Wednesday, May 21, 2014

ගැහැණුන් ගැන හොයන පිරිමිකම ...........



කෙතරම් වැරදි කළත්
නාවලා ගෙට ගත්තම 
පිරිසිදුයි කීවද
යුවතියනේ........................

අපේ හදවත් දනී අපි අපිරිසිදු බව

අපි අයාලේ යන අතරතුර
නිරතුරු ඔබේ චරිතය ම සෙව්වද
යුවතියනේ ........................

අපි දනිමු අපි දුස්චරිත බව

සෙව්වද ඔ‍බේ පතිවත
නොරකින ගමන් අපේ පතිනිවත
යුවතියනේ .........................

අපි දැවෙන්නෙමු ඔබේ කඳුළු තුළ

උරුමයෙන් ලද පිරිමිකම
උතුම් බවකට හරවා නොගත්
වල් වැදී ගිය සමාජයක
දූෂිත වූ සිත් සතන් මැද
අපි අතරමං වුව ද 
යුවතියනේ .......................

අපි අගය කරන්නෙමු ඔබේ උතුම් බව


පද මාලාව පිළිගැන්වීම - උතුම් වූ ගැහැණු චර්යාධර්ම සහ පතිවෘත්තාව දිවි දෙවැනි කොට රකින්නා වූ සියළුම යුවතියන් වෙත මෙන්ම සියළුම ආකාරයෙන් ගැහැණුන් හට අවංක වූ සහ එසේ වීමට කැමති පිරිමින් වෙත.


අසංක අබේසිංහ

.

56 comments:

  1. මේ වගේ එවා ටිකක් වැඩියෙන් මේ දවස් වල කියවන්න ලැබුනා ,අදහස කෙසේ වෙතත් ,නිර්මාණය රස වින්දා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදර,

      ඔබගේ දිරිගැන්වීම අපිට වටිනවා.................

      Delete
  2. මොක කිව්වත් මොක කළත්..
    තම තම සිත්
    දනි නිවැරදි බවේ තරම
    ස්තිරී පුරුෂ භේදයෙන් තොරවම.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව සෑම්,

      ඒත් අපි කොච්චර දේවල් කරත් අනික් කෙනා ගැන විතරයි සැක කරන්නේ. මේ අපේ සාමාන්‍ය තත්වය නේද???

      Delete
  3. Replies
    1. එතකොට දැන් කොහොමෙයි....................

      Delete
  4. ඔය කියන ජාතියෙ ගැහැණු අය කීයක් විතර ඉන්නව කියලද හිතන්නෙ අසංක...
    අනේ මංද... නිර්මාණය අපූරුයි ඒත් දෙපැත්තටම සමබර වුණා නම් තවත් අපූරුයි...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහසට මහේෂ්,

      දෙපැත්තට ම සමබර නිර්මාණයන් අපේ බ්ලොගයේ නිතර ලියැවෙන හින්දා මං මෙහෙම නිර්මාණයක් කරන්න හිතුවා.

      ස්තූතියි දිරිගැන්වීමට මහේෂ්...........

      Delete
    2. අපි නම් දැකල නෑ දෙපැත්තටම සමබර එකම නිර්මාණයක්වත් මේ බ්ලොග් එකේ.ස්ත්‍රී පුරුෂ කතා විතරක් නොවේ. ඕනම දෙයක් දෙස බලන්නෙ අන්තවාදී ලෙස. කියවල බලන්න පරන නිර්මාණ.හැම දේකම දෙපැත්තක් තියෙනව.මේ අන්තවාදය මේ බ්ලොග් එකේ මුල ඉදලම විවේචනයට ලක් වුනා නේද?මේ පිරිමි විරෝධී අදහස් නම් බ්ලොග් කියවන අය විතරක් නොවේ සමාජයෙත් බහුතරයක් පිළිනොගන්න නිසා ඒ ගැන කියන්නෙ නෑ.
      අනික දැනටමත් ඔයාල එලිදරවු වෙලා ඉවරයි.ඔයාලගෙ ගොරක මදි බ්ලොග් කියවන අය තම්බන්න.ඔයාල කීයක් හරි හොයා ගත්තට අපේ අමනාපයක් නෑ.ඒත් මේ වගෙ අන්තවාදී වීමෙන් ඔයාලටම අවාසියි.ඕක ඔයිට වඩා ලස්සනට කරන්න තිබුන.

      Delete
    3. ඇනෝ , අර වනිතා හඩ ලියන එන්ජිඕ කට්ටියගේ ලිපි කියවලා බලන්න ඒ වගේම එයා දාන විකාර කොමෙන්ට් , සොඳුරු ලියක මහිම බ්ලොග් එකේ නම

      Delete
    4. @ ඇනී,

      ඔබ කලින් පෝස්ටුවට ඇවිත් කෑ ගැහැවා වගේ ම මේ පෝස්ටුවත් ඒකට එකතු කරලා හිතලා. අපිට අවුරුද්දක් පිරෙන දවසේ අපි කියුවා අපි එක්කෙනෙක් නෙමෙයි 10 දෙනෙක් මේ බ්ලොගය ලියනවා කියලා. ඉතින් ඉසුරිකා මාස කීපයකට කලින් කරපු නිර්මාණයක් මීට පෙර පළ කලාට පසුව අසංක අලුතින් ම ලියා තිබුණු කවියත් ඒකට ම සමාන්තරව යන එකක් වුණා. එක වර මෙවැනි කවි දෙකක් දැමීම යම් ගැටළුවක් ඇති කරයි කියලා හිතුණා කලින් කවියට ඔබ ඇවිත් කී කතා නිසා. නමුත් අපේ බ්ලොගය කියවන්නේ ඔබ විතරක් නොවන නිසා සහ අනෙක් පිරිස මෙම කවියෙහි ඇති සත්‍යය මනාව තේරුම් ගන්නා නිසා දෙවරක් නොසිතා අපි මෙය පළ කළා..........

