Thursday, February 19, 2015

උඹ කොහෙද......???



සත්තු වත්තෙ හොඳට හිටපු ඔරං ඔටං
දිනක් බලද්දී කූඩුවෙ මැරිල හිටං
මොකද කොරන්නේ මේකට කෙළා හුටං
හිතයි එහේ නව පාලක එතැන් පටං

දුර්ලභ වේ මේ ජාතියෙ සත්තු ලොවේ
කුමක් කරම් මෙතැනට මා අළුත්ම වේ
සත්තු වත්ත බලන පිරිස වැඩි වැඩි වේ
ඔරං ඔටං නැති පාඩුව විශාල වේ

ගණ දෙවි නුවණ පහළ වුණේ ඔහුට සැණින්
හනික ගොහින් කෙරුවේ එය සැමට කලින්
වහා දැම්මෙ දැන්වීමක් පුවත් පතින්
රඟපෑමට කෙනෙක් අවැසි සතා ලෙසින්

ඔරං ඔටං චරිතය රඟපෑම ගරු
පෝලිමෙ එයි ජොබ් එක වෙයි ඉතා සරු
ගතවෙයි මේ ලෙස එකිනෙක ගණන් වරු
එකෙක් තෝර ගත්තයි රඟපෑම හුරු

වානර ඇඳුමක් ඇඟලා මේ කොල්ලා
ඔරං ඔටං ලෙස හොඳහැටි වැඩ අල්ලා
හොයන්න බෑ මූ මිනිහෙක්දැයි කියලා
ඒ තරමට මුගෙ වැඩ කිඩ බලපල්ලා

අළුත් ඔරං ඔටංගෙ වැඩ බලන්නට
වැල නොකැඩී සෙනග පිරෙයි වලාවට
වඳුරු කොලුව දැන් දැන් වී කලාවට
ගහයි පිනුම් සෙනග පිරෙන වෙලාවට

එක දවසක් වුණේ වැඩකි මහ නරක
ගැහු කරණම පිම්ම වැරදි වෙලාවක
ගොහින් උඩින් එහා තිබුණු කූඩුවක
සිංහය ළඟට වැටුණේ මහ භයානක

සිංහය දැන් නැගිටියි තොල් ලෙවකාලා
ඔරං ඔටං දෙසට හැරෙයි ගොරවාලා
නරඹන්නන් සිත් හොඳහැටි කැලඹීලා
කුමක් වේද අනේ අපොයි හිතපල්ලා

පැමිණෙයි සිංහයා දැන් වී ළං ළංව
ඔරං ඔටං හිරවී බිත්තියෙ අගුව
ඇස් පියවා කෑ ගැහුවා මරු සිහිව
'බුදු අම්මෝ' මා බේරා ගනු මැනව

මොකක් බොලේ මේ විකාරෙ බලනු හොඳයි
නරඹන්නන් දැන් විස්මය වී ඇළලෙයි
ඔරං ඔටං වෙත සිංහය හෙමින් ඇදෙයි
ළංව වඳුරු කන වෙත ඌ මෙසේ කියයි


මචං උඹ කොහෙද... සබරෙද... බය වෙන්න එපා... මම ජ'පුරෙ......!!!


-අසංක ගයාන් අබේසිංහ-

72 comments:

  1. එහා කූඩුවේ හිටිය බල්ලා කැළණියේද?

    බු දු ස ර ණ යි !!!

    ReplyDelete
    Replies
    1. උඹ එහා කූඩුවටත් පැන්නද...හැක්...හැක්...

      Delete
    2. ඇ බං සිංහය කොහොමෙයි ඔරං ඔටං සබරෙමද දන්නේ.......

      ගී පවුර උබ අල්ලලා එල්ලනව හොදද සබරෙට පාට් දැම්මොත්

      Delete
    3. සිංහය ඌව කලින් දැකල තියනවලු පාටියකදී...හැක්...හැක්...මාව එල්ලන්න එපා යකෝ...මාත් සබරෙට පොඩ්ඩක් පහළ ගමක එකෙක්...

