Sunday, March 30, 2014

යටගියාව පීඩනයක් කොට උගුර හිරකරවන දුක්බරිත බව හොදාකාරව ම දනිමි මම ..........................


ශේෂ වුණු කදුළක් කොපුල් රූරාගෙන
ශ්වේත අංජන නෙතින් අභිනික්මන් කර
රෝස පෑයට පිපුණු කම්මුල් මත
වේලිලා ඉරිතලනු ඇති බව දනිමි මම ...........................

අතොරක් නැති කර්කෂ ගෝෂාව මැද
අයාගත් දෑස් පියන්නට අතහැරී
අනන්තය දකින්නට යත්න දරමින්
කල්පනාබරිත ව සිටින බව දනිමි මම ..........................

ප්‍රේමය සංතර්පනය කොට උනුන් වෙලා
පරිධියේ කොනක පෙම් කෙළින් පෙම්වතුන්
යටගියාව පීඩනයක් කොට උගුර හිරකරවන
දුක්බරිත බව හොදාකාරව ම දනිමි මම ..........................

ලම්භාකාරව පොළවට පතිත වන
වැහි බින්දු ජනිත කරන මූසලකම සහ හීතල
පාළුව උපරිම කොට නොහිම් කණාගටුවක්
මවන බව දනිමි මම දනිමි මම .............................

අතීතයට පණ දී නැවත නැගිටුවා සිට
සුන්දරම සුන්දර දවස් යළිත් උද්දීපනය කොට
ඇස් කොනින් බලා කට කොනින් හිනාවෙන
හෙටක් තනන්නට වෙහෙසෙමි මම .......................

තුෂාර විතාරණ


.

18 comments:

  1. අතීතය අනාගතයට ගෙන ඒමට වෙහෙසෙන තරම. ……

    අදයි ලස්සන පද පෙළක් තුෂාර.

    ReplyDelete
    Replies
    1. ජීවිතේ කියන්නේ අනුන් වෙනුවෙන් කරන කැප කිරීමක් සහ තමන් වෙනුවෙන් අනුන් කරන කැපකිරීම් නිසා ලබන්නා වූ තෘප්තියක් විතරයි චතුරංග.................

      මම මගේ දේ කරන්නට උත්සහ කිරීමක් ගැනයි මේ කවිය ලියුවේ.

      ස්තූතියි ඔබේ දිරිගැන්වීමට..........................

      Delete
  2. //අතීතයට පණ දී නැවත නැගිටුවා සිට
    සුන්දරම සුන්දර දවස් යළිත් උද්දීපනය කොට
    ඇස් කොනින් බලා කට කොනින් හිනාවෙන
    හෙටක් තනන්නට වෙහෙසෙමි මම .......................//

    අළුත් බලාපොරොත්තුවක් එක්ක සුන්දර හෙටක්...
    හදබැඳි පැඳිපෙළක්..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් විදානේ..................

      ඒ හෙට දවස හරිම සුන්දර වෙනවා කියලා මං දන්නවා.ඒ වෙනුවෙන් තමයි මේ තරම් වෙහෙසෙන්නේ....ඒත් ඒ වෙහෙසීම පසුපස අපිට අමාරුවෙන් දරාගන්න වෙන ලොකු දුකකුත් නැතුවාම නෙමෙයි...........

      Delete
  3. Replies
    1. ස්තුතියි රස වින්දාට.........

      Delete
  4. ඇත්තටම පස්ට කවියක්...
    මතකය මොහොතකට සංවේදී වුණ පද පෙලක්....
    ජය වේවා

    අවන්හල

    ReplyDelete
    Replies
    1. ඇගයීමට ස්තුතියි මහේෂ්.......

      Delete
  5. අතීතයේ ලස්සන දවස් සිහි කරනමින් වර්තමනයේ වැලපේන්නද වෙන්නේ.?

    ReplyDelete
    Replies
    1. අතීතයේ වැළපුණාට සිනා වෙන වර්ථමානය අත ළඟ මනෝජ්.........

      Delete
  6. අගේ ඇති පදවැලක්. දෙතුන් වතාවක් කියවා රසවින්දෙමි. තිළිණ කලාට ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත් මනෝෂ්......

      Delete
  7. සුභ අනාගතයක්!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරූ..........

      Delete
  8. ලස්සන කවියක් නොවැ ලියල තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඇගයීමට ස්තුතියි උමේෂ්......

      Delete
  9. නිර්මාණය කියවා රස වින්දා.. ජය !

    ReplyDelete
  10. ස්තුතියි චන්දන........

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...