      //අනික දැනටමත් ඔයාල එලිදරවු වෙලා ඉවරයි//

      අපි කවුද කියන එක අපේ බ්ලොගයට අවුරුද්දක් පිරෙන දවසේ අපි කියුවා. තව විස්තර තියෙනවා. ඒවත් ඉස්සරහට කියන්නම්. නමුත් ඒ විස්තර ඔබ මවන්න හදන දේවල් වලට වඩා බොහොම වෙනස්. නමුත් ඔබ කියන්න හදන එන්.ජී.ඕ කාරයන් හෝ කාන්තා විමුක්තිකාමී අන්තවාදීන් මෙහි නෑ. ඒ ගැණ කණගාටුයි ඇනී. අපි කවුද කියලා කියන්න හදන ඔබේ නමවත් කියන්න බැරි ඔබ පිරිමියෙක් නොවන වගනම් දැනටම අපිට තේරිලා හමාරයි....

      //ඔයාලගෙ ගොරක මදි බ්ලොග් කියවන අය තම්බන්න//
      අපි බ්ලොග් ලියන්නේ කියවන අය තම්බන්න නෙමෙයි. අපි හැම දෙනාම උසස්ම මට්ටමේ රැකියා කරන ඇති පදම් මුදල් තියෙන අය. සමහරුන් විවාහ වුණ අය. ඉතින් අපිට ඔබ වැනි මානසිකත්වයක් තියෙන බ්ලොග් කියවන්නන් වෙනුවෙන් දුක් විදීමට අවශ්‍ය නැහැ. නමුත් බ්ලොග් සමාජය කියන්නේ ඔබ හිතනාවට වඩා වෙනස් බුද්ධිමත් සහ සංවාදශීලී පිරිසක් නිසයි අපි බ්ලොග් කරන්නේ. අපිට අවස්ථාව නොලැබෙන බුද්ධිමත් පිරිසක් එක්ක නිතර සංවාදයක් පවත්වා ගන්නයි අපිට අවශ්‍ය. ඒ වගේ ම බ්ලොග් සමාජයෙහි දියුණුවයි අපිට අවශ්‍ය. .....

      //ඔයාල කීයක් හරි හොයා ගත්තට අපේ අමනාපයක් නෑ//
      ඇනී. අපිට බ්ලොග් කරකර සල්ලි හොයන්න උවමනාවක් නෑ. මං ඔබට පැහැදිලිව කියුවා අපේ කිසිම කෙනෙකුට මුදල් ගැටළුවක් නැති බව. අපි කරන රැකියා අපේ ජීවිත ගෙවන්න විතරක් නෙමෙයි ඊට එහා ගොඩක් දේවල් කරන්න හොදට ම ප්‍රමාණවත්. ඔබ වැනි නන්නත්තාර කෙනෙක් ඒ විදිහට දැක්කට අපි බ්ලොගය කරන්නේ සත පහක්වත් හොයන්න නෙමෙයි. නමුත් අපි මේ වෙනුවෙන් වියදම්නම් කරනවා. ඒක බුද්ධිමත් පිරිසක් හා ගනුදෙනු කිරීමට කරන වියදමක් නිසා අපි කොහෙත්ම ඒ ගැන හිත්නනේ නෑ. ඔබ හිතන විදිහට ඊමනී හොයන එදාවේල කන්න නැති පිරිසක් නෙවෙයි අපි. අපි බ්ලොග් කරලා සතපහක්වත් හොයන්නේ නෑ. එහෙම හොයනවා කියලා ඔබ අපේ බ්ලොගයෙන් ඔප්පු කළොත් අපි හෙටම මේ බ්ලොගය ලිවීම නවත්වන්න සූදානම්. මෙය අපේ නිර්මාණ එළිදක්වන තැනක් සහ සංවාදයන් සමග එකතු වෙන අපේ බුද්ධිමය වේදිකාව හැටියටයි අපි දියුණු කරමින් ඉන්නේ...........

      Delete
    5. ස්තූතියි අපූර්වි.

      මේ ඇනී ඉසුරිකාගේ කවියට ඇවිත් මේ විදිහට ම තේරුමක් නැති විවේචන කරා. දැන් මේ කවියටත් ඒකම කරනවා. අපි විවේචනයන්ට අකමැති නෑ. ඕනෙම දෙයක් විවේචනය වුණාම තමයි නිවැරදි වෙන්නේ. නමුත් මොහු (මොහු කියුවට පිරිමිකමක් නම් අපිට පේන්නේ නෑ.) විවේචනය කරන්නේ අපේ බ්ලොගය සහ එහි පදනම. ඉතින් ඒකට ඔහු ඕනේ නෑනේ. අනික් ඒක කරන්න මෙවැනි කවියක් පළවනතුරු ඔහුට මතක් වුණේ නැති හැටි. බ්ලොගයේ ඉතිහාසයේ ලියැවුණු දේවල්වත් නොබලා අපිව අන්තාවදී තැනකට තල්ලු කරන්න හදනවා.