      Delete
    4. මචං අැනියෝ..................

      ගොඩක් ඔරං ඔටංලා සබරේ තමයි..... දැන් බලපංකෝ විදානයා අරං.....

      අපි බහුතරයකගේ ගම සබරේ අහළම වුණාට කිසිවෙකුත් සබරේ නොව.... ඉතින් අපි සබරෙත් සමග ගේමය.... විශේෂයෙන් විදානයාගේ සබරෙත් ඒක්ක ගේමය...... අැයි මොකද????????

      තුෂාර

      Delete
    5. මොකෝ සබරෙ කොල්ලෙක් උබේ ගමේ කෑල්ල එක්ක වත් සෙට් උනාද බං

      Delete
    6. උබේ කවිය නම් ලස්සනයි ගී පවුර.

      මුලින් මට ඒක කියන්න බැරි උනානේ.....

      කොහෙද ඔක්කොටම කලියෙන් වලියක් දා ගත්තනෙ. කොහෙද ඉතින් මං උපන්නෙත් සබරෙ, පාසල් මවුත් සබරෙ, විස්සවිජ්ජාලෙත් සබරෙ , ජොබත් සබරෙ, මැරෙන්නෙත් සබරෙමද කොදෙ බං. (සබරගමුව)

      Delete
    7. අනේ අැනී සමාවෙන්න ඔ්නේ මගේ අතින් වැරදි දෙයක් කියවුණානම්.... අායේ කවදාවත් සබරෙට බනින්නෑ... අම්මපා.. ෂූවර්.......

      මචං උඹ සබරෙද???? මම ජපුරෙ....................

      Delete
    8. ඉතින් යකෝ සබරේ කොල්ලෝ අැනී වෙලා ඒන්නෑනේ... නම ඒහෙම කියහංකෝ...... අපි වෙලාවක සෙට් වෙමු.... අපිත් ඔය අහලම තමයි ඉන්නේ.......

      Delete
    9. ඇනී හොදයි ගී පවුර. අපි හැමදාමත් ඇනෝලා තමයි.....

      ඔයාලා ලියන දේවල් තුළින් අපිව දකිනව....... හරියට වානේ පන්නරය කියවන කොට හිතින් පාවෙල් උනා වගේ. හැමදාමත් අල්තීනායි උනා වගේ.

      RP

      Delete
    10. වාව්..................

      පාවෙල් අල්තීනායි ඒහෙම දාලා.... උත්තරේ නොදී මගඅැරපු අපූරුව. ෂුවර් සබරෙම තමා.....

      Delete
    11. බොටත් පිච්චු මටත් පිච්චු හප්පාාාාාාාාාාා

      Delete
    12. නෑ..................... නෑ පිච්චු නෙමෙයි ..... මං කිව්වේ අැනෝ විදිහට ම තාමත් රගපාන හැටි ගැන.... යකෝ අැයි විස්තර කියන්න බය..

      Delete
    13. හප්ප‍ේ බය නැද්ද................. මේක මහ ජංජාලයක් නෙව

      Delete
    14. බයයි බයයි........ මේ කකුල් දෙකත් ගැහෙනවා.... අප්පේ

      Delete
    15. විදානෙ මාමන්ඩිව මතක් කොලා කියන්න ඈ..........

      Delete
    16. මම සබරේ...

      සබඳ විහිලුවක්, විහිලුවක් ලෙස පමණක් දකිමු...

      ජ ය වේ වා !!!

      Delete
    17. විහිළුව විහිළුවක් ලෙස දැකීමට තරම් නිහතමානී වීම ගැන උඹට මගේ උපහාරය...!!!

      Delete
  2. ඔය ඔරං ඔටංලා නේද අර නිදහස් අජ්ජාපනේද මක්කද එක රැකගන්න පාරට එන්නේ..

    නිදහස ඉල්ලන්නේ මිනී මරන්න වෙන්ඩෑ...

