසිද්ධ කරන්න එහෙම අදහසක් නැද්ද...එහෙමනම් අපි තුෂාරයගෙනුත් අහල බලල කතා කරල අපේ බ්ලොග් එකේ එයාගෙ කවිත් දාමු...උඹ කැමති නම් කමෙන්ට් එක දාපන්...අපි කතා කරමු...
Deleteදුක හිතෙන ලස්සන පද පේලියක්.
ReplyDeleteමේ දුක කවදාවත් ඇරෙන එකක් නෙවෙයි අජිත්...සසරේ හැමදාමත් තියනවා...
Deletehttp://sinhala.lankanewsweb.net/features/cyber-wall-lankanewsweb/15823-2015-02-16-22-30-48
Deleteබොහොම ස්තුතියි අජිත්...නිර්මාණයකට ලැබෙන ඉහළම සම්මාන තමා මේ...උඹලා...
Deleteඑකට එකතු වී අපි බොහෝ කලක්
ReplyDeleteදුක,සැප එක ලෙස බෙදා ගත්තා හැමදාමත්
තනිකර නුඹව මා ඉරණම් ගමන ගියත්
මා පසුපස නොඑන් මගේ හිමි නැවත වරක්
නැවත නැවත මේ හැමදේම සසරේ සිදුවීමත් දුකක් තමයි මනෝජ්...බොහොම ස්තුතියි මේ සංවේදී කවිය මෙතන දැම්මට...
Delete