      අනික පළමු කවියෙයි දෙවැනි කවියෙහි වෙනසවත් ඔහුට තේරුම් ගන්න බෑ. මේ සැබෑ ඇත්ත පිළිගන්නත් ඔහු කැමති නෑ.........

      Delete
    6. ඇනොලට උත්තර දෙන්න කාලේ නාස්ති කරන්න එපා යාළුවා.

      Delete
  5. ඔයාලගෙ කන්ඩායමේ පිරිමින් ඉන්නව කියන එක එන්ජීඕ චෝදනාවට උත්තරයක් නොවෙයි.එන්ජීඕ වලින් දේශන වලට ගන්නෙ පිරිමි තමයි.ඔවුන්ට ඒකට ගෙවනව.

    ReplyDelete
    Replies
    1. ඇනී.

      ඔබට එන්.ජී.ඕ සමග ගැටළුවක් තියෙනවානම් බ්ලොග් සමාජය ඇතුලේ තියෙන එකම එක කවි ලියන බ්ලොග් එකක ලියැවුණු පොඩි කවියක් අල්ලගෙන මැරෙන්න හදන්නේ නැතුව එළියට ගිහිල් තට්ටු පිටින් ඔෆිස් දාගෙන කෝටි ගණන් වලින් විනාශ කරමින් මානසික රෝගීන් සේවකයන් ලෙස තබා ගනිමින් මිනිස්සු 10 ක් 20 ක් වටකරගෙන රැස්වීම් තියතිය මුදල් විනාශ කරන ඕනේ තරම් එන්.ජී.ඕ තියෙනවා ඒවායේ වැඩ කරන එවුන් අල්ලගන්න. නැතිනම් උන්ට රටේ ඕනේ නාඩගමක් නටන්න දීලා කට ඇරගෙන බලාගෙන ඉන්න පාලකයන්ව අල්ලගන්න. ඒක මීට වඩා හොද වෙයි.

      අපේ බ්ලොගයේ පිරිමින් ඉන්නවා තමයි. ඒ ඔබ වැනි පිරිමිකම සගවාගත්තවුන් නෙමෙයි. ඔවුන් හොද පිරිමි. ඒ නිසා තමයි කාන්තාවන්ගේ අපහසුතාවයන් තෙරුම්ගන්න ඔවුන්ට පුළුවන්. කාන්තාවයන් පීඩනයට පත්වන තැනි ඔවුන් නිර්මාණයකරණයට යොදා ගන්නවා වගේ ම ඊට එරෙහිව සමාජය අවදි කරනවා. නමුත් බස් එකේ කාන්තාවයකට සීට් එක දුන්නාම කාන්තා විමුක්තිය කියලා මැරෙන්න හදන අය නෙමෙයි. කාන්තාවයකගේ තත්වය තේරුම්ගන්න බැරි පිරිමිකම මොකක්ද? හැබැයි අපි එන්.ජී.ඕ වල දේශන වලට යන පිරිමි නෙමෙයි.

      ඔබ කවුද කියලා විවෘත ව කතා කරන්න සූදානම් නම් අපි තවත් මේ තත්වය පැහැදිලි කරලා දෙන්නම්. තව දුරටත් ඔබගේ තේරුමක් නැති චෝදනා වලට පිළිතුරු දීම ඵලක් නෑ කියලයි අපිට හිතෙන්නේ.................

      Delete
  6. අදහස යම් සංවේදී බවක් තියෙන සත්‍ය කාරනයක්. මෙතනදි මට එක දෙයක් කෙලින් කියන්න අවශ්‍යයි. ඒ තමයි මේ වගේ කාරනා ගැන විවුර්ත බවක් සමාජයේ නැති වීමත් තමන් විසින්ම තමන් රවටාගන්න ගතියත් නිසා මේ දේවල් විචාරයට බඳුන් වෙන්නෙත් නෑ. ස්ත්‍රියගේ පැත්තෙන් බලන විට තිබෙන මේක පීඩාවක් වෙන්නේ ඇත්තටම තමන්ට තමන්ගේ ස්වභාවික ගතිගුණ ඒ වගේම් ස්වභාවික හැඟීම් සමග ජීවත් වෙන්න තියෙන අපහසුව නිසා. එතනදී තමන්ගේ ස්වභාවයන් යටපත් කරගෙනහරි පීඩනයක් යටතේ ජීවත් වීමට හෝ ස්වභාවයට ඉඩ දී සමාජයෙන් අපහාසයට ලක්වීමට සිද්ධ වෙනවා. මේක හිතනවට වඩා සංකීර්ණයි. නමුත් පිරිමින්ට තම ස්වභාවයට අනුව ඕන විදිහකට හැසිරෙන්න පුලුවන් සමාජයෙන් අපහාසයක් නැතුව. ඒකනේ හෝදලා ගෙට ගන්න පුලුවන් කියන්නේ. මෙතන කාන්තාව හා පුරුෂයා කියන කාරනේ මත ස්වභාවයට එකඟ නැති සම්මතයක් තිබෙන බව ඇත්ත. මට මේ ටිකත් කියන්න ඕනේ. මෙතනදි තමන් විසින් තමන්ව රවට්ටගන්න පිරිමින්ගෙන් වැඩි හරිය තමයි තමන් රිසි සේ කාන්තාවන් සමග තම හැඟීම් තෘප්තියට පත්කරගනිමින් අවසානයේ තමන් සුද්ද වී කාන්තාවට අපහාස කරන්නේ. තව දෙයක් තියෙනවා එහෙම සුද්ද වෙන මිනිස්සුම හදපු සීමා මායිම් අපැහැදිලි ලිංගික අතවර අරුත්ගැන්වීම් වලින් පිරිමින් පීඩනයට පත්වන අවස්ථාත් සුලබයි. මෙලෙස විවුර්ත බවක් නැති නිසාම ගෑනු පිරිමි දෙගොල්ලම ඔය ගති ලක්ෂණ වලින් බැටකනවා. කාන්තාවන්ට ඇතිකරන පීඩනය වගේම මේ ස්වභාවය තේරුම් නොගැනීමේ මන්ද මානසිකත්වය වැදගත් දෙයක් කරගන්න ගියාම ඒකෙන්ම පිරිමින්ටත් යම් පීඩනයක් ඇතිවෙන එක වලක්වන්න බෑ.