    ReplyDelete
    Replies
    1. මම ඉගෙනගත්තේ ජ'පුරෙ මාතලන්...කෙටියෙන්ම කිව්වොත් පුද්ගලිකව විශ්ව විද්‍යාලයන්හි සිදුවන බොහෝ දේ ගැන මගේ කැමැත්තක් නෑ...මටනම් පෙනුනෙ ගොඩක්ම බොරුකාරයෝ පිරිසක් විතරයි...සැබෑව වෙනකක්...මම දැකපු ගොඩක් කැම්පස් විප්ලවකාරයෝ එයින් ඉවත් වුණාට පස්සේ උන් බැනපු පක්ෂ වලටම ලැජ්ජා නැතුව හේත්තු වෙලා ඉන්නවා...මේ වගේ ප්‍රතිපත්ති නැති රැළක් එක්ක මුළු රටක් දියුණු කරන්න බෑ...විශ්ව කියන වචනෙම තේරුම මහ විශාල කියන අදහසක්...ඉතින් එයින් අධ්‍යාපනය ලබා ඉවත් වෙන කෙනෙක් මනුසත්කමින් හා ගුණාංග වලින් අනිවාර්යයෙන්ම පරිණත විය යුතුයි...ගිරා පෝතක අධ්‍යාපනය ලැබුවන් කොයි තරම් උපාධි ගහලා ආචාර්ය, මහාචාර්ය වුණත් ඒ අයගේ හිත් වල පිරිලා තියෙන්නේ ඕලාරික කුහක කමයි මහන්තත්ත කමයි බොහෝ විට...මේ කියන්නේ මම දැකපු දේවල් මිසක් සියළු දෙනාම මෙහෙම නෑ...අපි කරන්න ඕන රටේ සියළු අධ්‍යාපන ක්‍රමවේදය නූතන ලෝකයට සහ දහමට ගැලපෙන ලෙස වෙනස් කිරීම...එතකොට කැම්පස් අවුට් වුණාම අනිවාර්යයෙම ජොබ් දියව් කිය කිය පාරේ කෑ ගහන්න වෙන්නෙත් නෑ...එහෙම හිතන මානසික දුප්පතුන් පිරිසක් බිහිවෙන්නෙත් නෑ...මම දකින නියම අධ්‍යාපනය මේ මම ඉගෙන ගත්තු එකවත් දැන් තියන එකවත් නෙවෙයි...

      Delete
    2. ගොං මාතා කිවුවොත් කියන්නෙ ඔය වගේ බූරු කතාවක්ම තමා......

      Delete
    3. ඔ්කනේ මාතා කියන්නේ ජයවර්ධනපුරයි සබරගමුවයි කියපු ගමං කැම්පස් අැදලා ගන්නවානේ.... උඹලාට කැ යන්න අැහුනොත් කැළණිය.. පෙ යන්න අැහුනොත් පේරාදෙණිය.... මේවා විශ්ව විද්‍යාලම කියලා හිතන්න ඒපා බං..... ඒවා ගං....

      තුෂාර

      Delete
  3. සිංහයා අසංක බවත් ඔරං ඔටා විදානේ බවත් සාක්ෂි සහිතව ඔප්පුවී ඇත... :-)

    ReplyDelete
    Replies
    1. හත්තිලව්වේ මාධවී...මම නොකියා නොකියා හිටපු එක 'බහ්' ගාලා දිවේ කටේ නොගෑවී කියු හැටි...හැක්...හැක්...

      Delete
    2. විදානේ පත්තරේලා ගෙදර ගිහින් තියෙන්නේ තුෂාරයා තියලා ...;-)
      ඔන්න ලබන මාසේ ඉඳලා මෙන්ඩයි ,ඉවනුයි එනවලු වීකෙන්ඩ් එකේ ...

      Delete
    3. කොහෙද බං ඕකුන් දෙන්නා එන්නේ...?

      Delete
    4. අම්මට සිරි මාධවී.....................

      අසංක අයියා කීයක් දුන්නාද ඔයැයිට ඒයැයි සිංහයා කියලා කියවා ගන්ට.... යකෝ මෙහෙමත් සල්ලි වලට මිනිස්සු වෙනස් වෙනවානේ..... (මගේ ලග්නෙත් සිංහ.. ඉතින් මාව ගන්න තිබුණානේ...)

      සින්දුවෝ...............

      විදානයා නිවාඩු ගියාම ඒන්නෙම නැහැ... ඉතින් මං සති ගණන් ඔරං ඔටං අදින්න ඔ්නේ හිටං..... ඒකයි උෟව මරලා දාන්න හිතුවේ...... ඒතකොට ගොඩනේ... ඔය මී හරකෙක්ටවත් අැදලා පාඩුවේ ඉදත අැහැකිනේ.....

      තුෂාර

      Delete
    5. මටත් මේ සුද්දියන්ට ඡංගි මැහිල්ල එපාවෙලා

      Delete
    6. යකෝ................ ඔය ජ$ගි කතාව මෙතෙන්ට අාවේ කොහොමෙයි..... කවුද පුද්ගලයා.... කියපංකෝ ඔය තනි අාතල් අපිටත් බෙදාගන්න

      Delete
    7. //සිංහයා අසංක බවත් ඔරං ඔටා විදානේ බවත් සාක්ෂි සහිතව ඔප්පුවී ඇත...//

      අඩෝ මදාවියා... ඔරං ඔටං වෘකයකු කර නොගව...


      @ මෙන්ඩා.. දීපු ටික බෙදන්න මදි.. තව ලෝඩ් එකක් එවපිය..

      @ සිංදු ඇනෝ..
      තුසාරල ඉතිං අපිත් එක්ක සැට් වෙන්න කැමති නෑනේ...


      Delete
    8. මම කිව්වේ මටත් සත්තූ වත්තේ බුරෑවා පාට් එක හරි අල්ලලා දියන්

      Delete
  4. මරේ මරු ඈ....
    මිනිස්සුන්ට මේ මොන ජවුසමක්ද හිතෙන්ට ඇති....
    සත්තු වත්තෙ හිටිය බූරුව කොහෙ එකෙද්ද දන්නෑ නහ්

    ReplyDelete
    Replies
    1. ඌ ඉන්න දිහාව කීය හැකි...කිව්වොත් අනිවාර්යයෙන්ම මට තරහකාරයෙක් ඇති වෙනවා...මොකටැයි බං අහක ඉන්න බූරුවෙක්ව තරහ කොරගන්නේ නෙහ්...

      Delete
    2. ඉවාන් කොහෙද කියලා උඔ දන් නැද්ද මහේෂ්

      Delete
    3. කෝ මේ ඉවානයා හැබෑට...?

      Delete
    4. මේ ඉන්නේ ... උඹ කොහෙද කියලා අහලා , තුශාරයාගේ ෆොටෝවක් දාලා තියෙනවා දැකලා මං ගියා ඌව හොයන්න , තාම හම්බවුනේ නැද්ද බං?

      Delete
  5. හහ් හහ් හා.. සත්තු වත්තේ වැඩි පුර වැඩ කරන්නේ උන්ම .තමා.

    ReplyDelete
    Replies
    1. අපෝ එහෙමම කියන්නත් එපා ඉතිං...දුකයිනේ...

      Delete
  6. සදාදර සොයුර මේ කියන ඔරං ඔටං ඔබ මට පැවසු ලෙසද තරගයට ඉදිරිපත්ව සිටියේ

    ReplyDelete
    Replies
    1. ඒ පැවසූ අයුරින්ද නොව ඊටත් එහා මොකුත්ම නැතුවය නගා ඔහු ඉදිරිපත්ව හිටියෙ...හැක්...හැක්...

      Delete
  7. ලස්සනයි...ලගන්නා සුළු නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වැව්...