    ReplyDelete
    Replies
    1. පකිස්ගේ අදහස එක්ක මමත් එකඟ වෙනවා. මේ කුහකකම් තමයි සීමා මායිම් පැහැදිලි නැති ලිංගික අතවර අර්ථගැන්වීම් වලටත් මුල. ඒවගෙන් පිරිමිනුත් බැට කනවා.

      Delete
    2. පකිස් ස්තූතියි.

      විශේෂයෙන් ම ඔබ මෙහි දී මතු කරන්නා වූ වැදගත් තර්කයන් කීපයක් ම තියෙනවා. විශේෂයෙන් ම පිරිමින් විසින් වැරදි කරමින් කාන්තාවන් එය කිරීමේ දී දැඩිව චෝදනා කරනවාය යන්න අතිශය සත්‍යයක්. ඔබ කියන පරිදිම ඔවුන් ම තමයි මේවාට දැඩි සීමා බන්ධන ඇති තරන්නෙත්. මේක පිරිමින්ගේ කුහක කමක්. නමුත් මේකෙන් කියැවෙන්නේ නැහැ කවදාවත් ගැහැණුන් වරදෙහි නොබැදෙන බව. දෙපාර්ශවය විසින් ම මෙය මනාව සිදු කර ඇති නමුත් පිරිමින් මෙය කාන්තාවයන් විෂයෙහි දැඩිව සෝදිසි කිරීමකට ලක් කරනවා.

      හරිම සාර්ථක සංවාදයක් ඔබ මෙහි දී ගෙන එනවා පකිස්. ඉහත මැරෙන්න හදන ඇනී වැනි අයට ඔබගේ බුද්ධිමය විචාරය ඉතා හොද පිළිතුරක් සපයනවා කියලත් අපිට හිතෙනවා. ස්තූතියි පකිස්..............

      Delete
    3. සැබෑ ස්තූතියි ඔබගේ අදහසට...

      මේක කුහකකමක් තමයි. තමන් වැරැද්දක් කරත්දි ඒකට පරීක්ෂා කිරීමක් හෝ සීමා නැතිව කාන්තාව කෙරෙහි මේ සියලු දේ ඇති කිරීම පිරිමින්ගේ කුහකකමක් තමයි. නමුත් ඔබ විස්තර කරන ලිංගික අතවර අරුත්ගැන්වීම ගැන තව ටිකක් විස්තර කරොත් අපිට ඒ ගැන කතා කිරීමට එය පැහැදිලි කරගත හැකියි.

      ස්තූතියි සැබෑ.

      Delete
  7. කාට බොරු කළත් තම හෘදය සාක්ෂියට බොරු කළ නොහැක. පද ගැලපුම උපරිමයි.

    ReplyDelete
    Replies
    1. Oya hari Naleen.... mata hitenneth me liyala tiyenne antawadi deyak newei hamogema hurda shakshiya gena deyak kiyala... meke yuwatiyan genama kiyala tiyenneth kantawata samajaye wadi gaurawayak denna one hinda kiyala....

      Delete
    2. ස්තූතියි නලියා............

      ඔතන තමයි මේ ගැටළුවට ඇති හොද විසදුමක් තියෙන්නේ.. තමන්ගේ හෘද සාක්ෂියට කවදාවත් බොරු කරන්න බෑ, තමන් කරපු වැරදි තමන්ගෙන් හංගන්න බෑ. මෙය පිරිමින්ගේ සහ ගැහැණුන්ගේ නොමග යෑම් වලක්වන්න තියෙන හොද මාර්ගයක්. නමුත් තමන් තමන්ට අවංක නොවනතාක් සහ ඒ වැරදි පිළිබද ආකල්පමය නිවැරදි කිරීමක් ඇති කරගන්නා තුරු ඒ දේ කරන්න බෑ.

      හැබැයි නලියා ඔබ කියනවා වගේ කවදා වුණත අපිට අපේ හෘද සාක්ෂියට උත්තර දෙන්න වෙනවා...