      Delete
    2. විකාරද වැව්.. මූට අමු කැවිලා

      Delete
    3. සිංහයෝ අමු නොබුදිති...හැක්...හැක්...මම අබේ 'සිංහ'

      Delete
  8. විදානේ හිටි ගමන් අතුරුදහන් වෙන සිද්දිය අදනේ දැනගත්තේ ....හැක් හැක්
    ඇත්තටම කුරුට්ටෝ දවසකට උඹට කියක් ගෙවනවද ? නැ මම නිකමට ඇහුවේ .උඹට නම් අරුට වගේ බල්ටි ගහන්න නැනේ නේද ? ....

    අපි ඩාවින්ගෙ ගේ ගාව උපන්නේ
    ලොව පරිණාමෙ ඒ හින්දා හැඟෙන්නේ
    හලෝ... වානර ගුරු 
    අද අපෙ ඈයෝ ඒ මත බිඳින්නේ...//

    නෑයො නේ මේ අයත් 
    නැති නමුත් හතර ගාතේ
    කුරුලනේ තටු නැතත් 
    අපෙ අයත් ඉගිළ යතේ...//
    දෙයක් ඇතත් දෙයක් නැතත්
    මිනිස් හිසත් හිස් වෙතේ...

    බැලුවොතින් කැඩපතින්
    පේන රූ මිනිසගේ
    කම්බි දැල් කොටු වලින් 
    හිර වුණා වූ ඔබ වගේ...//
    ඔබත් මමත් උපන් ලොවේ
    වෙනස ඇත්තෙ වලිගයේ...

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
    ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

    ReplyDelete
    Replies
    1. ගණන් කියන්න බෑ යකෝ...ඊට පස්සෙ තොපිත් එයි...කෑම බීමත් එක්ක දවසකට ලොකු ගාණක්...දවස ගානෙ මස්...කාල ඉතින් කම්මැලිකමේ දොයියන්න නෙව තියෙන්නේ...ඉඳලා හිටලා ටිකක් ගොරවලා ආයෙත් දොයි...

      Delete
  9. :D
    An old joke given a new twist with a sideswipe at the current state of our education system. Nicely done.

    ReplyDelete
    Replies
    1. Thank you very much S...

      I think you have understood the bottom story of this very well...

      Delete
  10. එල ද බ්‍රා...
    දැන් එතකොට තුෂාරයා ඡපුරේ උඔ සබරේ?

    ReplyDelete
    Replies
    1. මචං මෙන්ඩා.....

      මේ බ්ලොග් අවකාශයේ ඉන්න බුද්ධිමත්ම පුද්ගලයා සම්මානය සදහා මම උඹව තෝරා ගත්තා.... උඹට පුළුවන් වෙලාවක් අැවිත් අපේ ගෙදර තියෙන ටීවී ඒක හරි (ටිකක් පරණයි කලුසුදු පේන්නේ) ෆ්‍රිජ් ඒක හරි (අාර් 600 ගැස් තියෙන්නේ. ඒත් මදේ නැහැ) අවන් ඒක හරි (ඒකට තව අවුරුදු දෙකක් වාරික ගෙවන්න තියෙනවා) අරං යමං... මං ගානේ නිකං දෙන්නේ.... උඹේ බුද්ධිමත්කම වෙනුවෙන් මගෙන් ත්‍යාගයක්.....

      තුෂාර........

      Delete
    2. මූට බ්‍රෙසියර් මැහිල්ල හැර වෙන මොකුත් හරියන එකක් නෑ බං තුෂාරයො...මාර බුද්ධිමතෙක්නෙ...හැක්...හැක්...

      Delete
  11. පුරුදු කතාවක් ඇතුලෙන් අමුතු කතාවක් ලස්සනට කියල තියනවා කොරුට්ටෝ.. නියමයි... ජයවේවා....

    ReplyDelete
    Replies
    1. අමුතු දේවල් තමයි බං ගොඩක් කල් ඉඳන් අපේ පරම්පරාවලට වෙන්නේ...බොහොම ස්තුතියි සාජ්ජෝ...