      Delete
    3. @ ඇනී 2

      //mata hitenneth me liyala tiyenne antawadi deyak newei hamogema hurda shakshiya gena deyak kiyala...//

      බොහොම ස්තූතියි ඇනී 2 මේ කවියේ මූලික පරමාර්ථය ඉතා ම හොදට තේරුම් ගත්තට........ ඇත්තට ම අපේ අරමුණ වුනේ මේක තමයි.

      Delete
  8. ලිංගික හැසිරීම් වලදිනම් කවුරු වරදක් කළත් වරද වරදමයි ගෑණු උනත් පිරිමි උනත්. එක පාර්ශවයකට වරද පැටවීම සාධාරන නෑ.

    ReplyDelete
    Replies
    1. අපි ඔබ සමග සීයට සීයක් එකගයි අජිත්,

      ඒ කතාව උපරිම ඇත්ත. ලිංගික කාරණාවේ දී මොන ආකාරයක වැරැද්දක් කරත් ඒ වැරැද්දේ තරමක් හෝ සාධාරණ කමක් ගැන අපි කතා කිරීම ඵල රහිතයි. ඒක ඒ තරම් අනෙක් පාර්ශවය කෙරෙහි කරන්නා වූ වරදක්.

      අනික අජිත් අපි වැරදි වල තරම තේරුම් ගැනීමේ දී ඒක මනින්නට පුළුවන් ක්‍රමයක් තමයි ඒ තුළින් අනෙක් පාර්ශවය තුළ ඇති කරවන්නා වූ වේදනාව යන්න. පිරිමියා වරදක් කළාම ඒක දැනගත් විට කාන්තාව තුළ ඇතිවන වේදනාව ඒ වරද මනින්න හොද ක්‍රමයක්. මොකද එකම වරද කරපු පිරිමි දෙන්නෙක්ගේ බිරින්දෑවරු 2ගේ වේදනාව 2ක් වෙනවා. ඒකට හේතුව ඔවුන් කෙරෙහි තිබූ විශ්වාසය, ඔවුන් වෙනුවෙන් කළ කැපකිරීම් මත මේක ඇතිවන නිසා. ඒ නිසා මේක ඉතා සාර්ථක ක්‍රමයක්. අපි හිතන විදිහට වරදක තරම මැනීමට මේක තමයි සාර්ථක ක්‍රමය.

      Delete
  9. හ්ම්ම්ම්,,

    ReplyDelete
    Replies
    1. ඇයි හ්ම් කියන්නේ අපූර්වි. අපේ කාන්තා නියෝජනයක් මීට වඩා ටිකක් කියෙව්වනම් ඇනීලාගෙන් එහෙම ටිකක් අහගන්න තිබුණානේ නේද???????????????

      Delete
  10. නොරකින මුත් අපේ පතිවත
    අපි හොයයි උන්ගේ පතිවත
    හැබයි ඉතින් තමන් හරි නම් අනික් ඒවා ඒ තරම් වැදගත් වෙන්නේ නැහැ නොවැ.

    ReplyDelete
    Replies
    1. Ow itin api harinam apith ekka inna anith kenath hari wenna one kiyala hitena eka sarwa sadaranai...

      Delete
    2. මනෝජ්,

      පැහැදිලි ව ම පතිවත රකින ගැහැණුන් විතරක් නෙමෙයි පතිනිවත රකින පිරිමිත් ඉන්නවා කියන එක ඇත්තක්. පාරේ යන කෙල්ලෙක් දිහා බලන කොල්ලෙක්වත් හැන්ඩි කොල්ලෙක් දිහා බලන කෙල්ලෙක්වත් කරන වරදක් ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ. ඊට එහා ගිය තමන්ගේ සහකරුවා හෝ සහකාරිය රවටන වැරදි කරන තත්වයන් ගැනයි. ඉතින් එහෙම දෙයක් නොකරනවානම් මේ කිසිම දෙයක් අදාල නෑ තමයි මනෝජ්,

      ඒ හින්දා අපේ මනෝජ් වගේ කොල්ලන්ටනම් මේවා අදාල නෑ කියලා අපි දන්නවා..........

      Delete
    3. @ ඇනී 3

      ඒ කතාවත් ඇත්ත ඇනී. තමන් කිසිම ආකාරයකින් අනෙක් පාර්ශවයට අසාධාරණයක් කරන්නේ නැතිනම් අනෙකාගෙන් ද එවැනි ම දෙයක් බලාපොරොත්තු වීම සාමාන්‍ය මනුෂ්‍ය ගතියක්. හැබැයි අපි ඒ සොයා බැලීම අදාල ක්‍රමයට කරගන්න ඕනේ. නැතිනම් කිසිදෙයක් නොකරන කෙනත් අනවශ්‍ය සෝදිසි කිරීම් සහ පීඩනයන් හමුවේ ඒකට යොමු වෙන්න ඉඩ තියෙනවා..........

      Delete
  11. පද ටික ලස්සනයි.…

    කාසිය දෙපැත්තක් තියෙනවා වගේ හැම දේම දෙපැත්තක් තියෙනවා.

    අන් අයට එරහිව ගලක් එසවිය යුත්තෙ තමා 100%ක් නිවැරදි වී. නැත්නම් ඒ ගලම තමාටත් එළ්ල වෙන්නෙ නිරායාසයෙන්.

    මොන සෙල්ලම දැම්මත් හෘදය සාක්ෂියට වංචා කරන්න බෑ නොවැ.

    (අදහස ගැහැණු වේවා පිරිමි වේවා සැමටම අදාළයි.)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රියා,

      ඔබ සමග උපරිම එකග වෙනවා. තමන් නිවැරදිනම් පමණක් අනෙකා නිවැරදිද කියලා බලන්න පුළුවන්. නමුත් ප්‍රියා ලෝකයම ගත්තා ම එක බිරිදක් ස්වාමිපුරුෂයෙන් එක්ක ජීවත් වීම සාර්ථක ව කරන්නේ නැති ප්‍රතිශතය ඉතා ම වැඩියි. සාමාන්‍ය මනුෂ්‍ය ලක්ෂණයන් අනූව බාහිර ලිංගික උත්තේජනයන් වෙත යොමු වීම වැඩි වුණත් මනුස්සයන් ලෙස අපි ඒ හැගීම් පාලනය කරගෙන ජීවත් වීමට බුද්ධිමය හැකියාවක් තිබිය යුතුයි. නැති නම් සතුන් සහ අපි අතර වෙනසක් නැතිව යනවා. නමුත් දැන් දැන් බටහිර වන්නට විවාහය කියන සංකල්පය නැති වෙමින් යන්නෙත් එකට ජීවත් වීම කියන සංකල්පය ඇතිවෙමින් පවතින්නෙත් මේ සත්ව ක්‍රියාවන් සාධාරණීකරණය කරමින් පවත්වා ගැනීමටයි. ඉතින් අපි වැනි සංස්කෘතියක් සහිත රටක් උත්සහ ගත යුත්තේ සාර්ථක පවුල් ජීවිත පවත්වා ගැනීමට මිනිසුන් තුළ හැකියාව ඇති කිරීමටය. ඒ වෙනුවෙන් ඔබ කියනා ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයම ඊට අදාල විය යුතුය.

      Delete
  12. මේය සමාජයේ මනසික උම්මාදයේ ප්‍රතිපලයක්. ගැහැණුන් මෙල්ල කරන්න ගොතපු කතා

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවියේ බුද්ධිමතුන් අතරට ඔබත් එකතු වෙන්න

    ReplyDelete
    Replies
    1. නෙතින් මුලින් ම ස්තූතියි ඔබේ අදහසට,

      ඔබගේ අදහස තව ටිකක් පැහැදිලි කරන්න පුළුවනිනම් අපිට සාකච්ඡාව පහසු වේවි කියලා හිතනවා...........

      Delete
  13. ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග පිළෛගෙන ඒත් එක්ක එකට දිවි ගෙවන්න පුරුදු වෙන්න ඕනේ කුහකකම් පැත්තක තියලා. ඔය කුහකකම් ඉස් මුදුනින් පිළිගෙන ඉන්න ගෑණු කාණ්ඩෙකුත් ඉන්නවා. ඒ වගේ අයගේ සමහර හැසිරීම් අනෙක් පැත්තෙන් පිරිමින් පීඩාවට පත්කරන එකත් කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සැබෑ ඔබේ අදහසට.....................

      Delete
  14. ගැහැණු වේවා පිරිමි වේවා කවුරු කලත් පාපය පාපයමයි, ගැහැනුන් පමණක් හෝ පිරිමින් පමණක් සුචරිතවාදී චරිත වන්නේ නෑ , නමුත් ක්‍රියාවෙන් දෙවර්ගයාම අවංක විය යුතුයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවාන්,

      ඔබේ අදහසත් ඉතා වැදගත්. එය නිවැරදියි. කවුරුන් කරත් වැරැද්ද වැරැද්දම තමයි. නමුත් සමාජය අරන් බැලුවා ම අපි පිරිමින් ට නොමග යෑමට වැඩි ඉඩකඩක් දීලා තියෙනවා කියලා හිතෙන්නැත් ද? නාවලා ගෙට ගත්තා ම ඔක්කොම හරි කියලා කතාවක් සමාජගත වෙලා තියෙන්නේම ඕකනේ. නමුත් කාන්තාව තුළින් අපි ඊට එහා ගිය අන්තවාදී හැදියාවක් බලාපොරොත්තු වෙනවා. කාන්තාවගේ චරිතය ගැන දරුණු විදිහට හොයලා බැලුවට පිරිමියෙකුගේ චරිතය ගැන හොයනවා අඩුයි.

      නමුත් ඔබ කියන විදිහට මේ දෙවර්ගයම අවංක වීම හැර මේකට තවත් විසදුමක් නෑ තමයි.

      Delete
  15. සමාජය තුල ඉතාම කලාතුරකින් හමුවෙන මෙවන් උදාරතර යුවතියන් හට මෙය උපහාරයක් වේවා..!

    ගී පවුරෙ අලුත් හෙඩර් ඉමේජ් එක ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝෂ්,

      ඉතා ම කලාතුරකින් හරි මෙවන් කාන්තාවන් ඉන්නවානම් මේ ඔවුන් වෙනුවෙන් ලියැවුණු කවියක් තමයි. ස්තූතියි ඔබේ අදහසට

      හෙඩර් එක ටික දවසකට සැරයක් වෙනස් කරන්න හිතුවා. ඒක බ්ලොගයේ ඒකාකාරී බව වෙනස් කරනවා කියලයි අපිට හිතුනේ. ඉතින් ඉදිරියට තවත් වෙනස් හෙඩර් ටිකක් හදනවා. ස්තූතියි මනෝෂ් ඔබ අපි ගැන දක්වන ලෙංගතුකමට...................