      Delete
  12. මං කියන්න හිතාගෙන ආවේ සිංහයා පේරාදෙනියේ වෙන්න ඕනෑ කියලයි. එක්කෝ ඕනෑ නෑ ඒ කතා!

    ReplyDelete
    Replies
    1. ඕන දෙයක් බය නැතුව මෙතන කියන්න...සම්පූර්ණ යහපාලන ආශ්වාදයකට අපි හැමෝටම ගී පවුරේ ඉඩ සලසා ඇත...හැක්...හැක්...

      Delete
    2. මම අහලා තිබ්බේ සිංහයා මැදමුලන කියලා.දැන් තමයි තේරෙන්නේ ඒ සිංහයෙක් නෙමේ කපටි නරියෙක් කියලා.

      Delete
  13. හික්ස් චෝයි ජොබ් එක. මේකේ යටි අරුත තේරුම් ගියාම තවත් හිනා

    ReplyDelete
    Replies
    1. නංගියටත් ජොබ් එකක් හොයලා දෙන්නද?

      Delete
  14. ඌ මැරුණට කමක් නෑ. රටේ තව ඕන තරම් ඉන්නවා ඇස් ඇරගෙන බලන්න විතරයි ඕන නේද කුරුටු

    ReplyDelete
    Replies
    1. අම්මප සාරිකා...අපේ රටේ රිලා නැට්ටුක්කාරයෝ එමට...අනෙක් සත්තුත් එසේමයි...

      Delete
  15. අර මැනේජරය රුහුණේ එකෙක් ද කියල හොයල බලපං.. මේ දවස් වල 'රුහුණෙ' උන් කරන්නෙම එක එක චිම්පන්සියො සිංහයෝ වගෙ අන්දලා ජනතාවට පේන්න නටවන එක..

    ReplyDelete
    Replies
    1. ඒත් මිනිස්සු ඇත්ත දන්නවා කමියා...රිලවා මොකාද...සිංහයා මොකාද කියලා...

      Delete
  16. අනේ ඉතින් මේ පොඩි එකාට ඕවල යටි තේරුම් නම් තෙරෙන්නෑ...
    සත්තුවත්තක් බලන්න අවා කියලා හිතාගත්තා ඕන් මන්... :D

    ReplyDelete
    Replies
    1. හොඳ පොඩි...අනේ අනේ සුසී...

      Delete
  17. එස්.බී.නාවින්න තමයි මේ වේකන්සියට ගැලපෙන්නේ. උගේ මූණ ඇරපු අතක් නෑ උරන් උටන්

    ReplyDelete
  18. අයි බං මේ උඹ කොහෙද කියලා තුෂාරගේ ෆොටෝවක් දාගෙන බෙරිහන් දෙන්නේ , ඌ ගෙදර ඇති, ගිහින් බලපන් පොස්ට් දදා ඉන්නේ නැතුව

    ReplyDelete
    Replies
    1. උගෙ ගෙදරින් කිව්වෙ ඉවාන් එක්ක සත්තු වත්තට ගියා කියලනේ...

      Delete
  19. W.A. අබේසිංහ ඤාතියෙක්ද ඔබේ?

    ReplyDelete
    Replies
    1. නෑ මචං...ඇයි එහෙම ඇහුවේ?

      Delete
  20. පුදන කොටම කාපි යකා . කියලා මාත් කිව්ව හැටිය පටන් ගත්තා බ්ලොග් එකක්. මේ නිර්මාණ දකින කොට මූනුපොතේම හිටියනම් හොඳයි කියලා හිතෙනවා .. ( මේ නිර්මාණ වලට කිට්ටු වෙන්නවත් මට බැරි නිසා )= කදිමයි අගෙයි

    ReplyDelete
    Replies
    1. කවදාවත් එහෙම හිතන්න එපා හංසමාලි...ඔහොම හිතුවනම් මමත් අද මෙතන නෑ...අපි හැමෝටම විවිධ දක්ෂතා තියනවා...ඔහොම යං...ඔහොම යං...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...