      Delete
  16. බලය කියන වචනයත් එක්ක කරන කියන දේ ඒ ඒ පැතිඔස්සේ ගලා යයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ම වැව්,

      බලය කියන්නේ හැම දේකම ගාමක ශක්තිය. ඉතින් බලය විසින් ඕනේ ම දෙයක් ඕනේ ම විදිහකට වෙනස් කරන්න පුළුවන් තමයි. සමාජය තුළ ඇති බලය මගිනු මේ දේවල් ක්‍රියාවකරවා කියන එක සත්‍යයක්. ඔබ මේ කවිය තුළ සැගවී ඇති ඇත්තක් ගැන ඉගි කරාට ස්තූතියි. .............

      Delete
  17. //උතුම් වූ ගැහැණු චර්යාධර්ම සහ පතිවෘත්තාව දිවි දෙවැනි කොට රකින්නා වූ සියළුම යුවතියන් වෙත මෙන්ම සියළුම ආකාරයෙන් ගැහැණුන් හට අවංක වූ සහ එසේ වීමට කැමති පිරිමින් වෙත.//

    මේ කොටස තමයි වටිනාම කොටස...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. පැහැදිලි ව ම විදානේ.................

      මේ කවියට චෝදනා කරන්නන් විසින් මුලින් ම කියවා තේරුගත යුතු කොටස ඒක තමයි විදානේ. ඒකෙන් මුළු කවියෙම තේරුමට එළියක් දෙනවා නියමෙට.................

      Delete
  18. ලස්සනයි, එත් ඉතින් ඕක අර ශාෆ්ට් ඇන් හෝල් තියරියනේ, ශාෆ්ට් වක මොකක් උනත් හෝල් එකේ කොලිටිය එක තමා බලන්නේ හැම තැනදීම, අනේ මන්ද ඕව පුහු මත.

    ReplyDelete
    Replies
    1. ස්තූතිය සොමියා අදහසට................

      අනේ මන්දා තරහා ගියාවත් ද කියලා..

      Delete
  19. මේ ටිකේ එකම තේමාවකට යන ඒවම මොකද මන්දා.. කෝම වුනත් කවිය ලස්සනයි.. අවංකත්වය මත හැමදේම තීරණය වෙනවනේ ඉතින්..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      වුනේ මේකයි. මුලිනුත් කමෙන්ටුවක දැම්මා වගේ ඉසුරිකා ටික කාලයකට ඉහත ලියපු කවියක් දීලා තිබුණා. ඒක තමයි මීට කලින් දැම්මේ. ඒකට ඇවිත් ඇනීලා ටිකක් මාර නාඩගමක් නැටුවා. ඒත් ඊට පස්සේ අසංක එවපු එකත් ඒ එක්කම යන කවියක්. ඒත් මේ කවිදෙකෙන් දෙපැත්තක් ගැන කියැවෙන නිසා අපි පළ කළා. නමුත් මේ කවි දෙකම එක ආරකට යන ඒවා තමයි. ඉදිරියේ දී වෙනසක් අත්විදිමු..............

      Delete
  20. කිරුටු ගෑ ගී පවුරේ ඇනෝලාට කියන්නෙ මේ කට්ටිය එන්ජීඕ වුනත් නැතත් ඒ ගැන කියන්න එපා.කවිය ගැන විචාරයක් කරන්න.එන්ජීඕ වුනත් මට නම් ප්‍රශ්නයක් නෑ.බලන අය විදියට අපට තිබෙන්නෙ මේක රස ව්දින්නයි.එහෙම නැතිව මේ අයගෙ පැටිකිරිය හොයන්න අපි පැටිකිරිආරච්චිල ද.
    ගී පවුරෙ ඔයගොල්ලො ඇනීලට උත්තර දෙන්න යන්න එපා. රෙජිස්ටර්ඩ් බ්ලොගර්ස් ලට උත්තර දෙන්න.ඒක ඔයාලගෙ වැදගත්කමට හොඳයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇනී 4 තත්වය තේරුම් ගත්තාට

      ඒ වගේ ම ඔබේ උපදෙස අපිට වගේ ම චෝදනා ඇනීලටත් වැදගත් කියලා හිතනවා. අපි තවදුරටත් ඇනීලට අවස්ථාව දීලා තියෙන්නේ ඔබ වැන්නන්ට ප්‍රෙව්ශය අහිමි කිරීමට නොහැකි නිසා පමණි. නමුත් දැන් දැන් ඇනී අවස්ථාව අහිමි කිරීමට ද අපි අතර සාකච්ඡාවක් ඇතිවෙමින් පවතී. බලමු මොකක් ද වෙන්නේ කියලා......

      ඔබ කියූ ආකාරයට ඇනී ලෙස නෙමෙයි කොහොම හරි ඇවිල්ලා නිර්මාණය ගැන හෝ ඊට අදාල ව හරවත් සංවාදයක් කරනවානම් අපි ඔවුන් අගය කරනවා. නමුත් වෙන්නේ ඒක නෙමෙයි නේ.... ඔවුන් තුළ තියෙන එන්.ජී.ඕ විරෝධයක් අපේ නිර්මාණ එක්ක පටලගෙන අපි එන්.ජී.ඕ කාරයන් කරන්න හදනවා.

      Delete
  21. නලීන් , චතුරංග කියනවා වගේ අපි හැමෝම අපෙ හෘද සාක්ෂියට එකඟව වැඩ කරනවා නම් , කාන්තා - පිරිමි දෙපාර්ශවයටම එකිනෙකා වෙතින් වෙන වැරදි සිදු නොවෙන තැනට කටයුතු සලසන්න හැකි වේවි. අපි මුළින් අපිට අවංක වෙන්න ඕනා. එතකොට අනෙක් අය දිහාත් පරාර්ථයෙන් යුතුව බලන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. සඳරු ස්තූතියි අදහසට

      අපි මුලින් ම අපිට අවංක නොවී ඔබ කියන විදිහට අනෙක් දේවල් කරලා වැඩක් නෑ. හැම දෙනා ම තමන්ට අවංක වුණොත් කාගෙන්වත් මේ දේවල් වෙන එකක් නෑ තමයි. අනෙක් කෙනාට ඇගිල්ල දිගු කරන්න කලින් තමන් කොච්චර නිවැරදිද කියලා බලන්න වෙනවා..........

      Delete
  22. මගේ බ්ලොග් එකේ මේ ගැන ලියවුනු පෝස්ට් එකකට පවුලුශා දාල තිබුන කොමෙන්ට් එකක් දාන්නම් මම.මගේ අදහසත් එමම නිසා.

    //ඕක තමයි හැමදාම තත්වේ . එකම වරද ස්ත්‍රී පුරුෂ භාවය අනුව බර අඩු වැඩි වෙනවා , ඕක මේ පෙරදිග පුරුෂ මූලික සමාජයේ ලක්ෂණයක් , මිනිසා යනු ජෙයිව විද්‍යාත්මක සත්වයෙක්ය කියන මූලික කාරණයට අමතරව සංස්කෘතික , සාමාජීය සළු පොරවගත්තම ඇස අන්ධ වෙනවා//

    ReplyDelete
    Replies
    1. ඔව් සශා

      ඒත් පුරුෂයා කියන චරිතය හැම අතින් ම මූලික වුණ සමාජයක් ඔහුගේ වැරදි සියල්ල වසා ගනිමින් ගැහැණිය යටපත් කර ගැනීම විෂයෙහි මෙවැනි ක්‍රමයන් භාවිතා වීම සාමාන්‍ය තත්වයක් තමයි සාශා.... මේ කවියත් ඒකට ආපු කමෙන්ට් හරහා ගොඩනැගුණු සංවාදයත් ඔබේ රචනාවට බොහෝ සෙයින් සමාන වූ නිසයි ඒක දැමුවේ... ස්තූතියි ආවට..........

      Delete
  23. මට මෙහෙම අදහසක් තියෙනවා ඔතන තියෙන්නේ පුරුෂයා මූලික වීම කියන කාරනේ වරද නෙවෙයි. පුරුෂයාගේ කුහකත්වය කියන කාරනේ. ලිංගිකත්වය හා සොබාදහම වගේ දේවල් ගැන පැහැදිලි වගේම විවුර්ත අදහසක් තියෙනවනම් පුරුෂයා මූලික වීම ගැටලුවක් නෙවෙයි. මොකද පුරුෂයා මූලික වීමෙන් ගොඩනගන්නෙත් කාන්තාවන් අනාරක්ෂිත කරන සමාජ පරිසරයක් නෙවෙයි. ඇත්තටම කුහකත්වයෙන් තොර පිරිමින් මූලික වීමෙන් හැමවිටම ගොඩනගන්නේ කාන්තාවන් වඩා සුරක්ෂිත වන සමාජයක්. ඒත් කුහකයන් මුල් වීමෙන් වෙන්නේ කාන්තාවන් අනාරක්ෂිත හා පීඩාවට පත්වීම විතරක් නෙවෙයි ලිංගිකත්වයේ ස්වභාවය පවා අවුල් වී ව්‍යාකූලත්වයට පත්වූ විකුර්ති සමාජයන් හැදීමයි. ඔය කන්‍යාබාවය මත දැඩිව එල්බගන්න මිනිස්සු කන්‍යාභාවයට හානියක් නොවී වෙනත් ඕනෑම විකුර්ති හැසිරීමක නිරත උනාට කමක් නෑ කියන මතයේ ඉන්නව කියලත් මතක තියාගන්න. ඒ අය විශේෂයෙන් කාන්තාවන් අතර ඇති සමකිංගික හැසිරීම අනුමත කරනවා එයින් කන්‍යාභාවයට හානි නොවනවාය කියන නිගමනය මත. ඒ වගේම කන්‍යාභාවයට හනියක් නොවී හෝ විවාහයට පෙර වෙනත් කිසිදු පිරිමියෙක් සමග කුමන මට්ටමක ලිංගික හැසිරීමක් වුවත් මේ අය අනුමත කරන්නේ නෑ. නමුත් ඒ අය විවාහයට පෙර ඕන හැටියට කාන්තාවන් ආශ්‍රය කරනවා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...